ඔයාගෙ ජීවිතේ ට මං මහා විරයෙක් උනා. ඒක ඔයා කියුවා. ඇයි එහෙම උනෙ කියලා ඇහුවම කියුවෙ. මං වැරදුන දේවල් ගැන දුක් වෙන්නෙ නෑ ලු. හ්ම්ම්ම්ම්. ඔව්. මං දුක් වෙන්නෙ නෑ. දුක් උනත් එතන හිර වෙන්නෙ නෑ.
ඔයා හිතන් හිට්යට මං මහා ලොකු කෙනෙක් කියලා. එක එහෙම නෑ. ඔයයි මමයි 2න්නම මේ ජීවිතේ කියන ස්කෝලෙ එකම පන්තියෙ ඉන්න 2න්නෙක් විතරයි. වෙනසකට තියෙන්නෙ මං මේ ජීවිතේ විභාග වලට බය නෑ. ඔයා ජීවිතේ ගැන අහපු ගමන් බය වෙනවා.
ජීවිතේට අපි හැමදාම බයයි. හැමදාම වරදියි කියලා බයයි. අලුත් දේවල් කරන්න බයයි. අලුත් විදියට හිතන්න බයයි. අපි මේ ස්කෝලෙ ඇතුලෙ බය නැත්තෙ මොනාටද?? එක දෙයක් වත් නෑ නේද??? හ්ම්ම්ම්ම්....
ම්ටත් ජීවිතේ වැරදුන තැන් ඕන තරම් තියන්වා. ලොකුම තැන උසස් පෙළ. ඔයාටයි මටයි 2න්නමට එකම ප්‍රතිපල එක විශයක් ෆේල්, වෙනසකට තියෙන්නෙ ඔයා කොමර්ස්, මං බයෝ.හ්ම්ම්ම්ම්.
මං දුක් උනා. ඇඩුව.එත් හිතුවා ආයි කවදාවත් වරද්ද ගන්නෙ නෑ. මං ඉස්සරහට යන්වා කියලා. ඒත් ඔයා??? තාම අඩනවා, වැරදුන තැන හදා ගනන්ව කියනවා, ඒත් තාම පාරක් හිතලා වත් නෑ. වෙනස එතනයි.
මට වැරදුන තරන් තාම ඔයාට වැරදිලා නෑ. ඔයාට මට තරන් තාම ජීවිතේ දැනෙන්නෙ නෑ. මං අඩනවා ඒත් දිනන්න ඕන කියලා හිත හදා ගන්නව. ඔයාට තාමත් එක දැන්නෙ නෑ. මට වැරදුන තැන ඒ තරන්ම දරුනු විදියට ඔයාටත් ජීවිතෙ වැරදුනා නං අද ඔයා මටත් වඩා ඉස්සරහින් ඉන්නව. මට විස්වාසයි.
මං මහ ලොකු කෙනෙක් නෙවෙයි. ඒත් මං අද දිනලා. මගෙ ආවුරුදු 19ට මං දිනලා. එදා මාව වට්ටලා මට හිනා උන අය අද මං ගැන ආඩම්බර වෙනවා. මං එයාලගෙ බාදක පහු කරන් ගියා කියලා.හිත හදාගෙන ඉස්සරහට ගියා කියලා. උසස් පෙළ මාව මෙතන්ට ගෙනාව.
මං ෆේල් උනා නිකන්ම නිකන් කොලේකට උත්තර ලියා ගන්න බැරුව. ඒත් උසස් පෙළ නිසා මං ජීවිතේ දිනුවා.අද මං ජීවත් වෙනවා,උසස් පෙළ නිසා ඉගන ගත්ත ජීවිතෙ නිසා. හ්ම්ම්ම්ම්... අඩ අඩ බ්ලොග් ලියපු මං අද ඒ කාලෙ ලැබුන දේ නිසා හිනා වෙනවා.
මට හිනා වෙන්න උදවු කරපු හැමෝටම ම්ං ණයයි. ඒ ණය ගෙවන්න තියන එකම විදිය, මං ජීවිතේ දිනන්න ඕන. මං දිනනවා. අනිවාර්යෙන් දිනනවා. මගේ හිත ඇතුලෙ ඉන්න මටවත් දැන් මාව පරද්දන්න බෑ. හිත ආත්මාර්තකාමි වෙලා. ටිකක් නෙවෙයි මහ ගොඩක්.
ඒත් මට දිනන්න ඒක ඕනම වෙයි. ඉස්සර ආත්මාර්තකාමි නැති කමෙන් මට නැති උන දෙවල් වැඩියි ඒත් මගේ වටේ හිටපු අය වැඩියි. අද මං ටිකක් විතර තනි වෙලා. එත් මං ජීවිතෙ ට බය නැතුව මූන දෙනවා.
කාලෙකින් හිතට මං ගැන හිතන්න වෙලාවක් ආවෙ. වෙලාවකට මගේ හිත පවු කියලත් හිතෙනව. එත් හිතන්න වෙලාව දුන්නොත් අනිත් දේවල් වලට වෙලාව මදි වෙයි. ඒක නිසා ටිකකාලෙකට
~~~~~~~~~~~~හිතට නිවාඩුයි~~~~~~~~~~~~~~
නොදකින්....50 දැම්මෙත් අඩලා.....50න් පස්සෙත් අඩනවා.....යකෝ....පොඩ්ඩක් හිනාවෙලා ඉදපන් කෝ බන්
ReplyDeleteකවුරු කා ගැන කීවද කියල නම් මට තේරුනෙ නෑ :)
ReplyDeleteඑළ.......... ඔහොම තමයි ඉන්න ඕනේ නංගී
ReplyDeleteහිත ආත්මාර්ථකාමි වෙන ප්‍රමානෙට අපි අපේම හිත රිද්දගන්නවා හරි අඩුයි... වැරදුන තැන් දිහා බල බල මොනාද කරන්නේ කියලා හිතනවාට වඩා තවත් අඩියක් ඉස්සරහට තියලා ඒ වැරදුන් තැන් නිවැරදි කරගන්නයි ඔනා.. :)
ReplyDeleteහැමදාම අඬ අඬා ඉඳලා බෑ ජීවිතේ දිනන්න ..
ReplyDeleteජය වේවා !!