"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~
Showing posts with label සිතුවිල්ලක අරුම... Show all posts
Showing posts with label සිතුවිල්ලක අරුම... Show all posts

Sunday, February 27, 2011

අහන් ඉන්න!!!

අහන් ඉන්න...
ඇහෙනවද??
මගේ හිත...
මං දන්නවා...
ඔයාට ඇහෙනවා..
ඇස් අරින්න..
බලන්න...
මේ හීනයක් නෙවී..
ඇත්තම ඇත්ත..
හැන්ගුනා මං..
ගොඩාක්..
ආයි යන්නෙ නෑ..
පුලුවන් තරන්..
ලගම ඉන්නවා...
ඔයයි මායි...
බොරුවක් උන,
ආදරේ මැද..
හිර උනා ගොඩක්...
මං හිතන්නෙ,
ආයි යන්න,
බැරි තරමට...

Friday, February 25, 2011

අකීකරු සිත

අතැගිලි බන්දා
සිටි ඒ හෝරා
සිත ඉල්ලනවා
නුඹව පතා...

Monday, February 21, 2011

දවල් දුටු සිහිනය!!!!!

ගෙදර ඉස්සරහාම  ලොකු සුදු කොඩියක්... ඇයි මේ???  අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බොලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති රත්ගමයත් ඇවිත් ගාලු සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.


ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. අක්කි?? අක්කිත් ඇවිත්, මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??


හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. චූටි කෙල්ල ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා. 


ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..ප්‍රීති විරාජ් ගෙ මං ආසම කරන "අලි ඇත්තු" චිට්‍ර ටිකත් ගලවලා. ගෙදර දානෙකටවත් ඒවා ගලවන්න දුන්නෙ නෑ මං. හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්ම අඩන්නෙ?? අක්කා, අක්කි, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් මල් ශාලාවෙන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෛයනෙ අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ?




ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. අයියා, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ. 
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ. 


ලස්සන සාරියක් ඇදන් එතන ඉන්නෙ මම නේද?????


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේක කියවන අය  මට බනින්න එපා. එච්චරයි ඉල්ලන්නෙ...නිකන්ම නිකන් ලියුව විතරයි.

Sunday, February 20, 2011

අවාසනාවට ඇත්ත කතාවක්!!!!

හිකිස්... හොද යාලුවො නං හොරාට තියා ගනියව්!!!
අනිත් උන්ට ඉරිසියා හිතෙන තරන් හොද යාල්ලුවො නං හංගලාම තියා
ගනියව්...
නැත්තං ඉරිසියාවෙ අවසානය උදුරා ගැනීමයි...
යාලුවො නැති කර ගෙන පොල් බූරුවෙක් වෙන්න වෙන්න එපා...
මතක තියා ගන්න...
අමතක වෙනවා නං කොලේක ලියලා තිය ගන්න...
(සත්‍ය සිදුවීමක් ඇසුරින්!!)

Friday, February 18, 2011

කවියක් නොවූ කතාවක්!!!!!!!

මතකයන් අතරින්
අතීතයට පිය මන්න විට
දැක්කා මං ලස්සනම ලස්සන 
අහිංසක බැදීමක්
නමක් නැති බැදීමක්
තමන්ව අදුර ගන්න උත්සාහ කරන
තමන් පිස්සෙක් කියලා හිතන
අහිංසක දඩබ්බර 
බොරුකාර කොල්ලෙක්
ප්‍රශ්න ගොඩක් මැද හිර වෙලා ඉන්න
හැම ප්‍රශ්නෙකටම විසදුම 
කදුලෙන් හොයන්න යන 
නපුරු කෙල්ලෙක්
ගොඩාක් දිග කතාවක
පුංචිම පුංචි හමු විමක්
හමු නොවිය යුතු 
දෙදෙනෙක් ගේ හමු වීමක්
අහිංසක ලෝක වෙනස් වෙනවා
කිසිම කෙල්ලෙක්ව විස්වාස නොකරන කොල්ලා
අර නපුරු කෙල්ලට විතරක් ඇත්ත කියනවා
හේතුව දෙන්නම දන්නෙ නෑ
අඩන්න දුක කියන්න
ජීවිතේ තේරුන් ගන්න 
දෙන්නට දෙන්නා නැතුව බැරි වෙනවා
නපුරු කෙල්ල ඉස්සර වගේම
ජීවත් වෙන්න හදනවා
ඒත් අර අහිංසක කොල්ලට ඕන උනේ
ඒ කෙල්ල එයාගෙම 
ජිවිතේ කොටසක් වෙන්න
හේතුවක්,ලෝබ කමක් නිසා නෙවි
ඒත් ඒක වෙනවට ආස උනා
නපුරු කෙල්ලත් ඒක බලාපොරොත්තු උනා
දෙන්නම ඇයි කියන්න දැනගෙන හිට්යෙ නෑ
හැම දේම වෙනස් වෙන්න ගත්තා
අහිංසක කොල්ලා විනාස වෙන්න ගත්තා
ඒ කොල්ලව ළමයෙක් වගේ හදපු කෙල්ලට
අන්තිමේදි විනාසෙ නවත්තන්න තිබුනේ
එක විදියයි
අර කොල්ලව අතෑරලා යන එක
අතෑරියා,හැම සම්බන්දයක්ම එයා
ඒත් හදවතින් නෙවී,
ඈතට ගියා හොයා ගන්න 
බැරි තරම් දුරකට
කොල්ලා දුක් විදිනවා බල බල 
අර නපුරි එක වචනයක් වත් කියුවෙ නෑ
දුරින් ඉදන් විදෙව්වා
අදටත් විදවනවා
අහිංසක කොල්ලත් තාම විදවනවා
අවුරුදු 2කකට පස්සෙ
අර නපුරු කෙල්ලගෙ උපන්දිනේ දවසෙ
දකිනවා අර අහිංසකයාව
තමන්ගෙ ඇස් ඉස්සරහාම
මොනවා කරනන්ද දෙයියනේ
අර නපුරි හැමදාම වගේ පැනලා යනවා
විහාරමහාදේවි එක යට වෙනකන් කදුලු
හලන්න පුල්ලුවන් උනත්
ඒ නපුරු කෙල්ල හැමොටම පේන්න 
හිනා වෙලා එතනින් යන්න යනවා
අහිංසක කොල්ලා හැමදේම හිතෙ තද කරන් විදවනවා
ගල් හිත දිය වෙනවා
නපුරිට ඉන්නම බැරි වෙනවා
අර අහිංසකයට කතා කරනවා
හ්ම්ම්ම්ම්ම්... 
මෙතනින් එහාට අර අහිංසකයා 
ආයි අවුල් උනොත් නපුරු කෙල්ල
මොනවා කියලා කරන්නද???
සාප කරන්න එපා පුංචි කාලයක් නෙවී
මහා ගොඩක් කාලයක් බලං හිටියා
හිර කරන් ඉන්න තවත් හිතේ ඉඩ නෑ..
සමා වෙන්න!!!!!

Thursday, February 10, 2011

මට සමා වෙන්න!!!!!!

අතීතයෙ ලග උන්න
ඒ දෙනෙත් දැක ගන්න 
දින ගමිනි මම 
මතක පිටු අතර මැද..

දෙවසරක අතීතය
ගලා යන ජීවිතය
සියලු දෙය අතීතෙට 
එක් කලා..


මා නුබෙන් ලැබු සෙනෙහෙ
මහමෙරක  වූ මිතුදම
සෙනෙහෙ සිත් රැකවරනේ
අනෙ අද  මවෙත තිබුනා නම්..


කවදාම හරි ඔයා ආයිමත් එයි. මං බලාගෙන ඉන්නව දරුවෝ... අවුරුදු 2ක් පොඩි කාලයක් නෙවී. මං බලාගෙන ඉන්නවා.. හැම විශේශ දේකදිම මතක් වෙන එ දවස්... හ්ම්ම්ම්ම්... මට සමා වෙන්න. දැන් ඔයා ජීවිතේ  හදාගෙන ගොඩක් දුර ගිහින් මං හිතන්නෙ. මං ඈත් උනා. ඔයා වෙනුවෙන්මයි. නමක් නැති බැදීමක් තාමත් ඒ වගේම තියනවා මගේ හිතේ. ඉස්සරම ඇනෝ කෙනෙක් විදියට හරි ඔයා බ්ලොග් එකේ කමෙන්ට් දැම්මා. එක පාරක් ඇවිත් යන්න. එකම එක පාරක්. මං බලාගෙන ඉන්නවා.

Wednesday, February 9, 2011

පැල් කවිය!!!!

සද අහසට කදුලු දෙන්න
අඩන නෙතට සිසිල දෙන්න
මගේ ලෝකයෙ එලිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

ජීවිතයේ දුක බෙදන්න
දුක අතරින් සිනාසෙන්න
මගෙ ලෝකයේ එළිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

බ්ලොග් පිටුවේ කොටා යන්න
හිතේ සතුට ලියා යන්න
මගෙ ලෝකය එලිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

ඔන්න මගේ මුල්ම පැල් කවිය අද දොරට වැඩියා හොදේ...හිකිස්. විශේශ ස්තුතිය මාව අනුභව කල මාගේ සහෝදරියට සහ මවට. ඔබ දෙපලගේ මහත් වූ උත්සාහයේ ප්‍රත්පලයක් ලෙස අද මා  මෙසේ පැල් කවියක් ලියූ වගයි.  අවුරුදු 19යි..  බත් කාඩ් එකත් කපලා. ඒත් බෑ ලු. මොකෙක් ගෙ හරි මැක්කෙක් ගෙ කරේ එල්ලන්න හදවා මාව. අලි චෝයි අලේ අපේ කස්ටිය.

Sunday, February 6, 2011

ජීවිතය ඇතුලෙ ඔයයි මමයි!!!!!

මේක නිකමට ඉන්න ගමන් හිතුන දෙයක්. අනේ මංදා. මටහිතෙන විකාර වලින් තව එකක් විතරයි මේ. මගේ යාලුවෙක් මාත් එක්ක කියපු දේවල් එක්ක මං හිතාගෙන ගියා. එතකොට හිතුන. ඉතින් ලියන්න ගත්තා.මං ගැන පම්පෝරියක් නෙවී. හිතට දැනුන ඇත්ත. මට වැරදුන තැන්. මං හදා ගත්ත තැන්. මං ගැන මට දැනෙන දේ. 

 ඔයාගෙ ජීවිතේ ට මං මහා විරයෙක් උනා. ඒක ඔයා කියුවා. ඇයි එහෙම උනෙ කියලා ඇහුවම කියුවෙ. මං වැරදුන දේවල් ගැන දුක් වෙන්නෙ නෑ ලු. හ්ම්ම්ම්ම්. ඔව්. මං දුක් වෙන්නෙ නෑ. දුක් උනත් එතන හිර වෙන්නෙ නෑ. 

ඔයා හිතන් හිට්යට මං මහා ලොකු කෙනෙක් කියලා. එක එහෙම නෑ. ඔයයි මමයි 2න්නම මේ ජීවිතේ කියන ස්කෝලෙ එකම පන්තියෙ ඉන්න 2න්නෙක් විතරයි. වෙනසකට තියෙන්නෙ මං මේ ජීවිතේ  විභාග වලට බය නෑ. ඔයා ජීවිතේ ගැන අහපු ගමන් බය වෙනවා. 

ජීවිතේට අපි හැමදාම බයයි. හැමදාම වරදියි කියලා බයයි. අලුත් දේවල් කරන්න බයයි. අලුත් විදියට හිතන්න බයයි. අපි මේ ස්කෝලෙ ඇතුලෙ බය නැත්තෙ මොනාටද?? එක දෙයක් වත් නෑ නේද??? හ්ම්ම්ම්ම්....

ම්ටත් ජීවිතේ වැරදුන තැන් ඕන තරම් තියන්වා. ලොකුම තැන උසස් පෙළ. ඔයාටයි මටයි 2න්නමට එකම ප්‍රතිපල එක විශයක් ෆේල්, වෙනසකට තියෙන්නෙ ඔයා කොමර්ස්, මං බයෝ.හ්ම්ම්ම්ම්. 

මං දුක් උනා. ඇඩුව.එත් හිතුවා ආයි කවදාවත් වරද්ද ගන්නෙ නෑ. මං ඉස්සරහට යන්වා කියලා. ඒත් ඔයා??? තාම අඩනවා,  වැරදුන තැන හදා ගනන්ව කියනවා, ඒත් තාම පාරක් හිතලා වත් නෑ. වෙනස එතනයි. 

මට වැරදුන තරන් තාම ඔයාට වැරදිලා නෑ. ඔයාට මට තරන් තාම ජීවිතේ දැනෙන්නෙ නෑ. මං අඩනවා ඒත් දිනන්න ඕන කියලා හිත හදා ගන්නව. ඔයාට තාමත් එක දැන්නෙ නෑ. මට වැරදුන තැන ඒ තරන්ම දරුනු විදියට ඔයාටත් ජීවිතෙ වැරදුනා නං අද ඔයා මටත් වඩා ඉස්සරහින් ඉන්නව. මට විස්වාසයි.

මං මහ ලොකු කෙනෙක් නෙවෙයි. ඒත් මං අද දිනලා. මගෙ ආවුරුදු 19ට මං දිනලා. එදා මාව වට්ටලා මට හිනා උන අය අද මං ගැන ආඩම්බර වෙනවා. මං එයාලගෙ බාදක පහු කරන් ගියා කියලා.හිත හදාගෙන ඉස්සරහට ගියා කියලා. උසස් පෙළ මාව මෙතන්ට ගෙනාව. 

මං ෆේල් උනා නිකන්ම නිකන් කොලේකට උත්තර ලියා ගන්න බැරුව. ඒත් උසස් පෙළ නිසා මං ජීවිතේ දිනුවා.අද මං ජීවත් වෙනවා,උසස් පෙළ නිසා ඉගන ගත්ත ජීවිතෙ නිසා. හ්ම්ම්ම්ම්...  අඩ අඩ බ්ලොග් ලියපු මං අද ඒ කාලෙ ලැබුන දේ නිසා හිනා වෙනවා. 

මට හිනා වෙන්න උදවු කරපු හැමෝටම ම්ං ණයයි. ඒ ණය ගෙවන්න තියන එකම විදිය, මං ජීවිතේ දිනන්න ඕන. මං දිනනවා. අනිවාර්යෙන් දිනනවා. මගේ හිත ඇතුලෙ ඉන්න මටවත් දැන් මාව පරද්දන්න බෑ. හිත ආත්මාර්තකාමි වෙලා. ටිකක් නෙවෙයි මහ ගොඩක්. 

ඒත් මට දිනන්න ඒක ඕනම වෙයි. ඉස්සර ආත්මාර්තකාමි නැති කමෙන් මට නැති උන දෙවල් වැඩියි ඒත් මගේ වටේ හිටපු අය වැඩියි. අද මං ටිකක් විතර තනි වෙලා. එත් මං ජීවිතෙ ට බය නැතුව මූන දෙනවා.

කාලෙකින් හිතට මං ගැන හිතන්න වෙලාවක් ආවෙ. වෙලාවකට මගේ හිත පවු කියලත් හිතෙනව. එත් හිතන්න වෙලාව දුන්නොත් අනිත් දේවල් වලට වෙලාව මදි වෙයි. ඒක නිසා ටිකකාලෙකට
 ~~~~~~~~~~~~හිතට නිවාඩුයි~~~~~~~~~~~~~~

Saturday, January 22, 2011

පරණ කතාවක් අලුත් හමු වීමක් "අපි සිංහල" ......

කියන්න යන්නෙ නං පරණම පරණ කතාවක්.. ඒත් සම්බන්දෙ අලුත් නිසයි මේක ලියන්න හිතුවෙ. ඔන්න මං උසස් පෙළ කියලා එකක් කරා නේ. ඒක කරේ 2010 අවුරුද්දෙ නෙව. ඔන්න 2008 ඉදන් 2010 වෙනකන් මං අමාරුවෙන් ඔක්කොම සතියට දවස ගානේ ඔක්කොම් සති ටික එකතු කරාම මාස 4ක් විතර අවුරුදු 2ටම ක්ලාස් ගියා නේ. ඒ ගියෙත් මාස 2කකට එක දවස්ක් වගේ. ඔහොම යනකොට අන්තිමටම හිර උනාම. තියරි ක්ලාස් නවත්තලා රිවිශන් යන්න ගත්තා. ගාල්ලෙ ශ්‍රී පතිරණ සර් ගෙ පන්තිය.

ඔන්න මුල්ම දවසෙ ගියා. මරු. 2010 උසස් පෙළ කරන අය රිවිශන් යන්න හිතලවත් නැති කාලෙ නෙ. මඔ තමා පොඩි එකා ඒකටම හිටපු. ඔන්නා මුල්ම දවසෙ ගියා. උදේ පාන්දරම 7ට විතර(මගේ නරක පුරුද්දක් ඒක. මොන පංතියට ගියත් උදේ පාන්දරම යන එක.). එකෙක් වත් නෑ. කියන්න අමතක උනා නේ පංතිය තිබුනේ පන්සලක. සර් ගේ 2009 ක්ලාස් ආපු අය දන්නවා ඇති නේ. ඔන්න ගිහිපු ගමන් රවුමක් කැරකුනා. පන්සලේ බෝධිය ලගට ගිහින් වැදලා එහෙම ඇවිත් ආයිමත් රවුමක් කැරකුනා. ඒත් කවෘත් නෑ. නික්මට වගේ ටිකක් පංතියක් ඇතුලට එබුනා. අනේ දෙයියෝ දැක්කා වගේ. ඉන්නවා ටික්කා අයියා.

"අයියේ ශ්‍රී පතිරණ සර් ගේ ක්ලාස් එක ..." කියනකොට උත්තරේ ඇවිත් ඉවරයි.

"මෙතන නංගි තියෙන්නෙ 8ට පටන් ගන්නෙ." මොනවා උනත් හරි හිත හොද ටික්කා.

මං ගිහින් පන්තියෙන් වාඩි උනා. ටික්කා උනාට මොකො පොඩි පාටයි. මට හිතුනෙ ගෙදර සල්ලි ප්‍රශ්න ඇති ඒක නිසා මෙහෙම රස්සාවක් කරනවා ඇති කියල.

ඔහොම ඉන්නකොට එකා 2න්නා ඇවිත් මුලු පන්තියම පිරුනා. කවදාවත් ඉස්සරහාම පේලියක ඉදලා පුරුද්දක් නැති නිසා මුලින්ම ආවා උනත් වාඩි උනේ අන්තිම පේලියට පේලි 2ක් විතර කලින්. ඔන්න සර් ආවා පන්තියට. ආහ්. විනාඩියක් ගියේ නෑ ලොකූ හූ සද්දයක් එක්ක මෙන්න කොලු ගැටයෙක් පන්තියට ආවා. අර කාටද කවුද පැනපි කියුවලු. ටික්කා නේද ආවෙ අර තරන් ප්‍රේක්ශක ප්‍රතිචාර මැද??

මල මගුලයි. ඒ ටික්කෙක් නෙවි නේ. මේකෙ ඉගන ගන්න කොලු ගැටයෙක් ලු නේ. හොද වෙලාවට මිනිස්සුන්ට හිතින් නොන්ඩි කරන ඒවා තේරුන් ගන්න බෑ.ඔන්න ඔහොම ඒක එක සිද්දියක්ම වෙලා අමතක වෙලා ගියා. මං පතිරණ සර් ගෙත් අමාරුවෙන් මාස 3ක් විතර කාඩ් අරගෙන සති 2ක් විතර ක්ලාස් ගිහින් එකත් නවත්තලා තැම්මා.

කාලයක් ගියා.... මුහුනු පොතෙන් මට හම්බුනා අපේ ගම් පලාතෙ කොලුවෙක්. නමින් නං නරියෙක්,ඒ නරි මල්ලිගෙන් මං අදුර ගන්නව කලු මල්ලිව. (මල්ලිල්ලා ලෙස හැඩදීන්නුවද මට වඩා වැඩිමල් ය.)කලුවා ඒ දිනවල පවුල් අවුල් කරගෙන දුක කියාගෙන අඩාගෙන තමයි හිට්යෙ. ඔහොම යනකොට එතනින් අදුර ගන්නවා මං ඩිලෝන් ව. එතකොට ඉන්න එකම බ්ලොග් ලියන යාලුව තමයි කලුවා. පස්සෙ මටත් ඔය උන ඔලුවට එනවා. කොහොම කොහොම හරි මාත් හතර ව්අටෙන්ම අහගෙන බ්ලොග් එකක් පටන් ගන්නව.පස්සෙ දැන ගන්නවා ඩිලොනුත් බ්ලොග් එකක් කරනවා කියලා. එයත් ගොඩක් උදවු කරනවා.ඔහොම ටික ටික යනකොට එක පාරටම කලුවා හදනවා මුහුනු පොතේ ගෲප් එකක්."අපි සිංහල" ...

හිතුවට වඩා ලියාගෙන යනකොට දිග වැඩි උනා. ඉතුරු ටික හෙටම ලියලා දාන්නංකො... :) :)

Saturday, January 1, 2011

අවසන් ගමන්!!!

අලුත් අවුරුද්ද හැමෝටම සුභ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්තනා කරනවා. "අවසන් ගමන්" දැකපු ගමන් හිතා ගන්න පුලුවන් නේද අලුත් අවුරුද්දෙත් මොකක් හරි විකාර කතාවක් කියලා. ඔන්න අහිංසකාවි සමු ගන්නයි යන්නේ. කවුරුත් කියවන්නෙ නැති බ්ලොග් එකක් ලියලා නිකන් සින්ඩි පුරවන්න ඕන නෑ නෙව. මේක සමහර විට ටික කාලෙකට වෙන්න ඇති. සමහර විට හැමදාටම වෙන්න ඇති.

කාලෙ හරි. ආයිමත් දවසක කවදම හරි කොහෙදි හරි අපි හම්බෙයි. හිස් අහසෙ තරු පිරිලා ඉතෙරෙන දවසකට, ඉරුට සද අයිති උන දවසට, ළමයෙකුට ආයිමත් විකාර හිතෙන දවසක, පිස්සු හාවෙකුට පේන හීන ඇත්ත වෙන දවසක, එක පිස්සෙකුගෙ පළාමල්ලෙන් කවදාම හරි ආදරේ හම්බෙන දවසක, අපි හැමෝම සතුටින් ඉන්න දවසක ආයිමත් අපි හම්බෙයි.

මාත් එක්ක මෙච්චර දවස් හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි. අහිංසකාවිට යන්න අවසර!!!!!

Saturday, July 17, 2010

අතීතයට එක් විය!!!!


එක විදු මවු තුරුලේ
සොයුරු සොයුරියන් සේ ලං වෙලා
සෙනෙහසින් අකුරු කල
දහතුන් වසරක කාලය
නිමා වුනා...
සුදු පාට රැලි ගවුම
රතු පාට ටයි පටිය
ගුරුවරුන් යහලුවන්
සියලු දේ හැරදමා
දෛවයට අවනතව
පාසලින් සමු අරන්
කාලයක් ගත උනා...
යහලුවන් යෙහෙලියන්
දස අතට විසිරුනා
මං මගේ ජීවිතේ
දුක අතර තනි උනා...

Friday, July 16, 2010

දයාබර ඔබට!!!!


බොහෝ දුර නැතයි
නොකිව හැකි
මෙතෙක් පැමිණි දිවි ගමනේ
නොසිතූ ලෙස
සිත සසල කල
දයාබර ඔබටයි...
හෙටක් ගැන දෑස් දල්වා
මම බලා ඉදින්නෙමි
ඔබේ ලොව
කිරුලු දරන්නට නොව
වෙනත් බොහෝ දෑ මෙන්
මතකයෙන් නොගිලිහෙන
මා සිත සසල කල
ඔබට...
සදාකාලික වූ
නිහඩ සෙනෙහසක් වන්නට...

Monday, July 12, 2010

නොනිමෙන පහන ඔබ....


ජීවිතයම කදුලක් වූදා
ඔබ මා ලග තනියට හිටියා
ලොවම අහිමි වී මා හැගි ගිය දා
ඔබ පමනක් මට හිමි වූවා
ජීවිත ගමනේ පා ඔසවන්නට
ඔබ මා හට සවියක් වූවා
මතු සන්සාරෙත්
ඔබේ දියණිය වී මා ඉපදේවා
මගේම මවු වී ඔබ හමු වේවා....

Sunday, May 23, 2010

මගේ නoගි!!!



නoගියෙ ඔබ නෑති පලමු දිනයේ....
අවුරුද්දක් ළෙස ගෙවුනු අද දිනයේ....

මගෙ නෙතට කදුලු පිරුනේ....
මල් පෙති අග සෑලෙන පිනි බිදු සේ....

පෙර දිනයේ ඔබ ලන්වීලා....
අද දිනයෙ ඔබ දුරස් වීලා...

පිවිතුරු ඔබේ සෙනෙහස...
දෑනෙනව මට හොදටම....

පතනෙමි මා අද දින...
ලන් වී ඉන්නට හෑම දින...

ලියුවේ දිනේශ් හර්ශ කුමාර අයියා.... ( මුහුනු පොතෙන් හමුවු වෙනස්ම චරිතයක්...)

Wednesday, May 19, 2010

ඔබෙන් සමුගන්න දෙන්න මට අවසර.................


වෙන්නෙවී ගියත් ඔබ අද....................

සදාකල් රෑදේ මතක හද.............

අමතක කල නොහෙකි තරමට......

අද මා පමනක් තනි වී ඇත.......

ඔබ සිතිනුත් ගතිනුත් දුර ඇත........

කමක් නෑ ඔබ සැනසුම ලැබ ගන්න....

ආදරය කල සිතකට වයිර කල නොහෙක....

ඔබෙන් සමුගෙන දුර යන්නට.....

දෙන්න මට අවසර.................

***ලියිවේ මුහුනු පොතේ තම්න්ගේ ආදරේ නිසා දුක් විදින මගේ හොදම යාලුවෙක්( එයාගේ කතාවෙ අවසානේ තාම හොයන්ව... එතකොට ඒකත් ලියන්නම්... තාම ඒ හිත හදනව අපි...)***