"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~
Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Sunday, February 27, 2011

අහන් ඉන්න!!!

අහන් ඉන්න...
ඇහෙනවද??
මගේ හිත...
මං දන්නවා...
ඔයාට ඇහෙනවා..
ඇස් අරින්න..
බලන්න...
මේ හීනයක් නෙවී..
ඇත්තම ඇත්ත..
හැන්ගුනා මං..
ගොඩාක්..
ආයි යන්නෙ නෑ..
පුලුවන් තරන්..
ලගම ඉන්නවා...
ඔයයි මායි...
බොරුවක් උන,
ආදරේ මැද..
හිර උනා ගොඩක්...
මං හිතන්නෙ,
ආයි යන්න,
බැරි තරමට...

Friday, February 25, 2011

අකීකරු සිත

අතැගිලි බන්දා
සිටි ඒ හෝරා
සිත ඉල්ලනවා
නුඹව පතා...

Monday, February 21, 2011

දවල් දුටු සිහිනය!!!!!

ගෙදර ඉස්සරහාම  ලොකු සුදු කොඩියක්... ඇයි මේ???  අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බොලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති රත්ගමයත් ඇවිත් ගාලු සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.


ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. අක්කි?? අක්කිත් ඇවිත්, මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??


හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. චූටි කෙල්ල ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා. 


ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..ප්‍රීති විරාජ් ගෙ මං ආසම කරන "අලි ඇත්තු" චිට්‍ර ටිකත් ගලවලා. ගෙදර දානෙකටවත් ඒවා ගලවන්න දුන්නෙ නෑ මං. හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්ම අඩන්නෙ?? අක්කා, අක්කි, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් මල් ශාලාවෙන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෛයනෙ අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ?




ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. අයියා, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ. 
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ. 


ලස්සන සාරියක් ඇදන් එතන ඉන්නෙ මම නේද?????


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේක කියවන අය  මට බනින්න එපා. එච්චරයි ඉල්ලන්නෙ...නිකන්ම නිකන් ලියුව විතරයි.

Sunday, February 20, 2011

ප්‍රේමය පුදදී අවසානයි..........

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න

ප්‍රේමය පුදදී අවසානයි....

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න


man nemei nago oka karana palaweni eka
man karapu ekama & lokuma waradda oka
aththatama mata pissu
bt nawaththanna baha
sorry.com
sorryToMe.com
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"මුහුණු පොතේ මං එක දෙයකට අපේ අයියා කෙනෙක්ට බැන බැන හිට්යෙ.. මේ එයාගෙන් මට රිප්ලයි එක විදියට ආපු එක. ඒ එක්කම එවපු සිංදුව... මෙතන වැරදි කවුද කියලා මට තේරෙන්නෙ නෑ.."


Friday, February 18, 2011

කවියක් නොවූ කතාවක්!!!!!!!

මතකයන් අතරින්
අතීතයට පිය මන්න විට
දැක්කා මං ලස්සනම ලස්සන 
අහිංසක බැදීමක්
නමක් නැති බැදීමක්
තමන්ව අදුර ගන්න උත්සාහ කරන
තමන් පිස්සෙක් කියලා හිතන
අහිංසක දඩබ්බර 
බොරුකාර කොල්ලෙක්
ප්‍රශ්න ගොඩක් මැද හිර වෙලා ඉන්න
හැම ප්‍රශ්නෙකටම විසදුම 
කදුලෙන් හොයන්න යන 
නපුරු කෙල්ලෙක්
ගොඩාක් දිග කතාවක
පුංචිම පුංචි හමු විමක්
හමු නොවිය යුතු 
දෙදෙනෙක් ගේ හමු වීමක්
අහිංසක ලෝක වෙනස් වෙනවා
කිසිම කෙල්ලෙක්ව විස්වාස නොකරන කොල්ලා
අර නපුරු කෙල්ලට විතරක් ඇත්ත කියනවා
හේතුව දෙන්නම දන්නෙ නෑ
අඩන්න දුක කියන්න
ජීවිතේ තේරුන් ගන්න 
දෙන්නට දෙන්නා නැතුව බැරි වෙනවා
නපුරු කෙල්ල ඉස්සර වගේම
ජීවත් වෙන්න හදනවා
ඒත් අර අහිංසක කොල්ලට ඕන උනේ
ඒ කෙල්ල එයාගෙම 
ජිවිතේ කොටසක් වෙන්න
හේතුවක්,ලෝබ කමක් නිසා නෙවි
ඒත් ඒක වෙනවට ආස උනා
නපුරු කෙල්ලත් ඒක බලාපොරොත්තු උනා
දෙන්නම ඇයි කියන්න දැනගෙන හිට්යෙ නෑ
හැම දේම වෙනස් වෙන්න ගත්තා
අහිංසක කොල්ලා විනාස වෙන්න ගත්තා
ඒ කොල්ලව ළමයෙක් වගේ හදපු කෙල්ලට
අන්තිමේදි විනාසෙ නවත්තන්න තිබුනේ
එක විදියයි
අර කොල්ලව අතෑරලා යන එක
අතෑරියා,හැම සම්බන්දයක්ම එයා
ඒත් හදවතින් නෙවී,
ඈතට ගියා හොයා ගන්න 
බැරි තරම් දුරකට
කොල්ලා දුක් විදිනවා බල බල 
අර නපුරි එක වචනයක් වත් කියුවෙ නෑ
දුරින් ඉදන් විදෙව්වා
අදටත් විදවනවා
අහිංසක කොල්ලත් තාම විදවනවා
අවුරුදු 2කකට පස්සෙ
අර නපුරු කෙල්ලගෙ උපන්දිනේ දවසෙ
දකිනවා අර අහිංසකයාව
තමන්ගෙ ඇස් ඉස්සරහාම
මොනවා කරනන්ද දෙයියනේ
අර නපුරි හැමදාම වගේ පැනලා යනවා
විහාරමහාදේවි එක යට වෙනකන් කදුලු
හලන්න පුල්ලුවන් උනත්
ඒ නපුරු කෙල්ල හැමොටම පේන්න 
හිනා වෙලා එතනින් යන්න යනවා
අහිංසක කොල්ලා හැමදේම හිතෙ තද කරන් විදවනවා
ගල් හිත දිය වෙනවා
නපුරිට ඉන්නම බැරි වෙනවා
අර අහිංසකයට කතා කරනවා
හ්ම්ම්ම්ම්ම්... 
මෙතනින් එහාට අර අහිංසකයා 
ආයි අවුල් උනොත් නපුරු කෙල්ල
මොනවා කියලා කරන්නද???
සාප කරන්න එපා පුංචි කාලයක් නෙවී
මහා ගොඩක් කාලයක් බලං හිටියා
හිර කරන් ඉන්න තවත් හිතේ ඉඩ නෑ..
සමා වෙන්න!!!!!

Thursday, February 10, 2011

මට සමා වෙන්න!!!!!!

අතීතයෙ ලග උන්න
ඒ දෙනෙත් දැක ගන්න 
දින ගමිනි මම 
මතක පිටු අතර මැද..

දෙවසරක අතීතය
ගලා යන ජීවිතය
සියලු දෙය අතීතෙට 
එක් කලා..


මා නුබෙන් ලැබු සෙනෙහෙ
මහමෙරක  වූ මිතුදම
සෙනෙහෙ සිත් රැකවරනේ
අනෙ අද  මවෙත තිබුනා නම්..


කවදාම හරි ඔයා ආයිමත් එයි. මං බලාගෙන ඉන්නව දරුවෝ... අවුරුදු 2ක් පොඩි කාලයක් නෙවී. මං බලාගෙන ඉන්නවා.. හැම විශේශ දේකදිම මතක් වෙන එ දවස්... හ්ම්ම්ම්ම්... මට සමා වෙන්න. දැන් ඔයා ජීවිතේ  හදාගෙන ගොඩක් දුර ගිහින් මං හිතන්නෙ. මං ඈත් උනා. ඔයා වෙනුවෙන්මයි. නමක් නැති බැදීමක් තාමත් ඒ වගේම තියනවා මගේ හිතේ. ඉස්සරම ඇනෝ කෙනෙක් විදියට හරි ඔයා බ්ලොග් එකේ කමෙන්ට් දැම්මා. එක පාරක් ඇවිත් යන්න. එකම එක පාරක්. මං බලාගෙන ඉන්නවා.

Wednesday, February 9, 2011

පැල් කවිය!!!!

සද අහසට කදුලු දෙන්න
අඩන නෙතට සිසිල දෙන්න
මගේ ලෝකයෙ එලිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

ජීවිතයේ දුක බෙදන්න
දුක අතරින් සිනාසෙන්න
මගෙ ලෝකයේ එළිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

බ්ලොග් පිටුවේ කොටා යන්න
හිතේ සතුට ලියා යන්න
මගෙ ලෝකය එලිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

ඔන්න මගේ මුල්ම පැල් කවිය අද දොරට වැඩියා හොදේ...හිකිස්. විශේශ ස්තුතිය මාව අනුභව කල මාගේ සහෝදරියට සහ මවට. ඔබ දෙපලගේ මහත් වූ උත්සාහයේ ප්‍රත්පලයක් ලෙස අද මා  මෙසේ පැල් කවියක් ලියූ වගයි.  අවුරුදු 19යි..  බත් කාඩ් එකත් කපලා. ඒත් බෑ ලු. මොකෙක් ගෙ හරි මැක්කෙක් ගෙ කරේ එල්ලන්න හදවා මාව. අලි චෝයි අලේ අපේ කස්ටිය.

Sunday, February 6, 2011

ජීවිතය ඇතුලෙ ඔයයි මමයි!!!!!

මේක නිකමට ඉන්න ගමන් හිතුන දෙයක්. අනේ මංදා. මටහිතෙන විකාර වලින් තව එකක් විතරයි මේ. මගේ යාලුවෙක් මාත් එක්ක කියපු දේවල් එක්ක මං හිතාගෙන ගියා. එතකොට හිතුන. ඉතින් ලියන්න ගත්තා.මං ගැන පම්පෝරියක් නෙවී. හිතට දැනුන ඇත්ත. මට වැරදුන තැන්. මං හදා ගත්ත තැන්. මං ගැන මට දැනෙන දේ. 

 ඔයාගෙ ජීවිතේ ට මං මහා විරයෙක් උනා. ඒක ඔයා කියුවා. ඇයි එහෙම උනෙ කියලා ඇහුවම කියුවෙ. මං වැරදුන දේවල් ගැන දුක් වෙන්නෙ නෑ ලු. හ්ම්ම්ම්ම්. ඔව්. මං දුක් වෙන්නෙ නෑ. දුක් උනත් එතන හිර වෙන්නෙ නෑ. 

ඔයා හිතන් හිට්යට මං මහා ලොකු කෙනෙක් කියලා. එක එහෙම නෑ. ඔයයි මමයි 2න්නම මේ ජීවිතේ කියන ස්කෝලෙ එකම පන්තියෙ ඉන්න 2න්නෙක් විතරයි. වෙනසකට තියෙන්නෙ මං මේ ජීවිතේ  විභාග වලට බය නෑ. ඔයා ජීවිතේ ගැන අහපු ගමන් බය වෙනවා. 

ජීවිතේට අපි හැමදාම බයයි. හැමදාම වරදියි කියලා බයයි. අලුත් දේවල් කරන්න බයයි. අලුත් විදියට හිතන්න බයයි. අපි මේ ස්කෝලෙ ඇතුලෙ බය නැත්තෙ මොනාටද?? එක දෙයක් වත් නෑ නේද??? හ්ම්ම්ම්ම්....

ම්ටත් ජීවිතේ වැරදුන තැන් ඕන තරම් තියන්වා. ලොකුම තැන උසස් පෙළ. ඔයාටයි මටයි 2න්නමට එකම ප්‍රතිපල එක විශයක් ෆේල්, වෙනසකට තියෙන්නෙ ඔයා කොමර්ස්, මං බයෝ.හ්ම්ම්ම්ම්. 

මං දුක් උනා. ඇඩුව.එත් හිතුවා ආයි කවදාවත් වරද්ද ගන්නෙ නෑ. මං ඉස්සරහට යන්වා කියලා. ඒත් ඔයා??? තාම අඩනවා,  වැරදුන තැන හදා ගනන්ව කියනවා, ඒත් තාම පාරක් හිතලා වත් නෑ. වෙනස එතනයි. 

මට වැරදුන තරන් තාම ඔයාට වැරදිලා නෑ. ඔයාට මට තරන් තාම ජීවිතේ දැනෙන්නෙ නෑ. මං අඩනවා ඒත් දිනන්න ඕන කියලා හිත හදා ගන්නව. ඔයාට තාමත් එක දැන්නෙ නෑ. මට වැරදුන තැන ඒ තරන්ම දරුනු විදියට ඔයාටත් ජීවිතෙ වැරදුනා නං අද ඔයා මටත් වඩා ඉස්සරහින් ඉන්නව. මට විස්වාසයි.

මං මහ ලොකු කෙනෙක් නෙවෙයි. ඒත් මං අද දිනලා. මගෙ ආවුරුදු 19ට මං දිනලා. එදා මාව වට්ටලා මට හිනා උන අය අද මං ගැන ආඩම්බර වෙනවා. මං එයාලගෙ බාදක පහු කරන් ගියා කියලා.හිත හදාගෙන ඉස්සරහට ගියා කියලා. උසස් පෙළ මාව මෙතන්ට ගෙනාව. 

මං ෆේල් උනා නිකන්ම නිකන් කොලේකට උත්තර ලියා ගන්න බැරුව. ඒත් උසස් පෙළ නිසා මං ජීවිතේ දිනුවා.අද මං ජීවත් වෙනවා,උසස් පෙළ නිසා ඉගන ගත්ත ජීවිතෙ නිසා. හ්ම්ම්ම්ම්...  අඩ අඩ බ්ලොග් ලියපු මං අද ඒ කාලෙ ලැබුන දේ නිසා හිනා වෙනවා. 

මට හිනා වෙන්න උදවු කරපු හැමෝටම ම්ං ණයයි. ඒ ණය ගෙවන්න තියන එකම විදිය, මං ජීවිතේ දිනන්න ඕන. මං දිනනවා. අනිවාර්යෙන් දිනනවා. මගේ හිත ඇතුලෙ ඉන්න මටවත් දැන් මාව පරද්දන්න බෑ. හිත ආත්මාර්තකාමි වෙලා. ටිකක් නෙවෙයි මහ ගොඩක්. 

ඒත් මට දිනන්න ඒක ඕනම වෙයි. ඉස්සර ආත්මාර්තකාමි නැති කමෙන් මට නැති උන දෙවල් වැඩියි ඒත් මගේ වටේ හිටපු අය වැඩියි. අද මං ටිකක් විතර තනි වෙලා. එත් මං ජීවිතෙ ට බය නැතුව මූන දෙනවා.

කාලෙකින් හිතට මං ගැන හිතන්න වෙලාවක් ආවෙ. වෙලාවකට මගේ හිත පවු කියලත් හිතෙනව. එත් හිතන්න වෙලාව දුන්නොත් අනිත් දේවල් වලට වෙලාව මදි වෙයි. ඒක නිසා ටිකකාලෙකට
 ~~~~~~~~~~~~හිතට නිවාඩුයි~~~~~~~~~~~~~~

Saturday, February 5, 2011

ආයිමත් මං!!!!!

හ්ම්ම්ම්ම්... බ්ලොග් සතියට ලියාගෙන ලියාගෙන ගියත් හරි පස්සෙම ලියුවෙ නෑ. මං ගම රට බලලා යන්න ආවා නෙව. ඒක නෙ උනේ. ඔන්න දැනුත් මේ වෙලාවෙත් මං ඉන්නෙ මගෙ ගම් පලාතෙ. හ්ම්ම්ම්ම්ම්.. අමතක කරනන් හදන අතීතේට රිංගගෙන අමාරුවෙන් ආයිමත් දුක ජීවිතේට ලං අර ගන්නවා වගේ වැඩක් කරන්න හදන්නෙ. මෙහෙ නෑවිත් ඉන්නයි මට තිබුනේ.
ඒත් දෙයියනේ බෝනික්කෙක් වගේ ඉන්න අර පුංචි කෙල්ලව කොහොම අමතක කරලා ඉන්නද????  හ්ම්ම්ම්ම්ම්... ඔන්න ගෙඩහ්ර ඇවිත් උතුරු නැගෙන හිර යුද්දෙගේ එකක් මැද දවස් 2ක් ඉවර උනා. හිහ් හිහ්.. අද පුංච් කෙල්ලට මාස 5 පිරෙන දවස. හැම මාසෙම අයියලා දෙන දානෙටත් සහබාගි වෙලා, උසස් පෙල වෙනකන් මට හැම දේටම හිටපු මගේ ගුරුවරුන් ගේ ගෙවල් වලටත් ගියා.
 පුදුම දුකක් එන්නෙ. අපි ආයිමත් ස්කෝලෙ යන්නේ නෑ. දැන් ඒ තැන් වල ඉන්නෙ වෙන වෙන අය. ගුරු වරු උනත් මාරු වෙලා. අපේ කියන්න තියෙන්නෙ මතකයන් විතරයි.. මතකයන් එක්ක විතර ජීවත් වෙනවා කියන්නෙ වෙලාවකට ලොකු දුකක්...
ඔන්න අඩන්න ගත්තා. නෑ නෑ නැවැත්තුව. මං  ආයි වැලපෙන කුමාරි වෙන්නෙ නෑ... හිහ් හිහ්.. ඔන්න මෙ ආපු ගමනෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනේ ගන්න කියලා පවුලෙ හැමෝටම ඉලංදාරියා අයියා ගැන කියුවා. බලමු හෙට වෙනකොට ඒකටත් මොනවාම හරි දෙයක් ලැබෙයි.
දේශපාලන උණුසුම ලු මෙ දවස් වල. නිදහස් උත්සවේ ලු.. අනේ මංදා ඕවා.
ඔය හැම දේම මැද, මට ගොඩක් පාලුයි. මට මගෙ කියලා යාලුවෙක් ඉන්නවා නං හැම දේම කියන්න. ඉස්සර වගෙ. අනේ මට පරන යාලුවො හොයලා දෙන්න කවුරු හරි කෙනෙක්. මෙ කොලොම්පුරේ යාලු කම් හොයන්න යන්නේ නෑ මං නං ආයිමත්. ජීවිතේ මං දැන් බයම දේ ඒක.  හ්ම්ම්ම්ම්ම්... අකුරු 4 යාලුමක් අකුරු 4න් එලියෙදි නෑ  කියලා අනිත් අය මට තෙරුම් කරලා දුන්නා එයාලගෙම වැඩ වලින්. මොන දෙ උනත් මං තනියම ජිවත් වෙනවා. මට  පාලුයි, ඒත් ඉන්නවා.
පිස්සු වගේ මං කියන්නෙ මොනවද මං වත් දන්නෙ නෑ. කට්ටිය මේක කියවලා මට බනින්න එපා හොදේ. මං යනෝ... බායි,
බුදුසරණයි!!!! දිලුම් අයියට ඉක්මන් සුව!!

Saturday, January 29, 2011

නමක් නැති කතාවක්!!!!!!!

වෙලාව උදේ 11 ට විතර ඇති. මට එක පාරටම කෝල් එකක් ආවා. සාමාන්යෙන් මට මිස් කෝල් දෙන කෙනාගෙන් මට කෝල් එකක්.

"අනෙ බං පොඩි හදිස්සියක්, 12 වෙනකොට නුගේගොඩ එන්න පුලුවන් ද???"
"ඇයි බොල,මොකෝ මේ??"
"කිය කිය ඉන්න වෙලාවක් නෑ බං,ඉක්මන්ට කියපන් එන්න පුලුවන්ද කියලා??"
හරි හරි මං එන්නං, මට එන්න විනාඩි 20කට කලින් කෝල් එකක් දීපං. එහෙනං පරිස්සමින් වර හොදේ."
"හරි බං මං තියනවා"

මෙ ක මට ඊයෙ උදේ අකුරු 4 ඉන්නකොට ආපු කෝල් එකක කියවුන දේ. අවුරුදු ගානක ඉදන් දන්න, මගේ හොදම යාලුවොන්ගෙ අහිංසකම යාලුවා තමයි මේ. මගේ ජීවිතේ ගොඩක් උදවු කරපු කෙනෙක්. මට ඒකි එන්න කියුවම, මොකටද කින්ද මංද අහන්න ඌන උනේ නෑ, මාත් එන්නං කියුවා. අම්මට කෝල් කරලා මං මෙහෙම ගමනක් යන්වා කියලා එහෙම්මම පාරට බැස්සෙ මේ වෙලාවට නුගෙගොඩට යන්න පැයක් ව්අත් යන බව දන්න නිසා. අමාරුවෙන් ඇවිත් 11.45 වෙනකොට නුගේගොඩට සේන්දු උනා.තාමත් මගේ යාලුව නං ඇවිත් නෑ. නුගේගොඩ නෝ ලිමිට් එක ඉස්සරහට වෙලා (සිකුරාදා නිසා ඒක වරුවක් වහලා.) ඔහේ කල්පනා කර කර හිට්යා මං.

මගේ යාලුවා තරූ. අහිංසක ලස්සන කෙල්ලෙක්. ඉස්සර ඉදන්ම මාරම අහිංසකයි. අද උනට් මුකුත් ප්‍රශ්නයක් නැත්තං මට කොල් කරන්නෙ නෑ කියල මං දන්නවා. මොකද එයාට පහු ගිය දවස් වල ප්‍රශ්න ගොඩක් ආවා. පණ වගේ ආදරෙයි කියාගෙන අවුරුදු 3ක් හිටපු කොල්ලා එයාව දාලා ගිහින් තිබුනා උසස් පෙළ ඉවර උන ගමන්ම. ප්‍රතිපලත් ආවා. අන්තිමට එයා විශයන් 2ක් විතරක් පාස් වෙනකොට ,එයාට ආදරෙයි කිය කිය හිටපු,එයාගෙ ජීවිතේ කාපු කොල්ලා ඒ 3ක් එක්ක වානිජ අංශයේ ලංකාවෙන්ම හොද තැනක් අරගෙන පාස් වෙලා තිබුනා. එතන ඇත්ත ආදරයක් තිබුනේ නෑ කියලා මං තේරුන් ගත්තෙ එදා. මොකද මගේ යාලුවා ඉගන ගන්න බැරි කෙනෙක් නෙවී. දක්ශ කෙනෙක්. එහෙම එකේ එයාව වලට ඇදලා දැම්මෙ එයාගෙ ආදරේ කියන එක හැමෝම කියනවා. ඔය වගෙ දේවල් මැද්දෙ අතරමං වෙලා ඉන්නකොට මගේ යාලුවා එතන්ට ආවා.

තරූ වෙනස් වෙලා. ගොඩක් බයෙන් වගේ හිටියේ.

"අනෙ බං කුසල් අද මට එන්න කියුවා එයාව හම්බෙන්න, නැත්තං මගේ ජීවිතෙ නැති කරනවා කියුවා, අනෙ මට බයයි බං"
කියලා ගොඩාක් දේවල් ඒ හුස්මටම එයා කියාගෙන ගියා.

කවුදෝ බලු කොල්ලෙක් කුසල් ට කියලා කුසල් ගේ හොදම යාලුව(ජනිත්) එක්ක තරූ ගෙ සම්බන්දයක් තියන්වා කියලා. එක දැනගෙන කුසල් කලින් දවස රෑ එළි වෙනකන් මේ කෙල්ලට බැනලා.

කුසල් මොන තරන් බල්ලෙක් උනත් තමන් ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැන ගත්තම දැනෙන ඉරිසියාව දැනෙන්න ඇති කියලා මං හිතුවා.මොකද ජනිත් අයිය උනත් කොහොමත් තරෑට ඉස්සර ඉදන්ම කැමැත්තෙන් හිට්යෙ. ඒක ජනිත් අයියම් කුසල් ට දැන ගන්න තියුවද දන්නෙ නෑ.

මොකද එතකොට එහෙම ආදරයක අන්තිම චුට්ටක් හරි කුසල්ගෙ හිතේ තියන්වා නං තරූ ගැන ඒකත් එතකොට නැති වෙලා යනවා නේ.

ඔහොම 1 විතර වෙනකන් තරූ යි මායි ගොඩක් දේවල් කතා කර කර නුගේගොඩ ඇවිද්ද. මට පුලුවන් උපරිමෙන් මං ඒ හිත හැදුවා. ඒත් මං එක පොරොන්දුවක් කර ගත්තා. ආයි ජනිත් එක්ක කිසිම සම්බන්දයක් තියන්න එපා කියලා. එයත් ඒක පිලි ගත්තා. ඔහොම ඉන්නකොට එක පාරටම කුසල් අපි ඉස්සරහා. මේ තියෙනෙන් ඒ වෙලාවෙ කුසල්ගෙයි තරූගෙයි කතාව.

කුසල් ,"මට තමුසෙගෙ ෆෝන් එක දෙනවා,ඉක්මන්ට"
"මොකටද කුසල්? මොනව කියලා දැන් ඔයා මගේ ෆෝන් එකෙ හොයන්නද?"
"තමුසෙට එවා වැඅක් නෑ නේ. මට ෆෝන් එක දෙනවා."
"දෙන්නං, ඒත් ඔයා දන්නවා නෙ මෙක අපේ තාත්තගේ ෆෝන් එක කුසල්,ප්ලීස් මේකට මුකුත් කරන්න නං ලේස්ති වෙන්න එපා."
"හරි හරි ඕයි ,දෙනවකො."

ඔහොම කියපු ගමන් මගේ යාලුවා ෆෝන් එක දුන්නා. ඒක ගත්තා විතරයි වෙඩිල්ලක් වගේ කුසල් අතුරුදහන් උනා. තරූ අඩන්වා. දැයියනේ මටත් උන දෙ හිතා ගන්න බෑ. මොනවා කරන්නද මංදා.

ටිකක් කල්පනා කරලා, මං තරූ ගෙ යාලුවෙකුට කෝල් කරලා ජනිත් ගේ නම්බර් එක ඉල්ල ගත්තා. පස්සෙ ජනිත් ට කතා කරලා වෙච්ච දේ කියුවා. ජනිත් දැන් එන්නං කියුවා එක තැනකට.අපිට එතන්ට එන්න කියුවා.. කරන්න වෙන දෙයක් නැති තැන අපි එතන්ට ගියා. ගියාම ජනිත් ඇවිත් කතා කරා.
"නංගි ෆෝන් එක නං දෙන්නෙ නෑලු, ඒත් ඒකෙ තියන නම්බර්ස් ඔක්කොම ටික දෙන්නං කියලා කුසල් කියනවා. අනෙ මංදා නංගි මට උනත් ඌට බල කරන්න බෑ නේ. ෆෝන් එක ගත්තෙ මොකටද කියල මටවත් කියන්නෙ නෑ."
කියල කිය්වගෙන කියවගෙන ගියා.

කොන්ද පන නැති යාලුවෙක්ගෙ හැසිරීම ඊයෙ මං නං ඇස් 2න්ම දැක්කා. දැයියනේ තරූ දැන් ගෙදර යන්නෙ කොහොමද? එයාලගෙ ගෙදර අයට මොනවා කියවද, ඔය වගේ ප්‍රශන් ගොඩක් මැද අපිව හිර උනා. අන්තිමට ෆෝන් එක නැති උනා කියමු කියලා හිත හදලා, එයාගෙ ගෙදර මංම එක්ක ගියා.

ගිහින් කියුවම ෆෝන් එක නැති වෙලා කියලා අම්මා නං හොදටම බැන්නා තරූ ට. කරන්න දෙයන් නෑ අහගෙන හිට්යා. හ්ම්ම්ම්ම්... පස්සෙ සිම් එකත් ඩිස්කනෙක්ට් කරා මං ම කතා කරවල. ඒකිට ඒ තරන් වත් සිහියක් නෑ. ඔහොම ඔය ප්‍රශ්නෙ ඉවර උනා.

තරූ අද උදේ 7 වෙනකොට අපේ ගෙදර. අම්ම එක්ක තරහා වෙලා. පවු, ප්‍රශන් වැඩි වෙලා ඔලුවට උන ගන්න වගේ කියලා ඇවිත් කියුවා.පැය ගානක් කියලා කියලා හිත අමාරුවෙන් හදලා කන්න එහෙමත් දීලා දැන් පැයකට විතර කලින් තමයි ගෙදරටම ගිහින් දැම්මෙ. හිතා ගන්න බෑ කුසල් මොන වගේ පලියක් ගන්නද එහෙම කරේ කියලා.

ඇත්තටම කුසල් ලා,ජනිත් ලා කරන්නෙ ආදරේ ද?? ඒක ආදරෙ නං,තරූ කරපු දේ ද බොරුව?? ඔය වගේ ප්‍රශ්න ගොඩක් මැද තාමත් මං කල්පනා කරනවා විතරයි... යාලුවෙක් විදියට මට කරන්න පුලුවන් එකම දේ එයාගෙ හ්ටිහ හදන එක. මං ඒක කරනවා. උපරිමෙන්ම. කුසල්,ජනිත් දෙන්නටම කවදාම හරි මේ දේවල් ව්අලට උත්තර දෙන්න වෙයි. අසරණ කෙල්ලෙක්ගෙ අසරණ කමින් ප්‍රයෝජන ගන්න එනවට.

ආදරේ කියන්නෙ මේක නං,අනේ දන්න කියන හැමෝටම කියන්නෙ ආදරේ කරන්න එපා. හැමදාම පිච්චි පිච්චි ජීවත් වෙන්න වෙයි. වැරදි නොකර වැරදි කාරයෙක් වෙන්න වෙයි. බොරු කාරයො පස්සෙ යන්න වෙයි. ඒක නිසා ආදරේ කියන්නේ මේක නං කිසිම කෙනෙක් ආදරේ කරන්න එපා.

Tuesday, January 25, 2011

සුභ උපන් දිනක් අනු අයියා!!!!


ලියන්න හිටපු කතාව නෙවි හොදේ මේ. ලියන්න හිට්යෙ වෙන එකක්, ඒත් වෙලාවක් තිබුනෙ නෑ.. මෙන්න එක පාරටම මතක් උනා. අපේ අයියන්ඩියෙක්ගෙ උපන් දිනෙ නේ හෙට. ඔන්න මං සුභ පතන්න කියලයි ආවෙ... ඒත් ඉතින් ලස්සන විදියට සුභ පත්න්න නං මං දන්නෙ නෑ අනූ අයියා. සුභම සුභ උපන් දිනයක් අයියා. :) :) හැමදාම සතුටින් ඉන්න.

ප.ලි. :-
හෙට මට කේක් දුන්නෙ නැත්තං මං බලා ගන්නන්කො. හිහ් හිහ්... මුලින්ම විශ් කරේ නිකන් නෙවී හොදේ. මට කේක් ඕන. දවල්ට කෑම ඕන. තවවවවව... ම්ම්ම්ම්.. මතක් වෙන්නෙ නෑ නේ.... තව ඔයා කැමති තව මොනවා හරි කමන් නෑ කන්න බොන්න නං..

Saturday, January 22, 2011

පරණ කතාවක් අලුත් හමු වීමක් "අපි සිංහල" ......

කියන්න යන්නෙ නං පරණම පරණ කතාවක්.. ඒත් සම්බන්දෙ අලුත් නිසයි මේක ලියන්න හිතුවෙ. ඔන්න මං උසස් පෙළ කියලා එකක් කරා නේ. ඒක කරේ 2010 අවුරුද්දෙ නෙව. ඔන්න 2008 ඉදන් 2010 වෙනකන් මං අමාරුවෙන් ඔක්කොම සතියට දවස ගානේ ඔක්කොම් සති ටික එකතු කරාම මාස 4ක් විතර අවුරුදු 2ටම ක්ලාස් ගියා නේ. ඒ ගියෙත් මාස 2කකට එක දවස්ක් වගේ. ඔහොම යනකොට අන්තිමටම හිර උනාම. තියරි ක්ලාස් නවත්තලා රිවිශන් යන්න ගත්තා. ගාල්ලෙ ශ්‍රී පතිරණ සර් ගෙ පන්තිය.

ඔන්න මුල්ම දවසෙ ගියා. මරු. 2010 උසස් පෙළ කරන අය රිවිශන් යන්න හිතලවත් නැති කාලෙ නෙ. මඔ තමා පොඩි එකා ඒකටම හිටපු. ඔන්නා මුල්ම දවසෙ ගියා. උදේ පාන්දරම 7ට විතර(මගේ නරක පුරුද්දක් ඒක. මොන පංතියට ගියත් උදේ පාන්දරම යන එක.). එකෙක් වත් නෑ. කියන්න අමතක උනා නේ පංතිය තිබුනේ පන්සලක. සර් ගේ 2009 ක්ලාස් ආපු අය දන්නවා ඇති නේ. ඔන්න ගිහිපු ගමන් රවුමක් කැරකුනා. පන්සලේ බෝධිය ලගට ගිහින් වැදලා එහෙම ඇවිත් ආයිමත් රවුමක් කැරකුනා. ඒත් කවෘත් නෑ. නික්මට වගේ ටිකක් පංතියක් ඇතුලට එබුනා. අනේ දෙයියෝ දැක්කා වගේ. ඉන්නවා ටික්කා අයියා.

"අයියේ ශ්‍රී පතිරණ සර් ගේ ක්ලාස් එක ..." කියනකොට උත්තරේ ඇවිත් ඉවරයි.

"මෙතන නංගි තියෙන්නෙ 8ට පටන් ගන්නෙ." මොනවා උනත් හරි හිත හොද ටික්කා.

මං ගිහින් පන්තියෙන් වාඩි උනා. ටික්කා උනාට මොකො පොඩි පාටයි. මට හිතුනෙ ගෙදර සල්ලි ප්‍රශ්න ඇති ඒක නිසා මෙහෙම රස්සාවක් කරනවා ඇති කියල.

ඔහොම ඉන්නකොට එකා 2න්නා ඇවිත් මුලු පන්තියම පිරුනා. කවදාවත් ඉස්සරහාම පේලියක ඉදලා පුරුද්දක් නැති නිසා මුලින්ම ආවා උනත් වාඩි උනේ අන්තිම පේලියට පේලි 2ක් විතර කලින්. ඔන්න සර් ආවා පන්තියට. ආහ්. විනාඩියක් ගියේ නෑ ලොකූ හූ සද්දයක් එක්ක මෙන්න කොලු ගැටයෙක් පන්තියට ආවා. අර කාටද කවුද පැනපි කියුවලු. ටික්කා නේද ආවෙ අර තරන් ප්‍රේක්ශක ප්‍රතිචාර මැද??

මල මගුලයි. ඒ ටික්කෙක් නෙවි නේ. මේකෙ ඉගන ගන්න කොලු ගැටයෙක් ලු නේ. හොද වෙලාවට මිනිස්සුන්ට හිතින් නොන්ඩි කරන ඒවා තේරුන් ගන්න බෑ.ඔන්න ඔහොම ඒක එක සිද්දියක්ම වෙලා අමතක වෙලා ගියා. මං පතිරණ සර් ගෙත් අමාරුවෙන් මාස 3ක් විතර කාඩ් අරගෙන සති 2ක් විතර ක්ලාස් ගිහින් එකත් නවත්තලා තැම්මා.

කාලයක් ගියා.... මුහුනු පොතෙන් මට හම්බුනා අපේ ගම් පලාතෙ කොලුවෙක්. නමින් නං නරියෙක්,ඒ නරි මල්ලිගෙන් මං අදුර ගන්නව කලු මල්ලිව. (මල්ලිල්ලා ලෙස හැඩදීන්නුවද මට වඩා වැඩිමල් ය.)කලුවා ඒ දිනවල පවුල් අවුල් කරගෙන දුක කියාගෙන අඩාගෙන තමයි හිට්යෙ. ඔහොම යනකොට එතනින් අදුර ගන්නවා මං ඩිලෝන් ව. එතකොට ඉන්න එකම බ්ලොග් ලියන යාලුව තමයි කලුවා. පස්සෙ මටත් ඔය උන ඔලුවට එනවා. කොහොම කොහොම හරි මාත් හතර ව්අටෙන්ම අහගෙන බ්ලොග් එකක් පටන් ගන්නව.පස්සෙ දැන ගන්නවා ඩිලොනුත් බ්ලොග් එකක් කරනවා කියලා. එයත් ගොඩක් උදවු කරනවා.ඔහොම ටික ටික යනකොට එක පාරටම කලුවා හදනවා මුහුනු පොතේ ගෲප් එකක්."අපි සිංහල" ...

හිතුවට වඩා ලියාගෙන යනකොට දිග වැඩි උනා. ඉතුරු ටික හෙටම ලියලා දාන්නංකො... :) :)

Friday, January 21, 2011

ගොඩක් පාළුයි ලූ......

උඩේ පාන්දරම ගොඩ උනා ඔන්න. ඊයෙ පලවෙනි පාරට ගූගල් බස් ගියාම තමයි දැක්කෙ කට්ටිය හැමෝම එකතු ව්එන තැන ඒක කියලා එතකොටම දැක්කා කට්ටිය හැමදාම බ්ලොග් ලියන්න සතියක් දාගෙන කියලා.. වැඩි විශ්ටර ලැබුනෙ අපේ අනුරාධ සහෝදරයගෙන් නේ.

හ්ම්ම්ම්ම්.. අද නිවාඩුයි. මතක් උනේ මං කොලොම්පුරේට ආපු දවස් වල ඉදන්ම මේ ලගක් වෙනකන්ම මට නිවාඩු දවස කරන්න ගොඩක් වැඩ තිබුනා. ඒත් අද??? ගොඩක් පාලුයි. ගොඩක්ම ඕනවටත් වඩා.

හොදම යාලුවො කියන්නේ ජීවිතෙ හැමදාම ලග ඉන්න අය ලූ. ඒත් අද මං ලග කවුරුත් නෑ වගේ කියලා හිතෙනවා. මෙච්චර කාලෙකට මට අම්මා ,තාත්තා නැති උනත් ලග හිටපු අය අද නෑ.. යාලුකමක් කියන්නේ වීදුරුවක් වගෙ දෙයක් ලූ. මෙච්චර කල් ඒක අහල තිබුනා විතරයි. ඒත් අද ඒක මටම දැනෙනවා.

ගොඩක් පාලුයි. ගොඩක්ම.. ඔයාලා 2න්නටම එක එහෙම නැතුව ඇති සමහර විට. ඒත්, අනේ මංදා. ඔයාලා 2න්නගෙන් එක්කෙනෙක් වත් මේක කියවන එකක් නෑ. ඒත් මං ලියනවා. ආයි පරන යාලුවොන්ව මට හොය ගන්න පුලුවන් නං???? මට ගොඩක් පාළුයි. ගොඩක්ම.

හොයාගෙන ගිහින් අඩලා කියන්න හිතෙනවා මාත් එක්ක තරහා වෙන්න එපා කියලා. එත් නෑ. මං කියන්නෙ නෑ. ආයි පරන යාලු කම හැදුනත්, මතක තියෙයි. හිතේ දෙයක් තියාගෙන හැමදාම බොරුවට යාලු කමක් තියෙයි. හ්ම්ම්ම්ම්ම්... ඒත් මට ගොඩක් පාලුයි.

කියන්න තියෙන්නෙ මං වෙනුවෙන් කරපු හැන දේකම වටිනාකම මං අද වෙනකන් තියලා තියනවා. හැමදාකම තියනවා. ගොඩක් පිං. යාලුවොන්ට "තෑන්ක්" කරන්න එපා කියපු ඔයාලම දැන් පොඩි උදවුවක් කරත් මට තැන්ක් කරනවා කට ඇරලා. හ්ම්ම්ම්ම්.. ඒවා වදින්න ඕන තැනට වදිනවා ඕනවටත් වඩා.

හිහ් හිහ්... ඔන්න උදේ පාන්දරම විකාර කියෙව්වා. මං යනවා හොදේ. හැමෝටම බායි. (ලියන්න හිට්යෙ වෙන දෙයක් එත් උදේ පාන්දරම ඇස් වලට කදුළු ආවා ඉස්සර දෙවල් මතක් වෙලා. ඒකයි මේක ලියවුනේ. )

Wednesday, January 19, 2011

ඔන්න මම ආයිමත් ආවො!!!!!!!!!!!



හැමෝටම සුභ දවසක් වෙන්න කියලා ප්‍රාර්තනා කරා ඔන්න හොදේ!!! ඔන්න මම ආයිමත් ආවො. හිහ් හිහ්.. හිතුවෙ අවුරුද්දක් වත් ලියන්නේ නැතුව ඉන්න.ඒත් මෙන්න මO මාසෙන් ආයිමත් ඇවිත්.හ්ම්ම්ම්ම්...

වෙච්ච දේවල්,තාමත් වෙන දේවල්,ඉස්සරහට වෙන්න තියන දේවල් කිසිම දෙයක් ගැන හරියට විස්වාසයක් නැතුවයි තාමත් මO ඉන්නෙ.

ඊයෙ දවස ගොඩ කාලෙකට පස්සෙ නිවාඩුවක් හම්බුන දවසක්.කරන්න දෙයක් නැතුව නිකන් බලාගෙන ඉන්නකොට තමයි දැක්කෙ බුකියෙ අපේ අයගෙ එකතු වෙන තැනක් තියනවා කියලා.නිකමට වගෙ රික්වෙස්ට් එකකුත් දැම්මා.මෙන්න එතකොටම ඇඩ්මින් ඇවිත් මාව ඒ ගෲප් එකට ඇඩ් කරා.

සාමාන්යෙන් මO ආසම නැති දෙයක් තමයි ගෲප් චැට් කියන්නෙ. මොකද තත්පරේට මැසේජ් 100ක් විතර එනවා නේ. ඒත් ඉතින් ගිහින් බැලුවම ඔක්කොම ඉන්නෙ දන්න අදුරන අය(මම විතරයි.එයාලා මාව අඩුරන්නෙ නැ.හිහ් හිහ්.. තාම පොඩි එකි නේ මO.)ගිහිපු ගමන්ම ලොකූ හායි එකක් එක්ක අයියා කෙනෙක් මාත් එක්ක කතා කරා. අභීත අයියා. මO එයාට කියුවා මO කවුද කියලා.ඔන්න එතකොටම හා පැටික්කිත් ඇවිත් කත කර, තව ගොඩක් අය, අනුරාධ අයියා.

ගෙවාගන්න අමාරුවෙන් හිටපු ඊයෙ දවස ගෙවා ගන්
න මට කට්ටිය උදවු කරේ ඔන්න ඔහොමයි. අන්තිමට මO හැමෝටම කියුවා. මO ලියපු බ්ලොග් එක මේක කියලා. කියපු ගමන් ම අනේ නගෝ ආයිමත් ලියන්න කියල කියපු අයට පිO. ඇත්තටම නැත්තO මO ආයි කාලෙකට බ්ලොග් ලියන්නේ නැතුව ඉන්නයි හිතුවෙ.මට සිOහල යුනිකොඩ් හොයලා දුන්න අනුරාධ අයියට ,මගේ සුදු අයියා රත්ගමයටයි ගොඩක් තැන්ක්ස් හොදේ.

අකුරු 4 ජීවිතෙත් ගොඩාක් ආදරෙන් ගොඩාක් සතුටින් ගෙවෙනවා.යාලුවො ,සහොදරයො වගෙ මගේම කියලා හිටපු 2,3ක් මගෙන් ඈත් උනා පහුගිය දවස් ටිකේ. හ්ම්ම්ම්ම්... ඒක දිග කතාවක් නෙව.

ඉතින් ඉතින් කට්ටිය කොහොමද ජීවිතේ??? අප්‍රේල් 3 වෙනිදා කට්ටියම එනවා නේද??? මැරුන් නැතුව හිටියොත් හැමෝම එක්ක මාත් එනවා එදාට නO. හැමදාම උදේට අකුරු 4ට යනකොට බලාගෙන යනවා.අප්‍රේල් 3 වෙනිදට මෙතන කොයි තරම් නO දේවල් වෙයිද කියලා.
ඔන්න එහෙනO මO යනෝ. කතාවක් ලියන්න හිතේ පොඩි ආසවක් තියනවා. ඒත් ඉතින් මට පුලුවන් වෙයිද කියලා සැකයි.බලමු.හැමෝටම බුදුසරණයි... :) :) :)

Saturday, January 1, 2011

අවසන් ගමන්!!!

අලුත් අවුරුද්ද හැමෝටම සුභ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්තනා කරනවා. "අවසන් ගමන්" දැකපු ගමන් හිතා ගන්න පුලුවන් නේද අලුත් අවුරුද්දෙත් මොකක් හරි විකාර කතාවක් කියලා. ඔන්න අහිංසකාවි සමු ගන්නයි යන්නේ. කවුරුත් කියවන්නෙ නැති බ්ලොග් එකක් ලියලා නිකන් සින්ඩි පුරවන්න ඕන නෑ නෙව. මේක සමහර විට ටික කාලෙකට වෙන්න ඇති. සමහර විට හැමදාටම වෙන්න ඇති.

කාලෙ හරි. ආයිමත් දවසක කවදම හරි කොහෙදි හරි අපි හම්බෙයි. හිස් අහසෙ තරු පිරිලා ඉතෙරෙන දවසකට, ඉරුට සද අයිති උන දවසට, ළමයෙකුට ආයිමත් විකාර හිතෙන දවසක, පිස්සු හාවෙකුට පේන හීන ඇත්ත වෙන දවසක, එක පිස්සෙකුගෙ පළාමල්ලෙන් කවදාම හරි ආදරේ හම්බෙන දවසක, අපි හැමෝම සතුටින් ඉන්න දවසක ආයිමත් අපි හම්බෙයි.

මාත් එක්ක මෙච්චර දවස් හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි. අහිංසකාවිට යන්න අවසර!!!!!

Sunday, November 28, 2010

කලකට පසු!!!


කාලෙකට පස්සෙ ඔන්න මකුණු දැල් එහෙම බැදුන මගේ බ්ලොග් එක පැත්තෙ ආවා. ඔක්කොමටම ආයුබෝවන් කියුවා ඔන්න.කස්ටිය ඔක්කොම සැපෙන් සතුටෙන් ඉන්නවා නේද??? අනේ මාව අමතක උන අය ඉන්නවා නං මාව මතක් කර ගන්නකො. මම අර මෝඩ නිරහංකාර අහිංසකාවි.. හරි හරි ඔය මතක් උනේ... අන්න එයා තමයි. ඔව් ඔව්. ඒ මම තමා...

අහිංසකාවි දැන් අලුත් වෙලා නේ. හිහ් හිහ්... අනේ මංදා, ලොකු ලොකු දේවල් ඉගන ගන්න කියලා අම්මා ඇදගෙන ගිහින් මාව දැම්මා නේ අකුරු 4 කළමණාකරන ආයතනේට.දැන් මාසෙකටත් වැඩි නෙව.

මං දන්න තරමින් අපේ ළමයා අයියත් ඒ අකුරු 4 කළමණාකරන ආයතේනම ඉගන ගන්න ගිය නිසා බ්ලොග් කෙරුවාවත් නැවැත්තුවා. (සහොදරයෙකුගේ වෙන් වීම දුකක් උනත් හොද දෙයක් වෙනුවෙන් නිසා දරා ගන්න එක අපේ යුතුකමක් නේ.) නිරහංකාරිටත් මේක නවත්තන්න කාලෙ හරි නං තමා. ඒත් දෙයියනේ මැරෙන්න තරන් දුකෙන් ඉන්නකොට ලග හිටපු අහිංසක මගේ බ්ලොග් යාලුවො ටික අතාරින්න දුකයි.
ආයි දුකක් ආවත් දුවගෙන ඇවිත් වචන 4ක් කොටලා ගියත් "අනේ නඟෝ අඩන්න එපා, හිත හදාගෙන ජීවිතෙ දිනපං" කියලා හිත හදන්න ඉන්න මේ පවුල එහෙම ලේසියෙන් අතාරින්න දුකයි.. හ්ම්ම්ම්ම්...

අද සති ගානකට පස්සෙ ආපු නිවාඩු දවසෙ පැයක් විතර නිදහසෙ ජීවිතේ ගැන හිතුවා.මම, ජීවිතේ වැරදුන තැන් ගැන ගොඩක් දුක් උන කෙනෙක්.ඒත් අද??? මං මගෙ ජීවිතේ ගැන සතුටු වෙනවා කියලා මට හිතෙනවා.අනෙ මංදා. මං මගෙ ජීවිතෙ ගැන එක පැත්තකින් සතුටු වෙනකොට මං තව පැත්තකින් තනි වෙලා කියලා මට හිතෙනවා.

තව ටිකෙන් අමතම වෙනවා. හැමෝම දෙසැම්බර් 19 වෙනිදා එනවා නේ???නොදැකපු අපේ පවුල බලා ගන්න මග බලාගෙන අහිංසකාවිත් ඉන්නෙ දැන්.. හැමෝම 19 වෙනිදට හම්බෙමු එහෙනං.. බායීයීයීයීයී.....

Friday, September 10, 2010

අහිංසකාවිට උසස් වීමක්!!!

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුත් පොස්ට් එකකුත් එක්කම මම ආවා... හැමෝම හොදින් නේද?? මං නං ගොඩාඩාඩාඩාඩාක් හොදින්.. ගොඩාක් සතුටින් ,ටිකක් දුකෙන්... ඔන්න ඉතින් මාතෘකාවට පිට පනිනවා නේ? හිහ් හිහ්.. ගනං ගන්න එපා අනේ.. මම හැමදාම එහෙම නේ..


මෙන්න මේකයි කතාව. ජනවාරි මාසෙ 10 වෙනිදා(මගේ එකම සහොදරයා බැදලා අවුරුදු 3ක් වෙන දවසෙ) ඉදන් අපෙ ගෙදර,මගෙ පවුලෙ අය,මගේ ආදරනීය නෑනන්ඩිගෙ පවුලෙ අයයි ඔක්කොම එකතු වෙලා එක සුන්දර දවසක් එනකන් බලාගෙන හිට්යා.. ඔන්න ඒ දවස ආවෙ මේ මාසෙ පහුගිය 04 වෙනිදා.. උදේ 7 වෙනකොට කෝල් එකක්, "අම්මේ නංගිව හොස්පිට්ල් ඇඩ්මිට් කරා" කියලා අපේ අයියා අම්මට කියුවා..


ඔන්න ඉතින් අම්මයි මායි කකුල් 2කට රොකට් හයි කරා වගේ 7.20 වෙනකොට ලේස්ති වෙලා බස් එකටත් නැගලා ඉවරයි. 11 වෙනකොට කටු කාගෙන දුක් විදගෙන හොස්පිට්ල් එකෙ අම්මයි මායි.. අනේ එ වෙනකොටත් මෙන්න අපේ අක්කන්ඩි ඉන්නවා කිසි අමාරුවක් නැතුව හිනා වෙවී...


හිහ් හිහ් හිහ්.. අපි මේ බය වෙලා දුවගෙන ආවා. එයා හිනා වෙනවා. දවසම කට්ටියම කෑමක් බීමක් නැතුව අක්කගේ රූම් එක ලග පෝලිමට ඉන්නවා. කොහොමින් කොහොමින් හරි රෑ 9 වෙනකොට අක්කට සිසේරියන් සැත්කමක් කරන්න ඕන කියුවම නං ඔක්කොම බය උනා... ඒත් එයා හිනා වෙවී ඉන්නවා... හිහ් හිහ්... ඔන්න 9 ඉදන් ඉන්න හැම දෙයියම සිහි කර කර අපි හිටියා...


9.15 වෙනකොට අපේ පුංචි පැටික්කි අඩනවා ඇහුනා.. කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ වෙලාව නං. තව විනාඩි 2,3කට පස්සෙ රෝස පාට පැනල් එකකින් ඔතපු බොනික්ක පැටියෙක් ගෙනත් අපෙ අයියාගෙ අතට දුන්නා... ඇස් 2 ලොකු කරල කරකවලා වටේම බලලා තද කරල වහ ගත්තා.. අයියා වඩාගෙන අක්කා ලගට ගිහින් පෙන්නුවම මේ කෙල්ල අක්කා එක්කත් හිනා උනා... "මෙච්චර කල් මාව බලා ගත්තට අම්මට ගොඩක් පිං" කියන්න වගේ...


අද වෙනකොට බෝනික්කිට දවස් 6යි... පුංචි දුකකට තියෙන්නෙ අපි දැන් ඉන්නෙ කිලෝමීටර් එකසිය ගානක් දුරින්... :( :( බලන්න යන්න ආසයි.. දවස් 3ක් අපි එක්කම හිටියෙ.. හ්ම්ම්ම්ම්ම්... හැම දේකම අන්තිමට මට අලුත් පට්ටමක්... අහින්සකාවි නැන්දා... :) :)


චූටි දෝණිට බුදුසරණයි!!!


(අමතක උනා කියන්න.. ගාල්ලෙ තියන හේමාස් හොස්පිට්ල් එකේ වැඩ කරන හැමෝටම ගොඩක් ස්තූතියි ගොඩක් පිං. අක්කව,චූටි දෝණිව දවස් 3ක් තිස්සෙ ගොඩක් ආදරෙන් බලා ගත්තට...)

Thursday, August 12, 2010

නැවත ඉපදීම!!!!

ඔන්න නිරහංකාර අහිංසකාවි ආයිමත් කරලියට.. මේ පෝස්ට් එකත් විභාගෙන් පස්සෙ දාන්න හිටියට අද දැකපු අදහසක් නිසා මං ඇයි කාටවත් පරදින්නෙ කියලා හිතුනා.. කොන්ද පන නැති පිරිමි(සම.හරක්) තමංගේ ලොකු කම ප්‍රදර්ශනය කරන්න වගෙ කෙල්ලෙක්ව දැකපු තැන පහත් කරලා කතා කරන්න ලේස්ති වෙනවා.. අන්න ඒකට මං බය ව්වෙන් නෑ කියලා කියන්නයි මේ පෝස්ට් එක.. මගේ බ්ලොග් එකෙ අදහස් දක්වන කොන්ද පන තියන පිරිමියෙක් නං තමන්ගෙ බ්ලොග් එකෙ නමින් දාන්නකො.. හික්.. කොන්ද පන නැති මහා කලු සිංහල පිරිමියා.. මහ ලොකුවට මං ස්ක්ක්‍රීන් ශොට් අරං දාපු එකට ගනිකාව කියන චරිතෙ හොදයි කියන්න තරන් පිට කොන්දක් තියන්වා නං මොකටද කෙලින් ඉස්සරහට ඇවිත් මම මේ කෙනා කියලා කියන්න බැරි??? ඔය වගේ හිගන චන්ඩි මේ ලොකේ මං ඕන තරන් දැකලා තියනවා.. දැන් ඕන නං මේකෙ ඔය කියන කොදක් නැති සිංහලයා මගේ අම්මා ට ගුණ වර්නනාවක් කරයි.. හික්.. එතනත් තියෙන්නේ එයගේ මනසෙ තියන දුර්වල කම විතරයි. තමන්ට කියන දේ දරා ගන්න බැරි උනාම ඒ කියන කෙනාගේ දුර්වල තැන් බලලා ගහන්න හදනවා.. මං බලාගෙන ඉන්නවා... ඒ පිට කොන්දක් නැති කලු සිංහලයා ආයිමත් කරලියට එනකම්...

Thursday, August 5, 2010

නොමිනිසුන් මැද මිනිසත්කම!!!!


මේ මගේ බ්ලොග් පෝස්ට් එකකටම ආපු අදහස් 2ක්... හිතලා බලන්න.. ඇයි මටම මේ තරන් කතා කියන්නේ???