"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Thursday, August 26, 2010

මහා පාරේ ජීවිත විකිණීම...

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුත් බ්ලොග් පොස්ට් එකක් දාන්න හිතුවා. විභාගෙත් බෑ බෑ කිය කිය හිටියට අන්තිම මොහොතේ ආපු ප්‍රශ්න වැලක් නිසා අන්තිම විශයන් 2ට පුදුම තරන් හිතෙ හඉයකින් ලියලා දැම්මා. එත් ඉතින් ජිව විදයාව අසමත් වෙලා අනිත් ඒවා සමත් වෙලා වැඩක් නෑ නේ.. :) :)

එ කතා වැඩක් නෑ කියන්න හදන්නේ නං කාලෙකට පස්සෙ දැකපු ජීවිතේ ටිකක් විතර කල කිරෙන සිද්ඩියක් ගැන.
ඊයෙ අවශ්යම වැඩ වගේකට අහිංසකාවියි අම්මායි ගියා සිදාදියට. (කවුරුත් දන්න භාශාවෙන්ම කතා කරන්න ගත්තා ඔන්න.) ගිහිං දවල් 12,1 වෙනකොට වැඩ ඉවර කරන් ආයි එන්න කියල වාහනේට නැග්ගා. අනේ කොට්ටාව ටවුන් එක පහු කරගෙන ටික දුරක් එනකොට අපේ සිදාදියට කිට්ටු අය නං දන්නවා ඇති,රුක්මල්ගම පාරට යන තවත් හංදියක් ඒක මං හිතන්නේ.
වැල්වටාරං නැතුව මෙන්න කතාව. ඔය හංදියේ මහා කලබගෑනියයි. ටිකක් වාහනේ ලං වෙනකන් ඉදලා මාත් බැලුවා. අනේ, මිනිස්සු හරිම ආසාවෙන් තව කෙනෙක්ගේ මරනය දිහා බලන් ඉන්නවා. අපි බුදු හාමුදුරුවොන්ව අදහනවා විතරද කියලා හිතුනා ඒ වෙලාවෙ නං.

කකුලුවෝ 100ක් විතර පන ගහනවා. උන් දිහා බලාගෙන මේ මිනිස්සු "අනේ මුන්ගෙ පුදුම ලස්සනක් නේ?", "අන්න අන්න තව එකෙක් දගලනවා" , "කන්නත් ලෝභයි දැක්කම" වගේ කතා කියන්වා..කලකිරෙන්නේ අපි ඉන්න සමාජෙ ගැන.

මම එතන කිසිම දෙයක් කියන්න ගියේ නෑ.මොකද මගෙත් වැරදි තියන්වා නේ. අපේ ගෙදරත් මම(අහිංසකාවි) සහ මගේ ආදරණීය නෑනා(චූටි දෝණි ගේ අම්මා) ඇරුනම අනිත් අයට මස්,මාලු නැතුව බත් කටක් ගිලෙන් නෑ. ඒ තරන් තව කෙනෙක් ගෙ මසට ලෝභ වෙලා. ගෙදර ඉන්න අය හදා ගන්නේ නැතුව පිට අය හදන්න යන්න බෑ නේ...

මොන දේ උනත් සතෙක් කියන්නෙත් ජීවිතයක්. හරි අහිංසක ජීවිතයක්.මාදැලකට අහු උන මාලු උඩ පනිනකොට අනේ ලස්සනයි කියල අපි සතුටු වෙනවා නං, අපි තරන් තිරිසන් ජාතියක් තවත් නෑ. මම මාලු අල්ලන කෙනාට බණින් නෑ. ඒ මනුස්සයා උනත් ආසාවට මේක කරනව නෙවෙයි වෙන්න ඇති. ඒත් ටිකක් හිතන්න...

ඒ මහ පාරෙ "ලාභයි, ලාභයි" කිය කිය විකුනන්නේ අපේ වගේම තවත් ජීවිතයක්.... තව ඉස්සරහට මීණී මසුත් ඔහොම විකිනෙන්න ගත්තොත්, අපි ගිහින් ඒවත් හරිම ආසාවෙන් සතුටින් සල්ලි දීලා ගනියි ද???

Thursday, August 12, 2010

නැවත ඉපදීම!!!!

න්න නිරහංකාර අහිංසකාවි ආයිමත් කරලියට.. මේ පෝස්ට් එකත් විභාගෙන් පස්සෙ දාන්න හිටියට අද දැකපු අදහසක් නිසා මං ඇයි කාටවත් පරදින්නෙ කියලා හිතුනා.. කොන්ද පන නැති පිරිමි(සම.හරක්) තමංගේ ලොකු කම ප්‍රදර්ශනය කරන්න වගෙ කෙල්ලෙක්ව දැකපු තැන පහත් කරලා කතා කරන්න ලේස්ති වෙනවා.. අන්න ඒකට මං බය ව්වෙන් නෑ කියලා කියන්නයි මේ පෝස්ට් එක.. මගේ බ්ලොග් එකෙ අදහස් දක්වන කොන්ද පන තියන පිරිමියෙක් නං තමන්ගෙ බ්ලොග් එකෙ නමින් දාන්නකො.. හික්.. කොන්ද පන නැති මහා කලු සිංහල පිරිමියා.. මහ ලොකුවට මං ස්ක්ක්‍රීන් ශොට් අරං දාපු එකට ගනිකාව කියන චරිතෙ හොදයි කියන්න තරන් පිට කොන්දක් තියන්වා නං මොකටද කෙලින් ඉස්සරහට ඇවිත් මම මේ කෙනා කියලා කියන්න බැරි??? ඔය වගේ හිගන චන්ඩි මේ ලොකේ මං ඕන තරන් දැකලා තියනවා.. දැන් ඕන නං මේකෙ ඔය කියන කොදක් නැති සිංහලයා මගේ අම්මා ට ගුණ වර්නනාවක් කරයි.. හික්.. එතනත් තියෙන්නේ එයගේ මනසෙ තියන දුර්වල කම විතරයි. තමන්ට කියන දේ දරා ගන්න බැරි උනාම ඒ කියන කෙනාගේ දුර්වල තැන් බලලා ගහන්න හදනවා.. මං බලාගෙන ඉන්නවා... ඒ පිට කොන්දක් නැති කලු සිංහලයා ආයිමත් කරලියට එනකම්...

Thursday, August 5, 2010

නොමිනිසුන් මැද මිනිසත්කම!!!!


මේ මගේ බ්ලොග් පෝස්ට් එකකටම ආපු අදහස් 2ක්... හිතලා බලන්න.. ඇයි මටම මේ තරන් කතා කියන්නේ???