අහන් ඉන්න...
ඇහෙනවද??
මගේ හිත...
මං දන්නවා...
ඔයාට ඇහෙනවා..
ඇස් අරින්න..
බලන්න...
මේ හීනයක් නෙවී..
ඇත්තම ඇත්ත..
හැන්ගුනා මං..
ගොඩාක්..
ආයි යන්නෙ නෑ..
පුලුවන් තරන්..
ලගම ඉන්නවා...
ඔයයි මායි...
බොරුවක් උන,
ආදරේ මැද..
හිර උනා ගොඩක්...
මං හිතන්නෙ,
ආයි යන්න,
බැරි තරමට...
Showing posts with label කම්මැලිකමට කියන කතා. Show all posts

Sunday, February 27, 2011
Sunday, February 20, 2011
අවාසනාවට ඇත්ත කතාවක්!!!!
හිකිස්... හොද යාලුවො නං හොරාට තියා ගනියව්!!!
අනිත් උන්ට ඉරිසියා හිතෙන තරන් හොද යාල්ලුවො නං හංගලාම තියා
ගනියව්...
නැත්තං ඉරිසියාවෙ අවසානය උදුරා ගැනීමයි...
යාලුවො නැති කර ගෙන පොල් බූරුවෙක් වෙන්න වෙන්න එපා...
මතක තියා ගන්න...
අමතක වෙනවා නං කොලේක ලියලා තිය ගන්න...
(සත්‍ය සිදුවීමක් ඇසුරින්!!)
Labels:
කම්මැලිකමට කියන කතා,
යාළු මාළු,
සිතුවිල්ලක අරුම..
Wednesday, February 9, 2011
පැල් කවිය!!!!
සද අහසට කදුලු දෙන්න
අඩන නෙතට සිසිල දෙන්න
මගේ ලෝකයෙ එලිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න
ජීවිතයේ දුක බෙදන්න
දුක අතරින් සිනාසෙන්න
මගෙ ලෝකයේ එළිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න
බ්ලොග් පිටුවේ කොටා යන්න
හිතේ සතුට ලියා යන්න
මගෙ ලෝකය එලිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න
ඔන්න මගේ මුල්ම පැල් කවිය අද දොරට වැඩියා හොදේ...හිකිස්. විශේශ ස්තුතිය මාව අනුභව කල මාගේ සහෝදරියට සහ මවට. ඔබ දෙපලගේ මහත් වූ උත්සාහයේ ප්‍රත්පලයක් ලෙස අද මා මෙසේ පැල් කවියක් ලියූ වගයි. අවුරුදු 19යි.. බත් කාඩ් එකත් කපලා. ඒත් බෑ ලු. මොකෙක් ගෙ හරි මැක්කෙක් ගෙ කරේ එල්ලන්න හදවා මාව. අලි චෝයි අලේ අපේ කස්ටිය.
Labels:
කම්මැලිකමට කියන කතා,
ජීවිතය,
සිතුවිල්ලක අරුම..
Sunday, February 6, 2011
ජීවිතය ඇතුලෙ ඔයයි මමයි!!!!!
මේක නිකමට ඉන්න ගමන් හිතුන දෙයක්. අනේ මංදා. මටහිතෙන විකාර වලින් තව එකක් විතරයි මේ. මගේ යාලුවෙක් මාත් එක්ක කියපු දේවල් එක්ක මං හිතාගෙන ගියා. එතකොට හිතුන. ඉතින් ලියන්න ගත්තා.මං ගැන පම්පෝරියක් නෙවී. හිතට දැනුන ඇත්ත. මට වැරදුන තැන්. මං හදා ගත්ත තැන්. මං ගැන මට දැනෙන දේ.
ඔයාගෙ ජීවිතේ ට මං මහා විරයෙක් උනා. ඒක ඔයා කියුවා. ඇයි එහෙම උනෙ කියලා ඇහුවම කියුවෙ. මං වැරදුන දේවල් ගැන දුක් වෙන්නෙ නෑ ලු. හ්ම්ම්ම්ම්. ඔව්. මං දුක් වෙන්නෙ නෑ. දුක් උනත් එතන හිර වෙන්නෙ නෑ.
ඔයා හිතන් හිට්යට මං මහා ලොකු කෙනෙක් කියලා. එක එහෙම නෑ. ඔයයි මමයි 2න්නම මේ ජීවිතේ කියන ස්කෝලෙ එකම පන්තියෙ ඉන්න 2න්නෙක් විතරයි. වෙනසකට තියෙන්නෙ මං මේ ජීවිතේ විභාග වලට බය නෑ. ඔයා ජීවිතේ ගැන අහපු ගමන් බය වෙනවා.
ජීවිතේට අපි හැමදාම බයයි. හැමදාම වරදියි කියලා බයයි. අලුත් දේවල් කරන්න බයයි. අලුත් විදියට හිතන්න බයයි. අපි මේ ස්කෝලෙ ඇතුලෙ බය නැත්තෙ මොනාටද?? එක දෙයක් වත් නෑ නේද??? හ්ම්ම්ම්ම්....
ම්ටත් ජීවිතේ වැරදුන තැන් ඕන තරම් තියන්වා. ලොකුම තැන උසස් පෙළ. ඔයාටයි මටයි 2න්නමට එකම ප්‍රතිපල එක විශයක් ෆේල්, වෙනසකට තියෙන්නෙ ඔයා කොමර්ස්, මං බයෝ.හ්ම්ම්ම්ම්.
මං දුක් උනා. ඇඩුව.එත් හිතුවා ආයි කවදාවත් වරද්ද ගන්නෙ නෑ. මං ඉස්සරහට යන්වා කියලා. ඒත් ඔයා??? තාම අඩනවා, වැරදුන තැන හදා ගනන්ව කියනවා, ඒත් තාම පාරක් හිතලා වත් නෑ. වෙනස එතනයි.
මට වැරදුන තරන් තාම ඔයාට වැරදිලා නෑ. ඔයාට මට තරන් තාම ජීවිතේ දැනෙන්නෙ නෑ. මං අඩනවා ඒත් දිනන්න ඕන කියලා හිත හදා ගන්නව. ඔයාට තාමත් එක දැන්නෙ නෑ. මට වැරදුන තැන ඒ තරන්ම දරුනු විදියට ඔයාටත් ජීවිතෙ වැරදුනා නං අද ඔයා මටත් වඩා ඉස්සරහින් ඉන්නව. මට විස්වාසයි.
මං මහ ලොකු කෙනෙක් නෙවෙයි. ඒත් මං අද දිනලා. මගෙ ආවුරුදු 19ට මං දිනලා. එදා මාව වට්ටලා මට හිනා උන අය අද මං ගැන ආඩම්බර වෙනවා. මං එයාලගෙ බාදක පහු කරන් ගියා කියලා.හිත හදාගෙන ඉස්සරහට ගියා කියලා. උසස් පෙළ මාව මෙතන්ට ගෙනාව.
මං ෆේල් උනා නිකන්ම නිකන් කොලේකට උත්තර ලියා ගන්න බැරුව. ඒත් උසස් පෙළ නිසා මං ජීවිතේ දිනුවා.අද මං ජීවත් වෙනවා,උසස් පෙළ නිසා ඉගන ගත්ත ජීවිතෙ නිසා. හ්ම්ම්ම්ම්... අඩ අඩ බ්ලොග් ලියපු මං අද ඒ කාලෙ ලැබුන දේ නිසා හිනා වෙනවා.
මට හිනා වෙන්න උදවු කරපු හැමෝටම ම්ං ණයයි. ඒ ණය ගෙවන්න තියන එකම විදිය, මං ජීවිතේ දිනන්න ඕන. මං දිනනවා. අනිවාර්යෙන් දිනනවා. මගේ හිත ඇතුලෙ ඉන්න මටවත් දැන් මාව පරද්දන්න බෑ. හිත ආත්මාර්තකාමි වෙලා. ටිකක් නෙවෙයි මහ ගොඩක්.
ඒත් මට දිනන්න ඒක ඕනම වෙයි. ඉස්සර ආත්මාර්තකාමි නැති කමෙන් මට නැති උන දෙවල් වැඩියි ඒත් මගේ වටේ හිටපු අය වැඩියි. අද මං ටිකක් විතර තනි වෙලා. එත් මං ජීවිතෙ ට බය නැතුව මූන දෙනවා.
කාලෙකින් හිතට මං ගැන හිතන්න වෙලාවක් ආවෙ. වෙලාවකට මගේ හිත පවු කියලත් හිතෙනව. එත් හිතන්න වෙලාව දුන්නොත් අනිත් දේවල් වලට වෙලාව මදි වෙයි. ඒක නිසා ටිකකාලෙකට
~~~~~~~~~~~~හිතට නිවාඩුයි~~~~~~~~~~~~~~
Labels:
කම්මැලිකමට කියන කතා,
ජීවිතය,
යාළු මාළු,
සිතුවිල්ලක අරුම..
Saturday, February 5, 2011
ආයිමත් මං!!!!!
හ්ම්ම්ම්ම්... බ්ලොග් සතියට ලියාගෙන ලියාගෙන ගියත් හරි පස්සෙම ලියුවෙ නෑ. මං ගම රට බලලා යන්න ආවා නෙව. ඒක නෙ උනේ. ඔන්න දැනුත් මේ වෙලාවෙත් මං ඉන්නෙ මගෙ ගම් පලාතෙ. හ්ම්ම්ම්ම්ම්.. අමතක කරනන් හදන අතීතේට රිංගගෙන අමාරුවෙන් ආයිමත් දුක ජීවිතේට ලං අර ගන්නවා වගේ වැඩක් කරන්න හදන්නෙ. මෙහෙ නෑවිත් ඉන්නයි මට තිබුනේ.
ඒත් දෙයියනේ බෝනික්කෙක් වගේ ඉන්න අර පුංචි කෙල්ලව කොහොම අමතක කරලා ඉන්නද???? හ්ම්ම්ම්ම්ම්... ඔන්න ගෙඩහ්ර ඇවිත් උතුරු නැගෙන හිර යුද්දෙගේ එකක් මැද දවස් 2ක් ඉවර උනා. හිහ් හිහ්.. අද පුංච් කෙල්ලට මාස 5 පිරෙන දවස. හැම මාසෙම අයියලා දෙන දානෙටත් සහබාගි වෙලා, උසස් පෙල වෙනකන් මට හැම දේටම හිටපු මගේ ගුරුවරුන් ගේ ගෙවල් වලටත් ගියා.
පුදුම දුකක් එන්නෙ. අපි ආයිමත් ස්කෝලෙ යන්නේ නෑ. දැන් ඒ තැන් වල ඉන්නෙ වෙන වෙන අය. ගුරු වරු උනත් මාරු වෙලා. අපේ කියන්න තියෙන්නෙ මතකයන් විතරයි.. මතකයන් එක්ක විතර ජීවත් වෙනවා කියන්නෙ වෙලාවකට ලොකු දුකක්...
ඔන්න අඩන්න ගත්තා. නෑ නෑ නැවැත්තුව. මං ආයි වැලපෙන කුමාරි වෙන්නෙ නෑ... හිහ් හිහ්.. ඔන්න මෙ ආපු ගමනෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනේ ගන්න කියලා පවුලෙ හැමෝටම ඉලංදාරියා අයියා ගැන කියුවා. බලමු හෙට වෙනකොට ඒකටත් මොනවාම හරි දෙයක් ලැබෙයි.
දේශපාලන උණුසුම ලු මෙ දවස් වල. නිදහස් උත්සවේ ලු.. අනේ මංදා ඕවා.
ඔය හැම දේම මැද, මට ගොඩක් පාලුයි. මට මගෙ කියලා යාලුවෙක් ඉන්නවා නං හැම දේම කියන්න. ඉස්සර වගෙ. අනේ මට පරන යාලුවො හොයලා දෙන්න කවුරු හරි කෙනෙක්. මෙ කොලොම්පුරේ යාලු කම් හොයන්න යන්නේ නෑ මං නං ආයිමත්. ජීවිතේ මං දැන් බයම දේ ඒක. හ්ම්ම්ම්ම්ම්... අකුරු 4 යාලුමක් අකුරු 4න් එලියෙදි නෑ කියලා අනිත් අය මට තෙරුම් කරලා දුන්නා එයාලගෙම වැඩ වලින්. මොන දෙ උනත් මං තනියම ජිවත් වෙනවා. මට පාලුයි, ඒත් ඉන්නවා.
පිස්සු වගේ මං කියන්නෙ මොනවද මං වත් දන්නෙ නෑ. කට්ටිය මේක කියවලා මට බනින්න එපා හොදේ. මං යනෝ... බායි,
බුදුසරණයි!!!! දිලුම් අයියට ඉක්මන් සුව!!

යාළු මාළු
Monday, September 27, 2010
කාලකන්නි වීම!!!

අපොයි කරන්න දෙයක් ඇත්තෙම නෑ. පහුගිය ටිකෙ කරන්න කොහෙන් කොහෙන් හරි වැඩ ටිකක් කඩා පාත් උනාට අද නං කරන්න දෙයක් ඇත්තෙම නෑ.
අමතක උනා නේ කියන්න(ඔන්න මුලින්ම ඔපයක්..) අපේ රත්ගමයා මට අලුත් නමක් දාලා නෙව, "වැලපෙන කුමාරි". මුලින්ම ඒකට ගොඩක් තැන්කියු ""සුදු අයියේ""(රත්ගමයා සුදු නං කලු ගලුත් සුදුය.. ) ප්‍රසිද්දියෙ කියුවෙ නෑ ඉතින්,මොනවා උනත් අහිංසක කොලුවානේ...(වෙන නැත්තං)
රත්ගමයගේ නසරානි හැත්ත කතා මාලව කියෙව්වට පස්සෙ ඔන්න මත් හිතුනා අපේ යාලු මාලුවො ගැන මඩ නොගහ ලිපියක් ලියන්න...(රත්ගමයට ඇර...)
ඉලග එක ඒක වෙයි ගොඩක් වෙලාවට... ඉතින් ඉතින් කට්ටියට කොහොමද සැප දුක්???
අහ්හ්.. අහිංසකාවිත් ගියා නෙව බුක් ෆෙයා. අනේ රත්ගමයයි,අපේ බනි කොලුවයි දෙන්නම අහිංසකාවිට සමාව දෙනු මැනවි. පොඩි පොඩි ප්‍රමාද දෝශ ගොඩක් නිසා මට කියපු වෙලාවල් වලට කඩාපාත් ව්එන්න බැරි උනාට...
නිරහංකාරිත් ගත්ත නෙව සල්ල්ලි දීල පොත් 20ක් විතර.. (රත්ගමයා වගේ නං නෙවෙයි ඔන්න. අපි සල්ලි දිලා පොත් ගත්තෙ..) එත් ඉතින් මාත් එක්ක ගියා මගේ කල්යාන හතුරා, මට කියපු කතා එක්ක ඒ පොත් ටික කියවන්න තියා අල්ලන්න වත් දැන් නං හිතෙන්නෙ නෑ..
සියුම් ලෙස මනසට වැදුනු දරුනු කනෙ පාරක්.... තාම කන කීන් කීන් ගානවා... එනේ මංදා... වැලපෙන කුමාරි කියන නම අයින් කොර ගන්නත් එක්ක ඔන්න දැන් අපි හිනා වෙලාමයි ඉන්නෙ හොදෙ...
මොන දේ උනත් දැන් දැන් අපේ යාලුවො ඔක්කොම වගේ බ්ලොග් ලියන්න ඇවිත් නේ... බොල දේශාන්. රත්ගමයා,කලු,තීරනාත්මක චින්තකයා,ලලින්දු(පුංචි රජා),ඩිලොන්,රොබෝටික්කා,උපේක්ශාවන්ශය... තව ඉතින් මෙතන්ට අඩු අපේ බයිසිකල් කොලුවයි, කුමාර කන්දෙ කුමාරිකාවයි විතරයි නෙව...
අහ්හ්.. තව දෙයක් අපේ පිස්සා පලාමල්ල ලියන පිස්සා අයියා නිකන් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මට මුහුනු පොතේ හරි පනිවිඩයක් එවන්න මොකද වෙන්නෙ කියලා. හැම දේම හොදින් විසදෙනවා නං හොදයි...
කාලකන්නී වීම උපරිම වීම නිමිත්තෙන් ඕනවටත් වඩා දිග පෝස්ට් එකක් ලියන ලදි...
හැමෝටම ටටා!!! හෙට විතර ආයි එන්නංකෝ....

Sunday, June 20, 2010
මම ඔයාට ගොඩාක් ආදරෙයි!!!!
ඔන්න ආව අලුත් පෝස්ට් එකක් අරගෙන.. හැමදාම දුක හිතෙන ඒවම ලියන්න එප) කියලා අපේ කට්ටිය මට කියුවා නේ... බලපු ගමන් හිතුනේ නිරහන්කාරිටත් මල්සරාගේ බැල්ම වැදීල කියල නේ??? හිහ් හිහ් හිහ්... ඒත් අනේ ආවෙ නම් වෙන දෙයක් ගැන කියන්න. 
අද ඔන්න මගේ පුoචි ලෝකේ ගැන තමා මේ පෝස්ට් එක. මගේ දුක,සතුට හැම දේම බලාගෙන ඉන්නේ මේ බිත්ති 4 තමා. මේ මගේ කාමරේ.
අපේ අයියා කියන විදියට මගේ පැලස් එක, අම්මා කියන විදියට පිස්සන් කොටුව, අක්කි කියන විදියට අපි 2න්නගේ යුධ පිටිය(මට අවුරුදු 3ඉදන්ම අක්කියි මායි මේ කාමරේ හරි ආදරෙන්,වෙලාවකට ගොඩක් තරහින් බෙදාගෙන නේ හිටියේ), අපේ තාත්තා කියන විදියට අපේ ගෙදර තියන ගුප්තම තැන තමා මේ කාමරේ.
ඒත් මට නම්, මේ තමා මගේ ජීවිතේ,මගේ සතුට,දුක හැම දේම මාත් එක්කම දරා ගන්න මගේ හොදම යාලුවා..
ඇත්තටම මේ මාව ජීවත් කරවන තැන.දවසෙන් පැය 22ක්ම මේක ඇතුලට වෙලා හිටියත්,මම හැමදාම මේ ලෝකෙට ආදරෙයි.
ඉස්සර දවස් වල ඉදන්ම ගොඩක් දුක හිතුනම උනත් මට හිතේ බයක් නැතුව අඩන්න හරි තියෙන්නේ මේ කාමරේ විතරයි. මොන ප්‍රශ්නේ තිබුනත් මගේ කාමරේට ආවට පස්සේ මගේ හිත නිදහස්.
ගොඩක් පහසුකම් නැති,ඇති දේකුත් නැති,නැති දේකුත් නැති මගේ පුoචි කාමරේ... මම ඔයාට ගොඩාක් ආදරෙයි!!!!
මගේ පුoචි ලෝකේ ගැන ඔයාලගේ අදහස් කියනකම් මම බලාගෙන ඉන්නවා...
(නිරහoකාරිට මේ දවස් වල ටිකක් පිස්සු.. ඒකයි මේ වගේ පෝස්ට් දාන්නේ..)
අදහසක් කොටලම යන්නකෝ...

Wednesday, May 19, 2010
හිනා වෙද්දි හයියෙන් හිනා වෙන්න!!!

ගොඩක් කාලෙකින් මනස සගරාව ගත්තා අද."හිනා වෙද්දි හයියෙන් හිනා වෙන්න!!!" මුල් පිටුවෙම තිබුන. ගත්ත ගමන් පෙරලලා ඒ ලිපියම කියෙව්වා. ඒකෙ තිබුන විශේශම ටික තමා මෙ පහලින් තියෙන්නේ...
බලන්නකො සුසුම් ඉහලට අදින්නෙ ප්‍රශ්න තියන අය. උස්ම පහලට හෙලන්නෙ ප්‍රශ්න නැතිව හිනා වෙන අයයි. බලන්නකො හිනා වෙනකොට උස්ම කොහෙටද යන්නෙ කියල. හ: හ: හ: කියල හයියෙන් හිනා වෙන කෙනෙක්කුට ඈග ඇතුලෙ හිර වෙලා තියන දුක් කරදර ඔක්කොම එලියට විසි වෙනව.හිනා වෙන හෑම වෙලෙම පුදුම විදියට ඈගේ ස්නායු මණ්ඩලයෙ හිර වෙලා තියන සෝ සුසුම් දුක් මතක ඔක්කොම් එලියට යනවා. බොහො ලෙඩ හයියෙන් හිනස්සන්න පුලුවන් නම් මාසෙකින් හොද කරන්න පුලුවන්. හිනාව කියන්නෙ මොලයට හා ස්නායු මන්ඩලයට පුදුම විරේකයක්.

Subscribe to:
Posts (Atom)