"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Monday, February 21, 2011

දවල් දුටු සිහිනය!!!!!

ගෙදර ඉස්සරහාම  ලොකු සුදු කොඩියක්... ඇයි මේ???  අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බොලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති රත්ගමයත් ඇවිත් ගාලු සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.


ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. අක්කි?? අක්කිත් ඇවිත්, මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??


හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. චූටි කෙල්ල ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා. 


ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..ප්‍රීති විරාජ් ගෙ මං ආසම කරන "අලි ඇත්තු" චිට්‍ර ටිකත් ගලවලා. ගෙදර දානෙකටවත් ඒවා ගලවන්න දුන්නෙ නෑ මං. හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්ම අඩන්නෙ?? අක්කා, අක්කි, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් මල් ශාලාවෙන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෛයනෙ අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ?




ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. අයියා, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ. 
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ. 


ලස්සන සාරියක් ඇදන් එතන ඉන්නෙ මම නේද?????


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේක කියවන අය  මට බනින්න එපා. එච්චරයි ඉල්ලන්නෙ...නිකන්ම නිකන් ලියුව විතරයි.

29 comments:

  1. මේ ඔයා දැක්කෙ නැද් බිස්කට‍ වලට මොනාද ගෙනත් තිබ්බෙ කියලා ? ඒ එක්කම බීම එහෙම ?

    ReplyDelete
  2. ඔය පෝස්ට් එකට නම් සිතුවිල්ලේ බලවත් විරෝධය... :(
    මේ වගේ දේවල් පේන්නෙ බයෙන් ඉන්න අයට. බය නැතුව ජීවිතයට මූණදෙන්න...

    ReplyDelete
  3. සිහිනය නම් කලාත්මකයි. එත් මේ සිහිනය තව 60 ,70 අවුරුද්දක් යනකන් සබැ නොවේවා!!!

    ReplyDelete
  4. මැරෙන්න කලින් කියන්න හරිද.... අපිත් එනවා.. නයිටක් ගහලා ෆන් එකක් ගන්න..... ;)

    ReplyDelete
  5. මමත් මීට ගොඩක් කාලෙකට ඉස්සර ඔය වගේ හීනයක් දැක්කා.. මගේ මරණ ගෙදර.. හීනේ ගැන විස්තර කලාම ගොඩක් දෙනෙක් කිව්වේ මොකක් හරි ලොකු කරදරයක් වේවි කියලා.. හැබැයි එහෙම මුකුත්ම උනේ නැහැ..

    ReplyDelete
  6. හරිම ලස්සනයි හරිම අමුතුයි ...ඒ උනාට මැරෙන දේවල් ගැන දැම හිතන්න ඕන නෑ නේද ? මේ වගේ සිතිවිල්ලක් ආවම ඒක බ්ලොග් එකේ ලියලා අමතක කරලා දාන්න එතනින් ඉවරයි ..

    මේ යන්තම් 20 ලැබුවා විතරයි මැරෙන්න කතාකරනවා ..මෙයාට මොනවා වෙලයි ..?

    ReplyDelete
  7. මේ පෝස්ට් එකට "මගේ මරණය" කොමෙන්ට් එකක් දමය්ද කියල බලන් ඉන්නෙ.

    ReplyDelete
  8. ලියල තියෙන විදිය ලස්සනයි. ඒත් ඒ සිතුවිල්ල තමා ලස්සන නැත්තෙ.
    ඕව හැබැ වෙන්න තව ගොඩක් කල් තියෙනවා

    ReplyDelete
  9. මරනෙ අයියා වැරදිලාවත් මේ බ්ලොග් එකට ගොඩ වෙලා නෑ මට මතක විදියට...


    අදහස් දක්වපු හැමෝටම තුති. මේක නිකන්ම නිකන් අදහසක් විතරයි. මට තනියම ඉන්නකොට හිතෙන දෙවල්..

    ReplyDelete
  10. පිස්සු ටොයින්කො ටොයින්කො
    ඒ හීනෙං මැරෙන එකත් හෙන ෆන් නේද?
    කවදාවත් මූන බලල හිනා වෙන්නෙ නැති උං එහෙම ඇස් වල කඳුලු පුරෝගෙන බිම බලාගෙන ඉන්නකොට ෆුල් කොමිටෙල් ඕයි.

    ReplyDelete
  11. හ​පොයි මේ මොකෝ මේ?? හීනෙන් වත් එහෙම දෙයක් වෙන්න එපෝ...

    ReplyDelete
  12. මම මේ බ්ලොග් කෙරුවාවට අලුතින් සෙට් උනේ. මේ බ්ලොග් එකට ඉස්සෙල්ලම අවේ අද. මේක දැකල නන්නත්තාර වුනා. කතාව නම් හරිම නිර්මානශීලියි. ඒ වුනාට කෙනෙක්ගෙ මරණයක් ගැන කියවල සතුටු වෙන්න බෑ නෙ. මාත් ඒ පෝස්ට් එකට විරුද්ධයි.

    ReplyDelete
  13. මෝඩි මාත් මේකට විරුද්දයි
    ඇයි මෙහෙම හිතන්නේ :(

    ReplyDelete
  14. නිරහංකාරියේ.. තමන් ගැන ඔහොම හිතෙන්න හිතේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ. ප්‍රශ්න කාටද නැත්තේ??? අපි හැමෝටම මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවනේ.. ඒ නිසා කලින් හිස් අහස කරන සදරු කිව්ව වගේ ඒ සිත්විල්ල එහෙම නැත්නම් ඒ හීනේ අමතක කරල දාන්න, මේක ඔයගේ ගෙදර අය එහෙම දැක්කනම් ඔයාට බැනුම් කෝටියක් අහන්න වේවි,,

    ජය..

    ReplyDelete
  15. අයියෝ මට අැන්ඩෙනෙවා...

    ReplyDelete
  16. මරු ලිපිය නංගි

    මටත් මීට අවුරුද්දකට කලින් ඔය වගෙම මගේ මළගේ පෙනුනා.එදවස් වල එක හැබැ වෙනකම් බලන් ඉදියේ.දැන් නම් ජිවත් වෙන්න ආසයි.මන් මේ මගේ දෙවෙනි ජිවිතේ ගත කරන්නේ.

    ReplyDelete
  17. marenna bayawena epa nangi. lassana kathawak katath kawada hari daknata labena

    ReplyDelete
  18. සිහිනේ දකින්න හේතුවක් තින්න ඇති...
    වාහන පෝලිමට කලින් සිදුවිම් දු‍ටුවේ නැද්ද?
    එහෙනම් ,අනාගතය කියවිමේ හැකියාවක් විය හැකිද?
    පොස්ට් එක බරපතලයි.........

    ReplyDelete
    Replies
    1. රහස් පරික්ෂකයට වැඩ පටන් ගන්න වෙයි...

      Delete
  19. සඳ කින්නරාවිOctober 30, 2011 at 11:32 PM

    බය හිතුනා

    ReplyDelete
  20. අමුතුයි, ලස්සනයි..

    හැබෑටම මරුනට පස්සෙ අපි යන තැන හරියටම දැන ගන්ඩ ඇත්නම්...ඔය විඩිහට මිනිය ගේන්ඩත් කලින් ගෙදර එනවත් ඇති සමහර විට. අනේ මංදා ඒවා හිතෙනකොට නිකන් මෝල් වගේ.. ඔන්න ඔහෙ යන තැනක ගියාදෙන්..

    ReplyDelete
  21. හපොයි බයේ බෑ නියම අහිංසක සිතුවිල්ල

    ReplyDelete
  22. හපොයි බයේ බෑ නියම අහිංසක සිතුවිල්ල

    ReplyDelete
  23. මං දැක්ක ලස්සන පොස්ට් 1ක්.මමත් ඔය හීනෙම මීට ටික කාලෙකට කලින් දැක්ක.හැබෑ වෙනකල් බලන් හිටිය.ඒත් දැන්නම් එහෙම නෑ.

    ReplyDelete
  24. you are very creative...strange idea.. but, good!

    ReplyDelete
  25. ලස්සනයි ඒ හැගීම අපිටත් දැනෙනවා වගේ කියවද්දී...
    හැබැයි දුක ටිකක් වැඩයි.

    ReplyDelete
  26. අයාලේ සැරිසරනකොට අහඹුවට මුණගැහුනු පිටුවක්.
    අපුරුයි.මරණයත් රසයක් නේද?

    ReplyDelete