"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Monday, February 21, 2011

මනුස්සකම???

ඔයා කියුවා, 
මනුස්සයෙක් මැරෙන්න වැටිලා 
පාරෙ පණ ඇද ඇද ඉන්නව නං 
ඔයා බිම බලාගෙන 
ඒ මනුස්සයව මගෑරලා 
යන්නෙ නෑ කියලා.
 ඒත් ඒ මනුස්සයට 
මැරෙන්න වැටෙනකන් 
ගැහුවෙ ඔයා නං, 
දැන් ආපු මනුස්සකමට 
වටිනාකමක් තියනවද???

12 comments:

  1. පොඩි වටිනාකමක් වත් නැහැ. නමුත් තමන් කල වැරැද්ද නිවැරදි කිරීමට සුදානම් වීම නම් අගයකලයුතු දෙයක්

    ReplyDelete
  2. හිකිzz ඉෂ් ගෙ කතාවට මම නම් එකඟයි... :D :D

    ReplyDelete
  3. නංගි මොකක්ද අප්පා මේකෙ තේරුම...
    ගෙදර වලියක්ද..?
    හනේ මගෙත් මොලේ මඤ්ඤං වෙනවා...

    ReplyDelete
  4. මාරයාට සේම මටත් මඤ්ඤංය.. o.O

    ReplyDelete
  5. දැං කවුද කාටද ඔය බිම දාගෙන නෙළල තියෙන්නෙ?

    ReplyDelete
  6. සිතුවිල්ලට හිතෙන්නෙ ගුටිකාල තියෙන්නෙ නගා වගෙයි. ඊයෙ හීනෙනුත් මොකක්ද මන්ද දැකල තිබ්බනෙ...

    ReplyDelete
  7. නඟේ මීට පස්සේ මේවා ලියනවානම් පහලින් සිද්ධියට අදාලව පොඩි පැහැදිලි කිරීමකුත් කරන්න. නැත්තම් සිද්ධිය දන්නේ නැති කට්ටිය මඤ්ඤං වෙනවා

    ReplyDelete
  8. පාරේ පණ අදින් මිනිසෙක්
    සොයමින් නිරතුරුව සරණක්
    දෙන්නට පිපාසෙට වතුර බිදක්
    ලන් උනත් කොහොම දෙන්නද වතුර උගුරක්..

    ReplyDelete
  9. අයිඩියාවනම් පංකාදුයි !!

    ඒත් වරදක් කලත් හිතකින් නෙවෙයිනම් ?

    ReplyDelete
  10. මනුස්සයෙක් කරපු වැරැද්දක් ගැන හිත හිත ජීවිතකාලෙම විදවනවට වඩා.. ඒ මනුස්සය ඒ වැරැද්ද වෙනුවෙන් මොනවාමහරි කරලා මොහොතකට හිනාවෙන්න පුලුවන්නම්... ඒක වටිනව කියල මටනම් හිතෙන්නෙ....අංගුලිමාල රහත් වුනානම්..වැරැද්දක් පේන්න නෑ...

    ReplyDelete