"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, February 19, 2011

හිතෙන්නෙ නෑ... හිතෙන්නෙ නෑ... හිතෙන්නෙ නෑ....


පොතක් අතින් අල්ලන්න හිතෙන්නෙ නෑ....
කතා කරන්න හිතෙන්නෙ නෑ...
කන්න හිතෙන්නෙ නෑ...
නිදා ගන්න හිතෙන්නෙ නෑ...
ගෙදරින් එල්යට බහින්න හිතෙන්නෙ නෑ...
ලෙක්චර්ස් වලට යන්න හිතෙන්නෙ නෑ...
යාලුවො එක්ක කතා කරන්න හිතෙන්නෙ නෑ...
අඩන්න හිතෙන්නෙ නෑ...
දුක ගැන හිතන්න හිතෙන්නෙ නෑ...
අඩු ගානෙ ජීවත් වෙන්නවත් හිතෙන්නෙ නෑ...
අනේ මට මොකද දෙයියනේ වෙලා තියෙන්නෙ???????
ඒ මොකද්ද කියල වත් මට හිතෙන්නේ නෑ...

11 comments:

  1. ඔය සියලුම රෝග ලක්ෂණ මටත් තියෙනවා.. ඒවයින් දෙකක් හැර..

    ජීවත් වෙන්නවත් හිතෙන්නෙ නැති අවුල ‍ඊයේ පෙරේදා නැති වෙලා ගියා.. දැන් මට ජීවත් වෙන්න ඕනි.. හිහ් හී

    ලෙක්චර්ස් යන්නත් ඕනි මොනවා නැතත්... ඒක තරම් දෙයක් තවත් නෑ..

    ReplyDelete
  2. මටනම් ඕවායින් බොහොම ටිකයි තියෙන්නේ
    1)පොතක් අතින් අල්ලන්න හිතෙන්නෙ නෑ
    2)අඩන්න හිතෙන්නෙ නෑ
    3)දුක ගැන හිතන්න හිතෙන්නෙ නෑ

    හ්ම්ම්ම් එච්චරයි :)

    ReplyDelete
  3. අනේ මංදා........ පොතක් නම් අල්ලපු කාලයක් මතක නැ.

    ReplyDelete
  4. පොත් කියන්නේ මක්කා??

    ReplyDelete
  5. භයානක ලෙඩක් වගේ . . මට නම් හිතෙන්නේ හිතෙන විදියේ අවුලක් කියලා

    ReplyDelete
  6. මට නම් වැඩට යන්න හිතෙන් නෑ.....

    ReplyDelete
  7. අම්මෝ... සෑහෙන්න භයානක ලෙඩක්නෙ ඔබතුමීට හැදිලා තියෙන්නේ. ඉක්මනට හොඳ කරගන්න වෙයි. නැත්නම් හුස්ම ගන්න හිතෙන එකකුත් නැහැ... :D

    ReplyDelete
  8. අකුරු 4රේ ලෙඩේවත් ?

    ReplyDelete
  9. අප්පටසිරි, මාරම අවුලක් නෙඑව. :(
    ඉතින් මොකද කරන්න හිතාන ඉන්නෙ?

    (ඒක නෙමෙයි, මේ ෆොටෝ එක හොයාගත්තෙ කොහෙන්ද? !!! )

    ReplyDelete
  10. අනේ මටත් ඕකමනෙ වෙලා තියෙන්නෙ :(

    ReplyDelete
  11. ජීවත් වෙන්නවත් හිතෙන්නෙ නෑ..
    මෙහෙම කියන්න එපෝ.......
    අමාරු කාලයන් ඉවසිල්ලෙන් ගත කරන්න වෙනවා

    ReplyDelete