"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~
Showing posts with label සිත රැදි ගීත. Show all posts
Showing posts with label සිත රැදි ගීත. Show all posts

Sunday, February 20, 2011

ප්‍රේමය පුදදී අවසානයි..........

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න

ප්‍රේමය පුදදී අවසානයි....

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න


man nemei nago oka karana palaweni eka
man karapu ekama & lokuma waradda oka
aththatama mata pissu
bt nawaththanna baha
sorry.com
sorryToMe.com
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"මුහුණු පොතේ මං එක දෙයකට අපේ අයියා කෙනෙක්ට බැන බැන හිට්යෙ.. මේ එයාගෙන් මට රිප්ලයි එක විදියට ආපු එක. ඒ එක්කම එවපු සිංදුව... මෙතන වැරදි කවුද කියලා මට තේරෙන්නෙ නෑ.."


Sunday, July 25, 2010

අම්මා!!!!

සිහින් සරින් මුව සරසා..
බිගු නැලවිලි ගී අම්මා...
සෙත් පිරිතකි දිවි කතරේ..
සරතැස නිවනා අම්මා..

සෙත් පිරිතකි දිවි කතරේ..
සරතැස නිවනා අම්මා...

අයන්න කියවා මගේ...
ලොව සුරගුර වූ අම්මා...
බලන්න හෙට රජෙකු විලස...
සිහින සිය දහක් මැවූ අම්මා...

වදින්න වෙහෙරට ගෙන ගොස්...
බුදු බණ හුරු කරවූ අම්මා..
ගුණ නැණ මල් පිබිදෙන යුරු...
දැක දැක තුටු වූ අම්මා...

ගුණ නැණ මල් පිබිදෙන යුරු...
දැක දැක තුටු වූ අම්මා..


කියන්න මා ලබනා ජය...
නෙත් අබියස නැහැ අම්මා...
මුලින්ම සසරෙත් උණුහුම...
සෙනෙහස බිහිවනු මට අම්මා...

Sunday, July 18, 2010

රාත්‍රිය වී....


රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනෙ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමිසදුනේ. . . .
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

...
පතා පැමිණි සුරපුරවර
වෙලා ගැනුනි ගණ කලුවර
දෑස පුරා දුටු සිනා කවට කෙලි
කදුලු කතාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර


කලා සොළස පිරි පුර හද
අතැර ගොසිනි සිය පිය බද
පියා දෙඩු මෘදු වදන් අසන්නට
බලා හිදි සිත පිලිසිද
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර


රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්. . . .

ගගක් සේ ඔබ.....


ගගක් සේ ඔබ ගලා එයි නම්
මුවදොරක් වී ඔබව හමු වන්නම්
මලක් සේ ඔබ පෙතිසලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්...

පලා පැහැයෙන් දිදුල කදු වලියේ
අතුල පිනි මතුවේ
සදක් සේ මා ඔබට දැල් වෙන්නම්
ඔබේ කදුලැලි සෙමෙන් පිස ලන්නම්

දෑස රවටන මිරිගු දිය තලයේ
වැටෙන උණු කදුලේ
අරුත වී මා ඔබේ ලග ඉන්නම්
මිරිගු දිය මැද කෙම් බිමක් වෙන්නම්


ගගක් සේ ඔබ ගලා එයි නම්. . . .
මුවදොරක් වී ඔබව හමු වන්නම්. . . .

Saturday, June 12, 2010

සිත ඔබ පාමුල...

සිත ඔබ පාමුල රදවා...
බිදි සෙනෙහස ගිනි උහුලා....
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්...
ඔබට සෝතැවුල් නොම වේවා.....

අසුරැ සැනක් වූ රැසිරැ අතීතය,
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ.....

සදා රැදේවා.... ඔබේ ලොවේ...

ඔබට පිදුම් වූ සිතක විරාගය.....
කැටපත් පවුරක ගීයක් සේ......
සදා රැදේවා.... ඔබේ හදේ....!!

මගේ සද ඔබ....

මගේ සද ඔබ - මගේ සද ඔබ...

එදා සද නොව - මෙදා සද ඔබ...



එදා මට ඔබ සරා සද විය...


කවි ඇසින් දුටු සොදුරු පියකරු...


අදුරු හද ගැබ එකලු කරමින්...


උදාවිය ගිරි ශිඛර සිරසේ...




මගේ සද ඔබ....




මෙදා ඔබ මට සැබෑ සදමය...

විදු ඇසින් දුටු ලොවය විසකුරු...


ප්‍රණයෙන් තොර වියලි සද සේ...


ඔබද මා අසල ගැවසේ...


මගේ සද ඔබ...


*** නන්දා මාලනීය කියන්නේ මම කවදත් ආස සින්දු කියන කෙනෙක්... හිතට වැදුන සින්දු ටිකක් තියන්ව. හෙමීට අනිත් ඒවත් දානන්නන්.. හිච්චිහාමි අයියා මේක ගැන හොද අදහස් දැක්වීමක් කරයි කියල බලාපොරොත්තු වෙනව.. :) :) ***

Thursday, May 20, 2010

අහන් ඉන්න.....


අහන් ඉන්න
අහගෙන ඉන්න
මගෙ හිත මොනවද
මුමුණනවා.....

යාය පුර නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා

අහන් ඉන්න.....

සිලිසලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයී..

අහන් ඉන්න....



(ලස්සන සින්දුවක් කියන්නෙ කවුද, ලියුවෙ කවුඩ කියල නම් හොයා ගන්න බෑරි උනා)