"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, February 27, 2011

අහන් ඉන්න!!!

අහන් ඉන්න...
ඇහෙනවද??
මගේ හිත...
මං දන්නවා...
ඔයාට ඇහෙනවා..
ඇස් අරින්න..
බලන්න...
මේ හීනයක් නෙවී..
ඇත්තම ඇත්ත..
හැන්ගුනා මං..
ගොඩාක්..
ආයි යන්නෙ නෑ..
පුලුවන් තරන්..
ලගම ඉන්නවා...
ඔයයි මායි...
බොරුවක් උන,
ආදරේ මැද..
හිර උනා ගොඩක්...
මං හිතන්නෙ,
ආයි යන්න,
බැරි තරමට...

Friday, February 25, 2011

අකීකරු සිත

අතැගිලි බන්දා
සිටි ඒ හෝරා
සිත ඉල්ලනවා
නුඹව පතා...

Monday, February 21, 2011

මනුස්සකම???

ඔයා කියුවා, 
මනුස්සයෙක් මැරෙන්න වැටිලා 
පාරෙ පණ ඇද ඇද ඉන්නව නං 
ඔයා බිම බලාගෙන 
ඒ මනුස්සයව මගෑරලා 
යන්නෙ නෑ කියලා.
 ඒත් ඒ මනුස්සයට 
මැරෙන්න වැටෙනකන් 
ගැහුවෙ ඔයා නං, 
දැන් ආපු මනුස්සකමට 
වටිනාකමක් තියනවද???

දවල් දුටු සිහිනය!!!!!

ගෙදර ඉස්සරහාම  ලොකු සුදු කොඩියක්... ඇයි මේ???  අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බොලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති රත්ගමයත් ඇවිත් ගාලු සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.


ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. අක්කි?? අක්කිත් ඇවිත්, මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??


හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. චූටි කෙල්ල ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා. 


ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..ප්‍රීති විරාජ් ගෙ මං ආසම කරන "අලි ඇත්තු" චිට්‍ර ටිකත් ගලවලා. ගෙදර දානෙකටවත් ඒවා ගලවන්න දුන්නෙ නෑ මං. හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්ම අඩන්නෙ?? අක්කා, අක්කි, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් මල් ශාලාවෙන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෛයනෙ අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ?




ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. අයියා, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ. 
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ. 


ලස්සන සාරියක් ඇදන් එතන ඉන්නෙ මම නේද?????


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේක කියවන අය  මට බනින්න එපා. එච්චරයි ඉල්ලන්නෙ...නිකන්ම නිකන් ලියුව විතරයි.

Sunday, February 20, 2011

අවාසනාවට ඇත්ත කතාවක්!!!!

හිකිස්... හොද යාලුවො නං හොරාට තියා ගනියව්!!!
අනිත් උන්ට ඉරිසියා හිතෙන තරන් හොද යාල්ලුවො නං හංගලාම තියා
ගනියව්...
නැත්තං ඉරිසියාවෙ අවසානය උදුරා ගැනීමයි...
යාලුවො නැති කර ගෙන පොල් බූරුවෙක් වෙන්න වෙන්න එපා...
මතක තියා ගන්න...
අමතක වෙනවා නං කොලේක ලියලා තිය ගන්න...
(සත්‍ය සිදුවීමක් ඇසුරින්!!)

ප්‍රේමය පුදදී අවසානයි..........

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න

ප්‍රේමය පුදදී අවසානයි....

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න


man nemei nago oka karana palaweni eka
man karapu ekama & lokuma waradda oka
aththatama mata pissu
bt nawaththanna baha
sorry.com
sorryToMe.com
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"මුහුණු පොතේ මං එක දෙයකට අපේ අයියා කෙනෙක්ට බැන බැන හිට්යෙ.. මේ එයාගෙන් මට රිප්ලයි එක විදියට ආපු එක. ඒ එක්කම එවපු සිංදුව... මෙතන වැරදි කවුද කියලා මට තේරෙන්නෙ නෑ.."


Saturday, February 19, 2011

හිතෙන්නෙ නෑ... හිතෙන්නෙ නෑ... හිතෙන්නෙ නෑ....


පොතක් අතින් අල්ලන්න හිතෙන්නෙ නෑ....
කතා කරන්න හිතෙන්නෙ නෑ...
කන්න හිතෙන්නෙ නෑ...
නිදා ගන්න හිතෙන්නෙ නෑ...
ගෙදරින් එල්යට බහින්න හිතෙන්නෙ නෑ...
ලෙක්චර්ස් වලට යන්න හිතෙන්නෙ නෑ...
යාලුවො එක්ක කතා කරන්න හිතෙන්නෙ නෑ...
අඩන්න හිතෙන්නෙ නෑ...
දුක ගැන හිතන්න හිතෙන්නෙ නෑ...
අඩු ගානෙ ජීවත් වෙන්නවත් හිතෙන්නෙ නෑ...
අනේ මට මොකද දෙයියනේ වෙලා තියෙන්නෙ???????
ඒ මොකද්ද කියල වත් මට හිතෙන්නේ නෑ...

Friday, February 18, 2011

කවියක් නොවූ කතාවක්!!!!!!!

මතකයන් අතරින්
අතීතයට පිය මන්න විට
දැක්කා මං ලස්සනම ලස්සන 
අහිංසක බැදීමක්
නමක් නැති බැදීමක්
තමන්ව අදුර ගන්න උත්සාහ කරන
තමන් පිස්සෙක් කියලා හිතන
අහිංසක දඩබ්බර 
බොරුකාර කොල්ලෙක්
ප්‍රශ්න ගොඩක් මැද හිර වෙලා ඉන්න
හැම ප්‍රශ්නෙකටම විසදුම 
කදුලෙන් හොයන්න යන 
නපුරු කෙල්ලෙක්
ගොඩාක් දිග කතාවක
පුංචිම පුංචි හමු විමක්
හමු නොවිය යුතු 
දෙදෙනෙක් ගේ හමු වීමක්
අහිංසක ලෝක වෙනස් වෙනවා
කිසිම කෙල්ලෙක්ව විස්වාස නොකරන කොල්ලා
අර නපුරු කෙල්ලට විතරක් ඇත්ත කියනවා
හේතුව දෙන්නම දන්නෙ නෑ
අඩන්න දුක කියන්න
ජීවිතේ තේරුන් ගන්න 
දෙන්නට දෙන්නා නැතුව බැරි වෙනවා
නපුරු කෙල්ල ඉස්සර වගේම
ජීවත් වෙන්න හදනවා
ඒත් අර අහිංසක කොල්ලට ඕන උනේ
ඒ කෙල්ල එයාගෙම 
ජිවිතේ කොටසක් වෙන්න
හේතුවක්,ලෝබ කමක් නිසා නෙවි
ඒත් ඒක වෙනවට ආස උනා
නපුරු කෙල්ලත් ඒක බලාපොරොත්තු උනා
දෙන්නම ඇයි කියන්න දැනගෙන හිට්යෙ නෑ
හැම දේම වෙනස් වෙන්න ගත්තා
අහිංසක කොල්ලා විනාස වෙන්න ගත්තා
ඒ කොල්ලව ළමයෙක් වගේ හදපු කෙල්ලට
අන්තිමේදි විනාසෙ නවත්තන්න තිබුනේ
එක විදියයි
අර කොල්ලව අතෑරලා යන එක
අතෑරියා,හැම සම්බන්දයක්ම එයා
ඒත් හදවතින් නෙවී,
ඈතට ගියා හොයා ගන්න 
බැරි තරම් දුරකට
කොල්ලා දුක් විදිනවා බල බල 
අර නපුරි එක වචනයක් වත් කියුවෙ නෑ
දුරින් ඉදන් විදෙව්වා
අදටත් විදවනවා
අහිංසක කොල්ලත් තාම විදවනවා
අවුරුදු 2කකට පස්සෙ
අර නපුරු කෙල්ලගෙ උපන්දිනේ දවසෙ
දකිනවා අර අහිංසකයාව
තමන්ගෙ ඇස් ඉස්සරහාම
මොනවා කරනන්ද දෙයියනේ
අර නපුරි හැමදාම වගේ පැනලා යනවා
විහාරමහාදේවි එක යට වෙනකන් කදුලු
හලන්න පුල්ලුවන් උනත්
ඒ නපුරු කෙල්ල හැමොටම පේන්න 
හිනා වෙලා එතනින් යන්න යනවා
අහිංසක කොල්ලා හැමදේම හිතෙ තද කරන් විදවනවා
ගල් හිත දිය වෙනවා
නපුරිට ඉන්නම බැරි වෙනවා
අර අහිංසකයට කතා කරනවා
හ්ම්ම්ම්ම්ම්... 
මෙතනින් එහාට අර අහිංසකයා 
ආයි අවුල් උනොත් නපුරු කෙල්ල
මොනවා කියලා කරන්නද???
සාප කරන්න එපා පුංචි කාලයක් නෙවී
මහා ගොඩක් කාලයක් බලං හිටියා
හිර කරන් ඉන්න තවත් හිතේ ඉඩ නෑ..
සමා වෙන්න!!!!!

Friday, February 11, 2011

එයත් මාව දාලා යන්නම යනවා!!!! :'(

ඔන්න ඉතින් අද මං තව දෙයක අතාරින්න ලෙස්ති වෙනවා. හ්ම්ම්ම්... ඔව් තව එක දෙයක්, දැන් කට්ටිය දන්නව නේ, හැමදාම වගෙ මං හොදටම අඩලා පෝස්ට් එකක් දාන්නයි යන්නෙ. සමා වෙන්න. මේක මට ලියන්නම ඕන. පුදුම දුකක් ඒක. මෙච්චර කල් මාත් එක්කම හිටපු කෙනා.. අද අන්තිම දවස.. ඔව් මට අතාරින්නම වෙනවා එයාව. මං අතෑරියෙ නැතත් එයා මාව අතෑරලා යයි. මං ඒක දන්නවා. 


ඔව් එයා යනවා. ඒත් කවුද මේ එයා??? හ්ම්ම්ම්ම්... අපි හැම කෙනෙක්ගෙම ජීවිත වලට ආපු කෙනෙක්, සමහර අයගෙ ජීවිත වල තාමත් ඉන්න කෙනෙක්. එයා ජිවිතේ ඉන්නව කියන්නෙ ඒ කාලෙ තමයි මං හිතන විදියට ජීවිතේ හොදම කාලෙ. එයා අපිට දුක දෙනවා,සතුට දෙනවා.. එයා නිසා අපිට ගොඩක් දේවල් නිකන්ම ලැබෙනවා. ඒත් එයා අපිව දාලා ගිය දවසට අපිට ගොඩක් වරප්‍රසාද නැති වෙනවා. ඔව්. හෙට,ඒ කියන්නෙ අද රෑට එයා මාව දාලා ආයිමත් නොඑන්නම යනවා..


මට ඔයා නැතුව ගොඩාක් පාලු වෙයි.මොකද ඔයා ගියාට පස්සෙ මගේ ජිවිතෙට එන කෙනා මගේ ජීවිතේ ටිකෙන් ටික සංකීරන කරයි.මංදුක් වෙයි,අඩයි ඔයා හිටියා නං හොදයි කියලා හිතයි.එත් ඔයා මගේ ජිව්තෙ ඉන්න කාලෙ මට ලැබුන අත්දැකීම් මාව සතුටින් ජීවත් කරයි. ඔව් මං දන්නවා. ඔයා මගෙ ජීවිතෙ හිටපු කාලෙ තමයි මං ගොඩක්ම දුක් විදපු කාලෙ.ඒත් ඒ ලැබුන අත්දැකීම් මාව හෙටින් පස්සෙ  ලැබෙන ජීවිතේට අපූරුවට හුරු කලා. ඔව්,ඔයා මාව මේ සමාජෙට හුරු කලා.


හෙටින් පස්සෙ ඔයා නෑ. ඒ මතකයන් විතරයි.හ්ම්ම්ම්ම්... අඩන්න බෑ.. මං සතුටු වෙනවා. මං ජීවිතේ කියන තරගෙ තව ලෙවල් එකක් පාස් උනා. ඔව්, ඔයාව දාල යන එක දුකක්.එත් මං ඉස්සරහට ගිහින් ඔයාගෙ මතකයන්ට පිං දෙයි.කවදම හරි. 


හ්ම්ම්ම්ම්... ගොඩක් ඩ්හේවල් ලියුවා.මෙ හැම දෙම ඔයා වෙනුවෙන්මයි. මට ඔයාව අමතක වෙන්නෙ නෑ කවදාවත්.සත්තයි.පොරොන්දු වෙනවා මං ඒක. ඔයා දනන්වා,මට අමතක කරන්නත් බෑ කියලා. මෙච්චර කල් මං ඔයාට කියපු නැති දෙයක් මං අද කියන්වා. මං ඔයාට ගොඩක් ආදරෙයි.


හැමොටම දැන් ප්‍රශ්නෙ මෙයා කවුද කියලා නේද??වෙන කවුරුත් නෙවී අනේ...ඒ මගේ ටීනේජ් එක.. හිහ් හිහ් හිහ්...  අද රෑ 12ට එයා මාව දාලා යනවා. හෙට ඉදන් මට 20යි.. :) :) :) :) :)  හෙටින් පස්සෙ මං ලොකු ළමයෙක්... :) :)

Thursday, February 10, 2011

මට සමා වෙන්න!!!!!!

අතීතයෙ ලග උන්න
ඒ දෙනෙත් දැක ගන්න 
දින ගමිනි මම 
මතක පිටු අතර මැද..

දෙවසරක අතීතය
ගලා යන ජීවිතය
සියලු දෙය අතීතෙට 
එක් කලා..


මා නුබෙන් ලැබු සෙනෙහෙ
මහමෙරක  වූ මිතුදම
සෙනෙහෙ සිත් රැකවරනේ
අනෙ අද  මවෙත තිබුනා නම්..


කවදාම හරි ඔයා ආයිමත් එයි. මං බලාගෙන ඉන්නව දරුවෝ... අවුරුදු 2ක් පොඩි කාලයක් නෙවී. මං බලාගෙන ඉන්නවා.. හැම විශේශ දේකදිම මතක් වෙන එ දවස්... හ්ම්ම්ම්ම්... මට සමා වෙන්න. දැන් ඔයා ජීවිතේ  හදාගෙන ගොඩක් දුර ගිහින් මං හිතන්නෙ. මං ඈත් උනා. ඔයා වෙනුවෙන්මයි. නමක් නැති බැදීමක් තාමත් ඒ වගේම තියනවා මගේ හිතේ. ඉස්සරම ඇනෝ කෙනෙක් විදියට හරි ඔයා බ්ලොග් එකේ කමෙන්ට් දැම්මා. එක පාරක් ඇවිත් යන්න. එකම එක පාරක්. මං බලාගෙන ඉන්නවා.

Wednesday, February 9, 2011

පැල් කවිය!!!!

සද අහසට කදුලු දෙන්න
අඩන නෙතට සිසිල දෙන්න
මගේ ලෝකයෙ එලිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

ජීවිතයේ දුක බෙදන්න
දුක අතරින් සිනාසෙන්න
මගෙ ලෝකයේ එළිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

බ්ලොග් පිටුවේ කොටා යන්න
හිතේ සතුට ලියා යන්න
මගෙ ලෝකය එලිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

ඔන්න මගේ මුල්ම පැල් කවිය අද දොරට වැඩියා හොදේ...හිකිස්. විශේශ ස්තුතිය මාව අනුභව කල මාගේ සහෝදරියට සහ මවට. ඔබ දෙපලගේ මහත් වූ උත්සාහයේ ප්‍රත්පලයක් ලෙස අද මා  මෙසේ පැල් කවියක් ලියූ වගයි.  අවුරුදු 19යි..  බත් කාඩ් එකත් කපලා. ඒත් බෑ ලු. මොකෙක් ගෙ හරි මැක්කෙක් ගෙ කරේ එල්ලන්න හදවා මාව. අලි චෝයි අලේ අපේ කස්ටිය.

Tuesday, February 8, 2011

ආවා ආවා කෝල් එකක් ආවා!!!

හුරේ... 
ඔන්න අද නං මං ගොඩාක් සතුටින්.. 
මට අද එකපාරටම කෝල් එකක් ආවා..
කියමුකො බලන්න කාගෙන්ද කියලා??? 
හිහ් හිහ්.. පුලුවන් නං කියන්න බලන්න??? 
ම්ම්ම්ම්... "පිස්සා අයියගෙන්"  
හරියටම හරි... 
ලංකාවට ඇවිත් මුලින්ම, 
සයිබරයේ යාලුවොන්ගෙන්,
 කතා කරෙ මට ලූ.. 
ගොඩාක් සතුටුයි මට. :) :) :)  
මට චොකෝ ගොඩක් ගෙනාව ලු...
(ගෙනාවෙ නැතත් මට කොහෙන් හරි ගෙනත් ඕන). 
රත්ගම්යා මේක දැකලු ගමන්, 
ඉරිසියාවෙ පැලෙන්න ගන්නව බොල. 
මෙ තරන් පොඩි පෝස්ට් එකක් දාන්නෙ, 
සුදු අයියේ උඹ වෙනුවෙන්මයි... 
පිස්සා අයියා මුලින්ම කෝල් කරේ මට, 
උඹට නෙවි... 
මට තියන ලොකුම සතුට ඔන්න ඕකයි...

Monday, February 7, 2011

අඩන්න ඉඩ දෙන්න!!!!

මගේ වටේ ගොඩක් අය ඉන්නව. 
ඒත් මට පාලුයි.අනේ මට ගොඩක් පාලුයි. 
බ්ලොග් එක ජීවිතෙ වෙලා.
මට දුක කියන්න තියන එකම තැන බ්ලොග් එක වෙලා.  
වෙන කවුරුත්ම නෑ. 
ඉස්සර මට හිටපු යාලුවො කවුරුත් දැන් නෑ. 
මාත් එක්කම හිටපු මගේ මෝඩ ජෝඩුව දැන් නෑ.
අනේ ඒ පරන යාලු කම ආයිමත් මට ඕන දෙයියනේ. 
අඩන්නෙ නෑ කියලා කියන්නෙ ලොකු කමට නෙවී, 
මගේම හිත හදා ගන්න ඕන නිසා. 
අකුරු 4 යාලුකම් ස්තිර නෑ,
මං ඒක තේරුන් ගන්නකොට ගොඩක් පරක්කු වෙලා.
මට දුකයි,ගොඩක්.
මාත් එක්කම හිටපු අය වෙන අයගෙ කතා අහලා,
මගෙ  ඈත් වෙනකොට, 
මං එයාලා වෙනුවෙන් කරපු හැම දේම අමතක කරනකට, 
මං නිකන්ම නිකන් බලන් හිටියා විතරයි. 
අදටත් කිසිම චෝදනාවක් කරේ නෑ මං කාටවත්. 
මං අඩනවා. 
රත්ගමයෝ ඇවිත් ආයිමත් මට වැලපෙන කුමාරි කියන්න නං එපා.  
මං අඩනවා අද,ඇත්තටම අඩනවා.
(මේකෙ ලියලා තියන දෙවල් ගැන කට්ටිය මට බනින්න එපා.නිකන් ලියන්නං වාලෙ කියනවා කියලා. මට දුකයි.ගොඩක් පාලුයි.)

Sunday, February 6, 2011

ජීවිතය ඇතුලෙ ඔයයි මමයි!!!!!

මේක නිකමට ඉන්න ගමන් හිතුන දෙයක්. අනේ මංදා. මටහිතෙන විකාර වලින් තව එකක් විතරයි මේ. මගේ යාලුවෙක් මාත් එක්ක කියපු දේවල් එක්ක මං හිතාගෙන ගියා. එතකොට හිතුන. ඉතින් ලියන්න ගත්තා.මං ගැන පම්පෝරියක් නෙවී. හිතට දැනුන ඇත්ත. මට වැරදුන තැන්. මං හදා ගත්ත තැන්. මං ගැන මට දැනෙන දේ. 

 ඔයාගෙ ජීවිතේ ට මං මහා විරයෙක් උනා. ඒක ඔයා කියුවා. ඇයි එහෙම උනෙ කියලා ඇහුවම කියුවෙ. මං වැරදුන දේවල් ගැන දුක් වෙන්නෙ නෑ ලු. හ්ම්ම්ම්ම්. ඔව්. මං දුක් වෙන්නෙ නෑ. දුක් උනත් එතන හිර වෙන්නෙ නෑ. 

ඔයා හිතන් හිට්යට මං මහා ලොකු කෙනෙක් කියලා. එක එහෙම නෑ. ඔයයි මමයි 2න්නම මේ ජීවිතේ කියන ස්කෝලෙ එකම පන්තියෙ ඉන්න 2න්නෙක් විතරයි. වෙනසකට තියෙන්නෙ මං මේ ජීවිතේ  විභාග වලට බය නෑ. ඔයා ජීවිතේ ගැන අහපු ගමන් බය වෙනවා. 

ජීවිතේට අපි හැමදාම බයයි. හැමදාම වරදියි කියලා බයයි. අලුත් දේවල් කරන්න බයයි. අලුත් විදියට හිතන්න බයයි. අපි මේ ස්කෝලෙ ඇතුලෙ බය නැත්තෙ මොනාටද?? එක දෙයක් වත් නෑ නේද??? හ්ම්ම්ම්ම්....

ම්ටත් ජීවිතේ වැරදුන තැන් ඕන තරම් තියන්වා. ලොකුම තැන උසස් පෙළ. ඔයාටයි මටයි 2න්නමට එකම ප්‍රතිපල එක විශයක් ෆේල්, වෙනසකට තියෙන්නෙ ඔයා කොමර්ස්, මං බයෝ.හ්ම්ම්ම්ම්. 

මං දුක් උනා. ඇඩුව.එත් හිතුවා ආයි කවදාවත් වරද්ද ගන්නෙ නෑ. මං ඉස්සරහට යන්වා කියලා. ඒත් ඔයා??? තාම අඩනවා,  වැරදුන තැන හදා ගනන්ව කියනවා, ඒත් තාම පාරක් හිතලා වත් නෑ. වෙනස එතනයි. 

මට වැරදුන තරන් තාම ඔයාට වැරදිලා නෑ. ඔයාට මට තරන් තාම ජීවිතේ දැනෙන්නෙ නෑ. මං අඩනවා ඒත් දිනන්න ඕන කියලා හිත හදා ගන්නව. ඔයාට තාමත් එක දැන්නෙ නෑ. මට වැරදුන තැන ඒ තරන්ම දරුනු විදියට ඔයාටත් ජීවිතෙ වැරදුනා නං අද ඔයා මටත් වඩා ඉස්සරහින් ඉන්නව. මට විස්වාසයි.

මං මහ ලොකු කෙනෙක් නෙවෙයි. ඒත් මං අද දිනලා. මගෙ ආවුරුදු 19ට මං දිනලා. එදා මාව වට්ටලා මට හිනා උන අය අද මං ගැන ආඩම්බර වෙනවා. මං එයාලගෙ බාදක පහු කරන් ගියා කියලා.හිත හදාගෙන ඉස්සරහට ගියා කියලා. උසස් පෙළ මාව මෙතන්ට ගෙනාව. 

මං ෆේල් උනා නිකන්ම නිකන් කොලේකට උත්තර ලියා ගන්න බැරුව. ඒත් උසස් පෙළ නිසා මං ජීවිතේ දිනුවා.අද මං ජීවත් වෙනවා,උසස් පෙළ නිසා ඉගන ගත්ත ජීවිතෙ නිසා. හ්ම්ම්ම්ම්...  අඩ අඩ බ්ලොග් ලියපු මං අද ඒ කාලෙ ලැබුන දේ නිසා හිනා වෙනවා. 

මට හිනා වෙන්න උදවු කරපු හැමෝටම ම්ං ණයයි. ඒ ණය ගෙවන්න තියන එකම විදිය, මං ජීවිතේ දිනන්න ඕන. මං දිනනවා. අනිවාර්යෙන් දිනනවා. මගේ හිත ඇතුලෙ ඉන්න මටවත් දැන් මාව පරද්දන්න බෑ. හිත ආත්මාර්තකාමි වෙලා. ටිකක් නෙවෙයි මහ ගොඩක්. 

ඒත් මට දිනන්න ඒක ඕනම වෙයි. ඉස්සර ආත්මාර්තකාමි නැති කමෙන් මට නැති උන දෙවල් වැඩියි ඒත් මගේ වටේ හිටපු අය වැඩියි. අද මං ටිකක් විතර තනි වෙලා. එත් මං ජීවිතෙ ට බය නැතුව මූන දෙනවා.

කාලෙකින් හිතට මං ගැන හිතන්න වෙලාවක් ආවෙ. වෙලාවකට මගේ හිත පවු කියලත් හිතෙනව. එත් හිතන්න වෙලාව දුන්නොත් අනිත් දේවල් වලට වෙලාව මදි වෙයි. ඒක නිසා ටිකකාලෙකට
 ~~~~~~~~~~~~හිතට නිවාඩුයි~~~~~~~~~~~~~~

Saturday, February 5, 2011

50 සහ අතිතාවර්ජනය!!!

අද මගේ 50 වෙනි පෝස්ට් එක ලියන්නෙ. උදේම ඇවිත් බැලුවම තමයි දැක්කෙ. හ්ම්ම්ම්ම්... ගොඩක් කල් ගිහින්. බ්ලොග් ලියන්ව තියා අකුරු 10ක් ගලපල ලියා ගන්න බැරුව හිටපු මම මේ ලියනවා. කියවන අයත් ඉන්නව. හිතා ගන්නත් බෑ. 


කලු අයියේ උඹට ගොඩක් පිං බං. මාව මේකට ගෙනත් දැම්මට. තව ඩිලෝන් අයියා, ඔයාටත් ගොඩක් පිං. ඔයාලා දෙන්නයි මුල ඉදන්ම මට් අමේඅට උදවු කරේ.


මුලින්ම කියවපු බ්ලොග් එක අපේ දුකා අයියගෙ "කරදරකාර නංගො හෙවත් දෙවියන් දුන් තෑග්ග(මට මතක විදියට)" පෝස්ට් එක. ඔන්න ඕක කියෙව්වම තමයි බ්ලොග් කියල දෙයක් තියන්ව කියලා දැන ගත්තෙ. පස්සෙ ගොඩක් ඒවා කියෙව්වා. ඔහොම ඔහොම යනකොට මාත් බ්ලොග් එකක් හදා ගන්න ඕන කියලා උනක් ඔලුවට ආවා. ඔක්කොමට කියලා දුන්නෙ කලුව තමයි. හ්ම්ම්ම්ම්.. 


තාම හැම දේම වෙලා අවුරුද්දක් වත් නෑ. 125 දෙනෙක් මාව ෆලෝව් කරනවලු. බලපු වාර ගාන  1200 ට වැඩියි. මේ තරන් දේවල් ලැබෙයි කියලා හිත්න් නැතුව නික්මට වගෙ පටන් ගත්ත මෙ බ්ලොග් එකෙන් මං ජීවිතේට ගත්ත දේවල් ගොඩයි. අඩන්න හිතුනම, තනි උනාම කියන්න කෙනෙක් නැති උනාම, බ්ලොග් පෝස්ට් එකක් දාපු ගමන් අනේ මටත් හිත හදන්න මගෙ කියන්න අය ඉන්නව කියල තේරෙන්නෙ එතකොට. හ්ම්ම්ම්... 


තව කෙනෙක් ඉන්නව. රත්ගමය. මාත් එක්ක හැම වෙලේම රන්ඩු වෙන, දැක්ක තැන මඩ ගහන ඌ මගේ ජ්විතේ ගොඩක් තැන් ව්අලදි දුරින් ඉදන් මට උදවු කරපු එකෙක්. උඹට පිං අයියේ. අපි දෙන්න මරා ගත්තා විතරයි හැම තැනදිම. හැමෝම හිතුවෙ ඒක ඇත්තට කියලා. මට මඩ ගහන්න උනත් බලාගෙන ඉන්න එකම එකා රත්ගමයා විතරයි. ඒක හැමෝම දන්නව නෙව. ඒත් ඉතින් රත්ගමයෝ උඹ මට මේ සයිබර් ලෝකෙ ජීවිතේ කියලා දුන්න බොල. මං උඹට නයයි. (දැන් එන්න එපා නය ගෙවපං කියාගෙන හොදේ.) 


අනිත් කෙනා අපේ බනී මලයා. හිකිස්. දැක්ක තැන මට කැපිල්ලමයි, යන්වා කියුවම "ආ ඉතින් පලයන් මට මොකො" කියා ගත්ත ගමන්මයි. :( ඒත් ඉතින් හොද දරුව. සුරා සූදුවෙන් තොරයි. කුලයත් හොදයි. උසත් හොදයි. වයසත් හොදයි. කවුරු හරි ආච්චි කෙනෙක් මෙ දවස් වල මනමාලයෙක් එහෙම හොයනවා නං ඔන්න මේ බනී කොලුව ව අමතන්න හොදේ. හිහ් හිහ්... 


තවත් කෙනෙක් "ළමයා" හිත හොද  ඒ වගෙම මගෙන් උපදෙස් ගන්න හිටපු එකම කෙනා. මේ දවස් වල මොකක් හරි අවුලකින් මං හිතන්නෙ. ඒත් ඉතින් කියන්න එපයි මං දැන ගන්න. දැන් හැමෝගෙම මාත් එක්ක තිබුන බැදීම් අඩු වෙලා. ඇයි කියලා දන්නෙ නෑ. අනේ මංදා.  


බ්ලොග් ලියන්න ආවාම ,කවදාවත් කතා නොකලපු, දවස් 2,3 කට වඩා මුහුණු පොතෙ වත් හමු නොවුනු කෙනෙක් හිටියා. ඒත් අනෙ මංදා නික්මට වැඩිමල් කෙනෙක්ට "අයියා" කියන්වට වඩා ඒ කෙනාට ඇත්තටම හිතට දැනුන කමෙන් මට "අයියා" කියන්න පුලුවන් උනා. එ වෙන කවුරුත් නෙවි,  පළාමල්ලේ පිස්සා අයියා. හේතුව මං වත් දන්නෙ නෑ. පිස්සා අයියා වගේ අයියෙක් හිටිය නං කියලා හිතුන වෙලාවල් ඕන තරන් තිබුනා. හ්ම්ම්ම්ම්ම්..... 


ඔන්න ඔහොම යද්දි තව විශේශ කෙනෙක් තමයි "හා පැටික්කි" "අනේ නංගියේ බ්ලොග් ලියන එක නං නවත්තන්න එපා කොහොම හරි ලියන්න" කියල මං නවත්තන්න හදන හැම වෙලවකම අහම්බෙන් හරි ඇවිත් කියන්නෙ එයා. උඹටත් පිං අක්කෙ. 


තව ගොඩාක් අය. මගේ බ්ලොග් එකෙ අද වෙනකන් කමෙන්ට් කරපු අය 100කට වැඩි. ඒ හැම කෙනෙක්ම මට වටිනවා. කමෙන්ට් නොකර මං ලියන දේ කියවල ගිහිපු අය උනත් ගොඩයි. එයාලාගෙන් මට මුහුනු පොතේ මැසේජ් ආවා ගොඩක්. ඒ හැම කෙනෙක්ටම ගොඩක් පිං.


තව අභීත අයියා, අනුරාධ අයියා, ජේ.ඩී.හිස් අහස, ඔයාලාඅදුරගත්ත දවසේ ඉදන්, එදා ඉදන් අද වෙනකන් හැමදාම මට කරපු උදවු මට මතකයි.අද මගේ 50 ව්එනි  පෝස්ට් එක. හිතා ගන්නත් බෑ. ජීවිතෙ මං මේ තරන් දෙයක් බලාපොරොත්තු උන කෙනෙක් නෙවී. 


ලියන්න ආවෙ "ජීවිතය ඇතුලෙ උඹයි, මමයි" කියලා පෝස්ට් එකක්. ඒත් එතකොට තමයි අද මට විශේශ දවසක් කියලා දැක්කෙ.හැම කෙනෙක්වම ලින්ක් කරන්න බැරි උන එක ගැන සමා වෙන්න.  අන්තිමටත් කියන්න තියෙන්නෙ මං වෙනුවෙන් හැම දේම කරපු,මට උදවු කරපු හැම කෙනෙක්ටම පිං. ගොඩාක් ස්තූතියි!!!!!! 

ආයිමත් මං!!!!!

හ්ම්ම්ම්ම්... බ්ලොග් සතියට ලියාගෙන ලියාගෙන ගියත් හරි පස්සෙම ලියුවෙ නෑ. මං ගම රට බලලා යන්න ආවා නෙව. ඒක නෙ උනේ. ඔන්න දැනුත් මේ වෙලාවෙත් මං ඉන්නෙ මගෙ ගම් පලාතෙ. හ්ම්ම්ම්ම්ම්.. අමතක කරනන් හදන අතීතේට රිංගගෙන අමාරුවෙන් ආයිමත් දුක ජීවිතේට ලං අර ගන්නවා වගේ වැඩක් කරන්න හදන්නෙ. මෙහෙ නෑවිත් ඉන්නයි මට තිබුනේ.
ඒත් දෙයියනේ බෝනික්කෙක් වගේ ඉන්න අර පුංචි කෙල්ලව කොහොම අමතක කරලා ඉන්නද????  හ්ම්ම්ම්ම්ම්... ඔන්න ගෙඩහ්ර ඇවිත් උතුරු නැගෙන හිර යුද්දෙගේ එකක් මැද දවස් 2ක් ඉවර උනා. හිහ් හිහ්.. අද පුංච් කෙල්ලට මාස 5 පිරෙන දවස. හැම මාසෙම අයියලා දෙන දානෙටත් සහබාගි වෙලා, උසස් පෙල වෙනකන් මට හැම දේටම හිටපු මගේ ගුරුවරුන් ගේ ගෙවල් වලටත් ගියා.
 පුදුම දුකක් එන්නෙ. අපි ආයිමත් ස්කෝලෙ යන්නේ නෑ. දැන් ඒ තැන් වල ඉන්නෙ වෙන වෙන අය. ගුරු වරු උනත් මාරු වෙලා. අපේ කියන්න තියෙන්නෙ මතකයන් විතරයි.. මතකයන් එක්ක විතර ජීවත් වෙනවා කියන්නෙ වෙලාවකට ලොකු දුකක්...
ඔන්න අඩන්න ගත්තා. නෑ නෑ නැවැත්තුව. මං  ආයි වැලපෙන කුමාරි වෙන්නෙ නෑ... හිහ් හිහ්.. ඔන්න මෙ ආපු ගමනෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනේ ගන්න කියලා පවුලෙ හැමෝටම ඉලංදාරියා අයියා ගැන කියුවා. බලමු හෙට වෙනකොට ඒකටත් මොනවාම හරි දෙයක් ලැබෙයි.
දේශපාලන උණුසුම ලු මෙ දවස් වල. නිදහස් උත්සවේ ලු.. අනේ මංදා ඕවා.
ඔය හැම දේම මැද, මට ගොඩක් පාලුයි. මට මගෙ කියලා යාලුවෙක් ඉන්නවා නං හැම දේම කියන්න. ඉස්සර වගෙ. අනේ මට පරන යාලුවො හොයලා දෙන්න කවුරු හරි කෙනෙක්. මෙ කොලොම්පුරේ යාලු කම් හොයන්න යන්නේ නෑ මං නං ආයිමත්. ජීවිතේ මං දැන් බයම දේ ඒක.  හ්ම්ම්ම්ම්ම්... අකුරු 4 යාලුමක් අකුරු 4න් එලියෙදි නෑ  කියලා අනිත් අය මට තෙරුම් කරලා දුන්නා එයාලගෙම වැඩ වලින්. මොන දෙ උනත් මං තනියම ජිවත් වෙනවා. මට  පාලුයි, ඒත් ඉන්නවා.
පිස්සු වගේ මං කියන්නෙ මොනවද මං වත් දන්නෙ නෑ. කට්ටිය මේක කියවලා මට බනින්න එපා හොදේ. මං යනෝ... බායි,
බුදුසරණයි!!!! දිලුම් අයියට ඉක්මන් සුව!!