"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, December 26, 2010

නිවාඩුයියියියියියි!!!!




ඔන්න මාසෙකට පස්සෙ කට්ටියගෙ සැප දුක් හොයලා බලලා යන්න මං ආයිමත් ආවා... :) :) කට්ටියට කොහොමද?? හොදින් ද??? ආහ්?? කවුද මේ මට බන්න්නෙ?
මොකද්ද? ඇහුනේ නෑ? බොරු පොරොන්දු?
කවුද? මේ මම? ගෙට්ටුගෙදර් ආවෙ නෑ??
අහ්හ්.. මේ දැන් නේ මතක් උනේ. හරිම ආසාවෙන් හිටියෙ අපේ කට්ටියව බලා ගන්න ඒත් මොනවා කරන්නද. මාස 4කට පස්සෙ ගම රට බලා යන්න දා ගත්ත දවසෙ ම නේ ඒකත් තිබුනේ. ඉතින් කට්ටියම සමාව දෙනු මැනවි. විශේශයෙන්ම මං හැමදාම බොරු පොරොන්දු දෙන , ඒ වගේම ඒවට හැමදාම සමාව දෙන මගේ යාලුවා, "බනී" අනේ මේ සැරෙත් මට සමාව දෙන්න හොදේ???අපි ඉතින් යාලුවො නෙ මෙයා. :) :)

මේදවස් ටිකෙම කට්ටියගෙ බ්ලොග් කියෙව්වා විතරයි. පෝස්ට් එකක් වත් දාන්න වෙලාවක් නෑ.ඒත් මෙන්න එක පාරටම නිරහංකාරිට දවස් 5ක ලොකූ නිවාඩුවක් හම්බෙලා. කර ගන්න දෙයක් නෑ.

පලවෙන් දවසෙ අපාය වගේ තිබුන මගේ රාජ බවන අස් කරා. හොයා ගන්න බැරුව තිබුන ඒවා ගොඩක් හම්බුනා ඒක නිසා.කම්මැලි කමේ ඉන්නකොට අකුරු හතරෙ එකට ඉගන ගන්න යාලුවෙක් මතක් වෙලා "අනේ මතන් කම්මැලි" කියපු ගමන් ඒ මතන් අපේ ගෙදර් ආවා. ඉතින් කියව කියව දවස ගෙවා ගත්තා. දෙවෙනි දවසට ප්ලෑන් එකක් එක්කම එදා ඉවර උනා.

ඔන්න දැන් දෙවෙනි දවස, උදේ පාන්දර 9ට විතර ගෙදරින් එලියට බැස්සා මගෙ මතන් එක්ක,තව මතන් ලා 2න්නෙක් මගට එනවා කියුවා. හිහ් හිහ්. ප්ලෑන් එකක් ගැන කියුවට ප්ලෑන් එක මොකද්ද කියුවෙ නෑ නේ?

ඔන්න ඉතින් මායි මගේ මතනුයි 9.30 වෙනකොට කොලොම්පුරේ. අර එනවා කියපු අනිත් මතන් ලා දෙන්නා ටිකාක් විතර පරක්කු උනා කියාගෙන පැය් 3ක් විතර පරක්කු වෙලා තමා හරියට තැනට ආවෙ. ඔන්න 4 දෙනා එක්ක යනවාආ දැන් හිම හොයාගෙන. කෝ හිම?? හැටන් නැශනල් බැංකුව පහු කරගෙන ටික දුරක් ගියමා තවත් ටික දුරක් ගියාම තියන්වා කියලා තමා ගූගල් අයියා නම් කියුවෙ. ඒක නිසා පයින්ම හොයාගෙන ගියා. කකුල් 2ට වැද වැද යනකොට ඔන්න තියනවා හිම.හෝව් හෝව් හිම හොයන්න එපා මේ හිම තියන තැන ලගට විතරයි අනේ ආවෙ. අමතක උනා අනේ. අපි යන්න හදන්නේ අර හිම තියන තැන? ආන් එතන්ට ගිහින් එන්න. ඒත් ඉතින් හිම දකින්න අවසර හම්බුනේ නෑ ආපේ අම්මගෙන්. :( :(

කොහොමින් කොහොමින් හරි ලොව් බජට් ට්‍රිප් එකක් ගිහින් , බඩ පිරෙන්න කාලා, හිත පිරෙන්න සතුටෙන් මතන් ලා 4 දෙනා හවස් වෙනකොට මං මතන් ගෙ ගෙදර ආවා අයිමත්. :) :)

ඔන්න ඔහොම නිවාඩු දවස් වලින් 2/5ක් ඉවර උනා. තව දවස් 3ක් ඉතුරුයි. කරන්න දෙයක් තාම හිතා ගන්න බෑ. :) ටික්කා අයියගෙ ඩිජිටල් සහොදරයට පිං සිද්ද වෙන්න යන යන තැන් වල ලස්සන මතකයන් ගොඩක් එකතු උනා.

ආයිමත් ලගදිම එන්නංකො කට්ටියගෙ සැප දුක් බලලා යන්න. දැන් නං හැමෝටම මාව අමතක වෙලා.. :'( ඉදලා හිටලා හරි ඇවිත් යන්නෙ අපෙ පිස්සා අයියා,හිස් අහස, ඉරු,හාවා, හිගන්නා, ඔය වගේ ටික දෙනෙක් ව්ඉතරයි... හ්ම්ම්ම්ම්... මං හිතනවා මං තනි වෙලා නෑ කියලා.. :) :)

Sunday, November 28, 2010

කලකට පසු!!!


කාලෙකට පස්සෙ ඔන්න මකුණු දැල් එහෙම බැදුන මගේ බ්ලොග් එක පැත්තෙ ආවා. ඔක්කොමටම ආයුබෝවන් කියුවා ඔන්න.කස්ටිය ඔක්කොම සැපෙන් සතුටෙන් ඉන්නවා නේද??? අනේ මාව අමතක උන අය ඉන්නවා නං මාව මතක් කර ගන්නකො. මම අර මෝඩ නිරහංකාර අහිංසකාවි.. හරි හරි ඔය මතක් උනේ... අන්න එයා තමයි. ඔව් ඔව්. ඒ මම තමා...

අහිංසකාවි දැන් අලුත් වෙලා නේ. හිහ් හිහ්... අනේ මංදා, ලොකු ලොකු දේවල් ඉගන ගන්න කියලා අම්මා ඇදගෙන ගිහින් මාව දැම්මා නේ අකුරු 4 කළමණාකරන ආයතනේට.දැන් මාසෙකටත් වැඩි නෙව.

මං දන්න තරමින් අපේ ළමයා අයියත් ඒ අකුරු 4 කළමණාකරන ආයතේනම ඉගන ගන්න ගිය නිසා බ්ලොග් කෙරුවාවත් නැවැත්තුවා. (සහොදරයෙකුගේ වෙන් වීම දුකක් උනත් හොද දෙයක් වෙනුවෙන් නිසා දරා ගන්න එක අපේ යුතුකමක් නේ.) නිරහංකාරිටත් මේක නවත්තන්න කාලෙ හරි නං තමා. ඒත් දෙයියනේ මැරෙන්න තරන් දුකෙන් ඉන්නකොට ලග හිටපු අහිංසක මගේ බ්ලොග් යාලුවො ටික අතාරින්න දුකයි.
ආයි දුකක් ආවත් දුවගෙන ඇවිත් වචන 4ක් කොටලා ගියත් "අනේ නඟෝ අඩන්න එපා, හිත හදාගෙන ජීවිතෙ දිනපං" කියලා හිත හදන්න ඉන්න මේ පවුල එහෙම ලේසියෙන් අතාරින්න දුකයි.. හ්ම්ම්ම්ම්...

අද සති ගානකට පස්සෙ ආපු නිවාඩු දවසෙ පැයක් විතර නිදහසෙ ජීවිතේ ගැන හිතුවා.මම, ජීවිතේ වැරදුන තැන් ගැන ගොඩක් දුක් උන කෙනෙක්.ඒත් අද??? මං මගෙ ජීවිතේ ගැන සතුටු වෙනවා කියලා මට හිතෙනවා.අනෙ මංදා. මං මගෙ ජීවිතෙ ගැන එක පැත්තකින් සතුටු වෙනකොට මං තව පැත්තකින් තනි වෙලා කියලා මට හිතෙනවා.

තව ටිකෙන් අමතම වෙනවා. හැමෝම දෙසැම්බර් 19 වෙනිදා එනවා නේ???නොදැකපු අපේ පවුල බලා ගන්න මග බලාගෙන අහිංසකාවිත් ඉන්නෙ දැන්.. හැමෝම 19 වෙනිදට හම්බෙමු එහෙනං.. බායීයීයීයීයී.....

Tuesday, October 12, 2010

මුහුනු පොතේ අපි. 04


ගුඩ් මෝර්නින්ං හැමෝටම. ඔන්න අද නං උදෙ පාන්දරම ආවා. හිහ් හිහ්. වෙලාව රෑ 1යි. අද විශේශ දවසක්. මුහුණු පොතෙ අපි ගැන ලියනකොට ඔන්න අංක 2 හම්බෙන්නෙ අපේ චීන කුමාරිගෙ පෙම්වතාට නේ. අද 2010.10.12 ලැනී කොලුවාගෙ 20 වෙනි හැපි බර්ත් ඩේ එක. ඔන්න ඔකයි විශේශෙ.

මුලින්ම සුභම අවුරුද්දෙ සුභ උපන් දිනක් ලැනි අයියා.

මෙයා ගැන මං දැන ගත්තෙ ලගදි. එ උනාට අදුර ගත්ත දවසෙ ඉදන් නඟා ට ලැනි එක්කයි,ලැනීට නඟා එක්කයි රන්ඩු වෙන්නෙ නැතුව එක දවසක් ව්අත් ඉන්න බැරි උනා නේ මඔ හිතන්නෙ. හිහ් හිහ්..

ලැනී කොලුව ගැන කියනවා නං මොලෙ ඉදන් කකුල් 2කට යනකන් ඉන්නෙ චීන කුමාරි විටරමයි. අවුරුදු ගානක ඒකපාර්ශවික ආදරෙ චීන කුමාරිට කියන්න යන්නෙ ලගදිම.

ගහන්න තරන් මඩක් මේකට නෑ. ඒත් ඉතින් ලැනියගෙ වැඩේම මට මට මඩ ගහන එක... ඕන එකක් කියුව ගමන් පොඩි කාලෙ අම්මා දඩුවම් දීපු විදිය තමා පොඩි එකාට මතක් ව්එන්නෙ..

"මචෝ කාපන්"
ලැනී-අම්මා ගහයි බැට් එකෙන්
"ලැනී උභ හෙට වැඩට යන්වද?
ලැනී-අම්මා ගහයි බැට් එකෙන්
උභ මැරිලද බං?
ලැනී-අම්මා ගහයි බැට් එකෙන්...

ඔන්න ඕක විතරමයි ලැනිගෙ කටේ තියෙන්නෙ.

අද ලැනී කොලුවගේ ජීවිතෙ විශෙශ දවසක් වෙන්නෙ උපන් දිනේ නිසාම විතරක් නෙවෙයි. අද ලැනි කොලුවගෙ ජීවිතෙ පලවෙනි ආදරේ හම්බෙනවද නැති වෙනවද කියලා තීරනේ වෙන දවස. උපන් දිනේට වගේම අලුත් මංගල්ලෙටත් අපෙන් සුභ පැතුම් ලැනියෝ.

මට මගේම සහොදරයෙක් කියලා හිතට දැනෙන යාලුවොන්ගෙන් එක්කෙනෙක් ලැනී. මං අඩන වෙලාවටයි. මාව අඩවන්නයි මාත් එක්ක හිටපු උබට මේ නගා සුභ පතනවා අයියේ. අදින් පස්සෙ අවුරුදු ගානක් පරිස්සමින් තියා ගත්ත් ආදරේ චීන කුමාරිට දැනෙන්න දීපං. අපිට උභ වෙනුවෙන් අඩන්න බෑ. හිනා වෙන්නයි ඕන. සුභ පතනවා ආයිමත්...
(~*~නඟා~*~)

Friday, October 8, 2010

මුහුනු පොතේ අපි. 03



මගේ යුනිකෝඩ් කන්වටර් එක වැඩ කරන්නේ නැතුව ගියා අනේ. නැත්තන් මේ වෙනකොටත් රත්ගමයාගේ මඩ ටික ගාලා. මොනවා උනත් මට මෙහෙම හරි මේක ලියාගන්න උදවු කරේ මගේ සුදු අයියා රත්ගමයාම තමා. හිහ් හිහ් හිහ්... එක කෝල් එකක් දීලා "අනේ බන් අයියේ මට බ්ලොග් ලියන්න විදියක් නෑ" කියපු ගමන් ඔන්න එව්වා ලින්ක් එකක්. ටිකක් අමාරුයි ඒත් ඉතින් උන්න හැටියට මලා මදැයි කියලා, මාත් මේ ඒකෙන්ම කොටනවා.

ඔන්න එහෙනන් කතාවට බැස්සා.(බැස්සා කියුවෙ ඉතින් බහින්න යන්නෙ කුණු වලකට නිසාමයි.) රත්ගමයා ගැන හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට මට මුලින්ම විස්තරේ කියුවෙ අපේ චීන කුමාරිගෙ පෙම්වතා,ලෑනී කොලුවා. හිකිස්... අපෙ ඔය රත්ගමයා පොඩි පැටියා කාලෙ ඉක්කොලේ එන්නෙ රෝහනගෙ පිටේ ලු. ඔන්න ප්‍රශ්නෙ. කවුද මේ රොහන??? :O :O :O මාත් ඉතින් ටිකිරි මොලෙන් කල්පනා කරල කරලා බෑරිම තැන ලැනි කොලුවාගෙන් ඈහුවා. කවුද කියලා ඒ. හිකිස්... ගෙදර හුරතලේට ඇති කරන අලි උන්දැ ලු. ඕක මඩක් නං නෙවි හිතෙ සන්තෝසෙට කියුවෙ. රත්ගමයා ඉතින් රත්ගමටම ඉන්න සල්ලි කාරයා නොවැ.

රත්ගමයා ගැන කියන්වා නං පටන් ගන්න වෙන්නෙ මැජික් වලින්ම තමා. උසස් පෙල අභාගෙ 9 වෙනි සැරේටත් කොරේ මෙ මැජික් එක නිසා ලු නේ. "ආදරෙයි අහස තරම්" කියලා පරිප්පු ඔතාගෙන අපු කොලේ තිබුනලු. එත් ඉතින් දන්නො දනිති රත්ගමයගෙ මැජික් වස්තු ගැන.. හිකිස්.

දකින දකින කෙල්ලට ආදරෙයි කියන්නෙ නං නෑ අපේ රත්ගමයා. අහිංසක කොල්ලාට කෙල්ලො තමා පස්සෙන් ඇවිත් වද දෙන්නෙ. මෙ වෙනකොට මුහුනු පොතෙ කෙල්ලො 27ක්ම ඒ අහිංසකයා පස්සෙන් එනවලු. (කිවූ බව ඔප්පු කිරීමට සාක්ශි ඇත.) හිහ් හිහ්.. කවුද දන්නෙ ඕවා ඇත්තද කියලා.. :ප් :ප් :ප්

මනමාල රත්ගමයා තව ආස කරනන් දෙයක් තියන්වා. ඒ තමා ප්‍රසිද්දිය. මට ලොකු ගෙවල් තියනවා. මට ලැප්ටොප් එකක් තියන්වා. ඔය වගෙ කතා රත්ගමයගෙ කටේ වරදින්නෙ නෑ. රත්ගමයාගෙ රොහන ගැනත් මං මේකෙ කියුවෙ,රත්ගම කොලුවගෙ බලවත් ඉල්ලිම පිටමයි..හිහ් හිහ් හිහ්.. අලුත්ම තත්වෙ,කොලුවා යනවලු දැන් සුද්දොන්ට සිංහල කියලා දෙන්න ඛ්‍රිටිශ් කවුන්සිල් ද මොකද්ද එකට. අපි නං ඉතින් ඕවා දන්නෙ නෑ නෙ. එයන්නෙත් මැජික් එක්කමලු.. හිහ් හිහ්. අහ්හ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා (රත්ගමය මට මේක දාන්නම කියුවා) රත්ගමයා කොලොම්පුරේ යනකොට මුහුණූ පොතේ එහෙම කරක් ගහන්නෙ අයිපොඩ් එකකින් ලු නේ...

මොන දෙ උනත් හරිම හිත හොද කොල්ලා. මගේ සුදු අයියා කියන්නෙ නිකංද?? රත්ගමයව දැකපු අය දන්නවා ඇති නේ සුදු අයියගෙ සුදු. :ප් :ප් හ්ම්ම්ම්ම්... මුහුනු පොතේ හම්බුන යාලුවොන්ගෙන් ගොඩක් හොඩ කෙනෙක්. රත්ගමයට මං කොයි තරන් මඩ ගහන්න හැදුවත් මට එක කරන බැරි ඒක වෙන්න ඇති. මම මීට වඩා ගොඩක් දේවල් මේ රත්ගම කොලුවා ගැන නං හොයා ගත්තා. ඒත් ඉතින් මගේ අයියා නේ. ඕවා දන්න දුකයි. මගේ දුකේදි මාත් එක්ක හිටපු ටික දෙනාගෙන් ගොඩක් ලගම හිටපු කෙනෙක් තමා මේ.

Thursday, October 7, 2010

මුහුනු පොතේ අපි. 02



මුහුනු පොතේ අපි ගැන ලියනවා කියලා ලොකුවට කියුවට මොකද තාම දැම්මෙ නෑ නෙව. හිහ් හිහ් හිහ්... සමාව ලොකු භාජනේකට දාලා දෙන්න හොදෙ.නැත්තං මම පවු.

මේ ටිකේම එක එක වැඩ. ඉන්ෆොටෙක් බලන්නත් ගියා නෙව අපේ සනුහරේ එක්කම... හිහ් හිහ්.. ඒක ගැන වෙනමම පෝස්ට් එකක් හොදේ.. :ප් :ප් හා හා කතා ඇති.

මෙන්න මුලින්ම අපේ කස්ටිය.මුහුනු පොතේ අපි සිංහල පිටුවෙ ඇඩ්මින් වරු. මුලින් නං අපි අපිවත් අදුරන්නේ නෑ වගේ. හැමදාම රන්ඩු(අදටත් ඒක නං වෙනසක් නෑ)


01.මනමාල රත්ගමයා ඉතින් හැමෝම දන්න කෙනා නෙව.

02.ලක් දෙරනේ පුංචි තාරකාවන්ට පාර පෙන්නන චීන කුමාරිට පෙම් බදින ලැනී කොලූ

03.හැමෝමටම හිත හොද, බඩගිනි ලෑවා අයියා

04.කපටි කලූ කස්ට කලු කලු මල්ලි

05.කියවගන්න බැරි නමකට උරුමකං කියන අපේ බයිසිකල්(සයිකල් සිංහලෙන්) අයියා.

06.හ්ම්ම්ම්ම්... 8 දෙනාගෙන්ම හිත හොද

හාවි

07.කුමාර කන්දෙ හින කුමාරි

08.අන්තිමට අහිංසක නිරහංකාරි මම ටිකිරි...:) :) :)

දැනට මේ ඇති හොදේ... මෙයාලා ගැන වෙනම පෝස්ට් 7ක් හෙට ඉදන් ලියනවා. සමහර විට අදම වෙයි.අදත් මං පවු අනේ. ගෙදර තනියම.. :( :( :( බට් වට් ටු ඩූ.... :'( දැනට හැමෝටම බායි...

Friday, October 1, 2010

හෙල්ප් ප්ලීස්!!!!

කාගෙ හරි ලග මේ පොත් ටික තියනවා නං ස්කෑන් කරලා pdf වගෙ මට එවන්න පුලුවන්ද??? අනේ කරන්න පුඋවන් කෙනෙක් ඉන්නවා නං ලොකු උදව්වක්... එක පොතක් හරි කමන් නෑ...

කරුණාසේන ජයලත්:
1.ගොළු හදවත
2.බඹා කෙටූ හැටි

1.ගැහැනු ළමයි
2.පිරුණු හඳක්
3.හතුරු හිතක්

මුව දඩයම
මානවිකාවක්
ඇවැස්ස නෑයෝ
සතීගේ කතාව
රිදී නිම්නය
යහළු යෙහෙළි
පෙම් පුවතක්
ලස්සන ඇස්

සුනේත්‍රා රාජකරුණානායක:
පියෙනි මණ්ඩපය
රිදී තිරංගනාවි
බත් තරංග
පොදු පුරුෂයා
නන්දිතය
ටිංකිරි පැටියා
සකායි - ප‍රිවර්තන
කෙටි පණිවිඩය සහ තවත් දිග කතා
බුද්ධදාසි
සුබෝධාලංකාරය
සද්ගුණාකාරය
පූර්වජන්ම අපූර්වය
ප්‍රේම පුරාණය
විචිත්‍ර වීර්යය
මතක පොත 1, 2
හර්ද සූත්‍රය

සුභ ළමා දිනයක් වේවා !!


ඔන්න මගේ මඩ පෝස්ට් එකට කලින් තව පෝස්ට් එකක් දාන්න උනා නේ. හැමෝටම සුභම සුභ ලෝක ලමා දිනයක් වේවා!!! අපි ඔක්කොම එක යායේ කියුවලු. අපේ බනී කොලුව නං ලෝක ලමා දින පනිවිඩේකුත් කියලා තියනවා මං දැක්කා. මට ඉතින් ඕවා මතක් වෙන්නෙ නෑ අනේ... මට ඇතුලු හැමෝටම සුභ ළමා දිනයක් වේවා !!

Thursday, September 30, 2010

මුහුනු පොතේ අපි.01


ඔන්න ඉතිං මං ආයිමත් ආවා. දවස් 2,3කට කලින් "හෙට දාන්නං" කියපු පෝස්ට් එක ඔන්න අද තමා දාන්න හිතුවෙ. ඔක්කොටම වඩා කම්මැලිකම ලොකුයි නේ මෙයා.ඔන්න ඉතින් උදේ පාන්දර 10ට විතර නැගිටලා. ෆිල්ම් එකකුත් බලලා කියලා මුහුණු පොත පැත්තෙත් රවුමක් ගිහින් තමා ඔන්න මේ පැත්තේ ගොඩ උනේ...

යාලුවො ගැන ලියන්න කියලා හිත හදාගෙන ලියන්න ගත්තට මොකද නිකන් දුකයි වගේ. හිහ් හිහ්... කටක් ඇරලා මේ යාලුවො කරන හොද වැඩ කියන් පුලුවන්ද?? (බෑ නේ..)

ඔන්න මුලින්ම අපි සිංහල අපේ කස්ටිය ගැන ලියනවා.. (මොකද මගේ හොදම යාලුව ගැන මං මුලින්ම පෝස්ට් එකක් දාලා තියන්වා නේ.) මමයි ,1යි, 2යි, 3යි... හරි මාත් එක්ක ඔක්කොම 8 දෙනයි.. මුහුනු පොතේ හම්බුන කෙනෙකුට එතන ඉන්නෙ මම විතරයි මං හිතන්නෙ. ඔක්කොමලා උපන් දා ඉදන් එකට හිටපු අපේ ගාලු පුරේ සනුහරේ නේ.මම ඉතින් එක තැනක් කියලා නෑ නේ. ලංකාව වටේම පදින්චිය.

ඔන්න මගේ ටිකිරි මොලේට දැන් ආපු අදහසක්.අපේ කස්ටිය ගැන මං වෙන වෙනම පෝස්ට් ටිකක් දාන හිතුවා. ඔන්න ඉතින් මේ පෝස් එක මෙහෙම අවසන් කරනවා. මුලින්ම අපේ "අපි සිංහල"සාමාජික කස්ටිය ගැන පෝස්ට් 7 බලාපොරොත්තු වෙන්න හොදේ. හිහ් හිහ්. කරන්න යන්නෙ කස්ටියගේ ජීවිත වල ඕප දූප ටික අවුස්සන්න... මේ දවස් ටික ගෙවා ගන්න ඒක හොද ක්‍රමයක් වෙයි නේ..

ඔන්න මුල්ම පෝස්ට් එක අපේ ආදරනීය රත්ගමයා ගැන බලාපොරොත්තු වෙන්න...එතකන් වෙයිට් හොදේ... ටටා...

Monday, September 27, 2010

කාලකන්නි වීම!!!


අපොයි කරන්න දෙයක් ඇත්තෙම නෑ. පහුගිය ටිකෙ කරන්න කොහෙන් කොහෙන් හරි වැඩ ටිකක් කඩා පාත් උනාට අද නං කරන්න දෙයක් ඇත්තෙම නෑ.

අමතක උනා නේ කියන්න(ඔන්න මුලින්ම ඔපයක්..) අපේ රත්ගමයා මට අලුත් නමක් දාලා නෙව, "වැලපෙන කුමාරි". මුලින්ම ඒකට ගොඩක් තැන්කියු ""සුදු අයියේ""(රත්ගමයා සුදු නං කලු ගලුත් සුදුය.. ) ප්‍රසිද්දියෙ කියුවෙ නෑ ඉතින්,මොනවා උනත් අහිංසක කොලුවානේ...(වෙන නැත්තං)

රත්ගමයගේ නසරානි හැත්ත කතා මාලව කියෙව්වට පස්සෙ ඔන්න මත් හිතුනා අපේ යාලු මාලුවො ගැන මඩ නොගහ ලිපියක් ලියන්න...(රත්ගමයට ඇර...)

ඉලග එක ඒක වෙයි ගොඩක් වෙලාවට... ඉතින් ඉතින් කට්ටියට කොහොමද සැප දුක්???

අහ්හ්.. අහිංසකාවිත් ගියා නෙව බුක් ෆෙයා. අනේ රත්ගමයයි,අපේ බනි කොලුවයි දෙන්නම අහිංසකාවිට සමාව දෙනු මැනවි. පොඩි පොඩි ප්‍රමාද දෝශ ගොඩක් නිසා මට කියපු වෙලාවල් වලට කඩාපාත් ව්එන්න බැරි උනාට...

නිරහංකාරිත් ගත්ත නෙව සල්ල්ලි දීල පොත් 20ක් විතර.. (රත්ගමයා වගේ නං නෙවෙයි ඔන්න. අපි සල්ලි දිලා පොත් ගත්තෙ..) එත් ඉතින් මාත් එක්ක ගියා මගේ කල්යාන හතුරා, මට කියපු කතා එක්ක ඒ පොත් ටික කියවන්න තියා අල්ලන්න වත් දැන් නං හිතෙන්නෙ නෑ..

සියුම් ලෙස මනසට වැදුනු දරුනු කනෙ පාරක්.... තාම කන කීන් කීන් ගානවා... එනේ මංදා... වැලපෙන කුමාරි කියන නම අයින් කොර ගන්නත් එක්ක ඔන්න දැන් අපි හිනා වෙලාමයි ඉන්නෙ හොදෙ...

මොන දේ උනත් දැන් දැන් අපේ යාලුවො ඔක්කොම වගේ බ්ලොග් ලියන්න ඇවිත් නේ... බොල දේශාන්. රත්ගමයා,කලු,තීරනාත්මක චින්තකයා,ලලින්දු(පුංචි රජා),ඩිලොන්,රොබෝටික්කා,උපේක්ශාවන්ශය... තව ඉතින් මෙතන්ට අඩු අපේ බයිසිකල් කොලුවයි, කුමාර කන්දෙ කුමාරිකාවයි විතරයි නෙව...

අහ්හ්.. තව දෙයක් අපේ පිස්සා පලාමල්ල ලියන පිස්සා අයියා නිකන් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මට මුහුනු පොතේ හරි පනිවිඩයක් එවන්න මොකද වෙන්නෙ කියලා. හැම දේම හොදින් විසදෙනවා නං හොදයි...

කාලකන්නී වීම උපරිම වීම නිමිත්තෙන් ඕනවටත් වඩා දිග පෝස්ට් එකක් ලියන ලදි...
හැමෝටම ටටා!!! හෙට විතර ආයි එන්නංකෝ....

Friday, September 10, 2010

අහිංසකාවිට උසස් වීමක්!!!

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුත් පොස්ට් එකකුත් එක්කම මම ආවා... හැමෝම හොදින් නේද?? මං නං ගොඩාඩාඩාඩාඩාක් හොදින්.. ගොඩාක් සතුටින් ,ටිකක් දුකෙන්... ඔන්න ඉතින් මාතෘකාවට පිට පනිනවා නේ? හිහ් හිහ්.. ගනං ගන්න එපා අනේ.. මම හැමදාම එහෙම නේ..


මෙන්න මේකයි කතාව. ජනවාරි මාසෙ 10 වෙනිදා(මගේ එකම සහොදරයා බැදලා අවුරුදු 3ක් වෙන දවසෙ) ඉදන් අපෙ ගෙදර,මගෙ පවුලෙ අය,මගේ ආදරනීය නෑනන්ඩිගෙ පවුලෙ අයයි ඔක්කොම එකතු වෙලා එක සුන්දර දවසක් එනකන් බලාගෙන හිට්යා.. ඔන්න ඒ දවස ආවෙ මේ මාසෙ පහුගිය 04 වෙනිදා.. උදේ 7 වෙනකොට කෝල් එකක්, "අම්මේ නංගිව හොස්පිට්ල් ඇඩ්මිට් කරා" කියලා අපේ අයියා අම්මට කියුවා..


ඔන්න ඉතින් අම්මයි මායි කකුල් 2කට රොකට් හයි කරා වගේ 7.20 වෙනකොට ලේස්ති වෙලා බස් එකටත් නැගලා ඉවරයි. 11 වෙනකොට කටු කාගෙන දුක් විදගෙන හොස්පිට්ල් එකෙ අම්මයි මායි.. අනේ එ වෙනකොටත් මෙන්න අපේ අක්කන්ඩි ඉන්නවා කිසි අමාරුවක් නැතුව හිනා වෙවී...


හිහ් හිහ් හිහ්.. අපි මේ බය වෙලා දුවගෙන ආවා. එයා හිනා වෙනවා. දවසම කට්ටියම කෑමක් බීමක් නැතුව අක්කගේ රූම් එක ලග පෝලිමට ඉන්නවා. කොහොමින් කොහොමින් හරි රෑ 9 වෙනකොට අක්කට සිසේරියන් සැත්කමක් කරන්න ඕන කියුවම නං ඔක්කොම බය උනා... ඒත් එයා හිනා වෙවී ඉන්නවා... හිහ් හිහ්... ඔන්න 9 ඉදන් ඉන්න හැම දෙයියම සිහි කර කර අපි හිටියා...


9.15 වෙනකොට අපේ පුංචි පැටික්කි අඩනවා ඇහුනා.. කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ වෙලාව නං. තව විනාඩි 2,3කට පස්සෙ රෝස පාට පැනල් එකකින් ඔතපු බොනික්ක පැටියෙක් ගෙනත් අපෙ අයියාගෙ අතට දුන්නා... ඇස් 2 ලොකු කරල කරකවලා වටේම බලලා තද කරල වහ ගත්තා.. අයියා වඩාගෙන අක්කා ලගට ගිහින් පෙන්නුවම මේ කෙල්ල අක්කා එක්කත් හිනා උනා... "මෙච්චර කල් මාව බලා ගත්තට අම්මට ගොඩක් පිං" කියන්න වගේ...


අද වෙනකොට බෝනික්කිට දවස් 6යි... පුංචි දුකකට තියෙන්නෙ අපි දැන් ඉන්නෙ කිලෝමීටර් එකසිය ගානක් දුරින්... :( :( බලන්න යන්න ආසයි.. දවස් 3ක් අපි එක්කම හිටියෙ.. හ්ම්ම්ම්ම්ම්... හැම දේකම අන්තිමට මට අලුත් පට්ටමක්... අහින්සකාවි නැන්දා... :) :)


චූටි දෝණිට බුදුසරණයි!!!


(අමතක උනා කියන්න.. ගාල්ලෙ තියන හේමාස් හොස්පිට්ල් එකේ වැඩ කරන හැමෝටම ගොඩක් ස්තූතියි ගොඩක් පිං. අක්කව,චූටි දෝණිව දවස් 3ක් තිස්සෙ ගොඩක් ආදරෙන් බලා ගත්තට...)

Thursday, August 26, 2010

මහා පාරේ ජීවිත විකිණීම...

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුත් බ්ලොග් පොස්ට් එකක් දාන්න හිතුවා. විභාගෙත් බෑ බෑ කිය කිය හිටියට අන්තිම මොහොතේ ආපු ප්‍රශ්න වැලක් නිසා අන්තිම විශයන් 2ට පුදුම තරන් හිතෙ හඉයකින් ලියලා දැම්මා. එත් ඉතින් ජිව විදයාව අසමත් වෙලා අනිත් ඒවා සමත් වෙලා වැඩක් නෑ නේ.. :) :)

එ කතා වැඩක් නෑ කියන්න හදන්නේ නං කාලෙකට පස්සෙ දැකපු ජීවිතේ ටිකක් විතර කල කිරෙන සිද්ඩියක් ගැන.
ඊයෙ අවශ්යම වැඩ වගේකට අහිංසකාවියි අම්මායි ගියා සිදාදියට. (කවුරුත් දන්න භාශාවෙන්ම කතා කරන්න ගත්තා ඔන්න.) ගිහිං දවල් 12,1 වෙනකොට වැඩ ඉවර කරන් ආයි එන්න කියල වාහනේට නැග්ගා. අනේ කොට්ටාව ටවුන් එක පහු කරගෙන ටික දුරක් එනකොට අපේ සිදාදියට කිට්ටු අය නං දන්නවා ඇති,රුක්මල්ගම පාරට යන තවත් හංදියක් ඒක මං හිතන්නේ.
වැල්වටාරං නැතුව මෙන්න කතාව. ඔය හංදියේ මහා කලබගෑනියයි. ටිකක් වාහනේ ලං වෙනකන් ඉදලා මාත් බැලුවා. අනේ, මිනිස්සු හරිම ආසාවෙන් තව කෙනෙක්ගේ මරනය දිහා බලන් ඉන්නවා. අපි බුදු හාමුදුරුවොන්ව අදහනවා විතරද කියලා හිතුනා ඒ වෙලාවෙ නං.

කකුලුවෝ 100ක් විතර පන ගහනවා. උන් දිහා බලාගෙන මේ මිනිස්සු "අනේ මුන්ගෙ පුදුම ලස්සනක් නේ?", "අන්න අන්න තව එකෙක් දගලනවා" , "කන්නත් ලෝභයි දැක්කම" වගේ කතා කියන්වා..කලකිරෙන්නේ අපි ඉන්න සමාජෙ ගැන.

මම එතන කිසිම දෙයක් කියන්න ගියේ නෑ.මොකද මගෙත් වැරදි තියන්වා නේ. අපේ ගෙදරත් මම(අහිංසකාවි) සහ මගේ ආදරණීය නෑනා(චූටි දෝණි ගේ අම්මා) ඇරුනම අනිත් අයට මස්,මාලු නැතුව බත් කටක් ගිලෙන් නෑ. ඒ තරන් තව කෙනෙක් ගෙ මසට ලෝභ වෙලා. ගෙදර ඉන්න අය හදා ගන්නේ නැතුව පිට අය හදන්න යන්න බෑ නේ...

මොන දේ උනත් සතෙක් කියන්නෙත් ජීවිතයක්. හරි අහිංසක ජීවිතයක්.මාදැලකට අහු උන මාලු උඩ පනිනකොට අනේ ලස්සනයි කියල අපි සතුටු වෙනවා නං, අපි තරන් තිරිසන් ජාතියක් තවත් නෑ. මම මාලු අල්ලන කෙනාට බණින් නෑ. ඒ මනුස්සයා උනත් ආසාවට මේක කරනව නෙවෙයි වෙන්න ඇති. ඒත් ටිකක් හිතන්න...

ඒ මහ පාරෙ "ලාභයි, ලාභයි" කිය කිය විකුනන්නේ අපේ වගේම තවත් ජීවිතයක්.... තව ඉස්සරහට මීණී මසුත් ඔහොම විකිනෙන්න ගත්තොත්, අපි ගිහින් ඒවත් හරිම ආසාවෙන් සතුටින් සල්ලි දීලා ගනියි ද???

Thursday, August 12, 2010

නැවත ඉපදීම!!!!

න්න නිරහංකාර අහිංසකාවි ආයිමත් කරලියට.. මේ පෝස්ට් එකත් විභාගෙන් පස්සෙ දාන්න හිටියට අද දැකපු අදහසක් නිසා මං ඇයි කාටවත් පරදින්නෙ කියලා හිතුනා.. කොන්ද පන නැති පිරිමි(සම.හරක්) තමංගේ ලොකු කම ප්‍රදර්ශනය කරන්න වගෙ කෙල්ලෙක්ව දැකපු තැන පහත් කරලා කතා කරන්න ලේස්ති වෙනවා.. අන්න ඒකට මං බය ව්වෙන් නෑ කියලා කියන්නයි මේ පෝස්ට් එක.. මගේ බ්ලොග් එකෙ අදහස් දක්වන කොන්ද පන තියන පිරිමියෙක් නං තමන්ගෙ බ්ලොග් එකෙ නමින් දාන්නකො.. හික්.. කොන්ද පන නැති මහා කලු සිංහල පිරිමියා.. මහ ලොකුවට මං ස්ක්ක්‍රීන් ශොට් අරං දාපු එකට ගනිකාව කියන චරිතෙ හොදයි කියන්න තරන් පිට කොන්දක් තියන්වා නං මොකටද කෙලින් ඉස්සරහට ඇවිත් මම මේ කෙනා කියලා කියන්න බැරි??? ඔය වගේ හිගන චන්ඩි මේ ලොකේ මං ඕන තරන් දැකලා තියනවා.. දැන් ඕන නං මේකෙ ඔය කියන කොදක් නැති සිංහලයා මගේ අම්මා ට ගුණ වර්නනාවක් කරයි.. හික්.. එතනත් තියෙන්නේ එයගේ මනසෙ තියන දුර්වල කම විතරයි. තමන්ට කියන දේ දරා ගන්න බැරි උනාම ඒ කියන කෙනාගේ දුර්වල තැන් බලලා ගහන්න හදනවා.. මං බලාගෙන ඉන්නවා... ඒ පිට කොන්දක් නැති කලු සිංහලයා ආයිමත් කරලියට එනකම්...

Thursday, August 5, 2010

නොමිනිසුන් මැද මිනිසත්කම!!!!


මේ මගේ බ්ලොග් පෝස්ට් එකකටම ආපු අදහස් 2ක්... හිතලා බලන්න.. ඇයි මටම මේ තරන් කතා කියන්නේ???

Sunday, July 25, 2010

අම්මා!!!!

සිහින් සරින් මුව සරසා..
බිගු නැලවිලි ගී අම්මා...
සෙත් පිරිතකි දිවි කතරේ..
සරතැස නිවනා අම්මා..

සෙත් පිරිතකි දිවි කතරේ..
සරතැස නිවනා අම්මා...

අයන්න කියවා මගේ...
ලොව සුරගුර වූ අම්මා...
බලන්න හෙට රජෙකු විලස...
සිහින සිය දහක් මැවූ අම්මා...

වදින්න වෙහෙරට ගෙන ගොස්...
බුදු බණ හුරු කරවූ අම්මා..
ගුණ නැණ මල් පිබිදෙන යුරු...
දැක දැක තුටු වූ අම්මා...

ගුණ නැණ මල් පිබිදෙන යුරු...
දැක දැක තුටු වූ අම්මා..


කියන්න මා ලබනා ජය...
නෙත් අබියස නැහැ අම්මා...
මුලින්ම සසරෙත් උණුහුම...
සෙනෙහස බිහිවනු මට අම්මා...

Sunday, July 18, 2010

රාත්‍රිය වී....


රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනෙ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමිසදුනේ. . . .
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

...
පතා පැමිණි සුරපුරවර
වෙලා ගැනුනි ගණ කලුවර
දෑස පුරා දුටු සිනා කවට කෙලි
කදුලු කතාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර


කලා සොළස පිරි පුර හද
අතැර ගොසිනි සිය පිය බද
පියා දෙඩු මෘදු වදන් අසන්නට
බලා හිදි සිත පිලිසිද
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර


රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්. . . .

ගගක් සේ ඔබ.....


ගගක් සේ ඔබ ගලා එයි නම්
මුවදොරක් වී ඔබව හමු වන්නම්
මලක් සේ ඔබ පෙතිසලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්...

පලා පැහැයෙන් දිදුල කදු වලියේ
අතුල පිනි මතුවේ
සදක් සේ මා ඔබට දැල් වෙන්නම්
ඔබේ කදුලැලි සෙමෙන් පිස ලන්නම්

දෑස රවටන මිරිගු දිය තලයේ
වැටෙන උණු කදුලේ
අරුත වී මා ඔබේ ලග ඉන්නම්
මිරිගු දිය මැද කෙම් බිමක් වෙන්නම්


ගගක් සේ ඔබ ගලා එයි නම්. . . .
මුවදොරක් වී ඔබව හමු වන්නම්. . . .

Saturday, July 17, 2010

අතීතයට එක් විය!!!!


එක විදු මවු තුරුලේ
සොයුරු සොයුරියන් සේ ලං වෙලා
සෙනෙහසින් අකුරු කල
දහතුන් වසරක කාලය
නිමා වුනා...
සුදු පාට රැලි ගවුම
රතු පාට ටයි පටිය
ගුරුවරුන් යහලුවන්
සියලු දේ හැරදමා
දෛවයට අවනතව
පාසලින් සමු අරන්
කාලයක් ගත උනා...
යහලුවන් යෙහෙලියන්
දස අතට විසිරුනා
මං මගේ ජීවිතේ
දුක අතර තනි උනා...

Friday, July 16, 2010

දයාබර ඔබට!!!!


බොහෝ දුර නැතයි
නොකිව හැකි
මෙතෙක් පැමිණි දිවි ගමනේ
නොසිතූ ලෙස
සිත සසල කල
දයාබර ඔබටයි...
හෙටක් ගැන දෑස් දල්වා
මම බලා ඉදින්නෙමි
ඔබේ ලොව
කිරුලු දරන්නට නොව
වෙනත් බොහෝ දෑ මෙන්
මතකයෙන් නොගිලිහෙන
මා සිත සසල කල
ඔබට...
සදාකාලික වූ
නිහඩ සෙනෙහසක් වන්නට...

Monday, July 12, 2010

නොනිමෙන පහන ඔබ....


ජීවිතයම කදුලක් වූදා
ඔබ මා ලග තනියට හිටියා
ලොවම අහිමි වී මා හැගි ගිය දා
ඔබ පමනක් මට හිමි වූවා
ජීවිත ගමනේ පා ඔසවන්නට
ඔබ මා හට සවියක් වූවා
මතු සන්සාරෙත්
ඔබේ දියණිය වී මා ඉපදේවා
මගේම මවු වී ඔබ හමු වේවා....

Sunday, June 20, 2010

මම ඔයාට ගොඩාක් ආදරෙයි!!!!

ඔන්න ආව අලුත් පෝස්ට් එකක් අරගෙන.. හැමදාම දුක හිතෙන ඒවම ලියන්න එප) කියලා අපේ කට්ටිය මට කියුවා නේ... බලපු ගමන් හිතුනේ නිරහන්කාරිටත් මල්සරාගේ බැල්ම වැදීල කියල නේ??? හිහ් හිහ් හිහ්... ඒත් අනේ ආවෙ නම් වෙන දෙයක් ගැන කියන්න.

අද ඔන්න මගේ පුoචි ලෝකේ ගැන තමා මේ පෝස්ට් එක. මගේ දුක,සතුට හැම දේම බලාගෙන ඉන්නේ මේ බිත්ති 4 තමා. මේ මගේ කාමරේ.


අපේ අයියා කියන විදියට මගේ පැලස් එක, අම්මා කියන විදියට පිස්සන් කොටුව, අක්කි කියන විදියට අපි 2න්නගේ යුධ පිටිය(මට අවුරුදු 3ඉදන්ම අක්කියි මායි මේ කාමරේ හරි ආදරෙන්,වෙලාවකට ගොඩක් තරහින් බෙදාගෙන නේ හිටියේ), අපේ තාත්තා කියන විදියට අපේ ගෙදර තියන ගුප්තම තැන තමා මේ කාමරේ.


ඒත් මට නම්, මේ තමා මගේ ජීවිතේ,මගේ සතුට,දුක හැම දේම මාත් එක්කම දරා ගන්න මගේ හොදම යාලුවා..

ඇත්තටම මේ මාව ජීවත් කරවන තැන.දවසෙන් පැය 22ක්ම මේක ඇතුලට වෙලා හිටියත්,මම හැමදාම මේ ලෝකෙට ආදරෙයි.

ඉස්සර දවස් වල ඉදන්ම ගොඩක් දුක හිතුනම උනත් මට හිතේ බයක් නැතුව අඩන්න හරි තියෙන්නේ මේ කාමරේ විතරයි. මොන ප්‍රශ්නේ තිබුනත් මගේ කාමරේට ආවට පස්සේ මගේ හිත නිදහස්.

ගොඩක් පහසුකම් නැති,ඇති දේකුත් නැති,නැති දේකුත් නැති මගේ පුoචි කාමරේ... මම ඔයාට ගොඩාක් ආදරෙයි!!!!

මගේ පුoචි ලෝකේ ගැන ඔයාලගේ අදහස් කියනකම් මම බලාගෙන ඉන්නවා...
(නිරහoකාරිට මේ දවස් වල ටිකක් පිස්සු.. ඒකයි මේ වගේ පෝස්ට් දාන්නේ..)
අදහසක් කොටලම යන්නකෝ...

Saturday, June 12, 2010

සිත ඔබ පාමුල...

සිත ඔබ පාමුල රදවා...
බිදි සෙනෙහස ගිනි උහුලා....
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්...
ඔබට සෝතැවුල් නොම වේවා.....

අසුරැ සැනක් වූ රැසිරැ අතීතය,
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ.....

සදා රැදේවා.... ඔබේ ලොවේ...

ඔබට පිදුම් වූ සිතක විරාගය.....
කැටපත් පවුරක ගීයක් සේ......
සදා රැදේවා.... ඔබේ හදේ....!!