"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, February 27, 2011

අහන් ඉන්න!!!

අහන් ඉන්න...
ඇහෙනවද??
මගේ හිත...
මං දන්නවා...
ඔයාට ඇහෙනවා..
ඇස් අරින්න..
බලන්න...
මේ හීනයක් නෙවී..
ඇත්තම ඇත්ත..
හැන්ගුනා මං..
ගොඩාක්..
ආයි යන්නෙ නෑ..
පුලුවන් තරන්..
ලගම ඉන්නවා...
ඔයයි මායි...
බොරුවක් උන,
ආදරේ මැද..
හිර උනා ගොඩක්...
මං හිතන්නෙ,
ආයි යන්න,
බැරි තරමට...

Friday, February 25, 2011

අකීකරු සිත

අතැගිලි බන්දා
සිටි ඒ හෝරා
සිත ඉල්ලනවා
නුඹව පතා...

Monday, February 21, 2011

මනුස්සකම???

ඔයා කියුවා, 
මනුස්සයෙක් මැරෙන්න වැටිලා 
පාරෙ පණ ඇද ඇද ඉන්නව නං 
ඔයා බිම බලාගෙන 
ඒ මනුස්සයව මගෑරලා 
යන්නෙ නෑ කියලා.
 ඒත් ඒ මනුස්සයට 
මැරෙන්න වැටෙනකන් 
ගැහුවෙ ඔයා නං, 
දැන් ආපු මනුස්සකමට 
වටිනාකමක් තියනවද???

දවල් දුටු සිහිනය!!!!!

ගෙදර ඉස්සරහාම  ලොකු සුදු කොඩියක්... ඇයි මේ???  අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බොලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති රත්ගමයත් ඇවිත් ගාලු සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.


ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. අක්කි?? අක්කිත් ඇවිත්, මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??


හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. චූටි කෙල්ල ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා. 


ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..ප්‍රීති විරාජ් ගෙ මං ආසම කරන "අලි ඇත්තු" චිට්‍ර ටිකත් ගලවලා. ගෙදර දානෙකටවත් ඒවා ගලවන්න දුන්නෙ නෑ මං. හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්ම අඩන්නෙ?? අක්කා, අක්කි, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් මල් ශාලාවෙන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෛයනෙ අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ?




ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. අයියා, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ. 
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ. 


ලස්සන සාරියක් ඇදන් එතන ඉන්නෙ මම නේද?????


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේක කියවන අය  මට බනින්න එපා. එච්චරයි ඉල්ලන්නෙ...නිකන්ම නිකන් ලියුව විතරයි.

Sunday, February 20, 2011

අවාසනාවට ඇත්ත කතාවක්!!!!

හිකිස්... හොද යාලුවො නං හොරාට තියා ගනියව්!!!
අනිත් උන්ට ඉරිසියා හිතෙන තරන් හොද යාල්ලුවො නං හංගලාම තියා
ගනියව්...
නැත්තං ඉරිසියාවෙ අවසානය උදුරා ගැනීමයි...
යාලුවො නැති කර ගෙන පොල් බූරුවෙක් වෙන්න වෙන්න එපා...
මතක තියා ගන්න...
අමතක වෙනවා නං කොලේක ලියලා තිය ගන්න...
(සත්‍ය සිදුවීමක් ඇසුරින්!!)

ප්‍රේමය පුදදී අවසානයි..........

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න

ප්‍රේමය පුදදී අවසානයි....

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න


man nemei nago oka karana palaweni eka
man karapu ekama & lokuma waradda oka
aththatama mata pissu
bt nawaththanna baha
sorry.com
sorryToMe.com
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"මුහුණු පොතේ මං එක දෙයකට අපේ අයියා කෙනෙක්ට බැන බැන හිට්යෙ.. මේ එයාගෙන් මට රිප්ලයි එක විදියට ආපු එක. ඒ එක්කම එවපු සිංදුව... මෙතන වැරදි කවුද කියලා මට තේරෙන්නෙ නෑ.."


Saturday, February 19, 2011

හිතෙන්නෙ නෑ... හිතෙන්නෙ නෑ... හිතෙන්නෙ නෑ....


පොතක් අතින් අල්ලන්න හිතෙන්නෙ නෑ....
කතා කරන්න හිතෙන්නෙ නෑ...
කන්න හිතෙන්නෙ නෑ...
නිදා ගන්න හිතෙන්නෙ නෑ...
ගෙදරින් එල්යට බහින්න හිතෙන්නෙ නෑ...
ලෙක්චර්ස් වලට යන්න හිතෙන්නෙ නෑ...
යාලුවො එක්ක කතා කරන්න හිතෙන්නෙ නෑ...
අඩන්න හිතෙන්නෙ නෑ...
දුක ගැන හිතන්න හිතෙන්නෙ නෑ...
අඩු ගානෙ ජීවත් වෙන්නවත් හිතෙන්නෙ නෑ...
අනේ මට මොකද දෙයියනේ වෙලා තියෙන්නෙ???????
ඒ මොකද්ද කියල වත් මට හිතෙන්නේ නෑ...