
අද ඔන්න මගේ පුoචි ලෝකේ ගැන තමා මේ පෝස්ට් එක. මගේ දුක,සතුට හැම දේම බලාගෙන ඉන්නේ මේ බිත්ති 4 තමා. මේ මගේ කාමරේ.

අපේ අයියා කියන විදියට මගේ පැලස් එක, අම්මා කියන විදියට පිස්සන් කොටුව, අක්කි කියන විදියට අපි 2න්නගේ යුධ පිටිය(මට අවුරුදු 3ඉදන්ම අක්කියි මායි මේ කාමරේ හරි ආදරෙන්,වෙලාවකට ගොඩක් තරහින් බෙදාගෙන නේ හිටියේ), අපේ තාත්තා කියන විදියට අපේ ගෙදර තියන ගුප්තම තැන තමා මේ කාමරේ.
ඒත් මට නම්, මේ තමා මගේ ජීවිතේ,මගේ සතුට,දුක හැම දේම මාත් එක්කම දරා ගන්න මගේ හොදම යාලුවා..
ඇත්තටම මේ මාව ජීවත් කරවන තැන.දවසෙන් පැය 22ක්ම මේක ඇතුලට වෙලා හිටියත්,මම හැමදාම මේ ලෝකෙට ආදරෙයි.
ඉස්සර දවස් වල ඉදන්ම ගොඩක් දුක හිතුනම උනත් මට හිතේ බයක් නැතුව අඩන්න හරි තියෙන්නේ මේ කාමරේ විතරයි. මොන ප්රශ්නේ තිබුනත් මගේ කාමරේට ආවට පස්සේ මගේ හිත නිදහස්.
ගොඩක් පහසුකම් නැති,ඇති දේකුත් නැති,නැති දේකුත් නැති මගේ පුoචි කාමරේ... මම ඔයාට ගොඩාක් ආදරෙයි!!!!
මගේ පුoචි ලෝකේ ගැන ඔයාලගේ අදහස් කියනකම් මම බලාගෙන ඉන්නවා...
(නිරහoකාරිට මේ දවස් වල ටිකක් පිස්සු.. ඒකයි මේ වගේ පෝස්ට් දාන්නේ..)
අදහසක් කොටලම යන්නකෝ...









රාජධානිය....
ReplyDeleteබිත්ති වල පාට තමයි අවුල.. ම්ම්... තව වහල ටිකක් අප්සැට්... ඒ ඇරෙන්න අවුලක් නෑ.. කොහොම කිවුවත් මෙතනට මල්සරා ගෙ සම්බන්දයක් තියෙන පාටයි....
ReplyDeleteමට වගේම ටෙඩි බබ්බු ගාය තියන කෙනෙක් වගේ........ :D :D :D :D
ReplyDeleteඅම්ම තමා හරි විග්රහය දීල තියෙන්නේ........
@පිස්සෙක් - අයියේ මම හිතුව අන්තිමට කවුරු හරිම ඕක අදී කීයල..හිහ් හිහ්.. ගෙදර ඔක්කොම ලා පාටවල් ගාල තියෙද්දී මගේ කාමරේ විතරක් මේ වගේ තද පාටක් ගාපු එක ගෙදරට එන හැමෝම දැඩි ලෙස හෙලා දකිනවා අනේ.. ඒත් මේ තමා මගේ ආසම පාට. මටත් ඉතින් තියෙන්නෙ මෙච්චරනේ මට ඔන ව්දියට තියා ගන්න.ඒ නිසා මේකට ඒ පාටම ඕන කියල දවස් 2ක් සත්යක්ක්රියා කරලා තමයි අමාරුවෙන් ඉහල තැන් වලින් අවසර ගත්තේ...
ReplyDelete@හා පැටික්කි (MS) - ඔව් අක්කේ ටිකක් විතර තියනවා.ඒත් මේ එකක් වත් මම ගත්ත ඒවා නෙවෙයි අනේ. මගේ අයියයි අක්කියි මට අරන් දීපුවා.මගේ අයියා බැදපු දවසෙ ඉදන් මට එන හැම උපන් දිනේකටම මගේ වයසේ ගානට ටෙඩී ලා අරන් දෙනව.. කාලයක් ගොඩක් ආසවෙන් තියාගෙන හිටියා. මේ වෙනකොට 207ක් තියනව ඔක්කොම.. :)
ReplyDeleteඒත් මම මේවා එන එන පොඩි බබාලට දෙනව.. තව ටික දවසකින් අපේ පුන්චි සුරන්ගනාවි ආවම ඔක්කොම එයාට දෙනවා.. :)
තමුන් ම ද පාට ගෑවෙ? අද කාලෙ තමුන් ම ගාගන්න අය අඩුයි... තව මුකුත් අැද්දට කමක් නැද්ද? අවසර ලැබෙනවා නම් තව මොනා හරි අදින්නම්...
ReplyDelete@පිස්සෙක් - අපොයි නෑ... බාස් මාමා තමා ඔක්කොම කරේ.. මම ඇහුවේ ඔයාලගේ අදහස් නේ...
ReplyDeleteකියන්න ඉතින්...
මගේ රාජධානියට වඩා පිළවලයිනේ මෙයා.....
ReplyDeleteහපොයි අර ඉන්න ටෙඩි බබ්බු ගොඩ. කඩේකවත් නැතුව ඇති... හික් හික්. කාමරේ නම් පිලිවෙල හොදටම තියෙනවා. ඒකට මේ මගේ හික් හික්. පලා මල්ල පරාදයි
ReplyDeleteඅක්කි හරි ලස්සනට ලියනවා... මං පොඩි ඉල්ලීමක් කරන්නද? අක්කිගේ මූනු පොතේ ID එක දෙන්නකෝ..
ReplyDeleteමේකත් කියවලාම බලන්නකෝ...
http://anythingshan.blogspot.com/2010/06/blog-post.html
මගේ -
http://www.facebook.com/shanzzzent
ආ කියන්න බැරි උනා හරිම නිරහංකාර අක්කි කෙනෙක්..
ම්ගේ කාමරේටවඩානම් හොදට තියාගෙන ඉන්නවා නගෝ.... ජිවවිද්යාව නෙද කරන්නේ..හොදට පාඩම් කරන්න...
ReplyDeleteඅපි ටෙඩිබබ්බු කඩයක් දාමු....හිකිස්... :D
me kamareth hariyata mage issara kamare wage.a dawas wala mamath harima asai mage kamareta wela inna,ath ithin dan man nathi nisa gedara eka anith aya wenas karala.habei oyage room ake patata man asai.eka lassanai.....
ReplyDeleteටෙඩි බෙයාලා,,, ම්ම්ම්ම් ආසම හිතුන දේ,,, ඔය තියෙන්නේ කාමරේ,,, යස අගෙට,,, වැඩි පිලිවෙලත් කරදරෙ,,, අපිලිවෙලත් කරදරේ,,, ඔය හොදයි... :)))))))))
ReplyDeleteමෙච්චර ලොකු මං ළගත් මේ ළගක් වෙනකම් සමහර සෙල්ලම් බඩු තිබුණා.දැන්නම් පොඩි ලමයින්ට දීලා ඔක්කොම.මේවා දකිද්දි ආයෙත් එකතු කරන්න හිතෙනවා...
ReplyDeleteහැබැයි හසියා, හසියගේ යාළුවන්ට උදව් කලාම ඒ අය සමහරවෙලාවට පොඩි පොඩි සෙල්ලම් බඩු තෑගි කරනවා...ඒ වනම් තාම තියේ..
මේ නංගෝ බැරිද දන්නෑ මගේ කාමරෙත් අස් කරල දෙන්න....වැඩේ හොදට කලොත් මම ටෙඩියෙක් දෙන්නම්....මොකද කියන්නේ නංගියා...??
මේ ඔයා ඉන්නේ බලංගොඩද නංගියෝ ?
ඉස්සර මගෙත් බිත්ති පුරාම නෝට්ස්.ඒ උනාට මොකවත් මතක හිටින්නෙ නෑ.මෙව්ව දැක්කම මට ආයෙත් ස්කෝලෙ යන්න හිතෙනව.අර හය වෙනි රූපෙ තියන බිත්ති කබඩ් එක ටිකක් පිලිවෙලක් කරන්නකො.
ReplyDeleteහික්ස්...කාගෙන් ඇහුවත් , කවුරුවුණත් කියාවි තමංගේ කාමරය තමා ලෝකේ තියෙන "දිව්යලෝකේ" කියලා.ඒක තමයි ලෝක ස්වභාවය! :)
ReplyDeleteතව එකක්... ෆෑන් එකත් අප්සැට්.. ඒකෙ සවුන්ඩ් එක මරු ඒ උනාට...
ReplyDeleteසමා වන්න.. මා මේ තාක් දුටු එපාම කරන ලද බ්ලොග් අඩවිය මෙය බැව් කණගාටුවෙන් වුවද පැවසිය යුතුව ඇත..
ReplyDeleteඇත්තටම පිස්සුද කොහෙද?
ReplyDeleteඅඩේ අප්පා , පිලිවෙල අතින් මට වඩා උපරිමයි (*ඔන්න මම ,මං ගැනම අවංක වුණා !!)
ReplyDeleteමගේ කමරේ වගේමයි....:)
ReplyDeleteඔයා කියපු කතාව ඈත්ත..මටත් මගෙ කාමරේ තරම් වෙන හොද තෑනක් තවත් නෑ...
කාමරේ පාටනන් පොඩ්ඩක් අවුල් තමයි ඒත් ඉතින් මගේ කාමරේට වඩා දහස් ගුනයක් හොදයි හැබැයි මමනන් මගේ කාමරේ තමයි අඩුවෙන්ම ඉන්නේ
ReplyDelete@ ළමයා- හිහ් හිහ් හිහ්.. වෙන්න පුළුවන් නේ?
ReplyDelete@ පිස්සා පලාමල්ල - ඔව් ඔව් අයියා මම මේ ඔක්කොම දාල විකුනන්න ඉන්නේ ලගදීම.
ටිකක් පිළිවෙලයි. හීඊඊඊඊඉ.
@ ශාන් - බොහොම ඉස්තුතියි මල්ලියෝ. මම ඔයාව ඇඩ් කරා ඔන්න. :)
@ ඉලංදාරියා - බොහොම තැන්කියු ඉලන්දාරියා අයියා. නෑ නෑ ඒ තියෙන්නේ මගේ අයියගේ පොත් වගයක්. මම ගණිතය ලු කරන්නේ. අනේ මන්ද අනේ මන් එකත් හරියට දැන් නෑ..
හා දාමු කඩයක්. මටත් සල්ලි නැතුව ඉන්නේ මේ දවස් වල අනේ.. හිහ් හිහ්...
@Anonymous - නම සදහන් නොකළ එක ගැන ටිකක් විතර දුකයි. එත් කමන් නෑ. අදහසට තැන්කියු. :)
මේ පාටට ගොඩක් ය ආස නෑ. සතුටුයි මං වගේ ටිකක් හරි හිතන කෙනෙක් ඉන්න එක ගැන..
@ හිතුවක්කාර සිත ...... - හිහ් හිහ්.. එකනේ. අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ.. නේද?
@ හසියා - හරි හරි හසියා අයියා මං ඇස කරලා දෙන්නන්. ඇත මට ටෙඩී කෙනෙක් එපා. ටිපි ටිප් එකකරන් දෙන්නකෝ.. ඒ ඇති..
ReplyDeleteනෑ අයියා මම දකුණු පළාතේ.. ඒ ඇයි??
@දිනේෂ් අයියා - මටත් ඕක ටිකක් හිතුන...
එක දැන් ඇස කරලා අයියා තියෙන්නේ..
@ජන්ජාල චාමර-ඔව් අයියා ඔයා හරි..
@Anonymous - නම කියුවේ නැති උනාට මම ඔයාව දන්නවා..
@චමිත් - ඔව් ඔව්...
@හිගන්නා - හිහ් හිහ්.. අවංක කම හොද ගතියක් අයියේ..
@අනේ මන්ද?? - හ්ම්ම්ම්ම්ම්...
@කසු - හිහ් හිහ්.. එත් මේක මගේ අසම පාට අනේ..
දන්න බව මමත් දන්නවා... ඒකයි නමක් දැම්මෙ නැත්තෙ... හිහ්...
ReplyDeleteමාව අඳුනගත්තෙ නෑනෙ...
ReplyDelete@Anonymous - hmmmmmm.. mama dannawa..
ReplyDelete@පිස්සෙක් - na ne ane.. oya kawuda kiyala??? ath mawa danna kenek wage... kawuda me??
ඒක අහගන්න මගෙ පූස් පැටියගෙන්...
ReplyDelete@pissek.. hmmmmmm.. man dannawa dan...
ReplyDeleteලස්සනයි නගා ගොඩක් ලස්සනයි
ReplyDeleteදෙවියනෙ....මගෙ කාඹරෙ දැක්කනම් මේ සෙට් එක මොනා කියයිද ? ගෙදරට එන යාලුවන්ට වහාම කැමරා ගෙන එම තහනම් කර යුතුය..!!
ReplyDeleteමේ පාටමනෙ මගෙ කාඹරෙත් තියෙන්නෙ ? මටනම් කවුරුවත් බනින්න එන්නෙ නැ. පිස්සෙක් කියලා යනවා මිසක් :D
දැකල පුරුදු කාමරයක්.. :P
ReplyDelete@වැහි කිරිල්ලී- තැන්කියු අක්කියෝ...
ReplyDelete@බනී-දන් නං මටත් බනින් නැ අනේ.. තේඩරුමක් නෑ කියල කට්ටිය දන්නවා...
@කලු-හිහ් හිහ්.. මතකයි නේ?????
මේ මොකක්ද මේ මම හිතන්නේ මම දැකපු ජරාම බ්ලොග් එක. අනුන්ගේ කවි සිංදු මදිවට තමන්ගේ නිදන කාමරෙත් ෆොටෝ අරන් දාල බ්ලොග් එක පුරවලා. මීට වැඩිය හොදයි ඔයාගේ ජංගි ටිකයි බොඩි ටිකයි ඔය රැක් එකේ එල්ලළ ෆොටෝ අරන් දැම්මනම් අඩු ගානේ එන මිනිස්සු ඒවවත් බළලා යයිනේ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@anonymous:බල්ලෙක් වුනාට බලුවැඩ පෙන්නන්න එපා මිනිහො.තමන්ට කැමති ඕනම දෙයක් බ්ලොග් වල දාන්න අයිතියක් ඕන කෙනෙක්ට තියනවා.මේ ගෑනු ලමයා එයාගෙ අහින්සක හිතට එන අදහස් තමයි ඔය හැමෝම එක්ක බෙදාගන්නේ.ඔයා ඒවට අකමැතිනම් මේක කියවන්නෙ නැතුව ඉන්න.ඔහොම බොරුවට කම්මෙන්ට් දාන්න එපා.තිරිසන් වැඩ වලට හෙන වදී
ReplyDeletesha harima lassany oyage kamare nm....
ReplyDelete