"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Monday, July 12, 2010

නොනිමෙන පහන ඔබ....


ජීවිතයම කදුලක් වූදා
ඔබ මා ලග තනියට හිටියා
ලොවම අහිමි වී මා හැගි ගිය දා
ඔබ පමනක් මට හිමි වූවා
ජීවිත ගමනේ පා ඔසවන්නට
ඔබ මා හට සවියක් වූවා
මතු සන්සාරෙත්
ඔබේ දියණිය වී මා ඉපදේවා
මගේම මවු වී ඔබ හමු වේවා....

6 comments:

  1. ලස්සනයි නංගෝ... ගොඩක් ලස්සනයි.. ඔය ලියන්නෑ කිව්වට ලියන්නෙ.. ඔයා ලියන්න අපි බලන්න එනවනෙ....:D

    ReplyDelete
  2. ඔය තියෙන්නෙ, තව ඩින්ගෙන් මෙ ඇනොනිමස් කාරයෙක්ගෙ මොඩ ආතල් එකකට ඔයාගෙ දක්ශතා හන්ග ගන්නවා :-) එළ එළ දිගටම ලියන්න සුභපැතුම් !!!

    ReplyDelete
  3. කොයිතරම් අය අපිට පණදෙන්න වුනත් ඉන්නවා කියාගෙන හිටියාට අපි අසරණ වුන දවසට අපිට ඉන්නේ අම්මා විතරයි නගෝ..

    ලස්සනයි.. සහ සතුටුයි ‍නොනැවතී මේ බ්ලොග් එක ලියන එක ගැන.

    ReplyDelete
  4. සහෝදරිය දිගටම ලියන්න.. නවතින්න එපා...
    ඔයා වගේම අ.පො.ස උ.පෙ ගැටලුවට මාත් අහුවෙලා ඉන්නේ...
    විභාගය කියන්නේ ජීවිතය නෙමෙයි... වැදගත් වෙන්නේ ජීවත්වෙන ටික සතුටින් ඉදීම කියලයි මම හිතන්නේ.. ඔයා ඔච්චර කලකිරීමකින් ඉන්නේ ඇයි කියලා මම දන්නේ නෑ... ඒත් සතුටින් ඉන්න උත්සහ කරන්න...
    ජීවිතේ සුන්දරවෙයි...

    ReplyDelete
  5. මතු සංසාරේ ඔ‍බේ සෙනෙහෙ මැද මා ඉපදේවා...

    ReplyDelete