
ඔන්න ඉතිං මං ආයිමත් ආවා. දවස් 2,3කට කලින් "හෙට දාන්නං" කියපු පෝස්ට් එක ඔන්න අද තමා දාන්න හිතුවෙ. ඔක්කොටම වඩා කම්මැලිකම ලොකුයි නේ මෙයා.ඔන්න ඉතින් උදේ පාන්දර 10ට විතර නැගිටලා. ෆිල්ම් එකකුත් බලලා කියලා මුහුණු පොත පැත්තෙත් රවුමක් ගිහින් තමා ඔන්න මේ පැත්තේ ගොඩ උනේ...
යාලුවො ගැන ලියන්න කියලා හිත හදාගෙන ලියන්න ගත්තට මොකද නිකන් දුකයි වගේ. හිහ් හිහ්... කටක් ඇරලා මේ යාලුවො කරන හොද වැඩ කියන් පුලුවන්ද?? (බෑ නේ..)
ඔන්න මුලින්ම අපි සිංහල අපේ කස්ටිය ගැන ලියනවා.. (මොකද මගේ හොදම යාලුව ගැන මං මුලින්ම පෝස්ට් එකක් දාලා තියන්වා නේ.) මමයි ,1යි, 2යි, 3යි... හරි මාත් එක්ක ඔක්කොම 8 දෙනයි.. මුහුනු පොතේ හම්බුන කෙනෙකුට එතන ඉන්නෙ මම විතරයි මං හිතන්නෙ. ඔක්කොමලා උපන් දා ඉදන් එකට හිටපු අපේ ගාලු පුරේ සනුහරේ නේ.මම ඉතින් එක තැනක් කියලා නෑ නේ. ලංකාව වටේම පදින්චිය.
ඔන්න මගේ ටිකිරි මොලේට දැන් ආපු අදහසක්.අපේ කස්ටිය ගැන මං වෙන වෙනම පෝස්ට් ටිකක් දාන හිතුවා. ඔන්න ඉතින් මේ පෝස් එක මෙහෙම අවසන් කරනවා. මුලින්ම අපේ "අපි සිංහල"සාමාජික කස්ටිය ගැන පෝස්ට් 7 බලාපොරොත්තු වෙන්න හොදේ. හිහ් හිහ්. කරන්න යන්නෙ කස්ටියගේ ජීවිත වල ඕප දූප ටික අවුස්සන්න... මේ දවස් ටික ගෙවා ගන්න ඒක හොද ක්රමයක් වෙයි නේ..
ඔන්න මුල්ම පෝස්ට් එක අපේ ආදරනීය රත්ගමයා ගැන බලාපොරොත්තු වෙන්න...එතකන් වෙයිට් හොදේ... ටටා...
නමෝ විත්තියෙන් ඉස් ඉස්සරවෙලාම රත්ගමයා ගැන දාන එකනම් හොදයි.මගේ බ්ලොග් අවකාශේ සෙට්වුන මගේ අලුත්ම යාළුවානේ ...
ReplyDeleteබලා ඉන්නේ පෝස්ට් එක දානකම්...
සුභ වේවා හැමොටම....
ගම කන්න එපා හොදේ..වෙඩි තියනවා බොට...යකෝ අසික්කිත දෙවල් නැතුව හොද ටික දාපන්..මගේ (සුදු) නගා නේ බන්...
ReplyDeletehodai hodai wade hodai !
ReplyDelete@පොඩ්ඩා මල්ලි-තැන්කියු අනෙ.. ඔයාටත් අවස්තාව තියන්වා රත්ගමයා ගැන තියන අදහස් මට මුහුනු පොතෙ හරි එවන්න පුලුවන් හොදේ...
ReplyDelete@රත්ගමයා-බිය නොවන්න සුදු අයියන්ඩිය.. මම මේ ගාලු පුරේ හැමෝගෙන්ම අහුව අද. හෙට වෙනකොට මට ඕන ඔක්කොම විස්තර ටික ලැබෙයි... බලාගෙන ඉන්නකො.. දවස් 2ක් ඇතුලත සුදු අයියට මං ඩෙන්නන් හොදට...
@අකිල-තැන්කියු අනේ...
නිරහංකාරී බොහොම අහින්සක විදිහට යාළුවෝ කස්ටියට මඩ ගහන්ඩ වගේ දත කන්නේ.... අනේ හැබෑටම අර කකුළුවෝ ගැන ඇති වෙච්ච දුක දැනෙන්නේ නැද්ද ඔය යාළුවන්ගේ චරිතේ ඝාතනය කරන්ඩ ලැහැස්ති වෙද්දි...?
ReplyDelete@ජිවා- හිහිහිහිහිහි... අනේ මම කරන්න යන්නෙ එහෙම වැඩක් නෙවෙයි අනෙ... මඩක් නං තමා ඒත් ගොඩක් අහිංසක මඩක්. මේක ගැන කියපු හැමෝටම මං කියුවෙ හිත රිදෙන්නෙ නැති මඩ එහෙම තියන්වා නං මට කියන්න කියලා. කකුලුවො වගේද අනෙ යාලුවො... මටත් ඔය අපේ කස්ටියගෙ බ්ලොග් වල මදි නොකියන්න මඩ තියනව අනේ. එකයි බලලා බලලා බැරිම තැන ඒක මාත් පටන් ගත්තෙ... :) :) තැන්කියු අනේ අදහසට... ඉලග පෝස්ට් එකත් බලන්න එන්න.
ReplyDeleteඒක හොඳයි. අපිටත් දැනගන්න පුලුවන්නෙ කස්ටියගෙ පැටිකිරිය... එහෙනම් ඔන්න චමියා මග බලාගෙන ඉන්නවා...
ReplyDelete