"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, December 26, 2010

නිවාඩුයියියියියියි!!!!




ඔන්න මාසෙකට පස්සෙ කට්ටියගෙ සැප දුක් හොයලා බලලා යන්න මං ආයිමත් ආවා... :) :) කට්ටියට කොහොමද?? හොදින් ද??? ආහ්?? කවුද මේ මට බන්න්නෙ?
මොකද්ද? ඇහුනේ නෑ? බොරු පොරොන්දු?
කවුද? මේ මම? ගෙට්ටුගෙදර් ආවෙ නෑ??
අහ්හ්.. මේ දැන් නේ මතක් උනේ. හරිම ආසාවෙන් හිටියෙ අපේ කට්ටියව බලා ගන්න ඒත් මොනවා කරන්නද. මාස 4කට පස්සෙ ගම රට බලා යන්න දා ගත්ත දවසෙ ම නේ ඒකත් තිබුනේ. ඉතින් කට්ටියම සමාව දෙනු මැනවි. විශේශයෙන්ම මං හැමදාම බොරු පොරොන්දු දෙන , ඒ වගේම ඒවට හැමදාම සමාව දෙන මගේ යාලුවා, "බනී" අනේ මේ සැරෙත් මට සමාව දෙන්න හොදේ???අපි ඉතින් යාලුවො නෙ මෙයා. :) :)

මේදවස් ටිකෙම කට්ටියගෙ බ්ලොග් කියෙව්වා විතරයි. පෝස්ට් එකක් වත් දාන්න වෙලාවක් නෑ.ඒත් මෙන්න එක පාරටම නිරහංකාරිට දවස් 5ක ලොකූ නිවාඩුවක් හම්බෙලා. කර ගන්න දෙයක් නෑ.

පලවෙන් දවසෙ අපාය වගේ තිබුන මගේ රාජ බවන අස් කරා. හොයා ගන්න බැරුව තිබුන ඒවා ගොඩක් හම්බුනා ඒක නිසා.කම්මැලි කමේ ඉන්නකොට අකුරු හතරෙ එකට ඉගන ගන්න යාලුවෙක් මතක් වෙලා "අනේ මතන් කම්මැලි" කියපු ගමන් ඒ මතන් අපේ ගෙදර් ආවා. ඉතින් කියව කියව දවස ගෙවා ගත්තා. දෙවෙනි දවසට ප්ලෑන් එකක් එක්කම එදා ඉවර උනා.

ඔන්න දැන් දෙවෙනි දවස, උදේ පාන්දර 9ට විතර ගෙදරින් එලියට බැස්සා මගෙ මතන් එක්ක,තව මතන් ලා 2න්නෙක් මගට එනවා කියුවා. හිහ් හිහ්. ප්ලෑන් එකක් ගැන කියුවට ප්ලෑන් එක මොකද්ද කියුවෙ නෑ නේ?

ඔන්න ඉතින් මායි මගේ මතනුයි 9.30 වෙනකොට කොලොම්පුරේ. අර එනවා කියපු අනිත් මතන් ලා දෙන්නා ටිකාක් විතර පරක්කු උනා කියාගෙන පැය් 3ක් විතර පරක්කු වෙලා තමා හරියට තැනට ආවෙ. ඔන්න 4 දෙනා එක්ක යනවාආ දැන් හිම හොයාගෙන. කෝ හිම?? හැටන් නැශනල් බැංකුව පහු කරගෙන ටික දුරක් ගියමා තවත් ටික දුරක් ගියාම තියන්වා කියලා තමා ගූගල් අයියා නම් කියුවෙ. ඒක නිසා පයින්ම හොයාගෙන ගියා. කකුල් 2ට වැද වැද යනකොට ඔන්න තියනවා හිම.හෝව් හෝව් හිම හොයන්න එපා මේ හිම තියන තැන ලගට විතරයි අනේ ආවෙ. අමතක උනා අනේ. අපි යන්න හදන්නේ අර හිම තියන තැන? ආන් එතන්ට ගිහින් එන්න. ඒත් ඉතින් හිම දකින්න අවසර හම්බුනේ නෑ ආපේ අම්මගෙන්. :( :(

කොහොමින් කොහොමින් හරි ලොව් බජට් ට්‍රිප් එකක් ගිහින් , බඩ පිරෙන්න කාලා, හිත පිරෙන්න සතුටෙන් මතන් ලා 4 දෙනා හවස් වෙනකොට මං මතන් ගෙ ගෙදර ආවා අයිමත්. :) :)

ඔන්න ඔහොම නිවාඩු දවස් වලින් 2/5ක් ඉවර උනා. තව දවස් 3ක් ඉතුරුයි. කරන්න දෙයක් තාම හිතා ගන්න බෑ. :) ටික්කා අයියගෙ ඩිජිටල් සහොදරයට පිං සිද්ද වෙන්න යන යන තැන් වල ලස්සන මතකයන් ගොඩක් එකතු උනා.

ආයිමත් ලගදිම එන්නංකො කට්ටියගෙ සැප දුක් බලලා යන්න. දැන් නං හැමෝටම මාව අමතක වෙලා.. :'( ඉදලා හිටලා හරි ඇවිත් යන්නෙ අපෙ පිස්සා අයියා,හිස් අහස, ඉරු,හාවා, හිගන්නා, ඔය වගේ ටික දෙනෙක් ව්ඉතරයි... හ්ම්ම්ම්ම්... මං හිතනවා මං තනි වෙලා නෑ කියලා.. :) :)

4 comments:

  1. අපිටත් නිවාඩු......... 3 වෙනිදා වෙනකම්.. මටත්නම් දැන් ගෙදර ඉදලා එපාවෙලා මතං.. වැඩක් නෑ..

    අකුරු හතරට සෙනසුරාදා ඉරිදා පෝය නොබලා යන්න හිතෙනවා මට දැන්.. හික් හික්..

    නඟා මූණුපොතේදිවත් දැක්කේ නෑ නෙව.. අකුරු හතරේ තිබුණටැස්ට් එක ‍එහෙම ලේසීද?

    ReplyDelete
  2. අපිටනම් නිවාඩු නෑ නෙව. අපි ඉතින් වැඩකරන ජනතාව නේ . ඔයා මේ දවස් වල ගොඩාක් කාල බුදියනවා කියලයි ආරංචිය ..

    කවුරු නැතත් අපි මෙහේ එනවනේ

    ජයවේවා !!

    ReplyDelete
  3. dawas 2 gewunw widiya naeakamath na. :)

    ReplyDelete
  4. ane manda jivite hati

    ReplyDelete