"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, January 22, 2011

පරණ කතාවක් අලුත් හමු වීමක් "අපි සිංහල" ......

කියන්න යන්නෙ නං පරණම පරණ කතාවක්.. ඒත් සම්බන්දෙ අලුත් නිසයි මේක ලියන්න හිතුවෙ. ඔන්න මං උසස් පෙළ කියලා එකක් කරා නේ. ඒක කරේ 2010 අවුරුද්දෙ නෙව. ඔන්න 2008 ඉදන් 2010 වෙනකන් මං අමාරුවෙන් ඔක්කොම සතියට දවස ගානේ ඔක්කොම් සති ටික එකතු කරාම මාස 4ක් විතර අවුරුදු 2ටම ක්ලාස් ගියා නේ. ඒ ගියෙත් මාස 2කකට එක දවස්ක් වගේ. ඔහොම යනකොට අන්තිමටම හිර උනාම. තියරි ක්ලාස් නවත්තලා රිවිශන් යන්න ගත්තා. ගාල්ලෙ ශ්‍රී පතිරණ සර් ගෙ පන්තිය.

ඔන්න මුල්ම දවසෙ ගියා. මරු. 2010 උසස් පෙළ කරන අය රිවිශන් යන්න හිතලවත් නැති කාලෙ නෙ. මඔ තමා පොඩි එකා ඒකටම හිටපු. ඔන්නා මුල්ම දවසෙ ගියා. උදේ පාන්දරම 7ට විතර(මගේ නරක පුරුද්දක් ඒක. මොන පංතියට ගියත් උදේ පාන්දරම යන එක.). එකෙක් වත් නෑ. කියන්න අමතක උනා නේ පංතිය තිබුනේ පන්සලක. සර් ගේ 2009 ක්ලාස් ආපු අය දන්නවා ඇති නේ. ඔන්න ගිහිපු ගමන් රවුමක් කැරකුනා. පන්සලේ බෝධිය ලගට ගිහින් වැදලා එහෙම ඇවිත් ආයිමත් රවුමක් කැරකුනා. ඒත් කවෘත් නෑ. නික්මට වගේ ටිකක් පංතියක් ඇතුලට එබුනා. අනේ දෙයියෝ දැක්කා වගේ. ඉන්නවා ටික්කා අයියා.

"අයියේ ශ්‍රී පතිරණ සර් ගේ ක්ලාස් එක ..." කියනකොට උත්තරේ ඇවිත් ඉවරයි.

"මෙතන නංගි තියෙන්නෙ 8ට පටන් ගන්නෙ." මොනවා උනත් හරි හිත හොද ටික්කා.

මං ගිහින් පන්තියෙන් වාඩි උනා. ටික්කා උනාට මොකො පොඩි පාටයි. මට හිතුනෙ ගෙදර සල්ලි ප්‍රශ්න ඇති ඒක නිසා මෙහෙම රස්සාවක් කරනවා ඇති කියල.

ඔහොම ඉන්නකොට එකා 2න්නා ඇවිත් මුලු පන්තියම පිරුනා. කවදාවත් ඉස්සරහාම පේලියක ඉදලා පුරුද්දක් නැති නිසා මුලින්ම ආවා උනත් වාඩි උනේ අන්තිම පේලියට පේලි 2ක් විතර කලින්. ඔන්න සර් ආවා පන්තියට. ආහ්. විනාඩියක් ගියේ නෑ ලොකූ හූ සද්දයක් එක්ක මෙන්න කොලු ගැටයෙක් පන්තියට ආවා. අර කාටද කවුද පැනපි කියුවලු. ටික්කා නේද ආවෙ අර තරන් ප්‍රේක්ශක ප්‍රතිචාර මැද??

මල මගුලයි. ඒ ටික්කෙක් නෙවි නේ. මේකෙ ඉගන ගන්න කොලු ගැටයෙක් ලු නේ. හොද වෙලාවට මිනිස්සුන්ට හිතින් නොන්ඩි කරන ඒවා තේරුන් ගන්න බෑ.ඔන්න ඔහොම ඒක එක සිද්දියක්ම වෙලා අමතක වෙලා ගියා. මං පතිරණ සර් ගෙත් අමාරුවෙන් මාස 3ක් විතර කාඩ් අරගෙන සති 2ක් විතර ක්ලාස් ගිහින් එකත් නවත්තලා තැම්මා.

කාලයක් ගියා.... මුහුනු පොතෙන් මට හම්බුනා අපේ ගම් පලාතෙ කොලුවෙක්. නමින් නං නරියෙක්,ඒ නරි මල්ලිගෙන් මං අදුර ගන්නව කලු මල්ලිව. (මල්ලිල්ලා ලෙස හැඩදීන්නුවද මට වඩා වැඩිමල් ය.)කලුවා ඒ දිනවල පවුල් අවුල් කරගෙන දුක කියාගෙන අඩාගෙන තමයි හිට්යෙ. ඔහොම යනකොට එතනින් අදුර ගන්නවා මං ඩිලෝන් ව. එතකොට ඉන්න එකම බ්ලොග් ලියන යාලුව තමයි කලුවා. පස්සෙ මටත් ඔය උන ඔලුවට එනවා. කොහොම කොහොම හරි මාත් හතර ව්අටෙන්ම අහගෙන බ්ලොග් එකක් පටන් ගන්නව.පස්සෙ දැන ගන්නවා ඩිලොනුත් බ්ලොග් එකක් කරනවා කියලා. එයත් ගොඩක් උදවු කරනවා.ඔහොම ටික ටික යනකොට එක පාරටම කලුවා හදනවා මුහුනු පොතේ ගෲප් එකක්."අපි සිංහල" ...

හිතුවට වඩා ලියාගෙන යනකොට දිග වැඩි උනා. ඉතුරු ටික හෙටම ලියලා දාන්නංකො... :) :)

Friday, January 21, 2011

ගොඩක් පාළුයි ලූ......

උඩේ පාන්දරම ගොඩ උනා ඔන්න. ඊයෙ පලවෙනි පාරට ගූගල් බස් ගියාම තමයි දැක්කෙ කට්ටිය හැමෝම එකතු ව්එන තැන ඒක කියලා එතකොටම දැක්කා කට්ටිය හැමදාම බ්ලොග් ලියන්න සතියක් දාගෙන කියලා.. වැඩි විශ්ටර ලැබුනෙ අපේ අනුරාධ සහෝදරයගෙන් නේ.

හ්ම්ම්ම්ම්.. අද නිවාඩුයි. මතක් උනේ මං කොලොම්පුරේට ආපු දවස් වල ඉදන්ම මේ ලගක් වෙනකන්ම මට නිවාඩු දවස කරන්න ගොඩක් වැඩ තිබුනා. ඒත් අද??? ගොඩක් පාලුයි. ගොඩක්ම ඕනවටත් වඩා.

හොදම යාලුවො කියන්නේ ජීවිතෙ හැමදාම ලග ඉන්න අය ලූ. ඒත් අද මං ලග කවුරුත් නෑ වගේ කියලා හිතෙනවා. මෙච්චර කාලෙකට මට අම්මා ,තාත්තා නැති උනත් ලග හිටපු අය අද නෑ.. යාලුකමක් කියන්නේ වීදුරුවක් වගෙ දෙයක් ලූ. මෙච්චර කල් ඒක අහල තිබුනා විතරයි. ඒත් අද ඒක මටම දැනෙනවා.

ගොඩක් පාලුයි. ගොඩක්ම.. ඔයාලා 2න්නටම එක එහෙම නැතුව ඇති සමහර විට. ඒත්, අනේ මංදා. ඔයාලා 2න්නගෙන් එක්කෙනෙක් වත් මේක කියවන එකක් නෑ. ඒත් මං ලියනවා. ආයි පරන යාලුවොන්ව මට හොය ගන්න පුලුවන් නං???? මට ගොඩක් පාළුයි. ගොඩක්ම.

හොයාගෙන ගිහින් අඩලා කියන්න හිතෙනවා මාත් එක්ක තරහා වෙන්න එපා කියලා. එත් නෑ. මං කියන්නෙ නෑ. ආයි පරන යාලු කම හැදුනත්, මතක තියෙයි. හිතේ දෙයක් තියාගෙන හැමදාම බොරුවට යාලු කමක් තියෙයි. හ්ම්ම්ම්ම්ම්... ඒත් මට ගොඩක් පාලුයි.

කියන්න තියෙන්නෙ මං වෙනුවෙන් කරපු හැන දේකම වටිනාකම මං අද වෙනකන් තියලා තියනවා. හැමදාකම තියනවා. ගොඩක් පිං. යාලුවොන්ට "තෑන්ක්" කරන්න එපා කියපු ඔයාලම දැන් පොඩි උදවුවක් කරත් මට තැන්ක් කරනවා කට ඇරලා. හ්ම්ම්ම්ම්.. ඒවා වදින්න ඕන තැනට වදිනවා ඕනවටත් වඩා.

හිහ් හිහ්... ඔන්න උදේ පාන්දරම විකාර කියෙව්වා. මං යනවා හොදේ. හැමෝටම බායි. (ලියන්න හිට්යෙ වෙන දෙයක් එත් උදේ පාන්දරම ඇස් වලට කදුළු ආවා ඉස්සර දෙවල් මතක් වෙලා. ඒකයි මේක ලියවුනේ. )

Wednesday, January 19, 2011

උඹලට ආරංචිද මචං............

මචං..

ම්ම්ම්ම්ම..

අවුරුදු උත්සවයක් තියවලු නේද??
කොහෙද බං….

හෙන්රි ප්‍රේද්‍රිස් එකේ බං..

නොදකින් උඹ දන්නෙවත් නැද්ද…

හුටා… මං දැක්කා බං පොස්ට් එක.. ඒක සිරාවටද ඇ….

සිරාවට තමා බොල.. උඹ යනවද??

යමු නේ බං.. කන්නත් දෙනවලුනේ……..

කන්න නෙමේ බං.. ආතල් එකක් දාන්න පුලුවන්.. කෙල්ලොත් එනවලුද ?….

ඔවු බං බුකියෙ සෙට් බහිනවලු බං..

නෑ……. එහෙනුත් එනවලුද… මරුනේ බං…… යමු යමු….

එහෙනන් කොහේටද සෙට් වෙන්නේ…
කෙලින්ම එතනට බහිමු..
කීයටද..

අපි 9.30ට යමු බං…

එහෙනන් අප්‍රේල් 3 වැඩ දාගන්න එපා හරිද ? ..

අනිවා… මං එනවා..

එළස්.. සෙට් වෙමු වෙලාවක..

අනිවා..
බායි මචං…


නිර්මාණය - පසන් මධුරංග


සිහින අවුරුදු උළෙල ගැන ඔබේ නිර්මාණ අපට එවන්න..... ඔබේ සිතට දැනෙන දේ අපිට ලියන්න මෙන්න විද්‍යුත් ලිපිනය...
cybernewyearfestival2011@gmail.com

ඔන්න මම ආයිමත් ආවො!!!!!!!!!!!



හැමෝටම සුභ දවසක් වෙන්න කියලා ප්‍රාර්තනා කරා ඔන්න හොදේ!!! ඔන්න මම ආයිමත් ආවො. හිහ් හිහ්.. හිතුවෙ අවුරුද්දක් වත් ලියන්නේ නැතුව ඉන්න.ඒත් මෙන්න මO මාසෙන් ආයිමත් ඇවිත්.හ්ම්ම්ම්ම්...

වෙච්ච දේවල්,තාමත් වෙන දේවල්,ඉස්සරහට වෙන්න තියන දේවල් කිසිම දෙයක් ගැන හරියට විස්වාසයක් නැතුවයි තාමත් මO ඉන්නෙ.

ඊයෙ දවස ගොඩ කාලෙකට පස්සෙ නිවාඩුවක් හම්බුන දවසක්.කරන්න දෙයක් නැතුව නිකන් බලාගෙන ඉන්නකොට තමයි දැක්කෙ බුකියෙ අපේ අයගෙ එකතු වෙන තැනක් තියනවා කියලා.නිකමට වගෙ රික්වෙස්ට් එකකුත් දැම්මා.මෙන්න එතකොටම ඇඩ්මින් ඇවිත් මාව ඒ ගෲප් එකට ඇඩ් කරා.

සාමාන්යෙන් මO ආසම නැති දෙයක් තමයි ගෲප් චැට් කියන්නෙ. මොකද තත්පරේට මැසේජ් 100ක් විතර එනවා නේ. ඒත් ඉතින් ගිහින් බැලුවම ඔක්කොම ඉන්නෙ දන්න අදුරන අය(මම විතරයි.එයාලා මාව අඩුරන්නෙ නැ.හිහ් හිහ්.. තාම පොඩි එකි නේ මO.)ගිහිපු ගමන්ම ලොකූ හායි එකක් එක්ක අයියා කෙනෙක් මාත් එක්ක කතා කරා. අභීත අයියා. මO එයාට කියුවා මO කවුද කියලා.ඔන්න එතකොටම හා පැටික්කිත් ඇවිත් කත කර, තව ගොඩක් අය, අනුරාධ අයියා.

ගෙවාගන්න අමාරුවෙන් හිටපු ඊයෙ දවස ගෙවා ගන්
න මට කට්ටිය උදවු කරේ ඔන්න ඔහොමයි. අන්තිමට මO හැමෝටම කියුවා. මO ලියපු බ්ලොග් එක මේක කියලා. කියපු ගමන් ම අනේ නගෝ ආයිමත් ලියන්න කියල කියපු අයට පිO. ඇත්තටම නැත්තO මO ආයි කාලෙකට බ්ලොග් ලියන්නේ නැතුව ඉන්නයි හිතුවෙ.මට සිOහල යුනිකොඩ් හොයලා දුන්න අනුරාධ අයියට ,මගේ සුදු අයියා රත්ගමයටයි ගොඩක් තැන්ක්ස් හොදේ.

අකුරු 4 ජීවිතෙත් ගොඩාක් ආදරෙන් ගොඩාක් සතුටින් ගෙවෙනවා.යාලුවො ,සහොදරයො වගෙ මගේම කියලා හිටපු 2,3ක් මගෙන් ඈත් උනා පහුගිය දවස් ටිකේ. හ්ම්ම්ම්ම්... ඒක දිග කතාවක් නෙව.

ඉතින් ඉතින් කට්ටිය කොහොමද ජීවිතේ??? අප්‍රේල් 3 වෙනිදා කට්ටියම එනවා නේද??? මැරුන් නැතුව හිටියොත් හැමෝම එක්ක මාත් එනවා එදාට නO. හැමදාම උදේට අකුරු 4ට යනකොට බලාගෙන යනවා.අප්‍රේල් 3 වෙනිදට මෙතන කොයි තරම් නO දේවල් වෙයිද කියලා.
ඔන්න එහෙනO මO යනෝ. කතාවක් ලියන්න හිතේ පොඩි ආසවක් තියනවා. ඒත් ඉතින් මට පුලුවන් වෙයිද කියලා සැකයි.බලමු.හැමෝටම බුදුසරණයි... :) :) :)

Saturday, January 1, 2011

කවදාම හරි...


හිස් අහස තරු වලින් පිරෙන දවසකට...
ඉරුට සදු හිමි වෙන දවසකට...
සයිබර් ලියන්නෙකුට තමංගෙම කවියේ අයිතිය ලැබෙන දවසක...
පුංචි ළමයෙකුට ආයිමත් විකාර හිතෙන දවසක...
පිස්සෙකුට පළා මල්ලෙන් සතුට හම්බෙන දවසක...
සොදුරු සිතැත්තියකට තමන්ගෙ ආදරෙ හම්බෙන දවසක...
හා පැටියෙකුට උනුහුමට ආදරේ ලැබෙන දවසක...
උපේක්ශාවෙන් කලුවර නැති කරන දවසක...
හිගන්නන් පෝසතුන් වන දවසක...
සිදංගනාවිය සතුටු වෙන දවසක...
ආගන්තුක බෝඩිං කාරයන්ට නවාතැනක් හිමි වන දවසක...
පුබුදුවා පිබිදෙන දවසක...

චමියා,එරංග,හා පැටික්කි,පැන්ඩා,ඉශ්,ජීවා,අකිල,ප්‍රාර්තනා,ශාන්,ම්හිරංග,ශශි,ගීත්(සහූර්දයා),සසීන්ද්‍ර මල්ලි, හසී පවුල,ජේ.ඩී, ඩිලෝන්,සනා,සසද,තිසර ප්‍රියංකර,කපිල රාමනායක,රවා,පසන්,අයේශා,අසී,හසි රන්,කවියා,නුවන්,ශාන්,වැහි කිරිල්ලී,කසූ,අනේ මන්දා??,චමිත්,ජංජාල චාමර,ඩිනේශ්,හිතුවක්කාර සිත,බෙලෙක්කයා,කටකාරි,රසියා,භාග දොස්තර., මචං, හිච්චි හාමි,පසන් තරිදු,ඉන්ඩි,

අපි හැමෝම සතුටින් ඉන්න දවසක...
අපි ආයිමත් හමු වෙමු!!!!!

අවසන් ගමන්!!!

අලුත් අවුරුද්ද හැමෝටම සුභ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්තනා කරනවා. "අවසන් ගමන්" දැකපු ගමන් හිතා ගන්න පුලුවන් නේද අලුත් අවුරුද්දෙත් මොකක් හරි විකාර කතාවක් කියලා. ඔන්න අහිංසකාවි සමු ගන්නයි යන්නේ. කවුරුත් කියවන්නෙ නැති බ්ලොග් එකක් ලියලා නිකන් සින්ඩි පුරවන්න ඕන නෑ නෙව. මේක සමහර විට ටික කාලෙකට වෙන්න ඇති. සමහර විට හැමදාටම වෙන්න ඇති.

කාලෙ හරි. ආයිමත් දවසක කවදම හරි කොහෙදි හරි අපි හම්බෙයි. හිස් අහසෙ තරු පිරිලා ඉතෙරෙන දවසකට, ඉරුට සද අයිති උන දවසට, ළමයෙකුට ආයිමත් විකාර හිතෙන දවසක, පිස්සු හාවෙකුට පේන හීන ඇත්ත වෙන දවසක, එක පිස්සෙකුගෙ පළාමල්ලෙන් කවදාම හරි ආදරේ හම්බෙන දවසක, අපි හැමෝම සතුටින් ඉන්න දවසක ආයිමත් අපි හම්බෙයි.

මාත් එක්ක මෙච්චර දවස් හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි. අහිංසකාවිට යන්න අවසර!!!!!

Sunday, December 26, 2010

නිවාඩුයියියියියියි!!!!




ඔන්න මාසෙකට පස්සෙ කට්ටියගෙ සැප දුක් හොයලා බලලා යන්න මං ආයිමත් ආවා... :) :) කට්ටියට කොහොමද?? හොදින් ද??? ආහ්?? කවුද මේ මට බන්න්නෙ?
මොකද්ද? ඇහුනේ නෑ? බොරු පොරොන්දු?
කවුද? මේ මම? ගෙට්ටුගෙදර් ආවෙ නෑ??
අහ්හ්.. මේ දැන් නේ මතක් උනේ. හරිම ආසාවෙන් හිටියෙ අපේ කට්ටියව බලා ගන්න ඒත් මොනවා කරන්නද. මාස 4කට පස්සෙ ගම රට බලා යන්න දා ගත්ත දවසෙ ම නේ ඒකත් තිබුනේ. ඉතින් කට්ටියම සමාව දෙනු මැනවි. විශේශයෙන්ම මං හැමදාම බොරු පොරොන්දු දෙන , ඒ වගේම ඒවට හැමදාම සමාව දෙන මගේ යාලුවා, "බනී" අනේ මේ සැරෙත් මට සමාව දෙන්න හොදේ???අපි ඉතින් යාලුවො නෙ මෙයා. :) :)

මේදවස් ටිකෙම කට්ටියගෙ බ්ලොග් කියෙව්වා විතරයි. පෝස්ට් එකක් වත් දාන්න වෙලාවක් නෑ.ඒත් මෙන්න එක පාරටම නිරහංකාරිට දවස් 5ක ලොකූ නිවාඩුවක් හම්බෙලා. කර ගන්න දෙයක් නෑ.

පලවෙන් දවසෙ අපාය වගේ තිබුන මගේ රාජ බවන අස් කරා. හොයා ගන්න බැරුව තිබුන ඒවා ගොඩක් හම්බුනා ඒක නිසා.කම්මැලි කමේ ඉන්නකොට අකුරු හතරෙ එකට ඉගන ගන්න යාලුවෙක් මතක් වෙලා "අනේ මතන් කම්මැලි" කියපු ගමන් ඒ මතන් අපේ ගෙදර් ආවා. ඉතින් කියව කියව දවස ගෙවා ගත්තා. දෙවෙනි දවසට ප්ලෑන් එකක් එක්කම එදා ඉවර උනා.

ඔන්න දැන් දෙවෙනි දවස, උදේ පාන්දර 9ට විතර ගෙදරින් එලියට බැස්සා මගෙ මතන් එක්ක,තව මතන් ලා 2න්නෙක් මගට එනවා කියුවා. හිහ් හිහ්. ප්ලෑන් එකක් ගැන කියුවට ප්ලෑන් එක මොකද්ද කියුවෙ නෑ නේ?

ඔන්න ඉතින් මායි මගේ මතනුයි 9.30 වෙනකොට කොලොම්පුරේ. අර එනවා කියපු අනිත් මතන් ලා දෙන්නා ටිකාක් විතර පරක්කු උනා කියාගෙන පැය් 3ක් විතර පරක්කු වෙලා තමා හරියට තැනට ආවෙ. ඔන්න 4 දෙනා එක්ක යනවාආ දැන් හිම හොයාගෙන. කෝ හිම?? හැටන් නැශනල් බැංකුව පහු කරගෙන ටික දුරක් ගියමා තවත් ටික දුරක් ගියාම තියන්වා කියලා තමා ගූගල් අයියා නම් කියුවෙ. ඒක නිසා පයින්ම හොයාගෙන ගියා. කකුල් 2ට වැද වැද යනකොට ඔන්න තියනවා හිම.හෝව් හෝව් හිම හොයන්න එපා මේ හිම තියන තැන ලගට විතරයි අනේ ආවෙ. අමතක උනා අනේ. අපි යන්න හදන්නේ අර හිම තියන තැන? ආන් එතන්ට ගිහින් එන්න. ඒත් ඉතින් හිම දකින්න අවසර හම්බුනේ නෑ ආපේ අම්මගෙන්. :( :(

කොහොමින් කොහොමින් හරි ලොව් බජට් ට්‍රිප් එකක් ගිහින් , බඩ පිරෙන්න කාලා, හිත පිරෙන්න සතුටෙන් මතන් ලා 4 දෙනා හවස් වෙනකොට මං මතන් ගෙ ගෙදර ආවා අයිමත්. :) :)

ඔන්න ඔහොම නිවාඩු දවස් වලින් 2/5ක් ඉවර උනා. තව දවස් 3ක් ඉතුරුයි. කරන්න දෙයක් තාම හිතා ගන්න බෑ. :) ටික්කා අයියගෙ ඩිජිටල් සහොදරයට පිං සිද්ද වෙන්න යන යන තැන් වල ලස්සන මතකයන් ගොඩක් එකතු උනා.

ආයිමත් ලගදිම එන්නංකො කට්ටියගෙ සැප දුක් බලලා යන්න. දැන් නං හැමෝටම මාව අමතක වෙලා.. :'( ඉදලා හිටලා හරි ඇවිත් යන්නෙ අපෙ පිස්සා අයියා,හිස් අහස, ඉරු,හාවා, හිගන්නා, ඔය වගේ ටික දෙනෙක් ව්ඉතරයි... හ්ම්ම්ම්ම්... මං හිතනවා මං තනි වෙලා නෑ කියලා.. :) :)