"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Friday, October 1, 2010

සුභ ළමා දිනයක් වේවා !!


ඔන්න මගේ මඩ පෝස්ට් එකට කලින් තව පෝස්ට් එකක් දාන්න උනා නේ. හැමෝටම සුභම සුභ ලෝක ලමා දිනයක් වේවා!!! අපි ඔක්කොම එක යායේ කියුවලු. අපේ බනී කොලුව නං ලෝක ලමා දින පනිවිඩේකුත් කියලා තියනවා මං දැක්කා. මට ඉතින් ඕවා මතක් වෙන්නෙ නෑ අනේ... මට ඇතුලු හැමෝටම සුභ ළමා දිනයක් වේවා !!

Thursday, September 30, 2010

මුහුනු පොතේ අපි.01


ඔන්න ඉතිං මං ආයිමත් ආවා. දවස් 2,3කට කලින් "හෙට දාන්නං" කියපු පෝස්ට් එක ඔන්න අද තමා දාන්න හිතුවෙ. ඔක්කොටම වඩා කම්මැලිකම ලොකුයි නේ මෙයා.ඔන්න ඉතින් උදේ පාන්දර 10ට විතර නැගිටලා. ෆිල්ම් එකකුත් බලලා කියලා මුහුණු පොත පැත්තෙත් රවුමක් ගිහින් තමා ඔන්න මේ පැත්තේ ගොඩ උනේ...

යාලුවො ගැන ලියන්න කියලා හිත හදාගෙන ලියන්න ගත්තට මොකද නිකන් දුකයි වගේ. හිහ් හිහ්... කටක් ඇරලා මේ යාලුවො කරන හොද වැඩ කියන් පුලුවන්ද?? (බෑ නේ..)

ඔන්න මුලින්ම අපි සිංහල අපේ කස්ටිය ගැන ලියනවා.. (මොකද මගේ හොදම යාලුව ගැන මං මුලින්ම පෝස්ට් එකක් දාලා තියන්වා නේ.) මමයි ,1යි, 2යි, 3යි... හරි මාත් එක්ක ඔක්කොම 8 දෙනයි.. මුහුනු පොතේ හම්බුන කෙනෙකුට එතන ඉන්නෙ මම විතරයි මං හිතන්නෙ. ඔක්කොමලා උපන් දා ඉදන් එකට හිටපු අපේ ගාලු පුරේ සනුහරේ නේ.මම ඉතින් එක තැනක් කියලා නෑ නේ. ලංකාව වටේම පදින්චිය.

ඔන්න මගේ ටිකිරි මොලේට දැන් ආපු අදහසක්.අපේ කස්ටිය ගැන මං වෙන වෙනම පෝස්ට් ටිකක් දාන හිතුවා. ඔන්න ඉතින් මේ පෝස් එක මෙහෙම අවසන් කරනවා. මුලින්ම අපේ "අපි සිංහල"සාමාජික කස්ටිය ගැන පෝස්ට් 7 බලාපොරොත්තු වෙන්න හොදේ. හිහ් හිහ්. කරන්න යන්නෙ කස්ටියගේ ජීවිත වල ඕප දූප ටික අවුස්සන්න... මේ දවස් ටික ගෙවා ගන්න ඒක හොද ක්‍රමයක් වෙයි නේ..

ඔන්න මුල්ම පෝස්ට් එක අපේ ආදරනීය රත්ගමයා ගැන බලාපොරොත්තු වෙන්න...එතකන් වෙයිට් හොදේ... ටටා...

Monday, September 27, 2010

කාලකන්නි වීම!!!


අපොයි කරන්න දෙයක් ඇත්තෙම නෑ. පහුගිය ටිකෙ කරන්න කොහෙන් කොහෙන් හරි වැඩ ටිකක් කඩා පාත් උනාට අද නං කරන්න දෙයක් ඇත්තෙම නෑ.

අමතක උනා නේ කියන්න(ඔන්න මුලින්ම ඔපයක්..) අපේ රත්ගමයා මට අලුත් නමක් දාලා නෙව, "වැලපෙන කුමාරි". මුලින්ම ඒකට ගොඩක් තැන්කියු ""සුදු අයියේ""(රත්ගමයා සුදු නං කලු ගලුත් සුදුය.. ) ප්‍රසිද්දියෙ කියුවෙ නෑ ඉතින්,මොනවා උනත් අහිංසක කොලුවානේ...(වෙන නැත්තං)

රත්ගමයගේ නසරානි හැත්ත කතා මාලව කියෙව්වට පස්සෙ ඔන්න මත් හිතුනා අපේ යාලු මාලුවො ගැන මඩ නොගහ ලිපියක් ලියන්න...(රත්ගමයට ඇර...)

ඉලග එක ඒක වෙයි ගොඩක් වෙලාවට... ඉතින් ඉතින් කට්ටියට කොහොමද සැප දුක්???

අහ්හ්.. අහිංසකාවිත් ගියා නෙව බුක් ෆෙයා. අනේ රත්ගමයයි,අපේ බනි කොලුවයි දෙන්නම අහිංසකාවිට සමාව දෙනු මැනවි. පොඩි පොඩි ප්‍රමාද දෝශ ගොඩක් නිසා මට කියපු වෙලාවල් වලට කඩාපාත් ව්එන්න බැරි උනාට...

නිරහංකාරිත් ගත්ත නෙව සල්ල්ලි දීල පොත් 20ක් විතර.. (රත්ගමයා වගේ නං නෙවෙයි ඔන්න. අපි සල්ලි දිලා පොත් ගත්තෙ..) එත් ඉතින් මාත් එක්ක ගියා මගේ කල්යාන හතුරා, මට කියපු කතා එක්ක ඒ පොත් ටික කියවන්න තියා අල්ලන්න වත් දැන් නං හිතෙන්නෙ නෑ..

සියුම් ලෙස මනසට වැදුනු දරුනු කනෙ පාරක්.... තාම කන කීන් කීන් ගානවා... එනේ මංදා... වැලපෙන කුමාරි කියන නම අයින් කොර ගන්නත් එක්ක ඔන්න දැන් අපි හිනා වෙලාමයි ඉන්නෙ හොදෙ...

මොන දේ උනත් දැන් දැන් අපේ යාලුවො ඔක්කොම වගේ බ්ලොග් ලියන්න ඇවිත් නේ... බොල දේශාන්. රත්ගමයා,කලු,තීරනාත්මක චින්තකයා,ලලින්දු(පුංචි රජා),ඩිලොන්,රොබෝටික්කා,උපේක්ශාවන්ශය... තව ඉතින් මෙතන්ට අඩු අපේ බයිසිකල් කොලුවයි, කුමාර කන්දෙ කුමාරිකාවයි විතරයි නෙව...

අහ්හ්.. තව දෙයක් අපේ පිස්සා පලාමල්ල ලියන පිස්සා අයියා නිකන් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මට මුහුනු පොතේ හරි පනිවිඩයක් එවන්න මොකද වෙන්නෙ කියලා. හැම දේම හොදින් විසදෙනවා නං හොදයි...

කාලකන්නී වීම උපරිම වීම නිමිත්තෙන් ඕනවටත් වඩා දිග පෝස්ට් එකක් ලියන ලදි...
හැමෝටම ටටා!!! හෙට විතර ආයි එන්නංකෝ....

Friday, September 10, 2010

අහිංසකාවිට උසස් වීමක්!!!

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුත් පොස්ට් එකකුත් එක්කම මම ආවා... හැමෝම හොදින් නේද?? මං නං ගොඩාඩාඩාඩාඩාක් හොදින්.. ගොඩාක් සතුටින් ,ටිකක් දුකෙන්... ඔන්න ඉතින් මාතෘකාවට පිට පනිනවා නේ? හිහ් හිහ්.. ගනං ගන්න එපා අනේ.. මම හැමදාම එහෙම නේ..


මෙන්න මේකයි කතාව. ජනවාරි මාසෙ 10 වෙනිදා(මගේ එකම සහොදරයා බැදලා අවුරුදු 3ක් වෙන දවසෙ) ඉදන් අපෙ ගෙදර,මගෙ පවුලෙ අය,මගේ ආදරනීය නෑනන්ඩිගෙ පවුලෙ අයයි ඔක්කොම එකතු වෙලා එක සුන්දර දවසක් එනකන් බලාගෙන හිට්යා.. ඔන්න ඒ දවස ආවෙ මේ මාසෙ පහුගිය 04 වෙනිදා.. උදේ 7 වෙනකොට කෝල් එකක්, "අම්මේ නංගිව හොස්පිට්ල් ඇඩ්මිට් කරා" කියලා අපේ අයියා අම්මට කියුවා..


ඔන්න ඉතින් අම්මයි මායි කකුල් 2කට රොකට් හයි කරා වගේ 7.20 වෙනකොට ලේස්ති වෙලා බස් එකටත් නැගලා ඉවරයි. 11 වෙනකොට කටු කාගෙන දුක් විදගෙන හොස්පිට්ල් එකෙ අම්මයි මායි.. අනේ එ වෙනකොටත් මෙන්න අපේ අක්කන්ඩි ඉන්නවා කිසි අමාරුවක් නැතුව හිනා වෙවී...


හිහ් හිහ් හිහ්.. අපි මේ බය වෙලා දුවගෙන ආවා. එයා හිනා වෙනවා. දවසම කට්ටියම කෑමක් බීමක් නැතුව අක්කගේ රූම් එක ලග පෝලිමට ඉන්නවා. කොහොමින් කොහොමින් හරි රෑ 9 වෙනකොට අක්කට සිසේරියන් සැත්කමක් කරන්න ඕන කියුවම නං ඔක්කොම බය උනා... ඒත් එයා හිනා වෙවී ඉන්නවා... හිහ් හිහ්... ඔන්න 9 ඉදන් ඉන්න හැම දෙයියම සිහි කර කර අපි හිටියා...


9.15 වෙනකොට අපේ පුංචි පැටික්කි අඩනවා ඇහුනා.. කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ වෙලාව නං. තව විනාඩි 2,3කට පස්සෙ රෝස පාට පැනල් එකකින් ඔතපු බොනික්ක පැටියෙක් ගෙනත් අපෙ අයියාගෙ අතට දුන්නා... ඇස් 2 ලොකු කරල කරකවලා වටේම බලලා තද කරල වහ ගත්තා.. අයියා වඩාගෙන අක්කා ලගට ගිහින් පෙන්නුවම මේ කෙල්ල අක්කා එක්කත් හිනා උනා... "මෙච්චර කල් මාව බලා ගත්තට අම්මට ගොඩක් පිං" කියන්න වගේ...


අද වෙනකොට බෝනික්කිට දවස් 6යි... පුංචි දුකකට තියෙන්නෙ අපි දැන් ඉන්නෙ කිලෝමීටර් එකසිය ගානක් දුරින්... :( :( බලන්න යන්න ආසයි.. දවස් 3ක් අපි එක්කම හිටියෙ.. හ්ම්ම්ම්ම්ම්... හැම දේකම අන්තිමට මට අලුත් පට්ටමක්... අහින්සකාවි නැන්දා... :) :)


චූටි දෝණිට බුදුසරණයි!!!


(අමතක උනා කියන්න.. ගාල්ලෙ තියන හේමාස් හොස්පිට්ල් එකේ වැඩ කරන හැමෝටම ගොඩක් ස්තූතියි ගොඩක් පිං. අක්කව,චූටි දෝණිව දවස් 3ක් තිස්සෙ ගොඩක් ආදරෙන් බලා ගත්තට...)

Thursday, August 26, 2010

මහා පාරේ ජීවිත විකිණීම...

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුත් බ්ලොග් පොස්ට් එකක් දාන්න හිතුවා. විභාගෙත් බෑ බෑ කිය කිය හිටියට අන්තිම මොහොතේ ආපු ප්‍රශ්න වැලක් නිසා අන්තිම විශයන් 2ට පුදුම තරන් හිතෙ හඉයකින් ලියලා දැම්මා. එත් ඉතින් ජිව විදයාව අසමත් වෙලා අනිත් ඒවා සමත් වෙලා වැඩක් නෑ නේ.. :) :)

එ කතා වැඩක් නෑ කියන්න හදන්නේ නං කාලෙකට පස්සෙ දැකපු ජීවිතේ ටිකක් විතර කල කිරෙන සිද්ඩියක් ගැන.
ඊයෙ අවශ්යම වැඩ වගේකට අහිංසකාවියි අම්මායි ගියා සිදාදියට. (කවුරුත් දන්න භාශාවෙන්ම කතා කරන්න ගත්තා ඔන්න.) ගිහිං දවල් 12,1 වෙනකොට වැඩ ඉවර කරන් ආයි එන්න කියල වාහනේට නැග්ගා. අනේ කොට්ටාව ටවුන් එක පහු කරගෙන ටික දුරක් එනකොට අපේ සිදාදියට කිට්ටු අය නං දන්නවා ඇති,රුක්මල්ගම පාරට යන තවත් හංදියක් ඒක මං හිතන්නේ.
වැල්වටාරං නැතුව මෙන්න කතාව. ඔය හංදියේ මහා කලබගෑනියයි. ටිකක් වාහනේ ලං වෙනකන් ඉදලා මාත් බැලුවා. අනේ, මිනිස්සු හරිම ආසාවෙන් තව කෙනෙක්ගේ මරනය දිහා බලන් ඉන්නවා. අපි බුදු හාමුදුරුවොන්ව අදහනවා විතරද කියලා හිතුනා ඒ වෙලාවෙ නං.

කකුලුවෝ 100ක් විතර පන ගහනවා. උන් දිහා බලාගෙන මේ මිනිස්සු "අනේ මුන්ගෙ පුදුම ලස්සනක් නේ?", "අන්න අන්න තව එකෙක් දගලනවා" , "කන්නත් ලෝභයි දැක්කම" වගේ කතා කියන්වා..කලකිරෙන්නේ අපි ඉන්න සමාජෙ ගැන.

මම එතන කිසිම දෙයක් කියන්න ගියේ නෑ.මොකද මගෙත් වැරදි තියන්වා නේ. අපේ ගෙදරත් මම(අහිංසකාවි) සහ මගේ ආදරණීය නෑනා(චූටි දෝණි ගේ අම්මා) ඇරුනම අනිත් අයට මස්,මාලු නැතුව බත් කටක් ගිලෙන් නෑ. ඒ තරන් තව කෙනෙක් ගෙ මසට ලෝභ වෙලා. ගෙදර ඉන්න අය හදා ගන්නේ නැතුව පිට අය හදන්න යන්න බෑ නේ...

මොන දේ උනත් සතෙක් කියන්නෙත් ජීවිතයක්. හරි අහිංසක ජීවිතයක්.මාදැලකට අහු උන මාලු උඩ පනිනකොට අනේ ලස්සනයි කියල අපි සතුටු වෙනවා නං, අපි තරන් තිරිසන් ජාතියක් තවත් නෑ. මම මාලු අල්ලන කෙනාට බණින් නෑ. ඒ මනුස්සයා උනත් ආසාවට මේක කරනව නෙවෙයි වෙන්න ඇති. ඒත් ටිකක් හිතන්න...

ඒ මහ පාරෙ "ලාභයි, ලාභයි" කිය කිය විකුනන්නේ අපේ වගේම තවත් ජීවිතයක්.... තව ඉස්සරහට මීණී මසුත් ඔහොම විකිනෙන්න ගත්තොත්, අපි ගිහින් ඒවත් හරිම ආසාවෙන් සතුටින් සල්ලි දීලා ගනියි ද???

Thursday, August 12, 2010

නැවත ඉපදීම!!!!

ඔන්න නිරහංකාර අහිංසකාවි ආයිමත් කරලියට.. මේ පෝස්ට් එකත් විභාගෙන් පස්සෙ දාන්න හිටියට අද දැකපු අදහසක් නිසා මං ඇයි කාටවත් පරදින්නෙ කියලා හිතුනා.. කොන්ද පන නැති පිරිමි(සම.හරක්) තමංගේ ලොකු කම ප්‍රදර්ශනය කරන්න වගෙ කෙල්ලෙක්ව දැකපු තැන පහත් කරලා කතා කරන්න ලේස්ති වෙනවා.. අන්න ඒකට මං බය ව්වෙන් නෑ කියලා කියන්නයි මේ පෝස්ට් එක.. මගේ බ්ලොග් එකෙ අදහස් දක්වන කොන්ද පන තියන පිරිමියෙක් නං තමන්ගෙ බ්ලොග් එකෙ නමින් දාන්නකො.. හික්.. කොන්ද පන නැති මහා කලු සිංහල පිරිමියා.. මහ ලොකුවට මං ස්ක්ක්‍රීන් ශොට් අරං දාපු එකට ගනිකාව කියන චරිතෙ හොදයි කියන්න තරන් පිට කොන්දක් තියන්වා නං මොකටද කෙලින් ඉස්සරහට ඇවිත් මම මේ කෙනා කියලා කියන්න බැරි??? ඔය වගේ හිගන චන්ඩි මේ ලොකේ මං ඕන තරන් දැකලා තියනවා.. දැන් ඕන නං මේකෙ ඔය කියන කොදක් නැති සිංහලයා මගේ අම්මා ට ගුණ වර්නනාවක් කරයි.. හික්.. එතනත් තියෙන්නේ එයගේ මනසෙ තියන දුර්වල කම විතරයි. තමන්ට කියන දේ දරා ගන්න බැරි උනාම ඒ කියන කෙනාගේ දුර්වල තැන් බලලා ගහන්න හදනවා.. මං බලාගෙන ඉන්නවා... ඒ පිට කොන්දක් නැති කලු සිංහලයා ආයිමත් කරලියට එනකම්...

Thursday, August 5, 2010

නොමිනිසුන් මැද මිනිසත්කම!!!!


මේ මගේ බ්ලොග් පෝස්ට් එකකටම ආපු අදහස් 2ක්... හිතලා බලන්න.. ඇයි මටම මේ තරන් කතා කියන්නේ???