නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ..
හිමි දෙසූ බණ අසා ඇතිමුත් ඇසූ ඒ හිමිගේ හඬින් නොව..
අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්..
දෙසා වදහල මැනවි බුදු බණ..
මහා කරුණාවෙන්..///
ගලක් වී නම් මමත් ඉවසමි..
යගුලු පහරට කැපී වෙන්වෙන..
ඔබේ... පිළිරුව..නිම කරන්නට..
කලා කරුවකු අතින් මැවෙනා..
ඔබේ පිළිරුව නිමා වූ..
ක්ශාන්තිය මට ලැබේවා..
මහා කරුණාවෙන්..///
මලක් වන්නට නොහැක හිමියනි..
මිනිස් බව ලැබ සිටින මා හට..
මලක් අද ඔබ දෙපා පාමුල..
විඳින සිසිලස නොමැත මා හට..
මලක් වූදා මගේ ජීවය,ඔබේ පාමුල පරවුනාවේ..
නිවන් දුටු හිමි..
ලස්සන සිංදුවක්... මමත් නිතරම අහනවා
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්.. ඔව් අයියා... මේ මම දාන්නේ මාත් නිතර අහන සිoදු ටික.. :) :)
ReplyDelete