"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, January 1, 2011

අවසන් ගමන්!!!

අලුත් අවුරුද්ද හැමෝටම සුභ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්තනා කරනවා. "අවසන් ගමන්" දැකපු ගමන් හිතා ගන්න පුලුවන් නේද අලුත් අවුරුද්දෙත් මොකක් හරි විකාර කතාවක් කියලා. ඔන්න අහිංසකාවි සමු ගන්නයි යන්නේ. කවුරුත් කියවන්නෙ නැති බ්ලොග් එකක් ලියලා නිකන් සින්ඩි පුරවන්න ඕන නෑ නෙව. මේක සමහර විට ටික කාලෙකට වෙන්න ඇති. සමහර විට හැමදාටම වෙන්න ඇති.

කාලෙ හරි. ආයිමත් දවසක කවදම හරි කොහෙදි හරි අපි හම්බෙයි. හිස් අහසෙ තරු පිරිලා ඉතෙරෙන දවසකට, ඉරුට සද අයිති උන දවසට, ළමයෙකුට ආයිමත් විකාර හිතෙන දවසක, පිස්සු හාවෙකුට පේන හීන ඇත්ත වෙන දවසක, එක පිස්සෙකුගෙ පළාමල්ලෙන් කවදාම හරි ආදරේ හම්බෙන දවසක, අපි හැමෝම සතුටින් ඉන්න දවසක ආයිමත් අපි හම්බෙයි.

මාත් එක්ක මෙච්චර දවස් හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි. අහිංසකාවිට යන්න අවසර!!!!!

8 comments:

  1. යන්න එපා නංගා.........

    ReplyDelete
  2. යන්න ඕන ඔයාට යන්න එපා කියන්නේ නෑ නඟා.. ගිහින් පුලුවන් දවසක එන්න..

    ඉගනීම් වැඩ ටික හොඳට කරන්න.. අපි දෙන්නා සෙට් වෙලා හදමු දවසක OS එකක්වත්.. :D

    ReplyDelete
  3. ඔයා මහ නපුරියක් නගා ..පොඩි රෙස්ට් එක්කක් ගත්තට කමක් නෑ .. ඒත් මොකද එකපාරටම යන්නේ . ඉඳලා හිටලා ඇවිල්ලා පොඩ්ඩක් ලියලා යන්න .

    මදෑ අළුත් අවුරුද්දේ අහගත්ත දුක හිතෙනම කතාව ..

    අද මම ජයවේවා කියන්නේ නෑ ..

    ReplyDelete
  4. ඔයා කොහොමද කියන්නේ කවුවත් කියවන්නේ නෑ කියලා, අපි කියවනවනේ සමහර දවස්වලට ඔයාගේ අහිංසක සිතුවිලි දෙපාරක් කියවනවා.ඉතිං ඔයා ගියොත් අපි පවුනේ....

    ReplyDelete
  5. අනේ ඇයි යන්නේ
    අලුත් අව්රුද්දට අපිට සලකන්නේ ඔහොමද අයියෝ
    :(
    යන්න එපා
    අනේ හිස් අහසත් කිව්වා වගේ ඉදලා හිටලවත්
    ඇවිත් යන්නකෝ

    ReplyDelete
  6. මොකක් හරි මගුලක් උනාම එන්න බැරි වෙන් එක ඇත්ත ඒ මමනේ.. අනික් අය හැමදාම ඇවිත් ඔයාගේ කථාවක් කියවලානේ යන්නේ... මමත් පුළු පුළුවන් වෙලාවට හරි ඇවිත් කියවනවනේ... අකක්ද නංගිද දන්නේ නැහැ ඒ කවුරු උනත් ඔයාගේ පොස්ට් මම ආසාවෙන් කියෙවුවා... පුළුවන් වෙලාවක්නම් කමන්ට් එක්ක නොදා ගියේ නැහැ... ඉතින් අපිව දාලා යන්න එපෝ... අඩුම තරමේ පුළු පුලුවන් වෙලාවකට ඇවිත් පෝස්ට් එක්ක දාලා යන්න... අනිත් යාළුවන්ගේ ඒවත් බලලා යන්න මේ පැත්තේ එන්න.....
    ඔයාට සුභ අලුත් අවුරුද්දක් වෙවා....!!!

    ReplyDelete
  7. ඉවසී​මෙන් සැනසීම ලැබේ...!!

    ReplyDelete
  8. ඔන්න කියල කතාවක් ? කවුරුවත් කියවන්නෙ නැහලු.. ඇයි අපි ??

    ReplyDelete