"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Tuesday, January 25, 2011

පරණ කතාවක් අලුත් හමු වීමක් "අපි සිංහල" .02

ඔන්න මං කියුව විදියටම කලින් පොස්ට් එකට දවසකට පස්සෙ මේක ලියන්න ගත්තා.(මගේ දවස් රබර් අනේ ගනං ගන්න එපා.. හිහ් හිහ්...) අනේ අපොයි. ඇති නේද බැන්නා? මේ ලියන්වා මේ ලියනවා. අහ්හ්?? මතක නැද්ද කලින් කතාව? ඉන්නකො එහෙනං. මෙන්න මෙතනින් බලා ගන්නකො මේකෙ මුල ටික.


හ්ම්ම්ම්ම්.. ඔන්න අපි සිංහල පටන් ගත්තා. ඇඩ්මින් ලා 7 දෙනයි අපි ඔක්කොම. කලු,ඉරු,හාවි,ගුරු,සයිකල්,ලෑවා සහ මම. අදුරන කෙනෙකුට හිට්යෙ කලුවා විතරමයි. ඔහොම ටික කාලයක් ගියා. එක පාරටම අපේ "අපි සිංහල ප්‍රයිවට් මැසේජ් ට්‍රෙඩ් එක" අලුත් උනා.

බැලුවම මෙන්න බොලෙ අලුත් කෙනෙක් ඇවිත්. අපෝයි. අදුරන්නෙ නැති මහාම මහා එපාම කරපු එකෙක්. නමින් නං ලැනී නොහොත් චීන කුමාරිගෙ පෙම්වතා. ඕකා ආවත් හරි අපි රන්ඩු උන එකමයි උනේ. අදටත් ඒක එසේමයි.

ඔහොම ටික ටික කාලෙ ගිහින් කට්ටිය ඔක්කොම මුහුනු පොතෙ හොදම හොද යාලුවො උනා. මට ගොඩක්ම හොද යාලුවෙක් උනේ ඉරූ(කුප්ප කම නං උපරිමය.). රන්ඩු උනා,මඩ නා ගත්තා, ඇඩුවා, ආයිම්ත් යාලු උනා. කට්ටිය එකතු උන එකම තැන ස්කයිප් එක.

කලු,ඉරු,ලෑවා,සයිකල්,ලැනී විතර්යි නිතර හම්බෙන අය හිට්යෙ. මම ගයනි ගුරු එහෙම නෑ නේ. ඇත්තටම මට එතන 7 දෙනාගෙන් දැකලා කතා කරලා තිබුනෙ එක්කෙනයි.ඒකත් අහම්බෙන් වෙච්ච දෙයක්.

ඔහොම ටික කාලයක් යද්දි ඉරූ එනවා කරලියට. ෆ්රී ඇඩ් ගොඩක් එක්ක. හිහ් හිහ්.. ඉදලා හිටලා අමාරුවෙන් චැට් කොරන්නත් අහු වෙනවා. අපි ඉතින් ෆෝන් කට්ටෙන් මුහුණු පොතෙ කරක් ගහන කාලෙ නේ ඒ. ඊටත් ටික කාලෙකට පස්සෙ මට නිකන් දෙයියෝ දුන්නා වගේ කොම්පුතලයක් ලැබුනලූ...

ඔන්න එතකොට නං පටන් ගත්තා දවසම මුහුනු පොතේ ස්තිරව පදින්චි වෙන්න.කාලෙ ගියා. උසස් පෙළ කන ලගටම ආවා. කට්ටිය එකටමයි. කලුවයි මායි,ඉරු යි විතරයි විභාගෙ කරන අය හිට්යෙ. අපි විතරයි පිස්සු නටන අයත් හිට්යෙ. ඔන්න පාඩං කරන්න කියලා හිත හදා ගන්නකොටම එනවා අපි සිංහල මැසේජ්. හිකිස්.

ආයි රිංගනවා බුකියට.ඔහොම ඔහොම කාලයක් ගියා. උසස් පෙලත් ඉවර උනා. මම කොලොම් පුරේට ආවා. ඉරු ට ඉන්ටර්නෙට් හම්බුනා. හාවි උසස් අධ්‍යාපනේට හිර උනා. ගුරුත් එසෙමයි,කලුවා 3න් වෙනි සැරේටත් පංති යන්න ගත්තා,සයිකල් හැමදාම කෙල්ලො ගැන හිත හිත ඇඩුවා.

ලෑවයි,ලැනියයිගැන කිසිම විශේශයක් නෑ. ඔහොමත් තව ටික කාලයක් ගියා. අපේ චූටි පැටික්කිත් ඉපදුනා. පැටික්කිව බලන්න ගොඩක් අය ආවා. ඒ අතර ගුරු,ඉරූ,කලු ත් හිටියා. (අපි සිංහල වලින් පිට ඩිලෝනුත් ආවා.)
ඔන්න දැන් තමා කතාව පටන් ගන්නෙ.

ඉරූ ඇවිත් හොස්පිට්ල් එකට කෝල් කලා "යකෝ මම ඇවිත් පහල ඉන්නෙ. උඩට එන්න හිතෙන්නෙ නෑ බං මේ ලස්සන අක්කලා ටිකව දාලා" කියල කියුව. හිකිස්. අනේ ඉතින් මං මොනවා කියන්නද. අමාරුවෙන් කියලා කියලා. ගෙන්නව ගත්තා. ආවට පස්සෙ මූනත්තහඩුව හැබැහින්ම දැක්කට පස්සෙ දැන් මට මේ මූන හොදට මතකයි. ඒත් මතක් වෙන්නෙ නෑ කවුද කියල. අනේ දහ අතේ කල්පනා කරා.

මතක් කරා මතක් කරා මතක් වෙන්නෙම නෑ. පස්සෙ ඊටත් මාසෙකට ඉවතර පස්සෙ මතක් උනා මේ අර ශ්‍රි පතිරණ සර් ගෙ පංතියෙ ඇඩ් දෙන කොලුවා නේද කියලා. (අර මං ටික්කා කියල රැවටිලා තියෙන්නෙ මෙයාට නේ.)කොහොමින් කොහොමින් හරි අද වෙනකන් ඔය සිද්දිය මං ඉරූට කියලා නෑ ලූ. කොලුවට ඊයෙ රෑ ඉදන් මාව කන්න හැදුවා කවුද මේ ටික්කා කියලා දැන ගන්න. සමහර විට මතක් වෙන්න ඇති ඒ පිස්සු කෝච්චියටත්.


හ්ම්ම්ම්ම්... ඒක ඔහොමයි. මට විශේශ නොවුන 3න් දෙනෙක් හිට්යා අපි සිංහල ඇඩ්ම්න්ලගෙ. සයිකල්,ලෑවා,ලැනී. සයිකල් අදටත් කොහේ ඉන්නවද,මොනවා කරනවද මං දන්නේ නෑ. ඒත් ලෑවා,ලැනී කියන්නේ පස්සෙ කාලෙකදි මට ගොඩක් විශේශ උන 2න්නෙක්. හ්ම්ම්ම්ම්.... අදටත් යාලුවෝ මතක් වෙද්දි අඩන්න හරි මතකයක් ඉතුරු කරේ එ දෙන්නා විතරයි. ඒ කතා ටික ඉස්සරහට බලමුකො. අඩන්න බෑ නේ. මං දැන් වැලපෙන කුමාරි නොවෙමි. :) :) එහෙනං අපි ගියෝයා!!!!!

10 comments:

  1. හෑ බන්...කව්ද බන් මේ ඉරු කියන හාදයා..කෝහේ පොරක්ද?? මොන වගේ එකෙක් ද??

    ReplyDelete
  2. ඔය ඉරූ කියන නම මටත් කොහේදි හ‍රි දැකලා පුරුදුයි වගේ... මන් ගිය ක්ලාස් එකකත් ටික්කෙක්ද දන්නෙ නෑ....

    ReplyDelete
  3. මමනම් දන්නවා ඔය ඉරූ කියන හාදයාව ..ඇයි අර හිරු නැතිවිට මංඤං වෙන ලොන්තපෝල් ඩයල් එක ..අන්න පොර තමයි ඉරූ ..

    වැලපෙන කුමාරි නෙවේද දැං ...නියමයි ..

    ජයවේවා !!

    ReplyDelete
  4. @රත්ගමයා-මං කියන්නෙ කවුද කියලා පුලුවන් නං හොයා ගනුකො...


    @අනු අයියා-හිහ් හිහ්.. ගෑනු දැරිවිය ආපු හැම ක්ලාස් එකකම ටික්කා එයා තමා...


    @සදරු අයියා-හිහ් හිහ්.. අන්න ඌ තමයි අයියා.. ගොඩක් කාලෙකින්.. කොහොමද ඔයාට???

    ReplyDelete
  5. ඈ නගෝ ඔය ඉරූ කියන එකා දකුණෙ එකෙක්ද ? හික් හික්... එහෙම එකෙක් ඔන්න පොත් කියව කියව ශොපින් යනවා කියල කොහෙද තිබ්බා...


    අන්තිම ටිකනම් පට්ට.. වැලපිල කුමටද

    ReplyDelete
  6. @පිස්සා අයියා- අන්න ඒ යන එකා තමයි අයියා මේ.. හිහ් හිහ් හිහ්.. කතා කරලා වැඩක් නැත... මේ නං වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම එපාම කරපු එකෙක් ය. දක්ය්නට ආඩම්බරයක් වෙන්න ඉන්න කොල්ලෙක්...

    ReplyDelete
  7. අනේ නිකන් හිටු...ඉරුවා හෙන හොදයි...මලක් වගේ

    ReplyDelete
  8. මලක් වගේ... එත් මං කියන්නෙ නෑ.. මොන මලක් වගෙද කියලා..

    ReplyDelete
  9. I know... ඉරු කියන එක්කෙනා (යක්) මලක් වගේ තමා.. හෙ හෙ.. :P

    ReplyDelete
  10. හුරේ...!!! මමත් ඉන්නෝ....

    ReplyDelete