"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Monday, May 24, 2010

Enemy at the Gates.

ලඟදි බලපු චිත්‍රපටියක් ගැන තොරතුරු තරණය පාඨකයින් එක්ක බෙදාගන්න හිතුවා.චිත්‍රපටියෙ නම Enemy at the Gates. දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපට අතරෙ ඉතා විශිෂ්ඨ ගණයේ සිනමා කෘතියක් විදියට Enemy at the Gates චිත්‍රපටිය හඳුන්වන්න පුලුවන්.

මේ චිත්‍රපටය දෙවන ලෝක යුද්ධය පදනම් කරගෙන නිමාණය වෙච්ච බොහොමයක් චිත්‍රපට වගෙ සත්‍ය කතාවක් තේමා කරගෙනයි හදල තියෙන්නෙ.ඇත්තටම දෙවන ලෝක යුද්ධය කාලෙ සිදුවෙච්ච සමහර සිදුවීම් චිත්‍රපට දර්ශන වගේම තමයි.සමහරවිට ඊටත් වඩා පුදුම සහගතයි කියන්න පුලුවන්.අපි එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන, අපි දකින, සමහරවිට අපිට සිද්ධවෙයි කියල හිතන්නවත් බැරි පුදුම හිතෙන දේවල්.


චිත්‍රපටියේ කතා නායකයා රුසියන් යුධ සෙබළෙක්.රුසියානු රතු හමුදාවෙ sniper වෙඩික්කරුවෙක්.ඒ කාලෙ sniper වෙඩික්කරුවන්ට කිව්වෙ sharp shooters කියල.කොහොම උනත් අපේ මේ යුධ වීරයා බිහිවෙන්නෙ හිට්ලර්ගේ ජර්මන් අධිරාජ්‍යය උපරිමව පැතිරිලා තියෙන වෙලාවෙ.ඒ කියන්නෙ යුරෝපයෙන් තුන්කාලක් විතර යටත් කරගෙන,රුසියාවෙනුත් බාගයක් විතර අල්ලගෙන ජයග්‍රාහීව ඉදිරියට යන වෙලාවක.කොහොමත් ඉතින් යුධ වීරයො බිහිවෙන්නෙ විරුද්ධ පාර්ශවය ශක්තිමත් වෙලා ඉන්න වෙලාවට තමයි.හරියට අපේ හසලක ගාමිණී රණවිරුව වගේ.දෙවැනි ලෝක යුද්ධය ගැනත් වෙනම බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියල දැන් හිතෙනවා.

හොඳ වෙලාවට අපේ කතා නායකයා, Vessili Zaitsev නූගත් ගැමියෙක්.Vessiliට ජර්මන් අධිරජ්‍යයේ බලය,ජර්මන් යුධ පුහුණුවේ නිවැරදි බව, ජර්මන් අවි ආයුධ වල බලය ගැන හරිහැටි වැටහීමක් නැහැ.තමන්ගෙ රට වෙනුවෙන් තමන්ට හිමි වැඩකොටස විතරක් කරන්න හිතාගෙන යුධබිමට එනව.කොහොමත් ලොකු ප්‍රශ්නයකක් ආවම,සමස්තය අරගෙන විග්‍රහ කර කර ඉන්නවට වඩා, ඒ ප්‍රශ්නෙ තමන්ට හිමි පුංචි කොටස,කරන්න පුලුවන් උපරිමයෙන් කරන එක තමයි කරන්න තියෙන හොඳම දේ.උසස්පෙළ කරන කාලෙ "මුළු syllabus එක ගැනම හිතන්න යන්නෙ නැතුව දැනට නියමිත පාඩම විතරක් හොඳට බලාගන්න" කියල ගුරුවරු කියන්න ගුරුවරු කියන්නෙ ඒකයි.

අපේ කතාවේ වීරයා තමන්ගෙ අවියෙන් උපරිම දක්ෂතා පෙන්වනව,ජර්මන් යුධ සෙබළු දවස ගානෙ Vesilli ට බිළිවෙනවත් එක්කම Vessili Zaitsev මුලු රුසියාවෙම ජනප්‍රියම යුධ වීරයා වෙනව.හැබැයි කතාව වෙනස් වෙන්නෙ අපේ වීරයව මරන්න Berlin යුධ මූලස්ථානයෙන් තවත් ඒ වගේම දක්ෂයෙක් එව්වට පස්සෙයි.හැම වීරකතාවකටම වගේ මේ කතාවටත් දුෂ්ඨයෙක් ඉන්නව.මේජර් Kornig.ජර්මන් sharp shooter කෙනෙක්.හැබැයි මෙයානම් තමන්ගෙ ශිල්පයේ කෙළ පැමිණි කෙනෙක්.Zossen පුහුණු පාසලේ අධ්‍යක්ෂක. අපේ වීරයටනම් මෙයා එක්ක හැරෙන්නවත් බෑ.හැබැයි ඉතින් අර කතාවක් තියෙනවනෙ "ජීවිතයෙ සටන් වලින් නිරතුරුවම ජය අත්වෙන්නේ වඩා දක්ෂ මිනිසාටම නොව තමාට දිනිය හැකි යැයි සිතන මිනිසාටයි"කියල.ඒ කතාවනම් සහතික ඇත්ත.

මේ වෑයම Enemy at the Gates චිත්‍රපටියේ කතාව කෙටියෙන් කියන්න නම් නෙමෙයි.කතාව නම් බලපු අය දන්නව.බලපු නැති අයට කතාව කියන්න ගියොත් බැනුම් අහන්නත් වෙයි,බලන්න කලින් කතාව කියපු නිසා බලනකොට කිසි ගතියක් නෑ කියල.කොහොම උනත් චිත්‍රපටිය දිගහැරෙන්නෙ මේ දෙන්නගෙ අතරෙ ඇතිවන ගැටුම සහ දෙවන ලෝක යුද්ධය රුසියන් ජන සමාජයට කරපු බලපෑම ප්‍රෙක්ෂකයට ඉතාමත්ම තාත්විකව අත්දැකීමට ඉඩලබාදෙමින්.ඒක තමයි හොඳ අධ්‍යක්ෂකවරයෙකුගෙ හැකියාව.සුපුරුදු පරිදි හැම ලෝක යුද්ධ කතාවකම වගේ හිට්ලර්ගෙ හමුදාවෙ කෲරත්වයත් අඩුවක් නැතුව චිත්‍රපටිය පුරාවට දකින්න පුළුවන්. එහෙනම් මේ ඇති වගේ.බලපු නැති අය චිත්‍රපටිය බලලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

4 comments:

  1. Nyamai.man oka baluwa. Soviat Rusiyawe hitapu minissu kochchra kapakkireem kalada kiyala a film 1n penawa.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පට්ට ෆිල්ම් එකක් ...මමත් පිස්සෙක් වගේ ෆිල්ම් බලනවා...ඒ බලපුවාගෙන් හොදම එකක් මේක....හැබැයි මගේ අoක 1, SAW ෆිල්ම් සෙට් එක...

    ප.ලි :- WORD VERIFICATION අයින් කලොත් නරකද

    ReplyDelete