"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Thursday, May 20, 2010

අහන් ඉන්න.....


අහන් ඉන්න
අහගෙන ඉන්න
මගෙ හිත මොනවද
මුමුණනවා.....

යාය පුර නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා

අහන් ඉන්න.....

සිලිසලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයී..

අහන් ඉන්න....



(ලස්සන සින්දුවක් කියන්නෙ කවුද, ලියුවෙ කවුඩ කියල නම් හොයා ගන්න බෑරි උනා)

5 comments:

  1. මට තියෙන එකම ප්‍රශ්නෙ නිරහංකාරිය ඇයි comment වහල තියෙන්නෙ කියලා...?
    කමක් නැ, ආ මම කියන්න ආවේ අහන්ඉන්න කියන ගීතය ගැන, ගීතයේ version 2ක් තියෙනවා එකක් heavy Rock කියන Version එක අනෙත් එක Normal Classical version එක...ගීතයේ Rock version එක අපි කවුරුත් දන්න Chapaz නොහොත් ඉන්ද්‍රචාප ලියනගේ විසින් තමයි ගායනා කරන්නෙ...එත් ගීතයේ female version එක නම් කාගෙද කියලා හරියටම දන්නෑ...මෙම ගීතය අපේ රටේ අබාධිත පුද්ගලයන් වෙනුවෙන් ගායනා කරපු ගීයක් කියලයි මට දැනගන්න ලැබුනේ සහ ගීතය ගායනය සඳහා එම පුද්ගලයන්ම යොදාගෙන තියනවා කියලයි ආරංචිය...!

    ReplyDelete
  2. mata therune na hichchi haam???? ane sama wenna ona meke waradi ehema thiyanawa nan.. mokada man aluth kenek me paththata.. hithe asawata patan gaththata, man melo deyak danne nan na.. waradi adu paadu ehema dakkoth kiyala denna.. hari kamaththen e adhahas baara gannawa.. ((thawa paarak sama wenna sinhalen ketuwe nathi ekata.. me dawas wala asanipa kandak ekka inne.. sanipa una gaman ai ssinhalan weda api)))

    ReplyDelete
  3. නැ නැ මේ ඕනෙවටත් වැඩිය හොදයි...!වැරදි අඩුපාඩුවක් ඇත්තෙම නැ.මේ සිංදුව ගොඩ දෙනෙක් අහලත් නැ.ඒ අතරින් ලිපියක් දාන්න පුළුවන් වුන එක ලොකු දෙයක්.මේ ගීතය ඉදිරි දිනක දී පැල්පතෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. "නිරහන්කාරියට" මම ලින්ක් එකක් අනිවා එවන්නම්...
    කිසිම අවුලක් නැ මේ විදියට කර‍ගෙන යන්න කිසිම අඩුපාඩුවක් නැ...ඉක්මන්ට සනීප වෙන්න කියලා මුළු පැල්පත වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා...සනීප වුන ගමන් පැල්පතට ඇවිත් කියන්න කියල ඉල්ලනවා. මොකද සනීප වෙනකන් අපේ පැල්පතේ හැමෝම බලන් ඉන්නවා...

    ReplyDelete
  4. මෙතන තියනවා ඔය සින්දුව ගැන විස්තර.
    http://www.youtube.com/watch?v=EtVBBK0NBvE&feature=player_embedded#!

    ReplyDelete
  5. මේඛලා නේද?

    ReplyDelete