"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Monday, May 24, 2010

ජීවිතේ වෙලාවකට අහස වගේ....

ජීවිතේ ගැන කල්පනා කර කර අහස දිහා බලාගෙන ඉන්න කොට....මට හිතුනා....ජීවිතේ කියන්නේ අහස වගේම දෙයක් කියලා......
අහස තේරුම් ගන්න අමාරු හුගක් සoකිර්ණ වස්තුවක්.....අහසට එක පාටක් කියලා නෑ....නිල්පාට....දම් පාට....රතු පාට.....කළු පාට...මේ වගේ අනන්ත අප්රමාණ සමහර විට තවමත් සොයා නොගත් වර්ණ වලින් පවා අහස සිතුවම් වේලා තියෙනවා......
ඒ වගේම අහසට කවදාවත් එක ස්වරූපයක් නෑ....එක එක විදිහට වෙනස් වෙනවා...වේලාවකට හෙන පුපුරවමින්....අකුණු ගසමින්.....මන්දාරම කළුපාටක් ගන්නවා...එත් වේලාවකට නිල් තරු කෑට පුරවාගෙන ලස්සනට තියේනවා....
මෙහෙම හිතනකොට.....ඈත්තටම අහස හරිම සoකිර්ණ දෙයක්.....නේද....??? කොච්චර සකිර්ණ වුනත් අහසේ මොකක්දො සුන්දරත්වයකුත් තෑවරිලා තියෙනවා නෙද...???
අහස ජීවිතේ වගේ කියලා...මම කිව්වේ ජීවිතෙත් අහස වගේ සකිර්ණ හින්දා...අහස එක පාටක් නෑහෑ වගේ....ජීවිතේටත් එක පාටක්... සිතුවිල්ලක් නෑහෑ...අපේ ජීවිතේ කියන මේ අහස.....පුරාම දුක.....සතුට.....වේදනාව.....ආදරය.......කරුණාව....වගේ අනන්ත දේවල් තියෙනවා....
ජීවිතේ අහස වගේ....එක ස්වරුපයක් නෑහෑ....එක වේලාවකට එය රෑ අහස වගේ සෞමය්යි.... සුන්දරයි...තවත් වේලාවකට වහිනකොට අහස වගේ හරිම බියජනකයී....තවත් වෙ
ලාවකටදෑසන අහස වගේ ප්රබොධමත්....ජිවමනයි....
අහස කවදවත් අපට වෙනස් කරන්න බෑහෑ.....අහස අහස විදිහට සදාකාලිකව ඉන්නවා......එත් ජීවිතේ එහෙම නෑ....ජීවිතේ මොන තරම් කටු කොහොලින්....කුණාටු වලින්.....පිරිලා ගිහින් තිබුනත්.....ජීවිතේ කියන අහස අපට වේනස් කරන්න පුලුවන්... අපේ හදවත කියන සිතරාට.....සිතුවිලි කියන වර්ණාවලියෙන්....ක්රීයාවල් කියන පින්සලෙන්.....සිතුවම් කරන අකාරය අනුව තමයි අපේ ජීවිතේ එක එක ස්වභාවයක් ගන්නේ.....ඉතින් අපි අපේ ජීවිත අහස ලස්සනට සිතුවම් කරමු....(COPY)

4 comments:

  1. ජිවිතේ ගොඩාක් දේවල් වලට උපමා කරන්න පුලුවන් නංගෝ! ලස්සනට ලියලා තියෙනවා..

    ReplyDelete
  2. ජීවිතේ අහස වගේ කියන උපමාවට මම නම් ඒ තරම් කැමති නෑ. අහස වෙනස් වෙන්නේ අපිට ඕන විදිහට නෙවෙයි. ඒත් ජීවිතය අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුලුවන් එකක්. ඒකට ඕන ධෛර්යය විතරයි.

    ReplyDelete
  3. අපේ ජීවිතය ගංගාවකට සමාන කරන්නත් පුළුවන්.....
    අල පාරකින් වගේ පොඩියට පටන්ගෙන ටිකෙන් ටික ලොකු වෙවී ගලා බසිනවා.....කරදර කම්කටොලු හරියට ගල් පර වගේ.....ගංගාවට එකතුවෙන දෙවල් හරියට අපේ ජීවිත වලට එකතුවෙන අය වගේ....සමහර දේවල් ගගත් එක්ක දිගටම ගලා යනවා....තව සමහර දේවල් අතරමග හිටිනවා...අපේ ජීවිතේටත් සමහරු එකතු වෙනවා....සමහරු හැමදාමත් ළගින් ඉන්නවා...තව සමහරු අපෙන් ඈත් වෙනවා....
    ඔහොම ගලා යන ගංගාව දවසක හැම දෙයක්ම අතෑරල මුහුදට එකතු වෙනවා...හරියට අපි අපේ ජීවිතයෙන් සමුගන්නවා වගේ.....
    අන්තිමට ඉතිරිවෙන්නේ මුහුදට ගංගාව ගෙනගිය දේ සහ ඒ අතරමගදි සිදුවු දේ පමණයි....
    ඉතිං අපේ ජීවිතත් හරියට ගංගාවක් වගේ කියල කියන්නත් පුළුවන්.....
    (මේ මගේ අදහසයි‍‍‍...)

    ReplyDelete
  4. sinhalen luwe nathi ekata sama wenna ona meka.. man me dawas wala leda wela inne.. ekai.. hmmm..
    meke adhahas walin man wenama lipiyak sanipa una gamanma liyanna porondu wenawa.. ethakan mata samma wenna hode..

    ReplyDelete