"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, May 23, 2010

වෙච්චි දෙයක්....

මේ දවස් වල මට ලබලා තියන ග්‍රහය කවුද කියල හොයල බලන්න ඕන. සීමවක් නැති කරදර. කට නිසා තමයි දවසක මාත් නහින්නේ. :'( වැඩකට ඇති දෙයක් ගැන බ්ලොග් එකක් ලියන්න හිතනකොටම මට වෙන්නෙ එපා වෙන වැඩක් නේ. මේ දැනුත් මේ ඇදක් උඩට වෙලා හැරෙන්න වත් බරුව අම)රුවෙන් කොටනව මේක.

එක පිට එක පිට ශල්‍යකර්ම 2ක්, මහ ලොකු ඒව නෙවෙයි. ඒත් ඉතින් එක පාර කර) නන් කමන් නෑ. එකක් කරල හිත හදා ගන්නවත් හම්බුන් නෑ අනිත් එක. ආයි නන් දොස්තරල දැක්කත් මාව කලන්තෙ දායි. ඒ තරන් දුක් වින්ද. නුවර ජාතික රොහලේ Dr. Attigala ට පින් සිද්ද වෙන්න මන් තාම ජීවත් වෙනව මන් හිතන්නේ..

මේකනේ උනේ, අපේ ගම් පළාතේ අලුතෙන් ආපු දොස්තර අක්ක කෙනෙක් මුලින්ම මගේ දතක් ගලවන්න ගිහින් මාව බාගෙට මැරුව.(රජයේ රොහලක සේවය කරන කෙනෙක්) ආයි නම් එයා ලගට යන් නෑ කියල හිතන් ඒකට මැහුන් දා ගන්න කුරුණෑගල පවුද්ගලික රොහලකට ගියා.. අම්මෝ... එකත් පරිස්සමින් ඉවර උන නිසා අනිත් දතත් ඒ දොස්තර මාමගෙන්ම ගලව ගත්තා. මගේ වෙලාව හොද නැති කම කියන්නේ,ඒකත් ඉවර උනේ තව ශල්‍යකර්මයක් කරන්න ඉඩ තියල නේ.. ඉයේ උදේ පාන්දරම දළදාවත් වැද පුදාගෙනම ගිහින් ඒකට රොහල් ගත උනා දවල් 2 වෙනකන් කෑමක් බීමක් නැතුව තියන් ඉදල, 3ට වැඩේ පටන් ගත්ත, 5,30ඉ ඉවර වෙනකොට.. අනේ මගේ අහින්සක කටේ තව මැහුම් 5ක් දාල. කාට කියන්නද මේ දුක. අඩ අඩ ඉන්නව ඇර වෙන මොනවා කරන්නද. :'( ආයි නන් මරුනත් දත් නන් ගලවන් නෑ. කොහොමින් කොහොමින් හරි සති 2ට මට ජීවිත කාලෙටම ඇති වෙන්න දුක් විදින්න උනා...

තව දෙයක් කියන්න ඕන. මේ දවස් 3,4ට මට අම්මගේ ආදරේ මොන වගේද කියල උපරිමෙන් දැනුන... අම්මත් මාත් එක්කම මේ දවස් ටිකේ නිදි නෑ. මට කන්න බෑ කියල අම්ම කන්නේත් නෑ. කවද මම මේව මගේ අම්මට ගෙවල ඉවර කරන්නද කියල මන්ද..මගේ කියල ඉන්නේ එච්චරයි කියල මට හොදටම දැනුනා...

ආහ්.. තව මගේ තාත්තත් ඉන්නව.. ගම් පල්ලතෙ ඉදන් call එකක් දීල "තව සල්ලි කීයක් ඕනද??" කියල ඇහුව එයා... තාත්තා= ATM card එකක් ද? අනේ මන්ද.. මේ මගේ ජීවිතෙ මට උත්තර හොයා ගන්න බැරි ප්‍රශ්න... හ්ම්ම්ම්ම්ම්... තවත් නන් මෙහෙම ඉන්න බෑ.. හොදටම කැක්කුමයි කට... මේ මම දාන පොස්ට් කවුරුත් කියවන් නැතුව ඇති සමහර විට.. අනේ මන්ද... හ්ම්ම්ම්ම්... මේක කවුරු හරි වැරදිමකින් හරි කියවනව නන් ඒ හැමොටම බුදු සරණයි!!!!

12 comments:

  1. ඇයි කටට මොකෝ උනේ......????

    ReplyDelete
  2. දැන් කැක්කුම නෑනෙ? තියෙන්නේ හිරිය විතරයි නේද? ඒක හොඳ ලකුණක්, ඒ කියන්නෙ ශල්‍යකර්මයෙන් ස්නායු වලට හානියක් වෙලා නෑ කියලයි. ඉතින් හිනා වෙන්න.

    "ආයි නන් දොස්තරල දැක්කත් මාව කලන්තෙ දායි."
    කවුරු හරි ඉකමනට වතුර ටිකක් ගේන්න!!!


    උපදෙසක්: word verification අයින් කර, හිතනවනම් comments postඑක යටින් වැටෙන් විදිහට settings මාරු කරන්න.

    ReplyDelete
  3. @පසන්-වෙන්න ඔන ඔක්කොම වුනා සහො...


    @බාග දොස්තර-අනෙ කරන විදියත් කියුව නන් නෙද හොද? මම එක කරන විදිය දන් නෑ...:(

    ReplyDelete
  4. http://buzz.blogger.com/2008/10/commenting-made-easier.html

    http://www.solidblogger.com/enable-or-disable-word-verification-for-comments-on-blogger-blogspot/

    hope this helps.

    ReplyDelete
  5. baaga dosthara maame tika dawasak denna hode.. me asanipa hoda una gamann kohoma hari meke adupaadu tika hadanawa.. bari maragaathe hari meka on kaan enne, naththan rata ninda yan na.. dipu udawwata sthuti.. godak.. ((sinhalen typ karanna amarui me ikmanta.. sama wenna ona..)))

    ReplyDelete
  6. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  7. බොහොම සරලව කිව්වට මේකෙ ජීවිතේ ගැන ඔයාගෙ හිතේ තියෙන ගොඩක් දේවල් කියවෙනවා. ජීවිතේ බාර ගන්න හැටි අපූරුයි.

    ReplyDelete
  8. @har-බොහොම පින් සහෝ... දැන් මට ගොඩක් දුරට සුවයි...

    @Anonymous-නම සදහන් නොකලට කිසිම අමනාපයක් නෑ...ඒත් මට තේරෙන්නේ නෑ කියපු දෙයින් අදහස් කරේ මට හොද විදියට බාර ගන්න තියන ජීවිතෙ මම නරක විදියට බාර අරන් කියලද, එහෙමත් නැත්නම් නරක විදියට බාර ගන්න තියන ජීවිතෙ මම හොද විදියට බාර අරන් කියලද????

    ReplyDelete
  9. පට්ටයි..

    ReplyDelete
  10. Oya seen 1 une
    oyage dat galawanna gihinda ??
    Nattan oya kage hari datak galawanna gihinda???

    atta kiyanna oya kage hari datak galawanna gihin waraduna neda hu hu hu

    monawa uat kamak na dan oyata hodaine..

    ReplyDelete
  11. @nama sadhahan nokara kenaata- anea pattai kuwe man widhapu dhukadha?? :'(


    @dilina prasanga-ow ow man me ape appachchi nohoth boss ge dathak galawanna gihin thama meka une.. :P:P:P

    ReplyDelete