"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, May 15, 2010

ආයුබෝවන්!!!!!!!

මම මේ බ්ලොග් කලාවට අලුත් කෙනෙක්. දෑන් ගොඩක් කල් ඉදන්ම බ්ලොග් කියෙව්වට බ්ලොග් එකක් ලියන්න විදියක් දෑනගෙන හිටියෙ නෑ. අලුත් නිසා ගොඩක් වෑරදි ඈති. :) අද ඉදන් මාත් ජීවිතේ වෙන, දකින හෑම ඕප දූපයක්ම මේකේ කියන්නන්කෝ.

මම ගෑන කියනව නම් ජිවිතේ තෙරුන් ගන්න උත්සහ කරන තාම උසස් පෙල පන්තියෙ ඉන්න පොඩි කෙල්ලෙක්. ඒත් ජිවිතේ මන් දන්න දේවල් ටිකක් විතර මගේ වයසත් එක්ක ගෑලපෙන් නෑ කියල මට හිතිල තියන වෙලාවල් අනන්තයි. එක වෙලාවකට මන් පිස්සියෙක්, එක වෙලාවකට හොද දුවෙක්, තව වෙලාවකට මේ ලොකේ නපුරුම කෙනා මමලු. ඒක ඈත්තද කියල ඔයාලම බලන්නකො. අද ඉදන් මේ කියන්නේ මගේ ජීවිතේ.

කියන්න තරම් ලස්සන අහින්සක සුන්දර ජිවිත කතාවක් මට නෑ කියල කවද හරි මේක කියවන ඔයාලම මට කියයි. ඒත් උත්තර හොයා ගන්න බෑරුව ප්‍රශ්න වලින් දුක් විදිනකොට, කවදම හරි දවසක ඔයාල මට උදවු කරයි. මට එහෙම හිතුනේ දුකා අයියාගේ බ්ලොග් කියවන්න ගත්ත මුල්ම දවස් වල ඉදන්. ඒත් ඉතින් බ්ලොග් එකක් පවත්වාගෙන යන්න මම දෑනගෙන හිටියේ නෑ. අදටත් හරියටම දන් නෑ. සමාවෙන්න ඕන මේ බ්ලොග් කලාවට ආදරේ කරන හෑම කෙනෙක්ම. අහින්සක උත්සාහයක්. පුලුවන් නම් වෑරදි පෙන්නල දෙන්න.

හෑමොටම ආයුබෝවන්!!!!!!!

4 comments:

  1. ඔයාට අදරේ ගෑන දෑනේන දේවල් අපිට කියන්න එන්න මේ පෑත්තට.
    http://feelmylovelk.blogspot.com/

    ReplyDelete
  2. ආවඩා ආයුබෝ වේවා.. :) දිගටම හොඳට ලියාගෙන යන්න.. අපි කියවනවා..

    ReplyDelete
  3. ඔයාල 2න්න තමා මට මේ හැම දේම කියල දුන්නේ... කසුන් අයියයි, ඩිලාන් අයියයි... ඉස්සරහටත් ඉතින් මම ලියන ඒව කියවල,වැරදි හදල බැරි දේවල් කියල දෙන්න ඉන්නේ ඔයාල තමා... අපි ඔක්කොටම ජය වේවා!!!!

    ReplyDelete
  4. හි හි හි... අම්මප කියහංකො නගේ මූණ බලං... :P

    ReplyDelete