"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, January 29, 2011

නමක් නැති කතාවක්!!!!!!!

වෙලාව උදේ 11 ට විතර ඇති. මට එක පාරටම කෝල් එකක් ආවා. සාමාන්යෙන් මට මිස් කෝල් දෙන කෙනාගෙන් මට කෝල් එකක්.

"අනෙ බං පොඩි හදිස්සියක්, 12 වෙනකොට නුගේගොඩ එන්න පුලුවන් ද???"
"ඇයි බොල,මොකෝ මේ??"
"කිය කිය ඉන්න වෙලාවක් නෑ බං,ඉක්මන්ට කියපන් එන්න පුලුවන්ද කියලා??"
හරි හරි මං එන්නං, මට එන්න විනාඩි 20කට කලින් කෝල් එකක් දීපං. එහෙනං පරිස්සමින් වර හොදේ."
"හරි බං මං තියනවා"

මෙ ක මට ඊයෙ උදේ අකුරු 4 ඉන්නකොට ආපු කෝල් එකක කියවුන දේ. අවුරුදු ගානක ඉදන් දන්න, මගේ හොදම යාලුවොන්ගෙ අහිංසකම යාලුවා තමයි මේ. මගේ ජීවිතේ ගොඩක් උදවු කරපු කෙනෙක්. මට ඒකි එන්න කියුවම, මොකටද කින්ද මංද අහන්න ඌන උනේ නෑ, මාත් එන්නං කියුවා. අම්මට කෝල් කරලා මං මෙහෙම ගමනක් යන්වා කියලා එහෙම්මම පාරට බැස්සෙ මේ වෙලාවට නුගෙගොඩට යන්න පැයක් ව්අත් යන බව දන්න නිසා. අමාරුවෙන් ඇවිත් 11.45 වෙනකොට නුගේගොඩට සේන්දු උනා.තාමත් මගේ යාලුව නං ඇවිත් නෑ. නුගේගොඩ නෝ ලිමිට් එක ඉස්සරහට වෙලා (සිකුරාදා නිසා ඒක වරුවක් වහලා.) ඔහේ කල්පනා කර කර හිට්යා මං.

මගේ යාලුවා තරූ. අහිංසක ලස්සන කෙල්ලෙක්. ඉස්සර ඉදන්ම මාරම අහිංසකයි. අද උනට් මුකුත් ප්‍රශ්නයක් නැත්තං මට කොල් කරන්නෙ නෑ කියල මං දන්නවා. මොකද එයාට පහු ගිය දවස් වල ප්‍රශ්න ගොඩක් ආවා. පණ වගේ ආදරෙයි කියාගෙන අවුරුදු 3ක් හිටපු කොල්ලා එයාව දාලා ගිහින් තිබුනා උසස් පෙළ ඉවර උන ගමන්ම. ප්‍රතිපලත් ආවා. අන්තිමට එයා විශයන් 2ක් විතරක් පාස් වෙනකොට ,එයාට ආදරෙයි කිය කිය හිටපු,එයාගෙ ජීවිතේ කාපු කොල්ලා ඒ 3ක් එක්ක වානිජ අංශයේ ලංකාවෙන්ම හොද තැනක් අරගෙන පාස් වෙලා තිබුනා. එතන ඇත්ත ආදරයක් තිබුනේ නෑ කියලා මං තේරුන් ගත්තෙ එදා. මොකද මගේ යාලුවා ඉගන ගන්න බැරි කෙනෙක් නෙවී. දක්ශ කෙනෙක්. එහෙම එකේ එයාව වලට ඇදලා දැම්මෙ එයාගෙ ආදරේ කියන එක හැමෝම කියනවා. ඔය වගෙ දේවල් මැද්දෙ අතරමං වෙලා ඉන්නකොට මගේ යාලුවා එතන්ට ආවා.

තරූ වෙනස් වෙලා. ගොඩක් බයෙන් වගේ හිටියේ.

"අනෙ බං කුසල් අද මට එන්න කියුවා එයාව හම්බෙන්න, නැත්තං මගේ ජීවිතෙ නැති කරනවා කියුවා, අනෙ මට බයයි බං"
කියලා ගොඩාක් දේවල් ඒ හුස්මටම එයා කියාගෙන ගියා.

කවුදෝ බලු කොල්ලෙක් කුසල් ට කියලා කුසල් ගේ හොදම යාලුව(ජනිත්) එක්ක තරූ ගෙ සම්බන්දයක් තියන්වා කියලා. එක දැනගෙන කුසල් කලින් දවස රෑ එළි වෙනකන් මේ කෙල්ලට බැනලා.

කුසල් මොන තරන් බල්ලෙක් උනත් තමන් ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැන ගත්තම දැනෙන ඉරිසියාව දැනෙන්න ඇති කියලා මං හිතුවා.මොකද ජනිත් අයිය උනත් කොහොමත් තරෑට ඉස්සර ඉදන්ම කැමැත්තෙන් හිට්යෙ. ඒක ජනිත් අයියම් කුසල් ට දැන ගන්න තියුවද දන්නෙ නෑ.

මොකද එතකොට එහෙම ආදරයක අන්තිම චුට්ටක් හරි කුසල්ගෙ හිතේ තියන්වා නං තරූ ගැන ඒකත් එතකොට නැති වෙලා යනවා නේ.

ඔහොම 1 විතර වෙනකන් තරූ යි මායි ගොඩක් දේවල් කතා කර කර නුගේගොඩ ඇවිද්ද. මට පුලුවන් උපරිමෙන් මං ඒ හිත හැදුවා. ඒත් මං එක පොරොන්දුවක් කර ගත්තා. ආයි ජනිත් එක්ක කිසිම සම්බන්දයක් තියන්න එපා කියලා. එයත් ඒක පිලි ගත්තා. ඔහොම ඉන්නකොට එක පාරටම කුසල් අපි ඉස්සරහා. මේ තියෙනෙන් ඒ වෙලාවෙ කුසල්ගෙයි තරූගෙයි කතාව.

කුසල් ,"මට තමුසෙගෙ ෆෝන් එක දෙනවා,ඉක්මන්ට"
"මොකටද කුසල්? මොනව කියලා දැන් ඔයා මගේ ෆෝන් එකෙ හොයන්නද?"
"තමුසෙට එවා වැඅක් නෑ නේ. මට ෆෝන් එක දෙනවා."
"දෙන්නං, ඒත් ඔයා දන්නවා නෙ මෙක අපේ තාත්තගේ ෆෝන් එක කුසල්,ප්ලීස් මේකට මුකුත් කරන්න නං ලේස්ති වෙන්න එපා."
"හරි හරි ඕයි ,දෙනවකො."

ඔහොම කියපු ගමන් මගේ යාලුවා ෆෝන් එක දුන්නා. ඒක ගත්තා විතරයි වෙඩිල්ලක් වගේ කුසල් අතුරුදහන් උනා. තරූ අඩන්වා. දැයියනේ මටත් උන දෙ හිතා ගන්න බෑ. මොනවා කරන්නද මංදා.

ටිකක් කල්පනා කරලා, මං තරූ ගෙ යාලුවෙකුට කෝල් කරලා ජනිත් ගේ නම්බර් එක ඉල්ල ගත්තා. පස්සෙ ජනිත් ට කතා කරලා වෙච්ච දේ කියුවා. ජනිත් දැන් එන්නං කියුවා එක තැනකට.අපිට එතන්ට එන්න කියුවා.. කරන්න වෙන දෙයක් නැති තැන අපි එතන්ට ගියා. ගියාම ජනිත් ඇවිත් කතා කරා.
"නංගි ෆෝන් එක නං දෙන්නෙ නෑලු, ඒත් ඒකෙ තියන නම්බර්ස් ඔක්කොම ටික දෙන්නං කියලා කුසල් කියනවා. අනෙ මංදා නංගි මට උනත් ඌට බල කරන්න බෑ නේ. ෆෝන් එක ගත්තෙ මොකටද කියල මටවත් කියන්නෙ නෑ."
කියල කිය්වගෙන කියවගෙන ගියා.

කොන්ද පන නැති යාලුවෙක්ගෙ හැසිරීම ඊයෙ මං නං ඇස් 2න්ම දැක්කා. දැයියනේ තරූ දැන් ගෙදර යන්නෙ කොහොමද? එයාලගෙ ගෙදර අයට මොනවා කියවද, ඔය වගේ ප්‍රශන් ගොඩක් මැද අපිව හිර උනා. අන්තිමට ෆෝන් එක නැති උනා කියමු කියලා හිත හදලා, එයාගෙ ගෙදර මංම එක්ක ගියා.

ගිහින් කියුවම ෆෝන් එක නැති වෙලා කියලා අම්මා නං හොදටම බැන්නා තරූ ට. කරන්න දෙයන් නෑ අහගෙන හිට්යා. හ්ම්ම්ම්ම්... පස්සෙ සිම් එකත් ඩිස්කනෙක්ට් කරා මං ම කතා කරවල. ඒකිට ඒ තරන් වත් සිහියක් නෑ. ඔහොම ඔය ප්‍රශ්නෙ ඉවර උනා.

තරූ අද උදේ 7 වෙනකොට අපේ ගෙදර. අම්ම එක්ක තරහා වෙලා. පවු, ප්‍රශන් වැඩි වෙලා ඔලුවට උන ගන්න වගේ කියලා ඇවිත් කියුවා.පැය ගානක් කියලා කියලා හිත අමාරුවෙන් හදලා කන්න එහෙමත් දීලා දැන් පැයකට විතර කලින් තමයි ගෙදරටම ගිහින් දැම්මෙ. හිතා ගන්න බෑ කුසල් මොන වගේ පලියක් ගන්නද එහෙම කරේ කියලා.

ඇත්තටම කුසල් ලා,ජනිත් ලා කරන්නෙ ආදරේ ද?? ඒක ආදරෙ නං,තරූ කරපු දේ ද බොරුව?? ඔය වගේ ප්‍රශ්න ගොඩක් මැද තාමත් මං කල්පනා කරනවා විතරයි... යාලුවෙක් විදියට මට කරන්න පුලුවන් එකම දේ එයාගෙ හ්ටිහ හදන එක. මං ඒක කරනවා. උපරිමෙන්ම. කුසල්,ජනිත් දෙන්නටම කවදාම හරි මේ දේවල් ව්අලට උත්තර දෙන්න වෙයි. අසරණ කෙල්ලෙක්ගෙ අසරණ කමින් ප්‍රයෝජන ගන්න එනවට.

ආදරේ කියන්නෙ මේක නං,අනේ දන්න කියන හැමෝටම කියන්නෙ ආදරේ කරන්න එපා. හැමදාම පිච්චි පිච්චි ජීවත් වෙන්න වෙයි. වැරදි නොකර වැරදි කාරයෙක් වෙන්න වෙයි. බොරු කාරයො පස්සෙ යන්න වෙයි. ඒක නිසා ආදරේ කියන්නේ මේක නං කිසිම කෙනෙක් ආදරේ කරන්න එපා.

16 comments:

  1. පලි- මේකෙ තියන නම් එකක් වත් ඇත්ත නම් නෙවී. මට ඒක මේ පෝස්ට් එකෙ දාන්න අමතක උනා...සමාවෙන්න..

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්...නපුන්සකයෙක්...එච්චරයි

    ReplyDelete
  3. සෑකේ කියන දෙය හිතට ඇතුල් උනාම කරන්නෙ මොනාද කියන්නෙ මොනාද කියල තේරෙන්නෙ නෑ. හොදම දේ කාලයට ප්‍රශ්නෙ විසඳන්න දෙන එක විතරයි.මොකද මේ වෙලාවෙ කරන්න යන ඕනම වැඩක් අනෙක් කෙනාට තව තවත් සැක හිතෙන්න හේතුවක් වෙන්න පුළුවන්.

    මෙතන ඇත්තටම සිද්ධවෙලා තියෙන්නේ මොකද්ද? මටනම් එච්චරම පැහැදිලි නෑ..

    ReplyDelete
  4. @සිරකරුවා-මටත් ඒ තරන් පැහැදිලි නෑ.. අඩු ගානේ මගේ යාලුවට වත් පැහැදිලි නෑ. හැම දේම දන්නෙ ජනිතුයි,කුසලුයි තමා...


    @රත්ගමයා-හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  5. ඒක තමයි.. මොකෙක් හරි අසහන කාරයෙක්ගේ අමන වැඩක් වෙන්න පුලුවන් මේක.. කාලයට බාර දෙන එක තමයි හොඳම විසදුම..
    එයාගේ කේන්තිය ඉවරවුනාම හැමදෙයක්ම අවබෝධවුනාම එයාම ඔයාගෙ යාලුවාව හොයාගෙන ඒවි..
    මම මේ හොඳම අත්දැකීමකින් කියන්නේ..

    ReplyDelete
  6. එහෙම එයි අයියා. ඒත් දෙයියනෙ එතකොට මගේ යාලුව නං ඉතුරු වෙලා ඉන්න එකක් නෑ. එ තරන් දුකක් මේ බලු කොල්ලා දෙන්නෙ. දැන් මේ කෙල්ලා පිච්චි පිච්චි ඉන්නෙ තාත්තගෙ ෆෝන් එක නිසා පවුල් වල අඅය්ට කෝල් කරලා මෙයා ගැන ජරා කතා කියයි කියලා. කුසල් එහෙම කියලා තියනවා කලින්.

    ReplyDelete
  7. අනේ මන්දා නංගී මම මේ කතාව තුන් පාරක් විතර කියෙව්වා...... ඔයාගේ යාලුවා ආදරේ කියලා රැවටිලයි ඉන්නේ ඒකේනම් ආයේ දෙකක් නෑ. ඒ වගේම යාළුවාට කියන්න එයාගේ අතෙ වැරැද්දක් නැත්තම් ඒ කොල්ලා ඔච්චර දෙයක් කරනකම් නිකන් අඩ අඩා ඉන්න එපා කියලා. අනික ඌ මොන මඟුලකටද ෆෝන් එක අරන් ගියේ.

    සමහරවිට ඕක ඒ කොල්ලො දෙන්නගේ ප්ලෑනක්ද දන්නේ නෑ. ඔයාගේ යාළුවාගේ හිත හදන්න බලන්න. නිතරම එයාට කෝල් එකක් දීලවත් කතා කරලා බලන්න. හැබැයි ඔයාගේ යාළුවාට කියන්න වැරද්දක් නොකර නිකම් වැරදි කාරයෙක් ගානට වැටිලා ඉන්න එපා කියලා. ආයේ අරූ මොනවා හරි කියාගෙන ආවොත් හොඳවයින් දෙකක් කිව්වානම් හරි. කොල්ලෙක් හැටියම මට ලැජ්ජයි අරවගේ කොල්ලෝ ගැන

    ReplyDelete
  8. @පූසා-මීට සතියකට විතර කලින් ඔයයි මායි මුහුනු පොතේ කතා කරා මට මතකයි අයියා. එදා මේ වගෙම දෙයක් වෙලා තිබුනෙ. ඒත් ඒ ඔයාගෙ යාලුවෙකුට, කොල්ලෙකුට. හ්ම්ම්ම්ම්..
    මටත් හිත අගන්න බෑ අයියා,සමාහ්ර විට සිම් එකෙ තියන නොම්බර වලට කතා කරලා එයාගෙ චරිතෙ විනාස කරන්න වෙන්න ඇති...
    හ්ම්ම්ම්.. ජනිත් කියන්නෙත් හොද මූන පෙන්නං ඉන්න බල්ලෙක් කියන එක මං ජනිත් ගැන දැන ගත්ත දවසෙ ඉදන් කියුවා මෙයා ඇහුවෙ නෑ. දැන් දුක් වෙනව. එයත් හිතනව එක එහෙම වෙන්න ඇති කියලා. මොකද මේ 2න්නගෙ සම්බන්දෙ නැවතුනාට පස්සෙ ජනිත් ගොඩක් ලං උනා තරූට. තරූ ජනිත් එක්ක කුසල් ට ගොඩක් බැනලා තිබුනා. එවා කියලා ජනිත් තමා කුසල් ව තරහා ගස්සන්න ඇත්තෙ. අනෙ මංදා.
    මගෙ යාලුව පවු. අහිංසක කම තමයි හැම දේටම මුල.

    ReplyDelete
  9. කොල්ලෝ මේ වගේ පහත් තත්වෙකට වැටෙනවානම්.. ලැජ්ජයි..

    ඉරු කිව්වත් වගේ නපුංසකයෙක් තමා..

    ReplyDelete
  10. කොල්ලගේ වැඩේනම් පහත් තමයි...
    ඒත් අනිත් දේවල් ගැන හරි අදහසක් දෙන්න අමාරුයි.. මොකද මේක ඔයාගෙ කෝනෙන් කියපු ලිපියක්.. මෙතන කවුරුවත් නොදන්න ගොඩක් දේවල් තියෙන්න පුලුවන්..

    ReplyDelete
  11. @kaz-meka man kiyanne oya math ekka fb eke katha karapu dewal walatath adalawa.. man meka athishokthiyen liyala thiyanawa kiyala oya kiyuwa. ow ehema wenna puluwan. mokada man dakka mage yalwua widina duka. nikan hama kollama jara kollek kiyana adahasa mage na. mokada oya anith ayata wada eka hodatama dannawa, mage hodama yaluwath kollek kiyana eka. ehema eke mage hodama yalwua ballek kiyala man kawadawath kiyanne na neda??
    man meka liyuwe godak dewal hariyata danagena. godakma hodata. eka deyai man methana danne naththe, ara kolla ai 4n eka aran giye kiyana eka witharai. eka danne e kollama witharai.

    mathaka thiya ganna kollketa waradunoth hada ganna puluwan, ath kellekge jIwithe eka cl ekakin nathi karanna puluwan. man anna ekai methana liyala thiyenne. wena kisima deyak na.

    ReplyDelete
  12. හි හි... ඉතින් ඕක චැට් එකේම කිව්වනං නරකේ..?? :P

    ReplyDelete
  13. KaZ කිවුවා වගේ අපිට මේකෙන් හරි කවුද වැරදි කවුද කියලා තීරණය කරන්න බෑ.. මොකද අපි දන්නේ එක දවසක වෙච්ච දෙයක් විතරයි.. ඒ වගේම එක කෝණයක් විතරයි..

    අනිත් එක මේ කෙල්ලගෙත් වැරැද්දක් මම දකිනවා මෙතන.. සම්භන්ධය නැවැත්තුවා නම් මොකටද ගියේ ඒකා එන්න කිවුවම.. කෝල් කර කර කරදර කරනව නම් දුරකථන සේවා සපයන ආයතනයට කිවුව නම් "එක්කෙනෙක් කෝල් කරලා කරදර කරනවා කියලා" ඒ ආයතනය ඒකට ක්‍රියාමාර්ග ගන්නවා..

    විහින්කරදරේ වැටෙන්න එපා.. මොලේ පාවිච්චි කරලා තීරණ ගන්න කියන්න..

    ජය වේවා..!!

    ReplyDelete
  14. ඒකනෙ සෝරෝ.. :) මෙයා මේ වලියටමයි එන්නෙ මාත් එක්ක.. ;)

    ReplyDelete
  15. ඔහොම ආදරයක් මමනම් ඇහුවමයි ...හැබැයි ඔයාගේ යාළුවාට ගොඩක් පරිස්සම් වෙන්න වේවි ...එයාට මිනිස්සු එක්ක ඉන්න පුරුදු කරන්නත් වේවි ...

    තව එකක් එයාලගේ ප්‍රශ්න වලට ඔයා වැඩිය මැදිහත් වෙන්නත් එපා ..දන්නේ නැද්ද .. ඔයාගේ පිටින් ප්‍රශ්න යන්න බැරි නෑ ... මට ඔහොම වෙලා තියනවා අද්දැකීමෙන් කියන්නේ ..

    ජය

    ReplyDelete