"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Thursday, January 27, 2011

හිත ඇතුලෙ අතරමං උන කල්පනාව!!!!

කල්පනා කරා, ගොඩාක් කල්පනා කරා..
අන්තිමට බැලුවම කල්පනා කරපු දෙයක් නෑ...
ඇයි මං කල්පනා කරන්නේ??
ඇයි මට කල්පනා කරන්න ඕන කියලා හිතෙන්නෙ???
ඇත්තටම මොකද්ද මේ කල්පනා කරනවා කියන්නේ??
හිතත් මහ පුදුම පුදුම ලෝකයක්..
ඒ ලෝකෙ ඇතුලෙ තියෙන්නෙ කල්පනාව විතරයි වගෙ...
ඒකටත් මං ලග උත්තර නෑ...
ආයිමත් කල්පනාව..
කල්පනා කරලා කල්පනා කරලා..
ආයිමත් මං කල්පනා කරපුව ගැන කල්පනා කරනවා..
කිසිම තේරුමක් නෑ..
කරන්න වැඩ අහස උසට...
ඒත් මං කල්පනා කරනවා.ජීවිතේ ගැන...
මං ගැන, අපි හැමෝම ගැන...
අන්තිමට ඉතුරු වෙන කිසිම දෙයක් නෑ...
මගෙ කල්පනාව ඇතුලෙ මම,
ගොඩක් විශේශ කෙනෙක්..
කතාවෙ වීරයා මම...
ඒත් ඒ මගේ හිත ඇතුලෙ මැවෙන ලෝකෙට...
එතනින් එළියෙ????
හැමදාම කොයි තරම් කල්පනා කරත්,
කල්පනාව හිර වෙන එකම තැන..
මගේ හිතෙන් එලියේ ලොකෙට මම කවුද????
උත්තර නැති ප්‍රශ්නයක් මැද හැමදාම මම...
මහෙ හිතෙන් එලියේ මම හැමදාම අලු චරිතයක්..

ප.ලි:- මේක කවියක් වත්,කතාවක් වත් නෙවෙයි. නිකමට ලියපු හිතට දැනුන ඇත්තක්. මේක බ්ලොග් එකෙ දාන්නම කියලා මගේ යාලුවෙක් කියපු නිසයි දැම්මෙ. අනේ ඔලුව විකාරයි කියලා මාව අංගොඩ යවන්න නං එපා හොදේ...

5 comments:

  1. නෑ ඔයා හිතන විදියේ පිස්සුවක් මේක ඇතුලේ නෑ. ඒ වෙනුවට ලෝකය ගැන ලොකු ඇත්තක් මේ කතාව ඇතුලේ සැඟවිලා තියෙනවා.
    මගේ හිත ඇතුලේ මම වීරයෙක්.
    මේක අපි හැමෝටම පොදු ඇත්තක්.
    ඒත් අපේ ලෝකෙන් එලියට ආවම.......
    හ්ම්ම්ම්........

    ReplyDelete
  2. ඕක පිස්සුවක් කියල හිතන්නන එපා ඔය හිතේ එක ලක්ෂණයක්,හැමෝටම හිතෙන එත් කියන්නේ නැති ඇත්ත.

    ReplyDelete
  3. අද තමයි මේ බ්ලොග් එක මං දැක්කෙ. අනිවා කියවමි. දිගටම ලියන්න.

    ReplyDelete
  4. ඔච්චරට කල්පනා කරන්න මොනවද අප්පේ ඔයාට තියන ගැටලු ..දැනටම ඔච්චර ප්‍රශ්න තියනවානම් ඉස්සරහට මොනවාවේවිද ? හෙමීට කල්පනා කරලා එකින් එක ප්‍රශ්න විෂඳගන්න

    අංගොඩ නෙවේ මග්ගොන යවන්න ඕන ඔයාව ... :)

    මටත් ප්‍රශ්නයක් තිබ්බා ..මට සපත්තු දාලා පුරුදු නෑ . ඔන්න මම ඒ ප්‍රශ්නෙත් මේ ලඟදී විසඳගත්තා ..

    ReplyDelete
  5. ඔන්න මම නං කියන්නෙ ඕක ඇත්තටම අර සත්‍ය අවබෝධ වෙනවයි කියන එක. නංගියෝ (තව පෙඩ්ඩෙන් වයසත් පබිලිස් කරනව) ඔය වයසෙදි ඔය වගේ සිරා අදහස් හැමෝටම එන්නෙ නෑ. එල එල දිගටම ලියන්න.

    ReplyDelete