"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, January 22, 2011

පරණ කතාවක් අලුත් හමු වීමක් "අපි සිංහල" ......

කියන්න යන්නෙ නං පරණම පරණ කතාවක්.. ඒත් සම්බන්දෙ අලුත් නිසයි මේක ලියන්න හිතුවෙ. ඔන්න මං උසස් පෙළ කියලා එකක් කරා නේ. ඒක කරේ 2010 අවුරුද්දෙ නෙව. ඔන්න 2008 ඉදන් 2010 වෙනකන් මං අමාරුවෙන් ඔක්කොම සතියට දවස ගානේ ඔක්කොම් සති ටික එකතු කරාම මාස 4ක් විතර අවුරුදු 2ටම ක්ලාස් ගියා නේ. ඒ ගියෙත් මාස 2කකට එක දවස්ක් වගේ. ඔහොම යනකොට අන්තිමටම හිර උනාම. තියරි ක්ලාස් නවත්තලා රිවිශන් යන්න ගත්තා. ගාල්ලෙ ශ්‍රී පතිරණ සර් ගෙ පන්තිය.

ඔන්න මුල්ම දවසෙ ගියා. මරු. 2010 උසස් පෙළ කරන අය රිවිශන් යන්න හිතලවත් නැති කාලෙ නෙ. මඔ තමා පොඩි එකා ඒකටම හිටපු. ඔන්නා මුල්ම දවසෙ ගියා. උදේ පාන්දරම 7ට විතර(මගේ නරක පුරුද්දක් ඒක. මොන පංතියට ගියත් උදේ පාන්දරම යන එක.). එකෙක් වත් නෑ. කියන්න අමතක උනා නේ පංතිය තිබුනේ පන්සලක. සර් ගේ 2009 ක්ලාස් ආපු අය දන්නවා ඇති නේ. ඔන්න ගිහිපු ගමන් රවුමක් කැරකුනා. පන්සලේ බෝධිය ලගට ගිහින් වැදලා එහෙම ඇවිත් ආයිමත් රවුමක් කැරකුනා. ඒත් කවෘත් නෑ. නික්මට වගේ ටිකක් පංතියක් ඇතුලට එබුනා. අනේ දෙයියෝ දැක්කා වගේ. ඉන්නවා ටික්කා අයියා.

"අයියේ ශ්‍රී පතිරණ සර් ගේ ක්ලාස් එක ..." කියනකොට උත්තරේ ඇවිත් ඉවරයි.

"මෙතන නංගි තියෙන්නෙ 8ට පටන් ගන්නෙ." මොනවා උනත් හරි හිත හොද ටික්කා.

මං ගිහින් පන්තියෙන් වාඩි උනා. ටික්කා උනාට මොකො පොඩි පාටයි. මට හිතුනෙ ගෙදර සල්ලි ප්‍රශ්න ඇති ඒක නිසා මෙහෙම රස්සාවක් කරනවා ඇති කියල.

ඔහොම ඉන්නකොට එකා 2න්නා ඇවිත් මුලු පන්තියම පිරුනා. කවදාවත් ඉස්සරහාම පේලියක ඉදලා පුරුද්දක් නැති නිසා මුලින්ම ආවා උනත් වාඩි උනේ අන්තිම පේලියට පේලි 2ක් විතර කලින්. ඔන්න සර් ආවා පන්තියට. ආහ්. විනාඩියක් ගියේ නෑ ලොකූ හූ සද්දයක් එක්ක මෙන්න කොලු ගැටයෙක් පන්තියට ආවා. අර කාටද කවුද පැනපි කියුවලු. ටික්කා නේද ආවෙ අර තරන් ප්‍රේක්ශක ප්‍රතිචාර මැද??

මල මගුලයි. ඒ ටික්කෙක් නෙවි නේ. මේකෙ ඉගන ගන්න කොලු ගැටයෙක් ලු නේ. හොද වෙලාවට මිනිස්සුන්ට හිතින් නොන්ඩි කරන ඒවා තේරුන් ගන්න බෑ.ඔන්න ඔහොම ඒක එක සිද්දියක්ම වෙලා අමතක වෙලා ගියා. මං පතිරණ සර් ගෙත් අමාරුවෙන් මාස 3ක් විතර කාඩ් අරගෙන සති 2ක් විතර ක්ලාස් ගිහින් එකත් නවත්තලා තැම්මා.

කාලයක් ගියා.... මුහුනු පොතෙන් මට හම්බුනා අපේ ගම් පලාතෙ කොලුවෙක්. නමින් නං නරියෙක්,ඒ නරි මල්ලිගෙන් මං අදුර ගන්නව කලු මල්ලිව. (මල්ලිල්ලා ලෙස හැඩදීන්නුවද මට වඩා වැඩිමල් ය.)කලුවා ඒ දිනවල පවුල් අවුල් කරගෙන දුක කියාගෙන අඩාගෙන තමයි හිට්යෙ. ඔහොම යනකොට එතනින් අදුර ගන්නවා මං ඩිලෝන් ව. එතකොට ඉන්න එකම බ්ලොග් ලියන යාලුව තමයි කලුවා. පස්සෙ මටත් ඔය උන ඔලුවට එනවා. කොහොම කොහොම හරි මාත් හතර ව්අටෙන්ම අහගෙන බ්ලොග් එකක් පටන් ගන්නව.පස්සෙ දැන ගන්නවා ඩිලොනුත් බ්ලොග් එකක් කරනවා කියලා. එයත් ගොඩක් උදවු කරනවා.ඔහොම ටික ටික යනකොට එක පාරටම කලුවා හදනවා මුහුනු පොතේ ගෲප් එකක්."අපි සිංහල" ...

හිතුවට වඩා ලියාගෙන යනකොට දිග වැඩි උනා. ඉතුරු ටික හෙටම ලියලා දාන්නංකො... :) :)

10 comments:

  1. මොකක්ද නගේ ඒ කරපු වැඩේ? කතාව පටන් ගන්න කලින්ම ඉවරකෙරුවා නොවැ. දැන් ඉතින් ඉතුරුටික කියවන්න ආයේ කාලයක් බලන් හිටුකො :/

    ReplyDelete
  2. අද ඇඩ් ටික දාලා පටන් ගන්න කොටම නැවැත්තුවා. හනේ ඉතින්......... :X

    ReplyDelete
  3. යකෝ මේක දිගයිද? ලියනවා තියා ලියන්න පටන් අරගෙනවත් නෑ වගේනේ..

    ReplyDelete
  4. ඉතුරු ටික්ත් එහෙනම් ලියමු බලන්න ....

    ReplyDelete
  5. ලියන්න ලියන්න . අපි බලං ඉන්නේ මොකක්ද මේ නිරහංකාරි කියන්න හදනේ කියලා ..ඉක්මනට ඉතිරියත් ලියන්න

    ජය වේවා !!

    ReplyDelete
  6. මේ...ඔය ටික්කා කියන තැනට එන්න ඕන වෙන නමක් නෙමේද???? ::::OO: ටික්කා නම් ආවේ නෑ...ඔය පන්තියට

    ReplyDelete
  7. කරොත් කොරන්නේ ඔයවගේ වැඩක්ම තමා...... දාපිය ඉස්මනට ඉතුරු කැල්ල :)

    ReplyDelete
  8. 2009 දෙවෙනි කරුමෙට මමත් ඕකට ජනවාරි මාසෙයි ඊට පස්සෙ සතියෙයි ආවනෙ!

    ReplyDelete
  9. කලුවා ලින්ක් කරොත් නරකේ...???

    ReplyDelete