"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Friday, January 21, 2011

ගොඩක් පාළුයි ලූ......

උඩේ පාන්දරම ගොඩ උනා ඔන්න. ඊයෙ පලවෙනි පාරට ගූගල් බස් ගියාම තමයි දැක්කෙ කට්ටිය හැමෝම එකතු ව්එන තැන ඒක කියලා එතකොටම දැක්කා කට්ටිය හැමදාම බ්ලොග් ලියන්න සතියක් දාගෙන කියලා.. වැඩි විශ්ටර ලැබුනෙ අපේ අනුරාධ සහෝදරයගෙන් නේ.

හ්ම්ම්ම්ම්.. අද නිවාඩුයි. මතක් උනේ මං කොලොම්පුරේට ආපු දවස් වල ඉදන්ම මේ ලගක් වෙනකන්ම මට නිවාඩු දවස කරන්න ගොඩක් වැඩ තිබුනා. ඒත් අද??? ගොඩක් පාලුයි. ගොඩක්ම ඕනවටත් වඩා.

හොදම යාලුවො කියන්නේ ජීවිතෙ හැමදාම ලග ඉන්න අය ලූ. ඒත් අද මං ලග කවුරුත් නෑ වගේ කියලා හිතෙනවා. මෙච්චර කාලෙකට මට අම්මා ,තාත්තා නැති උනත් ලග හිටපු අය අද නෑ.. යාලුකමක් කියන්නේ වීදුරුවක් වගෙ දෙයක් ලූ. මෙච්චර කල් ඒක අහල තිබුනා විතරයි. ඒත් අද ඒක මටම දැනෙනවා.

ගොඩක් පාලුයි. ගොඩක්ම.. ඔයාලා 2න්නටම එක එහෙම නැතුව ඇති සමහර විට. ඒත්, අනේ මංදා. ඔයාලා 2න්නගෙන් එක්කෙනෙක් වත් මේක කියවන එකක් නෑ. ඒත් මං ලියනවා. ආයි පරන යාලුවොන්ව මට හොය ගන්න පුලුවන් නං???? මට ගොඩක් පාළුයි. ගොඩක්ම.

හොයාගෙන ගිහින් අඩලා කියන්න හිතෙනවා මාත් එක්ක තරහා වෙන්න එපා කියලා. එත් නෑ. මං කියන්නෙ නෑ. ආයි පරන යාලු කම හැදුනත්, මතක තියෙයි. හිතේ දෙයක් තියාගෙන හැමදාම බොරුවට යාලු කමක් තියෙයි. හ්ම්ම්ම්ම්ම්... ඒත් මට ගොඩක් පාලුයි.

කියන්න තියෙන්නෙ මං වෙනුවෙන් කරපු හැන දේකම වටිනාකම මං අද වෙනකන් තියලා තියනවා. හැමදාකම තියනවා. ගොඩක් පිං. යාලුවොන්ට "තෑන්ක්" කරන්න එපා කියපු ඔයාලම දැන් පොඩි උදවුවක් කරත් මට තැන්ක් කරනවා කට ඇරලා. හ්ම්ම්ම්ම්.. ඒවා වදින්න ඕන තැනට වදිනවා ඕනවටත් වඩා.

හිහ් හිහ්... ඔන්න උදේ පාන්දරම විකාර කියෙව්වා. මං යනවා හොදේ. හැමෝටම බායි. (ලියන්න හිට්යෙ වෙන දෙයක් එත් උදේ පාන්දරම ඇස් වලට කදුළු ආවා ඉස්සර දෙවල් මතක් වෙලා. ඒකයි මේක ලියවුනේ. )

6 comments:

  1. පාළුව නැති කරගන්න බස් එකට එන්න....

    ReplyDelete
  2. අනේ මන්දන්නෙ නැහැ මෙ අනුරාධ නැත්තං මෙ ළමයි කාගෙන් කියලා වැඩි විස්තරයක් අහගන්ට කියලද..?
    අනුරාධ නුඹ නම් දැයේ පිණට පහළ වූ මහෝත්තමයෙකි...

    ReplyDelete
  3. බස් එකෙන් මේකි පන්නලා :-D උදේ පාංදර පික්සු නටලා..

    ReplyDelete
  4. @ප්‍රියන්ත අයියා-බස් එක මරු...

    @මාරයා අයියා- හිහ් හ්ඉහ්... මඩ ගහන්න එපා අලේ...

    @මැටි හාවා-ඔයා තමයි මාව එහෙමයි කියලා ගූගල් අයිඅය්ට කියලා මාව ප්පැන්නුවෙ...

    ReplyDelete
  5. මේකට මන් මොකුත් කියන්නෙ නෑ.. වෙන කෙනෙක් හිත හදනවට වඩා තමුන්ම හිතලා හිත හදාගන්න එක වටිනවා..... කියනන් ඕන දේවල් මන් ඔයට කියලා තියෙනවා කියලා හිතනවා.....

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්ම්... ඔව් අනූ අයියා. ඒක ඇත්ත.. ඒත්, අනෙ මංදා... හැමෝටම පෙන්න හිනා ව්එලා ඉන්න පුලුවන් එක වෙලාවකට හැම දේම මතක් වෙනකොට කොහොම ඉන්නද??? :'(

    ReplyDelete