"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Monday, May 31, 2010

"මහ වරුසාවට"

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...

මහ වරුසාවට...//

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...

මහ වරුසාවට...//

(අනේ මේක සොරා ගැනිමක් නම් නෙවෙයි. පැල්පත බ්ලොග් අඩවිය පැත්ත ගිහිපු වෙලාවක දැකපු හිතට ගොඩක් වැදුන සින්දුවක්... ඔයාලත් ගිහින් බලන්න...)


Monday, May 24, 2010

ජීවිතේ වෙලාවකට අහස වගේ....

ජීවිතේ ගැන කල්පනා කර කර අහස දිහා බලාගෙන ඉන්න කොට....මට හිතුනා....ජීවිතේ කියන්නේ අහස වගේම දෙයක් කියලා......
අහස තේරුම් ගන්න අමාරු හුගක් සoකිර්ණ වස්තුවක්.....අහසට එක පාටක් කියලා නෑ....නිල්පාට....දම් පාට....රතු පාට.....කළු පාට...මේ වගේ අනන්ත අප්රමාණ සමහර විට තවමත් සොයා නොගත් වර්ණ වලින් පවා අහස සිතුවම් වේලා තියෙනවා......
ඒ වගේම අහසට කවදාවත් එක ස්වරූපයක් නෑ....එක එක විදිහට වෙනස් වෙනවා...වේලාවකට හෙන පුපුරවමින්....අකුණු ගසමින්.....මන්දාරම කළුපාටක් ගන්නවා...එත් වේලාවකට නිල් තරු කෑට පුරවාගෙන ලස්සනට තියේනවා....
මෙහෙම හිතනකොට.....ඈත්තටම අහස හරිම සoකිර්ණ දෙයක්.....නේද....??? කොච්චර සකිර්ණ වුනත් අහසේ මොකක්දො සුන්දරත්වයකුත් තෑවරිලා තියෙනවා නෙද...???
අහස ජීවිතේ වගේ කියලා...මම කිව්වේ ජීවිතෙත් අහස වගේ සකිර්ණ හින්දා...අහස එක පාටක් නෑහෑ වගේ....ජීවිතේටත් එක පාටක්... සිතුවිල්ලක් නෑහෑ...අපේ ජීවිතේ කියන මේ අහස.....පුරාම දුක.....සතුට.....වේදනාව.....ආදරය.......කරුණාව....වගේ අනන්ත දේවල් තියෙනවා....
ජීවිතේ අහස වගේ....එක ස්වරුපයක් නෑහෑ....එක වේලාවකට එය රෑ අහස වගේ සෞමය්යි.... සුන්දරයි...තවත් වේලාවකට වහිනකොට අහස වගේ හරිම බියජනකයී....තවත් වෙ
ලාවකටදෑසන අහස වගේ ප්රබොධමත්....ජිවමනයි....
අහස කවදවත් අපට වෙනස් කරන්න බෑහෑ.....අහස අහස විදිහට සදාකාලිකව ඉන්නවා......එත් ජීවිතේ එහෙම නෑ....ජීවිතේ මොන තරම් කටු කොහොලින්....කුණාටු වලින්.....පිරිලා ගිහින් තිබුනත්.....ජීවිතේ කියන අහස අපට වේනස් කරන්න පුලුවන්... අපේ හදවත කියන සිතරාට.....සිතුවිලි කියන වර්ණාවලියෙන්....ක්රීයාවල් කියන පින්සලෙන්.....සිතුවම් කරන අකාරය අනුව තමයි අපේ ජීවිතේ එක එක ස්වභාවයක් ගන්නේ.....ඉතින් අපි අපේ ජීවිත අහස ලස්සනට සිතුවම් කරමු....(COPY)

Enemy at the Gates.

ලඟදි බලපු චිත්‍රපටියක් ගැන තොරතුරු තරණය පාඨකයින් එක්ක බෙදාගන්න හිතුවා.චිත්‍රපටියෙ නම Enemy at the Gates. දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපට අතරෙ ඉතා විශිෂ්ඨ ගණයේ සිනමා කෘතියක් විදියට Enemy at the Gates චිත්‍රපටිය හඳුන්වන්න පුලුවන්.

මේ චිත්‍රපටය දෙවන ලෝක යුද්ධය පදනම් කරගෙන නිමාණය වෙච්ච බොහොමයක් චිත්‍රපට වගෙ සත්‍ය කතාවක් තේමා කරගෙනයි හදල තියෙන්නෙ.ඇත්තටම දෙවන ලෝක යුද්ධය කාලෙ සිදුවෙච්ච සමහර සිදුවීම් චිත්‍රපට දර්ශන වගේම තමයි.සමහරවිට ඊටත් වඩා පුදුම සහගතයි කියන්න පුලුවන්.අපි එදිනෙදා ජීවිතයේදී මුහුණදෙන, අපි දකින, සමහරවිට අපිට සිද්ධවෙයි කියල හිතන්නවත් බැරි පුදුම හිතෙන දේවල්.


චිත්‍රපටියේ කතා නායකයා රුසියන් යුධ සෙබළෙක්.රුසියානු රතු හමුදාවෙ sniper වෙඩික්කරුවෙක්.ඒ කාලෙ sniper වෙඩික්කරුවන්ට කිව්වෙ sharp shooters කියල.කොහොම උනත් අපේ මේ යුධ වීරයා බිහිවෙන්නෙ හිට්ලර්ගේ ජර්මන් අධිරාජ්‍යය උපරිමව පැතිරිලා තියෙන වෙලාවෙ.ඒ කියන්නෙ යුරෝපයෙන් තුන්කාලක් විතර යටත් කරගෙන,රුසියාවෙනුත් බාගයක් විතර අල්ලගෙන ජයග්‍රාහීව ඉදිරියට යන වෙලාවක.කොහොමත් ඉතින් යුධ වීරයො බිහිවෙන්නෙ විරුද්ධ පාර්ශවය ශක්තිමත් වෙලා ඉන්න වෙලාවට තමයි.හරියට අපේ හසලක ගාමිණී රණවිරුව වගේ.දෙවැනි ලෝක යුද්ධය ගැනත් වෙනම බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියල දැන් හිතෙනවා.

හොඳ වෙලාවට අපේ කතා නායකයා, Vessili Zaitsev නූගත් ගැමියෙක්.Vessiliට ජර්මන් අධිරජ්‍යයේ බලය,ජර්මන් යුධ පුහුණුවේ නිවැරදි බව, ජර්මන් අවි ආයුධ වල බලය ගැන හරිහැටි වැටහීමක් නැහැ.තමන්ගෙ රට වෙනුවෙන් තමන්ට හිමි වැඩකොටස විතරක් කරන්න හිතාගෙන යුධබිමට එනව.කොහොමත් ලොකු ප්‍රශ්නයකක් ආවම,සමස්තය අරගෙන විග්‍රහ කර කර ඉන්නවට වඩා, ඒ ප්‍රශ්නෙ තමන්ට හිමි පුංචි කොටස,කරන්න පුලුවන් උපරිමයෙන් කරන එක තමයි කරන්න තියෙන හොඳම දේ.උසස්පෙළ කරන කාලෙ "මුළු syllabus එක ගැනම හිතන්න යන්නෙ නැතුව දැනට නියමිත පාඩම විතරක් හොඳට බලාගන්න" කියල ගුරුවරු කියන්න ගුරුවරු කියන්නෙ ඒකයි.

අපේ කතාවේ වීරයා තමන්ගෙ අවියෙන් උපරිම දක්ෂතා පෙන්වනව,ජර්මන් යුධ සෙබළු දවස ගානෙ Vesilli ට බිළිවෙනවත් එක්කම Vessili Zaitsev මුලු රුසියාවෙම ජනප්‍රියම යුධ වීරයා වෙනව.හැබැයි කතාව වෙනස් වෙන්නෙ අපේ වීරයව මරන්න Berlin යුධ මූලස්ථානයෙන් තවත් ඒ වගේම දක්ෂයෙක් එව්වට පස්සෙයි.හැම වීරකතාවකටම වගේ මේ කතාවටත් දුෂ්ඨයෙක් ඉන්නව.මේජර් Kornig.ජර්මන් sharp shooter කෙනෙක්.හැබැයි මෙයානම් තමන්ගෙ ශිල්පයේ කෙළ පැමිණි කෙනෙක්.Zossen පුහුණු පාසලේ අධ්‍යක්ෂක. අපේ වීරයටනම් මෙයා එක්ක හැරෙන්නවත් බෑ.හැබැයි ඉතින් අර කතාවක් තියෙනවනෙ "ජීවිතයෙ සටන් වලින් නිරතුරුවම ජය අත්වෙන්නේ වඩා දක්ෂ මිනිසාටම නොව තමාට දිනිය හැකි යැයි සිතන මිනිසාටයි"කියල.ඒ කතාවනම් සහතික ඇත්ත.

මේ වෑයම Enemy at the Gates චිත්‍රපටියේ කතාව කෙටියෙන් කියන්න නම් නෙමෙයි.කතාව නම් බලපු අය දන්නව.බලපු නැති අයට කතාව කියන්න ගියොත් බැනුම් අහන්නත් වෙයි,බලන්න කලින් කතාව කියපු නිසා බලනකොට කිසි ගතියක් නෑ කියල.කොහොම උනත් චිත්‍රපටිය දිගහැරෙන්නෙ මේ දෙන්නගෙ අතරෙ ඇතිවන ගැටුම සහ දෙවන ලෝක යුද්ධය රුසියන් ජන සමාජයට කරපු බලපෑම ප්‍රෙක්ෂකයට ඉතාමත්ම තාත්විකව අත්දැකීමට ඉඩලබාදෙමින්.ඒක තමයි හොඳ අධ්‍යක්ෂකවරයෙකුගෙ හැකියාව.සුපුරුදු පරිදි හැම ලෝක යුද්ධ කතාවකම වගේ හිට්ලර්ගෙ හමුදාවෙ කෲරත්වයත් අඩුවක් නැතුව චිත්‍රපටිය පුරාවට දකින්න පුළුවන්. එහෙනම් මේ ඇති වගේ.බලපු නැති අය චිත්‍රපටිය බලලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

Sunday, May 23, 2010

වෙච්චි දෙයක්....

මේ දවස් වල මට ලබලා තියන ග්‍රහය කවුද කියල හොයල බලන්න ඕන. සීමවක් නැති කරදර. කට නිසා තමයි දවසක මාත් නහින්නේ. :'( වැඩකට ඇති දෙයක් ගැන බ්ලොග් එකක් ලියන්න හිතනකොටම මට වෙන්නෙ එපා වෙන වැඩක් නේ. මේ දැනුත් මේ ඇදක් උඩට වෙලා හැරෙන්න වත් බරුව අම)රුවෙන් කොටනව මේක.

එක පිට එක පිට ශල්‍යකර්ම 2ක්, මහ ලොකු ඒව නෙවෙයි. ඒත් ඉතින් එක පාර කර) නන් කමන් නෑ. එකක් කරල හිත හදා ගන්නවත් හම්බුන් නෑ අනිත් එක. ආයි නන් දොස්තරල දැක්කත් මාව කලන්තෙ දායි. ඒ තරන් දුක් වින්ද. නුවර ජාතික රොහලේ Dr. Attigala ට පින් සිද්ද වෙන්න මන් තාම ජීවත් වෙනව මන් හිතන්නේ..

මේකනේ උනේ, අපේ ගම් පළාතේ අලුතෙන් ආපු දොස්තර අක්ක කෙනෙක් මුලින්ම මගේ දතක් ගලවන්න ගිහින් මාව බාගෙට මැරුව.(රජයේ රොහලක සේවය කරන කෙනෙක්) ආයි නම් එයා ලගට යන් නෑ කියල හිතන් ඒකට මැහුන් දා ගන්න කුරුණෑගල පවුද්ගලික රොහලකට ගියා.. අම්මෝ... එකත් පරිස්සමින් ඉවර උන නිසා අනිත් දතත් ඒ දොස්තර මාමගෙන්ම ගලව ගත්තා. මගේ වෙලාව හොද නැති කම කියන්නේ,ඒකත් ඉවර උනේ තව ශල්‍යකර්මයක් කරන්න ඉඩ තියල නේ.. ඉයේ උදේ පාන්දරම දළදාවත් වැද පුදාගෙනම ගිහින් ඒකට රොහල් ගත උනා දවල් 2 වෙනකන් කෑමක් බීමක් නැතුව තියන් ඉදල, 3ට වැඩේ පටන් ගත්ත, 5,30ඉ ඉවර වෙනකොට.. අනේ මගේ අහින්සක කටේ තව මැහුම් 5ක් දාල. කාට කියන්නද මේ දුක. අඩ අඩ ඉන්නව ඇර වෙන මොනවා කරන්නද. :'( ආයි නන් මරුනත් දත් නන් ගලවන් නෑ. කොහොමින් කොහොමින් හරි සති 2ට මට ජීවිත කාලෙටම ඇති වෙන්න දුක් විදින්න උනා...

තව දෙයක් කියන්න ඕන. මේ දවස් 3,4ට මට අම්මගේ ආදරේ මොන වගේද කියල උපරිමෙන් දැනුන... අම්මත් මාත් එක්කම මේ දවස් ටිකේ නිදි නෑ. මට කන්න බෑ කියල අම්ම කන්නේත් නෑ. කවද මම මේව මගේ අම්මට ගෙවල ඉවර කරන්නද කියල මන්ද..මගේ කියල ඉන්නේ එච්චරයි කියල මට හොදටම දැනුනා...

ආහ්.. තව මගේ තාත්තත් ඉන්නව.. ගම් පල්ලතෙ ඉදන් call එකක් දීල "තව සල්ලි කීයක් ඕනද??" කියල ඇහුව එයා... තාත්තා= ATM card එකක් ද? අනේ මන්ද.. මේ මගේ ජීවිතෙ මට උත්තර හොයා ගන්න බැරි ප්‍රශ්න... හ්ම්ම්ම්ම්ම්... තවත් නන් මෙහෙම ඉන්න බෑ.. හොදටම කැක්කුමයි කට... මේ මම දාන පොස්ට් කවුරුත් කියවන් නැතුව ඇති සමහර විට.. අනේ මන්ද... හ්ම්ම්ම්ම්... මේක කවුරු හරි වැරදිමකින් හරි කියවනව නන් ඒ හැමොටම බුදු සරණයි!!!!

මගේ නoගි!!!



නoගියෙ ඔබ නෑති පලමු දිනයේ....
අවුරුද්දක් ළෙස ගෙවුනු අද දිනයේ....

මගෙ නෙතට කදුලු පිරුනේ....
මල් පෙති අග සෑලෙන පිනි බිදු සේ....

පෙර දිනයේ ඔබ ලන්වීලා....
අද දිනයෙ ඔබ දුරස් වීලා...

පිවිතුරු ඔබේ සෙනෙහස...
දෑනෙනව මට හොදටම....

පතනෙමි මා අද දින...
ලන් වී ඉන්නට හෑම දින...

ලියුවේ දිනේශ් හර්ශ කුමාර අයියා.... ( මුහුනු පොතෙන් හමුවු වෙනස්ම චරිතයක්...)

Friday, May 21, 2010

නිරහන්කාරිට අවසන් රතු නිවේදනයද නිකුත් කරයි!!!

අද ගොඩක් දුක හිතෙන දවසක්.. අනේ මන්ද හිතට මාර දුකයි... ම්ගේ මේ බ්ලොග් කෙරුවාව නිසා ලගදිම ගෙදරින් මගේ ඉදුන් හිටුන් වල ඉදන් අහොසි කරන්ව. මුහුනු පොතේ සන්චාරයත් වැඩි කියල මගේ ආදරබර අක්කන්ඩි අම්මට දැනුන් දීලනේ.අනේ මන්ද.මටම මයි වෙන්නෙ.කොහොඹ ගහේ මිවදයක් බෑන්දට මි පෑනි තිත්ත වේනවද? නෑ නේ.. ඒක අපේ අම්ම තේරුන් ගන් නෑති හෑටි...

Thursday, May 20, 2010

අහන් ඉන්න.....


අහන් ඉන්න
අහගෙන ඉන්න
මගෙ හිත මොනවද
මුමුණනවා.....

යාය පුර නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා

අහන් ඉන්න.....

සිලිසලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයී..

අහන් ඉන්න....



(ලස්සන සින්දුවක් කියන්නෙ කවුද, ලියුවෙ කවුඩ කියල නම් හොයා ගන්න බෑරි උනා)
video

Wednesday, May 19, 2010

හිනා වෙද්දි හයියෙන් හිනා වෙන්න!!!


ගොඩක් කාලෙකින් මනස සගරාව ගත්තා අද."හිනා වෙද්දි හයියෙන් හිනා වෙන්න!!!" මුල් පිටුවෙම තිබුන. ගත්ත ගමන් පෙරලලා ඒ ලිපියම කියෙව්වා. ඒකෙ තිබුන විශේශම ටික තමා මෙ පහලින් තියෙන්නේ...
බලන්නකො සුසුම් ඉහලට අදින්නෙ ප්‍රශ්න තියන අය. උස්ම පහලට හෙලන්නෙ ප්‍රශ්න නැතිව හිනා වෙන අයයි. බලන්නකො හිනා වෙනකොට උස්ම කොහෙටද යන්නෙ කියල. හ: හ: හ: කියල හයියෙන් හිනා වෙන කෙනෙක්කුට ඈග ඇතුලෙ හිර වෙලා තියන දුක් කරදර ඔක්කොම එලියට විසි වෙනව.හිනා වෙන හෑම වෙලෙම පුදුම විදියට ඈගේ ස්නායු මණ්ඩලයෙ හිර වෙලා තියන සෝ සුසුම් දුක් මතක ඔක්කොම් එලියට යනවා. බොහො ලෙඩ හයියෙන් හිනස්සන්න පුලුවන් නම් මාසෙකින් හොද කරන්න පුලුවන්.
හිනාව කියන්නෙ මොලයට හා ස්නායු මන්ඩලයට පුදුම විරේකයක්.

ඔබෙන් සමුගන්න දෙන්න මට අවසර.................


වෙන්නෙවී ගියත් ඔබ අද....................

සදාකල් රෑදේ මතක හද.............

අමතක කල නොහෙකි තරමට......

අද මා පමනක් තනි වී ඇත.......

ඔබ සිතිනුත් ගතිනුත් දුර ඇත........

කමක් නෑ ඔබ සැනසුම ලැබ ගන්න....

ආදරය කල සිතකට වයිර කල නොහෙක....

ඔබෙන් සමුගෙන දුර යන්නට.....

දෙන්න මට අවසර.................

***ලියිවේ මුහුනු පොතේ තම්න්ගේ ආදරේ නිසා දුක් විදින මගේ හොදම යාලුවෙක්( එයාගේ කතාවෙ අවසානේ තාම හොයන්ව... එතකොට ඒකත් ලියන්නම්... තාම ඒ හිත හදනව අපි...)***

Monday, May 17, 2010

පොඩ්ඩාට ගැරහීම..

ලියන්න දෙයක් නෑතුව ලෝකේ පෙරලන්න හිත හිත ඉන්නකොට මුහුනු පොතෙන් හම්බුනා නේ කතාවක්.
මගේ කිරිබොන කාලෙ ඉදන් ඉන්න යාලුවෙක්.(එයා ගීත් කියල කියමුකෝ) කාලයක් අතුරුදහන් වෙලා ඉදල මේ ලගදි (දෑන් මාස 6කට විතර කලින්)මට ආයි හම්බුනා.
කොල්ල දෑන් ලොකු වෑඩ නෙ කරනෙනේ. සා.පෙ. ඉවර උන ගමන්ම NIBM ගියා. අපි තාම උසස් පෙළ කරන්න dhuk විදිනකොට දෑන් ගීත් NIBM එකේ එයාට වඩා අලි වයස පප්පලාට උගන්නනවා. කතාව එතන නෙවේ.
අද ටිකක් වෙලා අපි 2න්නට ඕප දුප කත කරන්න වෙලාවක් අහු උනා.අනේ කියවන්න ගත්ත වෙලාවෙ ඉදන් කොල්ල දුකෙන්. පොඩි කාලෙ ඉදන්ම යාලුව දුකෙන් ඉන්නකොට මට තේරෙනව නේ.ඈහුවම නෑම කියුව.මාත් අතෑරියෙ නෑ.ටිකක් සද්දේ දෑම්ම(දන්නෝ දනිති මගේ සද්ද ගෑන ) හිහ් හිහ් හිහ්... මම ඉතින් අක්ක නේ... ඔන්න එතකොට කියුව හේතුව.
ගීත් දෑන් NIBM එකේ කරන විශයන්ම තමාලු එයාගේ අයියාත් කරන්නේ.අයියා කියල තියනව කියන්නෙ NIBM එක ඈතුලෙදි කතා කරන්නවත් එප කියල ලු. ගීත් ඉස්සර ඉදන්ම අයියට මාර ආදරේයි. ඉතින් එහෙම කුවම දුකයි නේ. තව හේතුවක් කියුව.
එයාගෙ පන්තියේ ඔක්කෝම පුත්තල්ම් බූරුවූ 7,8කගේ වයසලු. ඉත්න් හැමෝම මොනව හරි අහ ගන්න ඕන උනම විතරලු මේ පොඩි එකා ලගට එන්නේ. (පව් නැද්ද මන් අහන්නේ) ගීත් හිතන්නේ එය තනි වෙල කියල. පව්.
මට ඒ කතවේ තේරුන එකම දේ ලම්කාවේ අපේ සාමන්ය ගතිය විතරයි... පොඩි එකෙක් තමන්ට වඩා හොත තැනකට එන්න හදනකොට එයාව පාගල දාන්න හදනව. මොකත ඒකෙන් තමන් ඉන්නේ පහත් තැනක කියල හැමෝම දැන ගන්නව නේ.. ගීත් ගේ සහොදරයගේ ඉදන්ම තියේන්නේ ඒ ගතිය.. අනේ මන්ද.. කවද අපේ අය හැදේයිද කියලා..

Saturday, May 15, 2010

ආයුබෝවන්!!!!!!!

මම මේ බ්ලොග් කලාවට අලුත් කෙනෙක්. දෑන් ගොඩක් කල් ඉදන්ම බ්ලොග් කියෙව්වට බ්ලොග් එකක් ලියන්න විදියක් දෑනගෙන හිටියෙ නෑ. අලුත් නිසා ගොඩක් වෑරදි ඈති. :) අද ඉදන් මාත් ජීවිතේ වෙන, දකින හෑම ඕප දූපයක්ම මේකේ කියන්නන්කෝ.

මම ගෑන කියනව නම් ජිවිතේ තෙරුන් ගන්න උත්සහ කරන තාම උසස් පෙල පන්තියෙ ඉන්න පොඩි කෙල්ලෙක්. ඒත් ජිවිතේ මන් දන්න දේවල් ටිකක් විතර මගේ වයසත් එක්ක ගෑලපෙන් නෑ කියල මට හිතිල තියන වෙලාවල් අනන්තයි. එක වෙලාවකට මන් පිස්සියෙක්, එක වෙලාවකට හොද දුවෙක්, තව වෙලාවකට මේ ලොකේ නපුරුම කෙනා මමලු. ඒක ඈත්තද කියල ඔයාලම බලන්නකො. අද ඉදන් මේ කියන්නේ මගේ ජීවිතේ.

කියන්න තරම් ලස්සන අහින්සක සුන්දර ජිවිත කතාවක් මට නෑ කියල කවද හරි මේක කියවන ඔයාලම මට කියයි. ඒත් උත්තර හොයා ගන්න බෑරුව ප්‍රශ්න වලින් දුක් විදිනකොට, කවදම හරි දවසක ඔයාල මට උදවු කරයි. මට එහෙම හිතුනේ දුකා අයියාගේ බ්ලොග් කියවන්න ගත්ත මුල්ම දවස් වල ඉදන්. ඒත් ඉතින් බ්ලොග් එකක් පවත්වාගෙන යන්න මම දෑනගෙන හිටියේ නෑ. අදටත් හරියටම දන් නෑ. සමාවෙන්න ඕන මේ බ්ලොග් කලාවට ආදරේ කරන හෑම කෙනෙක්ම. අහින්සක උත්සාහයක්. පුලුවන් නම් වෑරදි පෙන්නල දෙන්න.

හෑමොටම ආයුබෝවන්!!!!!!!