"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, July 17, 2010

අතීතයට එක් විය!!!!


එක විදු මවු තුරුලේ
සොයුරු සොයුරියන් සේ ලං වෙලා
සෙනෙහසින් අකුරු කල
දහතුන් වසරක කාලය
නිමා වුනා...
සුදු පාට රැලි ගවුම
රතු පාට ටයි පටිය
ගුරුවරුන් යහලුවන්
සියලු දේ හැරදමා
දෛවයට අවනතව
පාසලින් සමු අරන්
කාලයක් ගත උනා...
යහලුවන් යෙහෙලියන්
දස අතට විසිරුනා
මං මගේ ජීවිතේ
දුක අතර තනි උනා...

3 comments:

  1. ස්කෝලෙන් අස් වෙන එක හුන්නග්ක් දුකයි තමයි....

    නංගි ඔයාගෙ ෆීඩ් එකේ අවුලක්ද මන්ද... මම මගේ බ්ලොග් එකේ දාල තියෙන ඔයාගෙ සයිට් ලින්ක් එක අප්ඩේට් වෙන්න නැහ. සින්ඩියේ වෙනවද ???

    ReplyDelete
  2. ඉස්කෝලෙන් අයින් වෙලා එහෙම ඉස්කෝලේදී කල දේවල් මතක් වෙනකොට තමයි ඉස්කෝලේ යන්න නැති එකේ පාඩුව දැනෙන්නේ..

    පිස්සා ස‍හෝ කිවුවත් වගේ මගේ බ්ලොග් එකෙත් අප්ඩේට් වෙන්නේ නෑ නේ... ඔයා URL එක වෙනස් කලාද?

    ReplyDelete
  3. @පිස්සා අයියා-අනේ මංදා අයියා.. මොකක් හරි ප්‍රශ්නයක් නං තියනවා කියලා තේරෙනවා. ඒත් මට ඒක මොකද්ද කියල තේරෙන්නෙ නෑ. සින්ඩියෙ මං ඉන්නවා කියලා මේල් එකත් ආවා. ඒත් මගේ පෝස්ට් වැටෙන්නේ නෑ... හ්ම්ම්ම්ම්.... මේ පැත්තෙ ආවට තැන්කියු අයියා..

    @ලමයා අයියා-ඒක ඇත්ත... මට ඒක හොදට දැනෙනවා දැන්...

    අනේ මම මුකුත්ම වෙනස් කරේ නෑ.. ඔයා දන්නවා නේ, මං මේක ගැන වැඩිය දේවල් දන්නේ නෑ...

    ReplyDelete