"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, July 25, 2010

අම්මා!!!!

සිහින් සරින් මුව සරසා..
බිගු නැලවිලි ගී අම්මා...
සෙත් පිරිතකි දිවි කතරේ..
සරතැස නිවනා අම්මා..

සෙත් පිරිතකි දිවි කතරේ..
සරතැස නිවනා අම්මා...

අයන්න කියවා මගේ...
ලොව සුරගුර වූ අම්මා...
බලන්න හෙට රජෙකු විලස...
සිහින සිය දහක් මැවූ අම්මා...

වදින්න වෙහෙරට ගෙන ගොස්...
බුදු බණ හුරු කරවූ අම්මා..
ගුණ නැණ මල් පිබිදෙන යුරු...
දැක දැක තුටු වූ අම්මා...

ගුණ නැණ මල් පිබිදෙන යුරු...
දැක දැක තුටු වූ අම්මා..


කියන්න මා ලබනා ජය...
නෙත් අබියස නැහැ අම්මා...
මුලින්ම සසරෙත් උණුහුම...
සෙනෙහස බිහිවනු මට අම්මා...

Sunday, July 18, 2010

රාත්‍රිය වී....


රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනෙ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමිසදුනේ. . . .
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

...
පතා පැමිණි සුරපුරවර
වෙලා ගැනුනි ගණ කලුවර
දෑස පුරා දුටු සිනා කවට කෙලි
කදුලු කතාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර


කලා සොළස පිරි පුර හද
අතැර ගොසිනි සිය පිය බද
පියා දෙඩු මෘදු වදන් අසන්නට
බලා හිදි සිත පිලිසිද
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර


රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්. . . .

ගගක් සේ ඔබ.....


ගගක් සේ ඔබ ගලා එයි නම්
මුවදොරක් වී ඔබව හමු වන්නම්
මලක් සේ ඔබ පෙතිසලයි නම්
පවන් රළ වී ඔබව සිප ගන්නම්...

පලා පැහැයෙන් දිදුල කදු වලියේ
අතුල පිනි මතුවේ
සදක් සේ මා ඔබට දැල් වෙන්නම්
ඔබේ කදුලැලි සෙමෙන් පිස ලන්නම්

දෑස රවටන මිරිගු දිය තලයේ
වැටෙන උණු කදුලේ
අරුත වී මා ඔබේ ලග ඉන්නම්
මිරිගු දිය මැද කෙම් බිමක් වෙන්නම්


ගගක් සේ ඔබ ගලා එයි නම්. . . .
මුවදොරක් වී ඔබව හමු වන්නම්. . . .

Saturday, July 17, 2010

අතීතයට එක් විය!!!!


එක විදු මවු තුරුලේ
සොයුරු සොයුරියන් සේ ලං වෙලා
සෙනෙහසින් අකුරු කල
දහතුන් වසරක කාලය
නිමා වුනා...
සුදු පාට රැලි ගවුම
රතු පාට ටයි පටිය
ගුරුවරුන් යහලුවන්
සියලු දේ හැරදමා
දෛවයට අවනතව
පාසලින් සමු අරන්
කාලයක් ගත උනා...
යහලුවන් යෙහෙලියන්
දස අතට විසිරුනා
මං මගේ ජීවිතේ
දුක අතර තනි උනා...

Friday, July 16, 2010

දයාබර ඔබට!!!!


බොහෝ දුර නැතයි
නොකිව හැකි
මෙතෙක් පැමිණි දිවි ගමනේ
නොසිතූ ලෙස
සිත සසල කල
දයාබර ඔබටයි...
හෙටක් ගැන දෑස් දල්වා
මම බලා ඉදින්නෙමි
ඔබේ ලොව
කිරුලු දරන්නට නොව
වෙනත් බොහෝ දෑ මෙන්
මතකයෙන් නොගිලිහෙන
මා සිත සසල කල
ඔබට...
සදාකාලික වූ
නිහඩ සෙනෙහසක් වන්නට...

Monday, July 12, 2010

නොනිමෙන පහන ඔබ....


ජීවිතයම කදුලක් වූදා
ඔබ මා ලග තනියට හිටියා
ලොවම අහිමි වී මා හැගි ගිය දා
ඔබ පමනක් මට හිමි වූවා
ජීවිත ගමනේ පා ඔසවන්නට
ඔබ මා හට සවියක් වූවා
මතු සන්සාරෙත්
ඔබේ දියණිය වී මා ඉපදේවා
මගේම මවු වී ඔබ හමු වේවා....