"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Tuesday, June 1, 2010

ජීවිතය සහ දෝන්කාරය

දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි කදුකරයක ගමනක් යන අතරේ, හදිස්සියෙම පුතා බිම වැටිල තුවාල වුණා. ඉතින් එයා "අනේ මගේ කකුල" කියලා වේදනාවෙන් කෑ ගැහුවා.

එක් වරම ඔහු මවිතයට පත් කරමින් කන්දකින් 'අනේ මගේ කකුල' යන ශබ්දය ඔහුට ආයෙත් අහෙන්න උනා.කුතුහලය නිසා පුතා "ඔය කවුද?" කියා හඩ තැලුවා. ඔහුට ලැබුණ පිළිතුර වුණේ 'ඔය කවුද?' කියන වචනමයි.

එවිට ඔහු කන්ද දෙසට "මා ඔබට හරි කැමතියි" යයි හඩ නගා කියුව.ශබ්දය ද "මා ඔබට හරි කැමතියි" යය් උත්තර දුන්නා

පුතා තාත්තා දිහා බලලා"මේ මොකද්ද වෙන්නේ?" කියලා ඇහුවා. පියා සිනාසී "පුතා හොදට අහ්ගෙන ඉන්න" යයි කිව්වා.

ඊලගට තාත්තත් උස් හඩින් "ඔබ ශූරයෙක්" කියල කෑ ගැහුවා.ශබ්දයද පිළිතුරු දෙමින් "ඔබ ශූරයෙක්" යයි කීවා.

ළමයා පුදුමයට පත් උනත් මේක එයාට තේරුම් ගියේ නෑ.


එතකොට පියා පැහැදිලි කළා. "මිනිස්සු මේකට කියන්නේ දෝන්කාරය කියලයි.ඒත් ඇත්තෙන්ම මේක තමා ජීවිතය. එය ඔබ කියන හැම දෙයක්ම ආපසු දෙනවා.ඔබ කරන හැම දේමත් ආපසු දෙනාවා. අපේ ජීවිත අපි කරන දේවල් වල පිළිබිඹුවක්. ඔබට ලෝකයෙන් ආදරය ඕනෑ නම් ඔබේ හදවතේ ආදරය වැඩි කර ගන්න.ඔබේ කන්ඩායමේ හැකියාව වැඩි කර ගත යුතු නම් ඔබේ හැකියාව දියුණු කර ගන්න.
මේ සම්බන්ධතාව හැම දේකම තියනවා.ජීවිතේ හැම අන්ශයටම අදාලයි.ජීවිතයට ඔබ ලබා දෙන සියල්ල ජීවිතයෙන් ඔබට ආපසු දේවි."

ඔබේ ජීවිතය අහඹුවක් නොවේ. එය ඔබේම පිළිබිඹුවයි.

4 comments:

  1. අසනීප තත්වෙ තාම එහෙම්මමයි... සනිප උන ගමන් ඒ ගැන සටහනක් දාන්නන් හොදේ.. මන් ගැන හොයල බලපු හැමෝටම පිo...

    ReplyDelete
  2. kathawanam aththa
    adahasanam kiyala wedak ne

    ReplyDelete