"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Friday, February 18, 2011

කවියක් නොවූ කතාවක්!!!!!!!

මතකයන් අතරින්
අතීතයට පිය මන්න විට
දැක්කා මං ලස්සනම ලස්සන 
අහිංසක බැදීමක්
නමක් නැති බැදීමක්
තමන්ව අදුර ගන්න උත්සාහ කරන
තමන් පිස්සෙක් කියලා හිතන
අහිංසක දඩබ්බර 
බොරුකාර කොල්ලෙක්
ප්‍රශ්න ගොඩක් මැද හිර වෙලා ඉන්න
හැම ප්‍රශ්නෙකටම විසදුම 
කදුලෙන් හොයන්න යන 
නපුරු කෙල්ලෙක්
ගොඩාක් දිග කතාවක
පුංචිම පුංචි හමු විමක්
හමු නොවිය යුතු 
දෙදෙනෙක් ගේ හමු වීමක්
අහිංසක ලෝක වෙනස් වෙනවා
කිසිම කෙල්ලෙක්ව විස්වාස නොකරන කොල්ලා
අර නපුරු කෙල්ලට විතරක් ඇත්ත කියනවා
හේතුව දෙන්නම දන්නෙ නෑ
අඩන්න දුක කියන්න
ජීවිතේ තේරුන් ගන්න 
දෙන්නට දෙන්නා නැතුව බැරි වෙනවා
නපුරු කෙල්ල ඉස්සර වගේම
ජීවත් වෙන්න හදනවා
ඒත් අර අහිංසක කොල්ලට ඕන උනේ
ඒ කෙල්ල එයාගෙම 
ජිවිතේ කොටසක් වෙන්න
හේතුවක්,ලෝබ කමක් නිසා නෙවි
ඒත් ඒක වෙනවට ආස උනා
නපුරු කෙල්ලත් ඒක බලාපොරොත්තු උනා
දෙන්නම ඇයි කියන්න දැනගෙන හිට්යෙ නෑ
හැම දේම වෙනස් වෙන්න ගත්තා
අහිංසක කොල්ලා විනාස වෙන්න ගත්තා
ඒ කොල්ලව ළමයෙක් වගේ හදපු කෙල්ලට
අන්තිමේදි විනාසෙ නවත්තන්න තිබුනේ
එක විදියයි
අර කොල්ලව අතෑරලා යන එක
අතෑරියා,හැම සම්බන්දයක්ම එයා
ඒත් හදවතින් නෙවී,
ඈතට ගියා හොයා ගන්න 
බැරි තරම් දුරකට
කොල්ලා දුක් විදිනවා බල බල 
අර නපුරි එක වචනයක් වත් කියුවෙ නෑ
දුරින් ඉදන් විදෙව්වා
අදටත් විදවනවා
අහිංසක කොල්ලත් තාම විදවනවා
අවුරුදු 2කකට පස්සෙ
අර නපුරු කෙල්ලගෙ උපන්දිනේ දවසෙ
දකිනවා අර අහිංසකයාව
තමන්ගෙ ඇස් ඉස්සරහාම
මොනවා කරනන්ද දෙයියනේ
අර නපුරි හැමදාම වගේ පැනලා යනවා
විහාරමහාදේවි එක යට වෙනකන් කදුලු
හලන්න පුල්ලුවන් උනත්
ඒ නපුරු කෙල්ල හැමොටම පේන්න 
හිනා වෙලා එතනින් යන්න යනවා
අහිංසක කොල්ලා හැමදේම හිතෙ තද කරන් විදවනවා
ගල් හිත දිය වෙනවා
නපුරිට ඉන්නම බැරි වෙනවා
අර අහිංසකයට කතා කරනවා
හ්ම්ම්ම්ම්ම්... 
මෙතනින් එහාට අර අහිංසකයා 
ආයි අවුල් උනොත් නපුරු කෙල්ල
මොනවා කියලා කරන්නද???
සාප කරන්න එපා පුංචි කාලයක් නෙවී
මහා ගොඩක් කාලයක් බලං හිටියා
හිර කරන් ඉන්න තවත් හිතේ ඉඩ නෑ..
සමා වෙන්න!!!!!

15 comments:

  1. මගෙ අහින්සක අදහස... අනෙ මන්ද... පව් කොල්ල... කෙල්ලොට් එක්ක බෑ........

    ReplyDelete
  2. හැබැටම මොකක් ගැනද මේ ඈ ?

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම් නපුරි කියන්නේ කාටද කියලනම් පුංචි අදහසක් ආවා..... ඒත් අහිංසකයා????

    ReplyDelete
  4. ඉඟියක් දෙකක් නම් හම්බවෙලා තියෙනවා කතාව ඇතුලේ...
    ඒත් ඉතිං තමන්ම කියනකල් අපි බලං ඉන්නවා....

    ReplyDelete
  5. සමාව ඉල්ලන්න එයාට වැරැද්දක් කරල නෑ නේද?

    ReplyDelete
  6. මොකද අප්පේ මේ ..මෙයා බැලුවොත් අඬනවා .නගෝ දැං අර පොඩි කාලේ ගියා . දැං ඔයා ටිකක් රෙස්පා ඉන්න කවුරුහරි ගියාද අනේ මගේ මොකෝ කියලා ඉවසලා ඉන්න . ඔයා අතේ වැරැද්දක් නැත්නම් කරන්න තියන හොඳම වැඩේ ඒක .

    ඉල්ලන දෙයක් කාගෙන එක පාරක් ඉල්ලන්න දුන්නේ නැත්නම් තව පාරක් ඉල්ලන්න . ඒත් බැරිනම් තව පාරක් ඉල්ලන්න . තුන් වතාවකට වැඩිය ඉල්ලන්න එපා ! ඔයාව පාච්චල් කරන්නයි ඒ එයා හදන්නේ ..ටික දවසක් දුක් වෙන්න . ඊටපස්සේ අමතක කරන්න . ‍‍‍ඔයා කාටවත් සෙකන්ඩ් වෙන්නේ නෑ කියලා පෙන්නපං නංගියේ ..!

    ReplyDelete
  7. හිස් අහස කියපු දේ අහපං නංගියේ. අත්දැකීමෙන් කියන්නෙ. ඒක තමා හොඳම දේ. කවදහරි ඒකට ඉරිසියා හිතෙන තරම් හොඳින් ජීවත් වෙයන්. ඒක තමා දාල ගියපු එකාට රිද්දන්න තියෙන හොඳම විදිහ.

    (my target ;) )

    ReplyDelete
  8. අනේ මන්දා .......කතාවෙන් භාගයක් මට සිද්ද වුන දේ වගේ ....... මොනා වුනත් කොල්ල පව් ... බැලුවම හැම කෙල්ලම එක වගේ .....

    ReplyDelete
  9. හ්ම්ම් මේ එහෙනම් ඒක නිසාද? හැම දෙයක්ම වෙලා ඉවරයි ඒත් ඇයි මේ තවමත්....

    ReplyDelete
  10. හිර කරන් නොයිඳ මෙහෙම ලියපු එක හොඳයි. ඔන්න හැබැයි අඩන්න නම් එපා. මෙයාගේ වැඩේම අඩන එකමයි

    ReplyDelete
  11. හ්ම්ම්ම්.... (සමාවෙන්න නගෝ කියන්න දෙයක් හිතාගන්න බෑ)

    ReplyDelete
  12. කෙල්ලො වැරදි... හ්ම්ම්ම්.. ගොඩක් අයගෙ අවසන් නිගමනේ එක.. එත් විනාස වෙනවා බලාගෙන ලගට වෙලා ඉන්නවට වඩා කරන්න ඉතුරු වෙලා තියන අන්තිම දේත් කරලා බලපු එකයි මං කරේ. ඒත් මට වැරදුනා කියලා හිතෙනකොට දුකයි. තාමත් ලගට වෙලා හැම දේම කියලා අඩන්න හිතෙන වෙලාවල් ඕන තරන් තියන්වා. හ්ම්ම්ම්ම්.. ඒත් පිටින් බලන ගොඩක් අය මං වැරදි කියද්දිත්,අදටත් මගේ පොඩි එකා මං වැරදි කියුවෙ නෑ...

    @පූසා අයියා-මට පුලුවන් විදියට මං කියුවා අයියා.. තේරෙන්නෙ නෑ මීට වඩා ගලපලා ලියන්න.. හිතෙ ලොකු බරක් තියන්වා.. ගොඩක් ක ඉදන්. ඒත් මං මෙක කරන්නෙ උතුකමක් ඉශ්ට කර ගන්න නෙවී... මට තේරෙන්නෙ නෑ අයියා. මේක ටිකක් හරි දැනගෙන හිටපු අයගෙන් එක්කෙනෙක් ඔයා.

    ReplyDelete
  13. මගේ ආදර කථාවත් මේකමයි. හරි පුදුමයි. ඇස්වලට කදුලු ආවා. ඒත් මගේ කෙනා නම් තාම ආවේ නෑ..ඈතකට වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා

    ReplyDelete
  14. මුල් හරිය මගේ කතාව වගේ මයි.ඇස්වලට කදුලු ආවා.කොහොම අමතක කරන්නඩ මං

    අහිංසක කොල්ලා හැමදේම හිතෙ තද කරන් විදවනවා
    ගල් හිත දිය වෙනවා
    නපුරිට ඉන්නම බැරි වෙනවා
    අර අහිංසකයට කතා කරනවා
    කතා කරලා කියනවා
    අනේ අහිංසක මං දැන් වෙන කෙනෙක්ගේ
    ඔයා හොදට ඔයාගේ වැඩ කරගන්න පැට්ටෝ
    මන් ගැන හිතන්න එපා...

    ReplyDelete
  15. "කවියක් නොවූ කතාවක්" ලස්සන නමක්

    ReplyDelete