"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, November 28, 2010

කලකට පසු!!!


කාලෙකට පස්සෙ ඔන්න මකුණු දැල් එහෙම බැදුන මගේ බ්ලොග් එක පැත්තෙ ආවා. ඔක්කොමටම ආයුබෝවන් කියුවා ඔන්න.කස්ටිය ඔක්කොම සැපෙන් සතුටෙන් ඉන්නවා නේද??? අනේ මාව අමතක උන අය ඉන්නවා නං මාව මතක් කර ගන්නකො. මම අර මෝඩ නිරහංකාර අහිංසකාවි.. හරි හරි ඔය මතක් උනේ... අන්න එයා තමයි. ඔව් ඔව්. ඒ මම තමා...

අහිංසකාවි දැන් අලුත් වෙලා නේ. හිහ් හිහ්... අනේ මංදා, ලොකු ලොකු දේවල් ඉගන ගන්න කියලා අම්මා ඇදගෙන ගිහින් මාව දැම්මා නේ අකුරු 4 කළමණාකරන ආයතනේට.දැන් මාසෙකටත් වැඩි නෙව.

මං දන්න තරමින් අපේ ළමයා අයියත් ඒ අකුරු 4 කළමණාකරන ආයතේනම ඉගන ගන්න ගිය නිසා බ්ලොග් කෙරුවාවත් නැවැත්තුවා. (සහොදරයෙකුගේ වෙන් වීම දුකක් උනත් හොද දෙයක් වෙනුවෙන් නිසා දරා ගන්න එක අපේ යුතුකමක් නේ.) නිරහංකාරිටත් මේක නවත්තන්න කාලෙ හරි නං තමා. ඒත් දෙයියනේ මැරෙන්න තරන් දුකෙන් ඉන්නකොට ලග හිටපු අහිංසක මගේ බ්ලොග් යාලුවො ටික අතාරින්න දුකයි.
ආයි දුකක් ආවත් දුවගෙන ඇවිත් වචන 4ක් කොටලා ගියත් "අනේ නඟෝ අඩන්න එපා, හිත හදාගෙන ජීවිතෙ දිනපං" කියලා හිත හදන්න ඉන්න මේ පවුල එහෙම ලේසියෙන් අතාරින්න දුකයි.. හ්ම්ම්ම්ම්...

අද සති ගානකට පස්සෙ ආපු නිවාඩු දවසෙ පැයක් විතර නිදහසෙ ජීවිතේ ගැන හිතුවා.මම, ජීවිතේ වැරදුන තැන් ගැන ගොඩක් දුක් උන කෙනෙක්.ඒත් අද??? මං මගෙ ජීවිතේ ගැන සතුටු වෙනවා කියලා මට හිතෙනවා.අනෙ මංදා. මං මගෙ ජීවිතෙ ගැන එක පැත්තකින් සතුටු වෙනකොට මං තව පැත්තකින් තනි වෙලා කියලා මට හිතෙනවා.

තව ටිකෙන් අමතම වෙනවා. හැමෝම දෙසැම්බර් 19 වෙනිදා එනවා නේ???නොදැකපු අපේ පවුල බලා ගන්න මග බලාගෙන අහිංසකාවිත් ඉන්නෙ දැන්.. හැමෝම 19 වෙනිදට හම්බෙමු එහෙනං.. බායීයීයීයීයී.....

9 comments:

  1. බ්ලොග් පෝස්ට් එක දාපු ගමන් මුලින්ම කියවපු කෙනාගෙන්ම මට ලොකූ බැනුම් ගොඩක් ආවා. ඒක නිසා සමහර කොටස් අයින් කරන ලදි.....

    ReplyDelete
  2. කවුද නගේ සද්ද දැම්මේ........?? මට කියන්න එපැයි....
    හරි හරි... ඉගෙනීම කරන් යන්නකෝ... අපිනං ඉතින් ඒව ඉවරකරල කාරිය රස්සාවල් කරන් ඉන්න අයනේ..ඔයාටත් මේවගේ කාලයක් එයි නිදහසේ බ්ලොග් රාජකාරිය කරන්න.... පුළුවන් හැටියට වචනයක් දෙකක් හරි කොටන්න ..... බුදු සරණයි......

    ReplyDelete
  3. මොකක්ද බොල ඒ අකුරු 4 ?? හික් හික්... සුබ පතනවා නංගාගෙ අනාගතයට...

    ReplyDelete
  4. akuru 4 man hithanne oyatath sambanda pissa aiya... bohoma pin.. kohomada oyag lauth jeewithe thathwe???

    @sidangana akka-sadde damme magema sahodarayek akka... hmmmm... man dannawa e dawasa ei.. ethakan balagena innawa... oyatath budusarani...

    ReplyDelete
  5. මට ?? ඒ මොකක්ද ම්ම්ම්ම් වෙන්ට බෑ. අලුත් ජීවිතයක් කොහෙද නංන්ගො...

    ReplyDelete
  6. අලුත් ලයිෆ් එකට බොක්කෙන්ම සුභ පෑතුම් .... 19 වෙනිදා කට්ටිය සෙට් වෙනවානේ .... , එතකොට බලමුකෝ ....

    ReplyDelete
  7. එලකිරි ! අළුත් ජීවිතේට මගෙනුත් ඔන්න සුභ පෑතුමක් ! මකූලු දැල් නෙවේ මේකේ නයි පොලොංගුත් ඉන්න ඈතී ඔයා හීටපු නැති දවස් වල.
    අයේ ඉඳල හිටලාවත් ඇවිදින් මොනා හරි කොටලා යන්න ..

    ඔයාල්ල කස්ටිය සෙට් වෙන දවසට අපි නම් එන්නේ නෑ දුර වැඩියිනේ අපිවත් එදාට මතක් කරන්නකෝ එහෙනම්..

    ජායවේවා !!

    ReplyDelete
  8. කවුද, කින්ද, මන්ද, ලිව්වෙ මොනාද, ලියන්නෙ මොනාද කිසිම දෙයක් දන්නෙ නැති උනත් මම නම් කියන්නෙ ආයෙත් මකුණු දැල් බැදෙනකම් ඉන්නෙ නැතුව දිගටම ලියන්න කියලා.

    ReplyDelete
  9. අකුරු හතර මම හිතන අකුරු හතර නම්, අපේ බ්ලොග් ලියන ගොඩක් අය එහේ ගිහින් තියනව (මමත් ඇතුලුව) සමහර තවම යන අයත් ඉන්නව. මගෙන් සුබපැතුම්.

    මොනා කරන්නද 19 එන්න බැහැනෙ. එතකොට කට්ටිය මාව දැනගන්නවනෙ.

    ReplyDelete