"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Monday, September 27, 2010

කාලකන්නි වීම!!!


අපොයි කරන්න දෙයක් ඇත්තෙම නෑ. පහුගිය ටිකෙ කරන්න කොහෙන් කොහෙන් හරි වැඩ ටිකක් කඩා පාත් උනාට අද නං කරන්න දෙයක් ඇත්තෙම නෑ.

අමතක උනා නේ කියන්න(ඔන්න මුලින්ම ඔපයක්..) අපේ රත්ගමයා මට අලුත් නමක් දාලා නෙව, "වැලපෙන කුමාරි". මුලින්ම ඒකට ගොඩක් තැන්කියු ""සුදු අයියේ""(රත්ගමයා සුදු නං කලු ගලුත් සුදුය.. ) ප්‍රසිද්දියෙ කියුවෙ නෑ ඉතින්,මොනවා උනත් අහිංසක කොලුවානේ...(වෙන නැත්තං)

රත්ගමයගේ නසරානි හැත්ත කතා මාලව කියෙව්වට පස්සෙ ඔන්න මත් හිතුනා අපේ යාලු මාලුවො ගැන මඩ නොගහ ලිපියක් ලියන්න...(රත්ගමයට ඇර...)

ඉලග එක ඒක වෙයි ගොඩක් වෙලාවට... ඉතින් ඉතින් කට්ටියට කොහොමද සැප දුක්???

අහ්හ්.. අහිංසකාවිත් ගියා නෙව බුක් ෆෙයා. අනේ රත්ගමයයි,අපේ බනි කොලුවයි දෙන්නම අහිංසකාවිට සමාව දෙනු මැනවි. පොඩි පොඩි ප්‍රමාද දෝශ ගොඩක් නිසා මට කියපු වෙලාවල් වලට කඩාපාත් ව්එන්න බැරි උනාට...

නිරහංකාරිත් ගත්ත නෙව සල්ල්ලි දීල පොත් 20ක් විතර.. (රත්ගමයා වගේ නං නෙවෙයි ඔන්න. අපි සල්ලි දිලා පොත් ගත්තෙ..) එත් ඉතින් මාත් එක්ක ගියා මගේ කල්යාන හතුරා, මට කියපු කතා එක්ක ඒ පොත් ටික කියවන්න තියා අල්ලන්න වත් දැන් නං හිතෙන්නෙ නෑ..

සියුම් ලෙස මනසට වැදුනු දරුනු කනෙ පාරක්.... තාම කන කීන් කීන් ගානවා... එනේ මංදා... වැලපෙන කුමාරි කියන නම අයින් කොර ගන්නත් එක්ක ඔන්න දැන් අපි හිනා වෙලාමයි ඉන්නෙ හොදෙ...

මොන දේ උනත් දැන් දැන් අපේ යාලුවො ඔක්කොම වගේ බ්ලොග් ලියන්න ඇවිත් නේ... බොල දේශාන්. රත්ගමයා,කලු,තීරනාත්මක චින්තකයා,ලලින්දු(පුංචි රජා),ඩිලොන්,රොබෝටික්කා,උපේක්ශාවන්ශය... තව ඉතින් මෙතන්ට අඩු අපේ බයිසිකල් කොලුවයි, කුමාර කන්දෙ කුමාරිකාවයි විතරයි නෙව...

අහ්හ්.. තව දෙයක් අපේ පිස්සා පලාමල්ල ලියන පිස්සා අයියා නිකන් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මට මුහුනු පොතේ හරි පනිවිඩයක් එවන්න මොකද වෙන්නෙ කියලා. හැම දේම හොදින් විසදෙනවා නං හොදයි...

කාලකන්නී වීම උපරිම වීම නිමිත්තෙන් ඕනවටත් වඩා දිග පෝස්ට් එකක් ලියන ලදි...
හැමෝටම ටටා!!! හෙට විතර ආයි එන්නංකෝ....

2 comments:

  1. මේන් බලේ..හැමතැනම රත්ගමයා..රත්ගමයා...මම කිව්වනේ කෙලී..මගේ දිහා බලාන ඉදියෙ හොදකට නම් නෙමේ කියාලා....අනිත් එක..රත්ගමයා පොත් ගෙනාවා කියවන්න...හන් හන් හන්....කව්ද දන්නෙ නෑ පොත් උස්සපුවා දීපන් අයියේ කියාලා කතා කොරේ..තූ මගේ කට....

    ReplyDelete
  2. මම ඉතින් දෙවියා වගේ කොල්ලා නිසා ඔන්න සමාව භාජනෙ කරා ....!! :P

    ReplyDelete