"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Friday, September 10, 2010

අහිංසකාවිට උසස් වීමක්!!!

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුත් පොස්ට් එකකුත් එක්කම මම ආවා... හැමෝම හොදින් නේද?? මං නං ගොඩාඩාඩාඩාඩාක් හොදින්.. ගොඩාක් සතුටින් ,ටිකක් දුකෙන්... ඔන්න ඉතින් මාතෘකාවට පිට පනිනවා නේ? හිහ් හිහ්.. ගනං ගන්න එපා අනේ.. මම හැමදාම එහෙම නේ..


මෙන්න මේකයි කතාව. ජනවාරි මාසෙ 10 වෙනිදා(මගේ එකම සහොදරයා බැදලා අවුරුදු 3ක් වෙන දවසෙ) ඉදන් අපෙ ගෙදර,මගෙ පවුලෙ අය,මගේ ආදරනීය නෑනන්ඩිගෙ පවුලෙ අයයි ඔක්කොම එකතු වෙලා එක සුන්දර දවසක් එනකන් බලාගෙන හිට්යා.. ඔන්න ඒ දවස ආවෙ මේ මාසෙ පහුගිය 04 වෙනිදා.. උදේ 7 වෙනකොට කෝල් එකක්, "අම්මේ නංගිව හොස්පිට්ල් ඇඩ්මිට් කරා" කියලා අපේ අයියා අම්මට කියුවා..


ඔන්න ඉතින් අම්මයි මායි කකුල් 2කට රොකට් හයි කරා වගේ 7.20 වෙනකොට ලේස්ති වෙලා බස් එකටත් නැගලා ඉවරයි. 11 වෙනකොට කටු කාගෙන දුක් විදගෙන හොස්පිට්ල් එකෙ අම්මයි මායි.. අනේ එ වෙනකොටත් මෙන්න අපේ අක්කන්ඩි ඉන්නවා කිසි අමාරුවක් නැතුව හිනා වෙවී...


හිහ් හිහ් හිහ්.. අපි මේ බය වෙලා දුවගෙන ආවා. එයා හිනා වෙනවා. දවසම කට්ටියම කෑමක් බීමක් නැතුව අක්කගේ රූම් එක ලග පෝලිමට ඉන්නවා. කොහොමින් කොහොමින් හරි රෑ 9 වෙනකොට අක්කට සිසේරියන් සැත්කමක් කරන්න ඕන කියුවම නං ඔක්කොම බය උනා... ඒත් එයා හිනා වෙවී ඉන්නවා... හිහ් හිහ්... ඔන්න 9 ඉදන් ඉන්න හැම දෙයියම සිහි කර කර අපි හිටියා...


9.15 වෙනකොට අපේ පුංචි පැටික්කි අඩනවා ඇහුනා.. කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ වෙලාව නං. තව විනාඩි 2,3කට පස්සෙ රෝස පාට පැනල් එකකින් ඔතපු බොනික්ක පැටියෙක් ගෙනත් අපෙ අයියාගෙ අතට දුන්නා... ඇස් 2 ලොකු කරල කරකවලා වටේම බලලා තද කරල වහ ගත්තා.. අයියා වඩාගෙන අක්කා ලගට ගිහින් පෙන්නුවම මේ කෙල්ල අක්කා එක්කත් හිනා උනා... "මෙච්චර කල් මාව බලා ගත්තට අම්මට ගොඩක් පිං" කියන්න වගේ...


අද වෙනකොට බෝනික්කිට දවස් 6යි... පුංචි දුකකට තියෙන්නෙ අපි දැන් ඉන්නෙ කිලෝමීටර් එකසිය ගානක් දුරින්... :( :( බලන්න යන්න ආසයි.. දවස් 3ක් අපි එක්කම හිටියෙ.. හ්ම්ම්ම්ම්ම්... හැම දේකම අන්තිමට මට අලුත් පට්ටමක්... අහින්සකාවි නැන්දා... :) :)


චූටි දෝණිට බුදුසරණයි!!!


(අමතක උනා කියන්න.. ගාල්ලෙ තියන හේමාස් හොස්පිට්ල් එකේ වැඩ කරන හැමෝටම ගොඩක් ස්තූතියි ගොඩක් පිං. අක්කව,චූටි දෝණිව දවස් 3ක් තිස්සෙ ගොඩක් ආදරෙන් බලා ගත්තට...)

12 comments:

  1. උසස්වීමට සුබ පැතුම්..
    පුංචි දෝණිට බුදුසරණයි!

    ReplyDelete
  2. @හසි- බොහොම ස්තූතියි සුභ පැතීම් වලට වගේම මේ පැත්තෙ ආවටත්... සින්ඩියෙත් නැති නිසා කට්ටිය මං දාන පෝස්ට් දකිනවා අඩුයි නේ... :) :)

    ReplyDelete
  3. hmmm
    apith giyane oya chiti doni balanna
    ane a doninam marai appa
    kiyala wedak ne
    masa 6k vithara penahama mamanam aniwa yanawa doni petiyawa balanna
    hihihihi
    ane a doniyanam patta para allo :D

    ReplyDelete
  4. @ඩිලෝ- දෝනිව බලන්න ආවට ගොඩක් ස්තූතියි අනේ... අනිවාර්යෙන් එන්න. හිහ් හිහ්.. මම ෆොටෝ එකක් දැම්මේ නෑ.. තව ටික දවසකින් ඩ්දාමු නේ?? අපේ බ්ලොග් ලියන අයගෙන් 3න් දෙනෙක්ම දෝනි බලන්න ආවා නේ.. ඒ ඔක්කොටම තැන්ක්ස් අනේ... ඩිලෝ වෛශේශන්යෙන් ඔයාට...

    ReplyDelete
  5. Patta dukai balanna yanna bari unata. :(
    E unata 4toz dakka. Godaak lassanai.
    Chance ekak labunu gaman balanna enawa. Defa.
    :D

    ReplyDelete
  6. හලේ.......... මලුනෙ බොලේ......... මේ සමණලී නගා කෙලි පැටික්කිගෙ පින්තූර කෑල්ලක් දැම්මනම් මොකද කස්ටියටම බලගන්ට :) අලුත උපන් පැටික්කිට ඔන්න ජේ.ඩී කොලුවත් සියලුදෙවි ආරක්ෂාවයි කියල පතනවා......... :)

    ReplyDelete
  7. අහ් හා...නියමයි නියමයි

    ඔන්න අපෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  8. "අම්මේ නංගිව හොස්පිට්ල් ඇඩ්මිට් කරා" කියලා අපේ අයියා අම්මට කියුවා..
    මොකද්ද න‍ඟේ මේකෙ‍ තේරුම....
    ඔහෝ.. දැන්‍ නේ තේරුණේ... මේ නෑනා ගැනනේ කියලා තියෙන්නේ...
    සුබ පැතුම්.. සුබ පැතුම්... හ්ම්.. දැන් ඉතින් නිවාඩු පාඩු තියෙන එකේ ගිහින් නෑනවයි දෝණියැන්දවයි බලා කියාගෙන, නොමිලේ ටියුෂන් එකත් කරගන්නවා හොඳයි... ආයේ වෙනම ගෙවලා පන්ති යන්න ඕනැ නෑ නේ.. නැන්දට ළමයි බලන්ඩ,නාවන්ඩ කරන්ඩ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්නේ.. (අනාගතේ ගැනවත් හිතලා)
    හික් හික්.....

    ReplyDelete
  9. හප්පේ සමන්මලී නැන්දේ......... ෂෝයි!

    ඔන්න මගෙනුත් සුබපැතුම්!

    ReplyDelete
  10. නැන්දෙක් නෙවෙන්නං
    අලුත් මල්ලිට සුභපැතුව කියන්න නැන්දෙ :D

    ReplyDelete
  11. ඔන්න සමනලි නෑන්දට මගෙනුත් සුභ පැතුම් ....

    ReplyDelete
  12. සුභ පැතුම් අනේ...

    ReplyDelete