"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Thursday, August 26, 2010

මහා පාරේ ජීවිත විකිණීම...

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අලුත් බ්ලොග් පොස්ට් එකක් දාන්න හිතුවා. විභාගෙත් බෑ බෑ කිය කිය හිටියට අන්තිම මොහොතේ ආපු ප්‍රශ්න වැලක් නිසා අන්තිම විශයන් 2ට පුදුම තරන් හිතෙ හඉයකින් ලියලා දැම්මා. එත් ඉතින් ජිව විදයාව අසමත් වෙලා අනිත් ඒවා සමත් වෙලා වැඩක් නෑ නේ.. :) :)

එ කතා වැඩක් නෑ කියන්න හදන්නේ නං කාලෙකට පස්සෙ දැකපු ජීවිතේ ටිකක් විතර කල කිරෙන සිද්ඩියක් ගැන.
ඊයෙ අවශ්යම වැඩ වගේකට අහිංසකාවියි අම්මායි ගියා සිදාදියට. (කවුරුත් දන්න භාශාවෙන්ම කතා කරන්න ගත්තා ඔන්න.) ගිහිං දවල් 12,1 වෙනකොට වැඩ ඉවර කරන් ආයි එන්න කියල වාහනේට නැග්ගා. අනේ කොට්ටාව ටවුන් එක පහු කරගෙන ටික දුරක් එනකොට අපේ සිදාදියට කිට්ටු අය නං දන්නවා ඇති,රුක්මල්ගම පාරට යන තවත් හංදියක් ඒක මං හිතන්නේ.
වැල්වටාරං නැතුව මෙන්න කතාව. ඔය හංදියේ මහා කලබගෑනියයි. ටිකක් වාහනේ ලං වෙනකන් ඉදලා මාත් බැලුවා. අනේ, මිනිස්සු හරිම ආසාවෙන් තව කෙනෙක්ගේ මරනය දිහා බලන් ඉන්නවා. අපි බුදු හාමුදුරුවොන්ව අදහනවා විතරද කියලා හිතුනා ඒ වෙලාවෙ නං.

කකුලුවෝ 100ක් විතර පන ගහනවා. උන් දිහා බලාගෙන මේ මිනිස්සු "අනේ මුන්ගෙ පුදුම ලස්සනක් නේ?", "අන්න අන්න තව එකෙක් දගලනවා" , "කන්නත් ලෝභයි දැක්කම" වගේ කතා කියන්වා..කලකිරෙන්නේ අපි ඉන්න සමාජෙ ගැන.

මම එතන කිසිම දෙයක් කියන්න ගියේ නෑ.මොකද මගෙත් වැරදි තියන්වා නේ. අපේ ගෙදරත් මම(අහිංසකාවි) සහ මගේ ආදරණීය නෑනා(චූටි දෝණි ගේ අම්මා) ඇරුනම අනිත් අයට මස්,මාලු නැතුව බත් කටක් ගිලෙන් නෑ. ඒ තරන් තව කෙනෙක් ගෙ මසට ලෝභ වෙලා. ගෙදර ඉන්න අය හදා ගන්නේ නැතුව පිට අය හදන්න යන්න බෑ නේ...

මොන දේ උනත් සතෙක් කියන්නෙත් ජීවිතයක්. හරි අහිංසක ජීවිතයක්.මාදැලකට අහු උන මාලු උඩ පනිනකොට අනේ ලස්සනයි කියල අපි සතුටු වෙනවා නං, අපි තරන් තිරිසන් ජාතියක් තවත් නෑ. මම මාලු අල්ලන කෙනාට බණින් නෑ. ඒ මනුස්සයා උනත් ආසාවට මේක කරනව නෙවෙයි වෙන්න ඇති. ඒත් ටිකක් හිතන්න...

ඒ මහ පාරෙ "ලාභයි, ලාභයි" කිය කිය විකුනන්නේ අපේ වගේම තවත් ජීවිතයක්.... තව ඉස්සරහට මීණී මසුත් ඔහොම විකිනෙන්න ගත්තොත්, අපි ගිහින් ඒවත් හරිම ආසාවෙන් සතුටින් සල්ලි දීලා ගනියි ද???

10 comments:

  1. මනුස්සයා කියන්නෙත් එක්තරා සත්වයෙක් තමයි මේ ලෝකෙ නිර්මාණය වෙලා තියෙන්නෙ ස්වභාවදහමට අනුව ඉතින් ඒ ස්වභාවධර්මය කියන දේට පිටින් අපිට යන්න බෑ.මිනිස්සුන්ගෙ වගේම සතුන්ගෙත් ආහාර රටාව සකස්වෙලා තියෙන්නෙ පරිසරයේ සමතුලිතත්වය ආරක්ෂාවන ආකාරයට ඒ දේට වැරදියි කියල කියන්න අපිට බෑ.

    ReplyDelete
  2. ගොඩක් සංවේදී වෙන්න එපා..හැමෝම දුවන අස්සෙ අපි විතරක් නැවතිලා හිටියොත් අපි පරාදයි...කතා කරනව නම් මුලු ජීවිත කාලෙම කතා කරන්න පුලුවන් සක්කිලි,අසමජ්ජාති,පාහර වැඩ වෙනව මේ ලංකාවෙ............

    ReplyDelete
  3. ඔය ගැන ටැබූ ත් හොඳ ලිපියක් ලියල තිබ්බ නංගි.. ඒත් මස් මාළු කන මට ඔය ගැන කියන්න අයිතියක් නැහ කියල හිතෙනවා.

    හුඟ දවසකින්... කොහොමද ජීවිතෙ ?

    ReplyDelete
  4. මම මෙහෙම කියන එක වැරදිද මංදා.. ඒත් අපි ජීවත්වෙන සමාජේ ගැනයි මම කියන්නේ..මස් මාංශ කන කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියයි "කෑවට කමක් නැහැ ඒකට පව් නැහැනේ..." කියලා..මරණ මිනිසුන්ටත් තියන්න සංවේදීම පිළිතුර තමයි "අපි, දරුවො ජීවත්වෙන්නත් ඕනිනේ..." කියලා...බැරිමනමි තියයි "මිනිස්සු කන නිසානේ මරන්නේ..." කියලා... අහින්සකාවි දන්නවද මේ හැමදේම සිද්දවෙන්නේ සත්වයින්ගේ තියන තන්හාවට... කොට්න්ම මේ සත්වයො ඇතිවෙන්නෙත්... බෞද්දයෙක් හැටියට කියන්නනම් ගොඩක්දේවල් මට මතක්වෙනවා...ඒත් වෙලාව???

    ReplyDelete
  5. මමත් ඔය ගැන මුකුත් කියන්නේ නැහැ.... මොකද මමත් මස් මාළු කන කෙනෙක් නිසා.. හැබැයි නොකන කෙනෙක්ට කිසිම දවසක "කාපං" කියලා බල කරන්නෙත් නැහැ...
    ඔය පණ අදින කතාව කියද්දි මට මතක් වෙන්නේ... මැස්සෙක්ට ඉලපතකින් ගැහුවම, කැරපොත්තෙක්ට කැරපොතු නාශක ගහපුවහම, මදුරුවෙක්ට ගහපු පාරක් බාගෙට වැදුනහම, මීයන්ට මී පාසානං තිබ්බහම..ඒ හින්දා උනුත් ජීවිතේ එක්ක පොර බදන වෙලාවට... උං අපිට කොච්චර හිරිහැර කරදර කරන සත්තු වුණත්, උන්ටත් තියෙන්නේ ජීවිතයක් කියලා කිසිම කෙනෙක් හිතනවද...?

    සමහර විට කන්ඩ දෙයක් නැතිම වුණොත් මිනී මසුත් කන්ඩ බැරි නැහැ. මම දැනට ඉන්න රටේ මීට සුමාන 2 කට කලින් වියට්නාමි 4 දෙනෙක්, පාකිස්තාන් ජාතිකයකු මරාගෙන කාලා පොලීසියෙන් ඇල්ලුවා.... ඕකම කාලයක් යද්දි අපේ රටෙත් වෙන්ඩ බැරි නැහැ..

    ReplyDelete
  6. ඔන්න මමත් ආව මේ පැත්තෙ. අළුත් කෙනෙක් කියල හිතාගන්නකො. මේ පෝස්ට් එක දැක්කම මට මතක් වුනා මෙහෙම කතාවක්. අපේ බුදු හාමුදුරුවො බුදු වුන කාලෙත් දරුණු හිසේ අමාරුවකින් පීඩා වින්ද. ඒකට හේතුව වුනේ මොකක්ද දන්නවද? පෙර ආත්ම භවයෙක් උන් වහන්සෙ මැරෙන්න ගොඩ දාල හිටපු මාළුවෙක් ජීවිතය බේරාගන්න දඟලන හැටි දැකල හිනා වුන එක. ඒ කතාව මෙතනට බොහෝ දුරට සම්භන්ධයි කියල හිතෙනව.
    ජය

    ReplyDelete
  7. ලෝකය ගෝලාකාරයි , මිනිස්සු විවිධාකාරයි ....

    ReplyDelete
  8. ජීවිතෙ හැටි,..... මම නං විශ්වාස කරන්නෙ මස් මාලු කන එක පව්..පව් පැත්තකට දාමුකො එක බුද්ධාගමට නේ.. එත් අපි මස් මාලු කනව කියන්නෙ තව කාගෙ හරි සතෙක් ගෙ ජීවන අයිතිය උදුරා ගැනීමක් නෙ..එහෙම බැලුවත් වැඩෙ වැරදිනෙ..මම කියන්නෙ අඩුම තරමෙ කන එක නවත්තන්නම බැරි නං එකෙන් වලකින්න පුලුවන් උපරිමෙන් අඩු තරමෙ සතියට දවසක්..
    පැන්ඩ පොඩි කාලෙ ඉදන්ම මස් මාලු කන්නෙ නැති කොල්ලෙක්..එකෙන් මට කිසිම අඩුවක් වෙලා නැ අද වෙනකං..හිතෙ පුදුම ශක්තියක් නං තියෙන්ව මම පොලවෙ පය ගහන්නෙ තව කෙනෙක් මරාගෙන කාල නෙවෙ කියල..

    ReplyDelete
  9. මේක ස්වභාවධර්මය වෙන්ඩ පුලුවන් ඒත්... මමනං කියන්නේ ඇත්තටම සතෙක් කියන්නෙත් මනුසතා වගේම ජීවයක් තියන දෙයක්.. ජීවයක් උදුරාගැනීම හොදනෑ.. ඒකට වචෙනිකිං හෝ සම්මාදම් වීමත් හොද දෙයක් නෙවේ. නේද?...

    ReplyDelete
  10. malunge lassana balanna one nam wawaka hari moode hari balanna,unge swabawika parisare un inna hati,eth ape moda minissunta ehema ewa balanna one nane,ekath hondai,natnm e tikath winasa karanwa

    ReplyDelete