
අද ඔන්න මගේ පුoචි ලෝකේ ගැන තමා මේ පෝස්ට් එක. මගේ දුක,සතුට හැම දේම බලාගෙන ඉන්නේ මේ බිත්ති 4 තමා. මේ මගේ කාමරේ.

අපේ අයියා කියන විදියට මගේ පැලස් එක, අම්මා කියන විදියට පිස්සන් කොටුව, අක්කි කියන විදියට අපි 2න්නගේ යුධ පිටිය(මට අවුරුදු 3ඉදන්ම අක්කියි මායි මේ කාමරේ හරි ආදරෙන්,වෙලාවකට ගොඩක් තරහින් බෙදාගෙන නේ හිටියේ), අපේ තාත්තා කියන විදියට අපේ ගෙදර තියන ගුප්තම තැන තමා මේ කාමරේ.
ඒත් මට නම්, මේ තමා මගේ ජීවිතේ,මගේ සතුට,දුක හැම දේම මාත් එක්කම දරා ගන්න මගේ හොදම යාලුවා..
ඇත්තටම මේ මාව ජීවත් කරවන තැන.දවසෙන් පැය 22ක්ම මේක ඇතුලට වෙලා හිටියත්,මම හැමදාම මේ ලෝකෙට ආදරෙයි.
ඉස්සර දවස් වල ඉදන්ම ගොඩක් දුක හිතුනම උනත් මට හිතේ බයක් නැතුව අඩන්න හරි තියෙන්නේ මේ කාමරේ විතරයි. මොන ප්රශ්නේ තිබුනත් මගේ කාමරේට ආවට පස්සේ මගේ හිත නිදහස්.
ගොඩක් පහසුකම් නැති,ඇති දේකුත් නැති,නැති දේකුත් නැති මගේ පුoචි කාමරේ... මම ඔයාට ගොඩාක් ආදරෙයි!!!!
මගේ පුoචි ලෝකේ ගැන ඔයාලගේ අදහස් කියනකම් මම බලාගෙන ඉන්නවා...
(නිරහoකාරිට මේ දවස් වල ටිකක් පිස්සු.. ඒකයි මේ වගේ පෝස්ට් දාන්නේ..)
අදහසක් කොටලම යන්නකෝ...








