ඔන්න ඉතින් අද මං තව දෙයක අතාරින්න ලෙස්ති වෙනවා. හ්ම්ම්ම්... ඔව් තව එක දෙයක්, දැන් කට්ටිය දන්නව නේ, හැමදාම වගෙ මං හොදටම අඩලා පෝස්ට් එකක් දාන්නයි යන්නෙ. සමා වෙන්න. මේක මට ලියන්නම ඕන. පුදුම දුකක් ඒක. මෙච්චර කල් මාත් එක්කම හිටපු කෙනා.. අද අන්තිම දවස.. ඔව් මට අතාරින්නම වෙනවා එයාව. මං අතෑරියෙ නැතත් එයා මාව අතෑරලා යයි. මං ඒක දන්නවා.
ඔව් එයා යනවා. ඒත් කවුද මේ එයා??? හ්ම්ම්ම්ම්... අපි හැම කෙනෙක්ගෙම ජීවිත වලට ආපු කෙනෙක්, සමහර අයගෙ ජීවිත වල තාමත් ඉන්න කෙනෙක්. එයා ජිවිතේ ඉන්නව කියන්නෙ ඒ කාලෙ තමයි මං හිතන විදියට ජීවිතේ හොදම කාලෙ. එයා අපිට දුක දෙනවා,සතුට දෙනවා.. එයා නිසා අපිට ගොඩක් දේවල් නිකන්ම ලැබෙනවා. ඒත් එයා අපිව දාලා ගිය දවසට අපිට ගොඩක් වරප්රසාද නැති වෙනවා. ඔව්. හෙට,ඒ කියන්නෙ අද රෑට එයා මාව දාලා ආයිමත් නොඑන්නම යනවා..
මට ඔයා නැතුව ගොඩාක් පාලු වෙයි.මොකද ඔයා ගියාට පස්සෙ මගේ ජිවිතෙට එන කෙනා මගේ ජීවිතේ ටිකෙන් ටික සංකීරන කරයි.මංදුක් වෙයි,අඩයි ඔයා හිටියා නං හොදයි කියලා හිතයි.එත් ඔයා මගේ ජිව්තෙ ඉන්න කාලෙ මට ලැබුන අත්දැකීම් මාව සතුටින් ජීවත් කරයි. ඔව් මං දන්නවා. ඔයා මගෙ ජීවිතෙ හිටපු කාලෙ තමයි මං ගොඩක්ම දුක් විදපු කාලෙ.ඒත් ඒ ලැබුන අත්දැකීම් මාව හෙටින් පස්සෙ ලැබෙන ජීවිතේට අපූරුවට හුරු කලා. ඔව්,ඔයා මාව මේ සමාජෙට හුරු කලා.
හෙටින් පස්සෙ ඔයා නෑ. ඒ මතකයන් විතරයි.හ්ම්ම්ම්ම්... අඩන්න බෑ.. මං සතුටු වෙනවා. මං ජීවිතේ කියන තරගෙ තව ලෙවල් එකක් පාස් උනා. ඔව්, ඔයාව දාල යන එක දුකක්.එත් මං ඉස්සරහට ගිහින් ඔයාගෙ මතකයන්ට පිං දෙයි.කවදම හරි.
හ්ම්ම්ම්ම්... ගොඩක් ඩ්හේවල් ලියුවා.මෙ හැම දෙම ඔයා වෙනුවෙන්මයි. මට ඔයාව අමතක වෙන්නෙ නෑ කවදාවත්.සත්තයි.පොරොන්දු වෙනවා මං ඒක. ඔයා දනන්වා,මට අමතක කරන්නත් බෑ කියලා. මෙච්චර කල් මං ඔයාට කියපු නැති දෙයක් මං අද කියන්වා. මං ඔයාට ගොඩක් ආදරෙයි.
හැමොටම දැන් ප්රශ්නෙ මෙයා කවුද කියලා නේද??වෙන කවුරුත් නෙවී අනේ...ඒ මගේ ටීනේජ් එක.. හිහ් හිහ් හිහ්... අද රෑ 12ට එයා මාව දාලා යනවා. හෙට ඉදන් මට 20යි.. :) :) :) :) :) හෙටින් පස්සෙ මං ලොකු ළමයෙක්... :) :)
ජීවිතේ ජොලිම & ලස්සනම කාල වලින් එකක් ඉවරයි කියලා හිතාගං...
ReplyDeleteසුබම සුබ උපන්දිනයක් වේවා නගේ..........!! මං එනෝ පාටියට... :D
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......මෙච්චරයි...හැමදාම ඔය කොමෙන්ට් එක තමා
ReplyDelete:O ලොකු ලමයෙක් ???
ReplyDeleteඑල එල දාමු පාටියක්.
"හෙටින් පස්සෙ මං ලොකු ළමයෙක්"
ReplyDeleteඈ බං නංගියේ උඹ මෙච්චර කල් හිතන් හිටියේ පොඩි එකෙක් කියලාද? :P
අප්පච්චියේ...හෙටද උබ ලොකු ළමයෙක් වෙන්නෙ ? :P
ReplyDeleteඑළ එළ සුභ උපංදිනයක් වේවා... :D
හි හී මේ එන කාලේත් නරකම නෑ.. එහෙනම් අපිට හෙට පාටියක් වගේ :D
ReplyDeleteඉස්සරහට එන්නෙ ඊටත් වඩා සුන්දර කාලයක් නගෝ...සුභ උපන් දිනක් වේවා.........
ReplyDeleteසුභ පැතූ හැම දෙනාටම ටැංකි හොදේ... මං පාර්ටි දෙන්නෙනෑ... ඒ ගාන ම්ං වෙන වැඩකට අයින් කරලා ඉවරයි(මාසෙක කෑම වියදම)... :) :) :)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅමතක උනානෙ.
ReplyDeleteසුභ උපන්දිනයක් නංගී...
මේ පාර මට හොරෙන් අරව මේව කාල තිබුනොත් මම කරන්නම් හොඳ වැඩක්
මගෙනුත් සුබපැතුම්........
ReplyDeleteසුබම සුබ උපන්දිනයක් අක්කේ.... :)
ReplyDeleteසුබම සුබ උපන්දිනයක් වේවා නංගියෝ.....!!!
ReplyDeleteවිහාර මහාදේවි එකේ කේක් පාටියකුත් යයිද මන්දා.....
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා....... ජය වේවා..............
ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා...!!!!
ReplyDeleteසුබ උපන්දිනයක් වෙවා!!!!
ReplyDeleteසුභ උප් පාන් දිනයක්....
ReplyDeleteහත් දෙයියනේ.... ටනේජ්ට ඇයි නගේ යන්න දුන්නේ..... දැන් ඉතින් මක් කරන්නද... සුභ උපන්දිනයක් වේවා කියලා.. තාරූණ්යයට යන්ට.... සුභ අනාගතයක් නංගියා....
ReplyDeleteසුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ..... !!!!!
ReplyDeleteමමත් අද විහාරමහදේවි එක පැත්තේ එනවා කේක් කන්න.....
එයා දැන් ලොකු ළමයෙක් ! සුභ උපන්දිනයක් නගේ !
ReplyDeleteහැෆ්රී බ්රත්ඩේයී...
ReplyDeleteදිව උලුක් උන්නානම් කරාන්න දෙයක් නැත සුභ උපන්දිනයක් වේවා....
ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම් 120 ට 2011ක් අවඩා අයුබොවේවා,,,
ReplyDelete20 හොදයි හැබැයි පරිස්සමින්...
21 හොදයි හැබැයි හොදයි
:-)
එහෙනම් කමුද කේක් කැල්ලක්,
රජයේ අවවාදයයි... කේක් කැමේන් සතුටුවිය නොහැක..(ඔන්න මම කේක් පටියේන් බේරුවා එක නිසා මට කේක් කැල්ලක් ඔනේ.. )... :-)
එහේනම් නන්ගො ඔන්න අයේත් සුබ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!
ජය වේවා නගෝ ..එහෙනෙම් තව දුරටත් ඔයා අඬන බබෙක් නෙවේ. වයස දවසින් දවස වැඩි උනත් ඔයාගේ නිරංහංකාරකම හැමදාම ඔයා ලඟ තියාගන්න ..එයාට යන්න දෙන්න එපා !
ReplyDeleteඔයාගේ තෑග්ග නම් මට දෙන්න බැරි උනා සමාවෙන්න ..
සුබම සුබ උපන්දිනක් වේවා ..
සුබම සුබ උපන්දිනයක් වේවා!
ReplyDeleteසිංඩියෙන් රත්ගමයගේ බ්ලොග් 1ට ගිය වෙලාවේ තමා මේ පැත්තේ ආවේ.සිංහල බ්ලෝග් හැමදාම කියෙවුවද මෙතෙක් කොමෙන්ටු දමා නම් නැත.
ReplyDeleteකොහොම උනත් සුභම සුබ උපන් දිනයක් පතන්නෙමි නංගෝ !!!
සුභම සුභ උපන්දිනය වෙවා... 12 ට විනාඩියක් හරි තියලා මමත් සුභපැතුවා ඕන්...
ReplyDeleteඑල එල නංගියෝ. කුතුහලය ඇති කරන්න නම් ඔයා මාර දස්සයි.
ReplyDelete