"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Wednesday, February 9, 2011

පැල් කවිය!!!!

සද අහසට කදුලු දෙන්න
අඩන නෙතට සිසිල දෙන්න
මගේ ලෝකයෙ එලිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

ජීවිතයේ දුක බෙදන්න
දුක අතරින් සිනාසෙන්න
මගෙ ලෝකයේ එළිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

බ්ලොග් පිටුවේ කොටා යන්න
හිතේ සතුට ලියා යන්න
මගෙ ලෝකය එලිය දෙන්න
සොදුරු සිතක් සොයා දෙන්න

ඔන්න මගේ මුල්ම පැල් කවිය අද දොරට වැඩියා හොදේ...හිකිස්. විශේශ ස්තුතිය මාව අනුභව කල මාගේ සහෝදරියට සහ මවට. ඔබ දෙපලගේ මහත් වූ උත්සාහයේ ප්‍රත්පලයක් ලෙස අද මා  මෙසේ පැල් කවියක් ලියූ වගයි.  අවුරුදු 19යි..  බත් කාඩ් එකත් කපලා. ඒත් බෑ ලු. මොකෙක් ගෙ හරි මැක්කෙක් ගෙ කරේ එල්ලන්න හදවා මාව. අලි චෝයි අලේ අපේ කස්ටිය.

5 comments:

  1. අම්මයි අක්කයි උත්සාහ කරන්නේ ඔයාට සොඳුරු සිතක් හොයලා දෙන්නද දන්නේ නෑනේ නංගී.......

    ReplyDelete
  2. හුම්ම්ම් ඔයාට හොදක්ද දන්නේ නෑනේ වෙන්න යන්නේ නෙද,,?
    හොදක් වෙනවනම් සුබපෑතුම්..!!!

    ReplyDelete
  3. පැල් කවියනම් ලස්සනයි. ඇත්තටම ඉතින් ඔයාට හොඳ දෙයක් කරල දෙන්න වෙන්න ඇති ලෑස්ති වෙන්නේ. :)

    ReplyDelete
  4. කවිය ලස්සනයි ...මේ තරම් ඉක්මනට මොකටද සොඳුරු සිතක් ..ඔයාට සොඳුරු සිතක් ඕනමනම්

    http://sodurusitha.blogspot.com/ මේ පාරෙන් යන්න

    ReplyDelete