"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Monday, February 7, 2011

අඩන්න ඉඩ දෙන්න!!!!

මගේ වටේ ගොඩක් අය ඉන්නව. 
ඒත් මට පාලුයි.අනේ මට ගොඩක් පාලුයි. 
බ්ලොග් එක ජීවිතෙ වෙලා.
මට දුක කියන්න තියන එකම තැන බ්ලොග් එක වෙලා.  
වෙන කවුරුත්ම නෑ. 
ඉස්සර මට හිටපු යාලුවො කවුරුත් දැන් නෑ. 
මාත් එක්කම හිටපු මගේ මෝඩ ජෝඩුව දැන් නෑ.
අනේ ඒ පරන යාලු කම ආයිමත් මට ඕන දෙයියනේ. 
අඩන්නෙ නෑ කියලා කියන්නෙ ලොකු කමට නෙවී, 
මගේම හිත හදා ගන්න ඕන නිසා. 
අකුරු 4 යාලුකම් ස්තිර නෑ,
මං ඒක තේරුන් ගන්නකොට ගොඩක් පරක්කු වෙලා.
මට දුකයි,ගොඩක්.
මාත් එක්කම හිටපු අය වෙන අයගෙ කතා අහලා,
මගෙ  ඈත් වෙනකොට, 
මං එයාලා වෙනුවෙන් කරපු හැම දේම අමතක කරනකට, 
මං නිකන්ම නිකන් බලන් හිටියා විතරයි. 
අදටත් කිසිම චෝදනාවක් කරේ නෑ මං කාටවත්. 
මං අඩනවා. 
රත්ගමයෝ ඇවිත් ආයිමත් මට වැලපෙන කුමාරි කියන්න නං එපා.  
මං අඩනවා අද,ඇත්තටම අඩනවා.
(මේකෙ ලියලා තියන දෙවල් ගැන කට්ටිය මට බනින්න එපා.නිකන් ලියන්නං වාලෙ කියනවා කියලා. මට දුකයි.ගොඩක් පාලුයි.)

11 comments:

  1. නෑ...කියලා වැඩක් නෑ.....දැන් මේ බ්ලොග් පෝස්ට් දාන වේගේ නම් ගොඩක් හොදයි....ඒ විදිහට දාපන්...මකුලුවොන්ට එන්න දෙන්න එපා.....බ්ලොග් එකට ආදරේ කරපන්...ජීවිතේ දැනේවි..වැටෙන කොමෙන්ට් කියවපන්...දෙපාරක් තුන් පාරක් කියවපන්...ඒවට උත්තර ලියපන්...අනිත් උන්ගෙත් බ්ලොග් කියවපන්...ජීවිතේ දැනේවි..ජීවිතේ වැටහේවි...අඩන්නේ නැතුව හිටින්..මොන දේ ආවත් මොකක් හරි කුප්ප කතාවක් කියල ඉදින්...රත්ගමයා වගේ ඉදින්...දවසින් දවස ලියපන්..ඉස්සර..මම බ්ලොග් ලිය්න්නේ නැති කාලේ කරේ කොලයක් අරන් මට හිතෙන විකාර ලියපු එක...ඒ ඔක්කොම කොල ටික මැජික් කියන කෙනා ගාව පරිස්සම් කොරලා තියෙනවා...අද කොල වල ලියනවට වඩා බ්ලොග් එකේ ලියන එක මට සතුටුයි....ලියපන්න්න්...දිගටම ලියපන්....ජය වේවා!!!!!!!(මම මෙතන ඉකයීයා දාන්නේ නෑ...කාලෙකින් සෙන්සිටිව් විදිහට කොම්ට්න් කරා)

    ReplyDelete
  2. අඩන් එපා කියන්න බැ අක්කේ.. අඩලා හිත හොද ගන්න තරම් සැනසිමක් වෙන කොහෙවත් නැ ... ඉතින් අඩන්න... අඩලා තවත් හිත වට්ටගන්නේ නැතුව හිටියාටත් වඩා හොදට ආයේමත් නැගිටින්න...

    ReplyDelete
  3. වෙන හැමදේකින්ම ශක්තිමත් වෙයන් නගේ.. ඒකෙන් අද අඩන්න වෙයි.. ඒත් හෙට නොඅඩා ඉන්න පුලුවන්..

    ReplyDelete
  4. රත් ගමයා කියන්නා වාගේ බ්ලොග් එකට ඇබ්බැහි වෙන්න ..පහුගිය දේවල් මතක් කරකර අඬලා පලක් නෑ ..ඉදිරියේදී ඇතිවන සතුටක් ගැන හිතලා සතුටුවෙන්න

    දුකේදී ඉන්න මිනිස්සු තමයි නියම යාළුවෝ .. තවත් එකක් ඕනවට වැඩිය කාටවත් ලං වෙන්න එපා . එතකොටයි අමතක කරන්න අමාරු ..

    ජය වේවා !!

    ReplyDelete
  5. දුක් වෙන්න එපා වෙන හැමදේම වෙන්නේ හොදටයි...ඒ හෙමදෙකින්ම ජිවිතේ ලස්සන කරගන්න.....දුක නැති වෙනකම් අඩන්න මොකද හිතේ දුක නිවන්න කදුළු වලට ගොඩක් දුරට පුළුවන් නිසා..ලගින් නැතත් ඔයා කියන දේවල් අහගෙන ඉන්න යාලුවෝ මෙහෙ ඉන්නවා කියන 1 මතක තියාගන්න.......

    ReplyDelete
  6. මම අඬන්න එපා කියන්නෙ නම් නෑ. හැබැයි හැමදාම අඬන්න නම් එපා. ජීවිතේ හැමෝටම වරදින තැන් තියෙනව. ඒක ඔයාගෙ මෝඩකමවත් අවාසනාව වත් නෙවෙයි. මමත් මගේ AL 1වෙනි වතාව ඔහොම ඉඳල නාස්ති කර ගත්ත. විභාගෙ ප්‍රතිඵල එනකන්ම මම හිටියෙ මූඩ් ගහල. මම හිතන්නෙ දැන් ඔයත් ඉන්නෙ ඒ ආසන්න තත්වෙක. ජීවිතේ විදිනව කියනදේ තේරුම්ගෙන ජීවිතේ විදින්න. ජීවිතේ විදිනව කියන්නෙ සතුටු වෙනව කියන එක නෙවෙයි. ඒකට දුකත් තියෙනව. දුක කියන්නෙ අපේ සතුටට තියෙන පාර සොයාගන්න තියෙන ඉඟි. අපි ඒව තේරුමි අරගෙන සතුට හොයාගන්න ඕනෙ. දුක හිතෙන දේවල් මතක් කර කර දුක් නොවී ඒ මතක්වෙන වෙලාවට වෙනමම දෙයක් ගැන හිතන්න. මමත් ඒ දවස් වල වෙන දේවල් ගැන හිතන්න හැදුවට වැඩේ අමාරු නිසා මම කරේ පොත් කියවන එක. හැබැයි පන්සලෙන් කියවන්න ඉල්ලගෙන ආපු පොත්.
    ඔයාට තාම 20ක්වත් නෑ. ඉතින් ඔයා කිසිම දේකට තවම පරක්කු නෑ. අකුරු 4 ගැන කියනව නම් ඔයා ඒක ගැන හිතන විදිය ගොඩක් වැරදියි. කල වයස ආවම ඒව ගැන හොඳ අවබෝධයක් ඒවි.
    අතළඟ තියෙන සතුට ගන්න. ඈත තියෙන දුක් දිහා බලන්නවත් එපා. වෙන වැරදි අත්දැකීම් කරගෙන සතුටින් ඉන්න. නංගියෝ ඔක්කොම අමතක කරල ඔයා දැන් හිනාවෙන්නකො. කෝ හිනාවෙන්නකො හලෝ.. ඔය ලස්සන හිනාව දිගටම මූනෙ තියාගන්න.
    දුක නැති කිරීමේ මඟ = සතුට ගැන සිතීමයි.

    ReplyDelete
  7. අඩන්න නංගි හිතේ තියන දුක කඳුළු වලට හරවලා අයින් කරලා දාන්න. හැබැයි එක පාරින් ඔක්කෝම ඉවර කරන්න. හැමදාම අඩ අඩා ඉන්න එපා.

    ReplyDelete
  8. ඔව් ඔව් බ්ලොග් ලියන එක කොච්චර විනෝදජනක ද? මම කියන්න ද ඔයා අඩන්න අඩන විදිය අකුරු වලට පරිවර්තනය කරලා බ්ලොග් එකේ ලියන්න!! ආ!! ඊ'එ'එ'එ'එ'එ'එ'එඕඒඕ ආඅ ජ්ජ්ෆ්ෆ්ස් ඔයාට ම හිනායයි

    මොඩ යෝජනාවක් ද මන්දා!!

    ReplyDelete
  9. අනේ මංදා..මොනවා කියන්නද..?
    නංගි... වැද්දෙක්ගෙන් බණ අහන්න ඔනද..?
    ඔනනං මං කියන්නං..

    ReplyDelete
  10. නගේ මොනවා උනත් අපි ඔයත් එක්ක.. මං, රත්ගමයා, D2 වගේ තව හුගක් අය ඉන්නවා ඔයා එක්ක ඔයාගේ ඕනෑම දේකට.... ඔයා තනිවෙලා නැහැ....

    ReplyDelete
  11. රැපක් ලියන්න දෙන්න බලන්න යාලු කම නිසා කෙලවුනු අයගේ වදන්

    ReplyDelete