හ්ම්ම්ම්ම්... බ්ලොග් සතියට ලියාගෙන ලියාගෙන ගියත් හරි පස්සෙම ලියුවෙ නෑ. මං ගම රට බලලා යන්න ආවා නෙව. ඒක නෙ උනේ. ඔන්න දැනුත් මේ වෙලාවෙත් මං ඉන්නෙ මගෙ ගම් පලාතෙ. හ්ම්ම්ම්ම්ම්.. අමතක කරනන් හදන අතීතේට රිංගගෙන අමාරුවෙන් ආයිමත් දුක ජීවිතේට ලං අර ගන්නවා වගේ වැඩක් කරන්න හදන්නෙ. මෙහෙ නෑවිත් ඉන්නයි මට තිබුනේ.
ඒත් දෙයියනේ බෝනික්කෙක් වගේ ඉන්න අර පුංචි කෙල්ලව කොහොම අමතක කරලා ඉන්නද???? හ්ම්ම්ම්ම්ම්... ඔන්න ගෙඩහ්ර ඇවිත් උතුරු නැගෙන හිර යුද්දෙගේ එකක් මැද දවස් 2ක් ඉවර උනා. හිහ් හිහ්.. අද පුංච් කෙල්ලට මාස 5 පිරෙන දවස. හැම මාසෙම අයියලා දෙන දානෙටත් සහබාගි වෙලා, උසස් පෙල වෙනකන් මට හැම දේටම හිටපු මගේ ගුරුවරුන් ගේ ගෙවල් වලටත් ගියා.
පුදුම දුකක් එන්නෙ. අපි ආයිමත් ස්කෝලෙ යන්නේ නෑ. දැන් ඒ තැන් වල ඉන්නෙ වෙන වෙන අය. ගුරු වරු උනත් මාරු වෙලා. අපේ කියන්න තියෙන්නෙ මතකයන් විතරයි.. මතකයන් එක්ක විතර ජීවත් වෙනවා කියන්නෙ වෙලාවකට ලොකු දුකක්...
ඔන්න අඩන්න ගත්තා. නෑ නෑ නැවැත්තුව. මං ආයි වැලපෙන කුමාරි වෙන්නෙ නෑ... හිහ් හිහ්.. ඔන්න මෙ ආපු ගමනෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනේ ගන්න කියලා පවුලෙ හැමෝටම ඉලංදාරියා අයියා ගැන කියුවා. බලමු හෙට වෙනකොට ඒකටත් මොනවාම හරි දෙයක් ලැබෙයි.
දේශපාලන උණුසුම ලු මෙ දවස් වල. නිදහස් උත්සවේ ලු.. අනේ මංදා ඕවා.
ඔය හැම දේම මැද, මට ගොඩක් පාලුයි. මට මගෙ කියලා යාලුවෙක් ඉන්නවා නං හැම දේම කියන්න. ඉස්සර වගෙ. අනේ මට පරන යාලුවො හොයලා දෙන්න කවුරු හරි කෙනෙක්. මෙ කොලොම්පුරේ යාලු කම් හොයන්න යන්නේ නෑ මං නං ආයිමත්. ජීවිතේ මං දැන් බයම දේ ඒක. හ්ම්ම්ම්ම්ම්... අකුරු 4 යාලුමක් අකුරු 4න් එලියෙදි නෑ කියලා අනිත් අය මට තෙරුම් කරලා දුන්නා එයාලගෙම වැඩ වලින්. මොන දෙ උනත් මං තනියම ජිවත් වෙනවා. මට පාලුයි, ඒත් ඉන්නවා.
පිස්සු වගේ මං කියන්නෙ මොනවද මං වත් දන්නෙ නෑ. කට්ටිය මේක කියවලා මට බනින්න එපා හොදේ. මං යනෝ... බායි,
බුදුසරණයි!!!! දිලුම් අයියට ඉක්මන් සුව!!
අකුටු හතර ආදරය ද?? නොදකින්...උඹ අයේ අඩනව නේ බන්.....වැලහින්නක් වගෙ.....පොඩ්ඩක් සතුටින් පෝස්ට් එකක් දාපිය.....චික්...ඉකේයියා
ReplyDeleteඅනේ අඩන්නෙ නෑ බොල... මං මෙ හොදට ඉන්නෙ.. මට වැලපෙන කුමාරි කියන නිසාමයි මං දැන් හැදිලා ඉන්නෙ...
ReplyDeleteදු වෙන්නේ අහවල් දේකටද රත් ගමයා වගේ ෆන් එකේ ඉන්න .. බලන්න කෝ ඉනිහා ඉන්න හැටි කොයිවෙලේත් හැපී ..
ReplyDeleteඑක්කෝ කෙල්ලෙක් උනාම ඇඬුවට කමක්නෑ ..ඔන්න ඔහේ අඬන්න ..
ජය වේවා !!
හිතේ දුක තියන් ඉන්නවාට වඩා අඩලා සැහැල්ලු කරගන්න එක හොදයි හැමදේටම වඩා...
ReplyDeleteහිනා වෙලා ඉන්න නංගී.........
ReplyDeleteඋබ එක්ක යාලු වෙන්න හැදුවාම උබ බොරු කියලා එන්නෙ නැනෙ.. ඉතිං කෝමද මම හොදම යාලුවෙක් වෙන්නෙ ?
ReplyDelete(යාලු = සහෝදර පෙම)
@සදරු අයියා- රත්ගමයව මං එක පැත්තකින් කොපි කරන්වා තමයි අයියා... දුක හ්ම්ම්ම්...
ReplyDeleteකෙල්ලෙක් නිසාම අඩනවා නෙවි ඉතින්. ඇඩෙනවා නේ...
ඔයාටත් ජය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@නිම්ශා-හ්ම්ම්ම්ම්... ඔව් නංගො.. මං මේ ඒක තමයි කරන්නෙ....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@පූසා අයියා-:) :) එකම උත්සහය ඒක...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
@හාවා-ඔව් ඔව් .. ඇවිත් මොකක් හරි කියවලා මාව අඩවල යන්නෙ ඔයත්,මේ රත්ගමය වගේමයි..
මං දනන්වා ඔයසහෝදර කම...