"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, February 5, 2011

50 සහ අතිතාවර්ජනය!!!

අද මගේ 50 වෙනි පෝස්ට් එක ලියන්නෙ. උදේම ඇවිත් බැලුවම තමයි දැක්කෙ. හ්ම්ම්ම්ම්... ගොඩක් කල් ගිහින්. බ්ලොග් ලියන්ව තියා අකුරු 10ක් ගලපල ලියා ගන්න බැරුව හිටපු මම මේ ලියනවා. කියවන අයත් ඉන්නව. හිතා ගන්නත් බෑ. 


කලු අයියේ උඹට ගොඩක් පිං බං. මාව මේකට ගෙනත් දැම්මට. තව ඩිලෝන් අයියා, ඔයාටත් ගොඩක් පිං. ඔයාලා දෙන්නයි මුල ඉදන්ම මට් අමේඅට උදවු කරේ.


මුලින්ම කියවපු බ්ලොග් එක අපේ දුකා අයියගෙ "කරදරකාර නංගො හෙවත් දෙවියන් දුන් තෑග්ග(මට මතක විදියට)" පෝස්ට් එක. ඔන්න ඕක කියෙව්වම තමයි බ්ලොග් කියල දෙයක් තියන්ව කියලා දැන ගත්තෙ. පස්සෙ ගොඩක් ඒවා කියෙව්වා. ඔහොම ඔහොම යනකොට මාත් බ්ලොග් එකක් හදා ගන්න ඕන කියලා උනක් ඔලුවට ආවා. ඔක්කොමට කියලා දුන්නෙ කලුව තමයි. හ්ම්ම්ම්ම්.. 


තාම හැම දේම වෙලා අවුරුද්දක් වත් නෑ. 125 දෙනෙක් මාව ෆලෝව් කරනවලු. බලපු වාර ගාන  1200 ට වැඩියි. මේ තරන් දේවල් ලැබෙයි කියලා හිත්න් නැතුව නික්මට වගෙ පටන් ගත්ත මෙ බ්ලොග් එකෙන් මං ජීවිතේට ගත්ත දේවල් ගොඩයි. අඩන්න හිතුනම, තනි උනාම කියන්න කෙනෙක් නැති උනාම, බ්ලොග් පෝස්ට් එකක් දාපු ගමන් අනේ මටත් හිත හදන්න මගෙ කියන්න අය ඉන්නව කියල තේරෙන්නෙ එතකොට. හ්ම්ම්ම්... 


තව කෙනෙක් ඉන්නව. රත්ගමය. මාත් එක්ක හැම වෙලේම රන්ඩු වෙන, දැක්ක තැන මඩ ගහන ඌ මගේ ජ්විතේ ගොඩක් තැන් ව්අලදි දුරින් ඉදන් මට උදවු කරපු එකෙක්. උඹට පිං අයියේ. අපි දෙන්න මරා ගත්තා විතරයි හැම තැනදිම. හැමෝම හිතුවෙ ඒක ඇත්තට කියලා. මට මඩ ගහන්න උනත් බලාගෙන ඉන්න එකම එකා රත්ගමයා විතරයි. ඒක හැමෝම දන්නව නෙව. ඒත් ඉතින් රත්ගමයෝ උඹ මට මේ සයිබර් ලෝකෙ ජීවිතේ කියලා දුන්න බොල. මං උඹට නයයි. (දැන් එන්න එපා නය ගෙවපං කියාගෙන හොදේ.) 


අනිත් කෙනා අපේ බනී මලයා. හිකිස්. දැක්ක තැන මට කැපිල්ලමයි, යන්වා කියුවම "ආ ඉතින් පලයන් මට මොකො" කියා ගත්ත ගමන්මයි. :( ඒත් ඉතින් හොද දරුව. සුරා සූදුවෙන් තොරයි. කුලයත් හොදයි. උසත් හොදයි. වයසත් හොදයි. කවුරු හරි ආච්චි කෙනෙක් මෙ දවස් වල මනමාලයෙක් එහෙම හොයනවා නං ඔන්න මේ බනී කොලුව ව අමතන්න හොදේ. හිහ් හිහ්... 


තවත් කෙනෙක් "ළමයා" හිත හොද  ඒ වගෙම මගෙන් උපදෙස් ගන්න හිටපු එකම කෙනා. මේ දවස් වල මොකක් හරි අවුලකින් මං හිතන්නෙ. ඒත් ඉතින් කියන්න එපයි මං දැන ගන්න. දැන් හැමෝගෙම මාත් එක්ක තිබුන බැදීම් අඩු වෙලා. ඇයි කියලා දන්නෙ නෑ. අනේ මංදා.  


බ්ලොග් ලියන්න ආවාම ,කවදාවත් කතා නොකලපු, දවස් 2,3 කට වඩා මුහුණු පොතෙ වත් හමු නොවුනු කෙනෙක් හිටියා. ඒත් අනෙ මංදා නික්මට වැඩිමල් කෙනෙක්ට "අයියා" කියන්වට වඩා ඒ කෙනාට ඇත්තටම හිතට දැනුන කමෙන් මට "අයියා" කියන්න පුලුවන් උනා. එ වෙන කවුරුත් නෙවි,  පළාමල්ලේ පිස්සා අයියා. හේතුව මං වත් දන්නෙ නෑ. පිස්සා අයියා වගේ අයියෙක් හිටිය නං කියලා හිතුන වෙලාවල් ඕන තරන් තිබුනා. හ්ම්ම්ම්ම්ම්..... 


ඔන්න ඔහොම යද්දි තව විශේශ කෙනෙක් තමයි "හා පැටික්කි" "අනේ නංගියේ බ්ලොග් ලියන එක නං නවත්තන්න එපා කොහොම හරි ලියන්න" කියල මං නවත්තන්න හදන හැම වෙලවකම අහම්බෙන් හරි ඇවිත් කියන්නෙ එයා. උඹටත් පිං අක්කෙ. 


තව ගොඩාක් අය. මගේ බ්ලොග් එකෙ අද වෙනකන් කමෙන්ට් කරපු අය 100කට වැඩි. ඒ හැම කෙනෙක්ම මට වටිනවා. කමෙන්ට් නොකර මං ලියන දේ කියවල ගිහිපු අය උනත් ගොඩයි. එයාලාගෙන් මට මුහුනු පොතේ මැසේජ් ආවා ගොඩක්. ඒ හැම කෙනෙක්ටම ගොඩක් පිං.


තව අභීත අයියා, අනුරාධ අයියා, ජේ.ඩී.හිස් අහස, ඔයාලාඅදුරගත්ත දවසේ ඉදන්, එදා ඉදන් අද වෙනකන් හැමදාම මට කරපු උදවු මට මතකයි.අද මගේ 50 ව්එනි  පෝස්ට් එක. හිතා ගන්නත් බෑ. ජීවිතෙ මං මේ තරන් දෙයක් බලාපොරොත්තු උන කෙනෙක් නෙවී. 


ලියන්න ආවෙ "ජීවිතය ඇතුලෙ උඹයි, මමයි" කියලා පෝස්ට් එකක්. ඒත් එතකොට තමයි අද මට විශේශ දවසක් කියලා දැක්කෙ.හැම කෙනෙක්වම ලින්ක් කරන්න බැරි උන එක ගැන සමා වෙන්න.  අන්තිමටත් කියන්න තියෙන්නෙ මං වෙනුවෙන් හැම දේම කරපු,මට උදවු කරපු හැම කෙනෙක්ටම පිං. ගොඩාක් ස්තූතියි!!!!!! 

18 comments:

  1. 50 ට මගෙන් සුබපැතුම්. ඕක ඉක්මනටම 500ක් ම වේවා.

    ReplyDelete
  2. අප්පද බොල මේ අපිත් ඉන්නේ..... දිගටම ලියන්න නංගි සුභ පැතුම්... ජය වේවා...!

    ReplyDelete
  3. සුභ පැතුම් නංගියා!!
    දිගටම ලියන්න නවත්තන්න නම් හිතන්නවත් එපා

    -පූසා-

    ReplyDelete
  4. ඔහොම යමු නංගා.....තව තවත් වැඩි වැඩියෙන් ලියන්න පුලුවන් වේවා.....

    ReplyDelete
  5. හදවතින්ම සුබ පතනව තව ඉස්සරහටත් රස බර දේවල් ලියන්න

    ReplyDelete
  6. මෙව්වාගේ 30 විතර ඇත්තෙ අඩන කතා.. :P
    ඉස්සරහාටවත් නාඩන කතා ලියපං.. :D

    මේ උබ අහුවෙයන්කෝ.. හිතුවා මදි ආච්චිලා සෙට් කරන්න..

    ReplyDelete
  7. මේ නඟ පිස්සු කතා කරන්න එපා.. හිහ් හී.. මම කිසි අවුලක් නැතිව ඉන්නවා.. මගේ ඉතින් පුද්ගලික උපදේශිකාවනේ ඔයා.. ඒ.. දවස් වලම ඔයා කිව්ව දේවල් කලානම් පහුගිය දවස් වල වුන දේවල් වෙන්නේ නෑනේ කියලා මට ‍මේ ඊයේ පෙරේදත් හිතුනා මෙයා.. කොහොම වුනත් ඒවා ඉවරයි.. අපි කවුරුත් ඔයාගෙන් ඈත්වෙලත් නෑ.

    අපි සංතෝසෙන් ඉන්නේ අයියා නංගී වා‍ගේ........

    ඔන්න අර්ධශතකයට සුබපැතුම්..ලියන්න ඕනේ දිගටම හරිය....

    ReplyDelete
  8. හප්පච්චියේ පණහද..?
    හා හා සෑහෙන වයසයි නේද..මං කිව්වෙ බ්ලොග් එකට..මෙ මට මතක හැටියට අර අපේ සුවිනීත රත්ගම මලයාට සුදු අයියා කිව්ව නගාද කොහේද නේද..?ඒ දවස්වලනං ඉතිං ඔය වලිය බලං හිටියා..කොහේද ඊට පස්සේ අහුඋනේ නැහැනේ..

    ඔන්න මාත් සුභ පැතුවා..
    ජයෙන් ජයම වෙවා...!

    ReplyDelete
  9. ජය වෙවා..මාව බ්ලොග් ලියන්න එක්කන් ආවේ උඹ......උඹ පනහ ලියපු දවසේම මටත් පනහ ලියන්න පුලුවන් උනා......උඹට ජය මගේ නන්ගා..........

    ReplyDelete
  10. සුභ පැතුම්......දිගටම ලියන්න.....

    ReplyDelete
  11. ඔයාටත් ඔන්න සුබ පතනවා පනහ එවායේම එවා පනහක්ම ලියන්න ලැබෙන්න කියලා...

    ReplyDelete
  12. ඔන්න එහෙනම් රත්ගමයට වගේම ඔයාටත් සුබ පතනවා.

    ReplyDelete
  13. අයිය නගෝ ඩබලම අර්ධ ශතකය ගහල වගේ ..පට්ට සන්තෝසයි මට ඔන්න ඔහොම සන්තෝසෙන් හිනාවෙලා දිගටම ලියාගෙන යන්න . පනහ නම් ගැහුවා හෙමීට 100 ගහමු එතනින් එහාට 1000 නිකම්ම ලියැවේවි . ලියන ඒව බලන්න අපි ඉන්නවනේ බලන්න ..

    එහෙමනං සහෝදරී ජීවිතේ හැමදාකම සන්තෝසෙන් ඉන්න ..ආයේ පොඩි එකී වගේ අඬන්න එහෙම හදන්න එපා .! ඕකේ ..

    හැංගිලා හිටපු සඳරුවා හොයාගත්තේ ඔයානේ මුලින්ම ..ඔයාට CID එකට යන්න සුදුසුකම් තියනවා ..

    ජය පිට ජය ..!!

    ReplyDelete
  14. ජය වේවා.. දිගටම ලියන්න.. ඒක නෙමේ අර ලව් හිල්ලවට මොකෝ උනේ? අර කුසල් කේස් එක? ලාවට විසඳුනාද එකෙන්ම?

    ReplyDelete
  15. ප්‍රාමාද වෙලා ආවත් මගෙන් සුබ පැතුම් නගේ.. දිගටම ලියමු..ජයවේවා!

    ReplyDelete
  16. දිගටම ලියන්න සුභ පැතුම්..

    ReplyDelete
  17. @රංග අයියා-මුලම පාරට මං හිතන්නෙමෙ පැත්තෙ ආවෙ. පිලි ගන්නවා සාදරයෙන්.. :)
    ගොඩක් ස්තූතියි අයියා..

    @අභී අයියා-වචනෙකින් හරි උදවු කරපු අය කොහොම අමතක කරන්නද අයියා?? ස්තූතියි ඔයාටත්..
    ජය!!!

    @පූසා අයියා-ටැංකි ටැංකි... දැන් නං ඔයාලට වද දීලා හරි කියවන්න කියල ලියන්වා මං..

    @හම් අයියා-එසේම වේවා.... තැංක් යූ එකක් වෙවා!!!!

    @හාවා-හිකිස්..ලැද්ද කලන්න එපා අලේ... මං පවු...
    ආච්චි කෙනෙක් හොද වැඩි ඔයාට...

    @ලමයා-හ්ම්ම්ම්.. මං හිතනවා ඈත් වෙලා නැ කියලා අයියා...
    ස්තූතියි,ඔයත් ලියමු නේද??

    @මාරයියා-ඔව් ඔව් 50. අනේ ඔව් අයියේ,අර කලු කොලුවට සුදු අයියා කියන්නෙ මම විතරයි.ඒකයි මට මෙ තරන් ආදරේ...
    ටැංකි ටැංකි...
    ඔයාටත් ජය!!!!

    @රත්ගමයා-මම අර මොකද්ද මුට්ටිය තියා ගන්නෙ නැතුව දුන්න නිසා තමයි මගේ ගෝලයා මාව පහු කරන් ගියෙ.. මට අලි සතුටුයි අලේ...
    උඹට ජය වේවා....

    @මකුලුවා-ස්තූතියි... සතුටුයි මේ පැත්තෙ ආපු එක ගැන...
    ජය...

    ReplyDelete