
කාලෙකට පස්සෙ ඔන්න මකුණු දැල් එහෙම බැදුන මගේ බ්ලොග් එක පැත්තෙ ආවා. ඔක්කොමටම ආයුබෝවන් කියුවා ඔන්න.කස්ටිය ඔක්කොම සැපෙන් සතුටෙන් ඉන්නවා නේද??? අනේ මාව අමතක උන අය ඉන්නවා නං මාව මතක් කර ගන්නකො. මම අර මෝඩ නිරහංකාර අහිංසකාවි.. හරි හරි ඔය මතක් උනේ... අන්න එයා තමයි. ඔව් ඔව්. ඒ මම තමා...
අහිංසකාවි දැන් අලුත් වෙලා නේ. හිහ් හිහ්... අනේ මංදා, ලොකු ලොකු දේවල් ඉගන ගන්න කියලා අම්මා ඇදගෙන ගිහින් මාව දැම්මා නේ අකුරු 4 කළමණාකරන ආයතනේට.දැන් මාසෙකටත් වැඩි නෙව.
මං දන්න තරමින් අපේ ළමයා අයියත් ඒ අකුරු 4 කළමණාකරන ආයතේනම ඉගන ගන්න ගිය නිසා බ්ලොග් කෙරුවාවත් නැවැත්තුවා. (සහොදරයෙකුගේ වෙන් වීම දුකක් උනත් හොද දෙයක් වෙනුවෙන් නිසා දරා ගන්න එක අපේ යුතුකමක් නේ.) නිරහංකාරිටත් මේක නවත්තන්න කාලෙ හරි නං තමා. ඒත් දෙයියනේ මැරෙන්න තරන් දුකෙන් ඉන්නකොට ලග හිටපු අහිංසක මගේ බ්ලොග් යාලුවො ටික අතාරින්න දුකයි.
ආයි දුකක් ආවත් දුවගෙන ඇවිත් වචන 4ක් කොටලා ගියත් "අනේ නඟෝ අඩන්න එපා, හිත හදාගෙන ජීවිතෙ දිනපං" කියලා හිත හදන්න ඉන්න මේ පවුල එහෙම ලේසියෙන් අතාරින්න දුකයි.. හ්ම්ම්ම්ම්...
අද සති ගානකට පස්සෙ ආපු නිවාඩු දවසෙ පැයක් විතර නිදහසෙ ජීවිතේ ගැන හිතුවා.මම, ජීවිතේ වැරදුන තැන් ගැන ගොඩක් දුක් උන කෙනෙක්.ඒත් අද??? මං මගෙ ජීවිතේ ගැන සතුටු වෙනවා කියලා මට හිතෙනවා.අනෙ මංදා. මං මගෙ ජීවිතෙ ගැන එක පැත්තකින් සතුටු වෙනකොට මං තව පැත්තකින් තනි වෙලා කියලා මට හිතෙනවා.
තව ටිකෙන් අමතම වෙනවා. හැමෝම දෙසැම්බර් 19 වෙනිදා එනවා නේ???නොදැකපු අපේ පවුල බලා ගන්න මග බලාගෙන අහිංසකාවිත් ඉන්නෙ දැන්.. හැමෝම 19 වෙනිදට හම්බෙමු එහෙනං.. බායීයීයීයීයී.....